Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Tuesday, September 24, 2013

කොල්ලන්ට නො-දැනෙන, කෙල්ලන්ගේ මාසික වේදනාව... !!


දවස් ගානක් දරන්නෝනි වේදනාව පටන් ගත්ත විතරයි. කකුල් දෙක එකට තද කරගෙන, කකුලක් උඩ කකුලක් දාගෙන ඉදල එපා වෙලා. ඒ මදිවට ඇන්දෙ කොට සාය කෑල්ලක්. දනිස්ස වහගෙන ඉදගන්නත් ඕන. කකුලක් උඩ දාගෙත්තෙ නැත්තං රිදෙන එක අඩු වෙන්නෙත් නැහැ. හැමදාම වගෙ පොත් බෑග් එක උස්සගෙන ඇවිත් තියා ගන්නෙ ඔඩොක්කුවෙ. ක්ලාස් එන ටිකට බස් එකේ සීට් එකක් සෙට් වුනෙත් නැහැ. පොඩි ලීක් එකකුත් තියෙන නිසා බෑග් එක එක උරහිසකට දාගෙන කවර් කරගෙන හිටියෙ බැග් එකෙන්ම. ඒත් කරුමෙට එතන ඉදගෙන හිටපු කොල්ල බලෙන්ම වගෙ බෑග් එකත් ගත්ත. ඊට පස්සෙ මොනව කරන්නද ඉතිං. සීට් එකේ හේත්තු වෙන තැනට සැන්ටර් වෙලා හිටගෙනම ආව ක්ලාස් එකට. 

ක්ලාස් එකේ ඉදගෙන හිටියට හිත හැම තැනම. වේදනාව, කරදරය, හැම දේම මැද සර් කියන දේවල් අහගෙන හිටිය. පුරුද්දට වගේ ඇස්ප්‍රින් කට ගාන කෙල්ලෙක් නෙවෙ මම. වේදනාවට පුරුදු කර ගත්තම කරදරයක් නැහැ. නැත්තං හැමදාම බොන්න වෙයි පෙත්තක්. මේක ස්භාවධර්මය නිසා පුරුදු වෙන්න ඕන. සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ කිව්වට හැමෝම හොයන්නෙ විකල්ප. දවසක් හරි පරක්කු කර ගන්න පෙති ගහන යාලුවො ඉන්නව මගෙත්. ඒත් මම යන දවසට යන්න කියල ඉඩ අරිනවා විශේෂ දවසක් නැති වුනොත්.

එක දිගට ක්ලාස් එකේ පැය ගානක් ලැලි බංකුවට පස්ස තද කරන් ඉදල, ඔඩොක්කුවට බැග් එක තද කරන් ඉදලා දෙපැත්තම තැම්බිලා වගෙ. ඒ මදිවට පෑඩ් කෑල්ල නිසා දාඩියත් දාල. හරිම අප්‍රසන්නයි. ඒත් කොල්ලො මැරෙන්නෙ මේටිකට නේද කියල ආඩම්බරයි. උන් ගානක් නැතුව උරා බොන්නෙ ආදරේද නැත්තං පෙරේත කමද කියලත් වෙලාවකට හිතෙනවා. ඇත්තට ආදරේ නිසාම නම් ලෝකෙ කොච්චර සුන්දරද. පෙරේත කමට වුනත් ජරාවක් කන්න හිතෙන උන් ඉන්නවද, අනෙ මන්ද. වේදනාව නිසා ඒවට පිලිතුරු හොයන්න බැහැ. කෙල්ලො ටික වට වෙලා ඉන්න වෙලාවක මේක සමථ මණ්ඩලේට දාල අහගන්නෝනි උත්තර. කොල්ලො වට වෙලා මේව ගැන මොනව කියනවද කියල මට කුතුහලේ.

ඉවර වෙනකල් පැය කට්ට දිහා බලන් හිටපු ක්ලාස් එකත් ඉවරයි. අද අරු එනව කිව්ව මාව බලන්න. ඌ එක්ක ගියොත් තවත් එපා වෙනව. ඌට මොනව හිතෙයිද මන්ද. මම කිව්ව සනිප නැහැ කියල ඒත් එන්න ඕන කිව්ව බොරුවටද මන්ද. අහ් මේ තියෙන්නෙ මැසේජ් එක. අද හදිස්සි වැඩක් ලු. එන්න බැහැලු. මම ඕක කලින්ම දන්නව. උබ මේ වගේ සුනාමි දවස් මිස් කරනව කියල. මම හිතන් හිටියෙ බඩ උඩින් උගෙ ඔලුව තදකරගෙන තියාගෙන ඉන්න. මට සනීප වෙනකල්ම. කමක් නැහැ පලයන්. මම එන්න කියන්නෙ නැහැ.

ඔක්කොම පටලවගෙන නැග්ග ගෙදර යන්න බස් එකට. හිර වෙච්ච ෆුට් බෝඩ් එකෙන් රිංගල ඇතුලට ගිහින් එල්ලෙන්න වුනේ උස බට කැලි දෙකක. අත් දෙක ඇත් කරල දෙපැත්තට එල්ලිලා ඉන්නව පැද්දි පැද්දි. අනේ දෙයියනේ කියල සපෝට් එකට ආව තඩි කොල්ලෙක් බැක් අප් කරන්න පිටි පස්සෙන්. දුක හිතෙන්න ඇති මං ගැන. ඔළුවත් කැරකෙනවා, ඇගටත් අමාරුයි. කමක් නැහැ මුන් ඒ සුවදට ආස ඇති. එක්කො පෙරේත ඇති, ආදරේ ඇති. කරන්න දෙයක් නැහැ සහෝ. මම බෑග් එක දාගන්නව හරහට. උබට ගෑවෙන්න වත් බැරි තරමට. ඈත් වෙන්න. උබලට තේරෙන්නෙ නැති මේ අමාරුව උබලගෙ අම්මල විදින්න ඇති. මම ඊලග හෝල්ට් එකෙන් බහිනව..

12 comments:

  1. හැමෝම ගහ මරාගන්න ඒ කුයිල!

    ReplyDelete
  2. නියම ලියමනක්. අන්තිම ඡේද දෙකට එනකල් සාමාන්‍යයි. ඊට පස්සෙ දීල තියන යථාර්තවාදී ටෝක නිසා පෝස්ටුව ගොඩ!

    ReplyDelete
  3. ඇඩෙනව මේක දැක්කම... ඇත්තම කියල තියෙනවද කොහෙද??

    ReplyDelete
  4. ඔය තියෙන්නේ මරුවට ඔහෝම නොවි තියෙන්ට විදිහක් නෑ

    ReplyDelete
  5. අයියෝ කියල වැඩක් නෑ ඒ කරදරේ ගැන නං... ඒ අමාරුව අස්සෙම ක්ලාස් යන එක නං එපාම කරපු වැඩක්.. ඊටත් වඩා අර යන්තම් පස්ස තියාගන්න පුළුවන් තරමේ බංකුවල වාඩි වෙලා පැය දෙකක් දෙකාමාරක් ඉන්න එක... හාපෝ.. මතක් වෙනකොටත් එපා වෙනව...

    හැබැයි ඔය අමාරුව තේරුම ගන්න කොල්ලොත් ඉන්නවා ඕනෙ තරං.. ඉස්සර ඔය වගේ දවස් වලට මං බස් එකට නැග්ගගමන් උරහිසට ඔලුව තියන් නිදා ගන්නවා.. අනිත් දවස්වලට බස් එකට නැග්ග වෙලාවෙ ඉඳලා චටර් බොක්ස් එක වගේ කියෝන මං, වචනයක්වත් කතා කරන්නෙ නැතුවත් කිසි කණුකුණුවක් නැතුව ඒ මුළු දුරම මාත් එක්ක ඇවිත් මාව ඇරලලා ආපහු යන්නෙ මං ඉන්නෙ අමාරුවෙන් බව හොඳටම දන්න හින්දා.. ඒ සැලකීම අද වෙනතුරුත් එහෙම්ම තියෙනව අපේ මහත්තයගේ...

    ReplyDelete
    Replies
    1. දැන්නං ඉතිං වේදනාවෙන් මිදෙන්න කාලෙ හරි වගේ

      Delete
  6. හ්ම්ම්. කොල්ලෙක් වෙන්නත් පින් කරලා තියෙන්න ඕනේ ;)

    ReplyDelete
  7. අනේ මන්දා... ඒ වුණාට කොල්ලෙක් වුණේ වාසනාවට..සිරාවටම

    ReplyDelete
  8. පුලුවන් නම් මගේ බ්ලොග් එකට ගිහින් පොඩි කමෙන්ට් පාරක් දාපල්ලාකෝ..........
    http://sincinemacritics.blogspot.com/

    ReplyDelete