Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Monday, December 3, 2012

නුඹ වදන්, පුබුදවන්, මා හැගුම් !


සිපගනිම්
හෙමි හෙමින්
බෝතලය
මම පිටින්

සෙලවෙමින්
කැලතෙමින්
නුඹ හිදින්
සිරකරන්

ක්ෂණිකයෙන්
උඩු පියන්
විසිවෙමින්
සැර දියෙන්

පොපියමින්
තෙත් වෙයන්
බුබුලකින්
පාවෙමින්

ඔබ මුවින්
පිබිදෙනා
වදනකින්
මා හැගුම්
කිතිකවා
බිහිකරන්
පද දහක්



5 comments:

  1. මේ සැරේ නිකන් මාන්දමික වී. ලිවුවෙ අහාවලාට කිවුවාට? කිවුව දේ තෙරැම් සොයමින්. අරයාගෙන් පැහැදිලි කිරිමක් සොයා යමින්.....
    කොටු කොටු............

    ReplyDelete
    Replies
    1. කෝ එන්න මම පැහැදිළි කරන්න ඩාර්ලින්ග්....

      Delete
  2. අමුතුම ආරක අමුතුම සිතුවිල්ලක්නේ...

    /ඔබ මුවින්
    පිබිදෙනා
    වදනකින්
    මා හැගුම්
    කිතිකවා/ මේ ටික තමා හොදට වදින්නේ
    ලස්සනයි.
    මම සමකය වටේ ලියන නලීන්

    ReplyDelete
  3. ස්ප්‍රිට් එකක් ද?

    ReplyDelete