පත්තු කරපු පුංචි ගිණිකූරු එලියට මගෙ කාමරේ එලිය වෙන්නෙ නැහැ. ඒ ඇරත් ගිණි කූර ඉවර වෙනකල් මම පත්තු කරන් ඉන්නෙත් නැහැ. ගිණිකුර පත්තු කරපු පුංචි වෙලාවෙන් මගෙ තොල් අතර තියෙන මල පත්තු කර ගත්තම මගෙ එලිය නැති කාමරේ පුංචි එලියක් දැල්වෙනවා. ඒ වුනාට මගෙ ආත්මයටම මොහොතක එලියක් එනව. ඒ මම පාවෙන නිසා. මාව දාල මගෙ කෙල්ල ගියාට පස්සෙ මගෙ ජීවිතේ එලිය වුනේ මේ රෝල් කරල කටේ ගහන ජොයින්ට් එක නිසා.
එදා මගෙ කාමරේට ආපු දවස ඔයා කිව්ව මේක හරි අපිලිවෙලයි කියල. හැමදාටම මගේ වෙලා ආපු පලවෙනි දවසෙම මේක අස් කරල දෙන්නම් කිව්ව. වාහනේ තනියෙන් මාරු කරගත්ත ඔයිල් එහෙමත් ඔයාගෙ සපෝට් එකෙන් මාරු කරගත්ත ඒ කාලෙම. ඔයා සදහටම මෙහෙ ආවහම වාහනේ ෆුල් සර්විස් කරල දෙන්නම් කිව්ව. මම දැනගෙන හිටියෙ නැහැ ඔයා කොහොම වෙන කෙනෙක්ගේ ගැරේජ් එහෙක ෆුල් ටයිම් වැඩ කලාද කියල. හැමදේම වෙලා තිබුනෙ මගෙ වාහනේ බලාගත්ත දවස් වල.
පළවෙනියට ඇදපු උගුර පෙනහළු දිගේ ගිහින් පපුව රත් කළා. නහය ලග ඉදල නලල ලගට ගිය මොකක්දෝ හැගීමක් නලල ලගදී පිපිරුව වගේ දැනුන. හරියට අහස් කූරක් පලාතම සද්ද කරගෙන ගිහින් උච්චතම තැනද පිපිරිල විනාස වෙලා යනව වගේ. උඩ ගිය අහස් කූර පටස් ගාල මෙලෝ රහක් නැතුව බිම වැටුනට, මෙහෙම වේගෙන් උඩ ගිය මම හදේ ගුරුත්වාකර්ෂණ බලයෙන්, ඒ කිව්වෙ මේ මහපොලොව වගේ 1/6 ක ගුරුත්වාකර්ෂන බලයෙන් පාවෙන්න ගත්ත.
බිම ඇදන් වැටෙන්න කලින් තවත් උගුරක්.
ඉන වටේ එතුන සරම, එහෙම්මමයි. සරම එකතු කරල සුපුරුදු විදිහට අතනට ගුලි කලා. සරම ගහන හැම එකාම දන්නව ඕකෙ සැහැල්ලුව. ඉස්සර අම්ම උදේම ඇහැරවන්න එද්දි සරම ඇගේ නැති වුනාම අම්ම දකී කියල බයේ සරම නොගහ ඉදලා කෝම හරි මේක ඇගේ ඔතා ගන්න පුරුදු වුනා. ඒ උබ මාව රෑට කෝල් කරල විනාස කරපු නිසා. කෙල්ලෙ උබට මාව සැහැල්ලුවෙන් රෑට නිදි කරවන්න ඕන වුන නිසා. පස්සෙ පුරුදු වෙද්දි සරම කූඩාරමක් වෙන එක නැවතුනා. මට මාව පාලනයක් කර ගන්න පුලුවං වුනා. විශේෂයෙන් මල්ලිට මල්ලිව යහමගට ගන්න. ඒ හැමදේම කලේ මගෙ කෙල්ල. ඒත් උබ අද දුර. මම කෝමද පාලනය කර ගන්නෙ මාවම මම? ඉතිං දැන් යයි අයාලේ. මල්ලි වුනත් නොදන්න අක්කල, නංගිල බොහෝ වෙලාවට මට කැමැත්තෙන් හිටපු ඇන්ටිල අතර තනිවෙයි.
ඇදේ කොනක ඉදං හිටපු මම ඇද දිගේ රූටල ගිහින් හේත්තු වුනා බිත්තියට. ඒ එක්කම ජනේලෙ නිසා බැල්කනියෙන් පේනවා අපේ මිදුල. ඒ එක්කම රාත්රී පාර. කළුවර නැහැ. ලයිට් කණුවක් නිසා. මම ඉදගත්ත ලයිට් කණුව උඩින්. කරන්ට් කම්බි දෙකක් මැද්දෙන් කකුල් දෙක තියාගෙන බලං හිටිය. උබ මේ පාරෙ දවසක් ආව. මහ රෑක. අම්මල ගිහින් දුර ගෙදරක වෙඩින් එකකට. එදා අපිට වෙඩින්. මගෙ කාමරේ ඇතුලේ.
අම්මල ගියා කිව්වම උබ ආව අපේ ගෙදර. ඒ ඔයාගෙ අම්මලට බොරු කියල. යාළුවෙක්ගෙ ගෙදර යනව කියල පාඩම් කරන්න. ඒ අහිංසක කෙල්ලත් අපිට පූර්ණ අනුග්රහයක් දුන්න. ඒකිට දැන් කොල්ලෙක් ඉන්නවද? මට වෙලාවකට හිතෙනව මාව දාල ගිය උබට පාඩමක් උගන්නන්න ඒ කෙල්ල එක්ක යාළු වෙන්න. එතකොට උබට හිතෙයි අරූ මගෙ යාළුව එක්ක යාළු වෙලා මට රිද්දන්න කියල. මම ඒ කෙල්ලව සතුටින් තියනවා. උබව අඩවන්න.
එදා රෑ මාත් එක්ක තුරුල් වෙලා නිදාගෙන පහුවදා පාන්දර උබව ඇරලවන්න ගියෙත් මම. මතකද? අපේ ගෙදර පරණ ස්කූටරේ. හෙල්මට් එකක් වත් නැතුව ගිහින් උබව ගෙදරට දාල ආව. රෑ වුනත් මම උබට වැරැද්දක් කලේ නැහැ. ඒ මට පස්සෙ උබව ලස්සනට ගෙදරට එක්කගෙන එන්න ඕනෙ නිසා. අනික බැන්දට පස්සෙ කරන්න දෙයක් ඉතුරු කර ගත්තෙ නැත්තං ජීවිතේ එපා වෙන නිසා. වෙලාවකට හිතෙනවා මට වැරදුනා කියල. මොකද එදා මම රෙඩ් පොට් කලා නම් අද උබ මගෙ ලග. එහෙනම් අරුත් එක්ක කැරම් ගහන්න උබට ලැබෙන්නෙ නැහැ.
මගෙ හොද කම මට හරහට හිටිය එකට මම දුක් වෙන්නෙ නැහැ. මොකද කවද හරි මගෙ නංගිට කවුරුත් කරදරයක් කරන එකක් නැහැ. උගුරට දෙකට ඉතිරියත් ඇදල දාල මම ලයිට් කණුවෙන් බහිනව. පොඩි පම්ප් එකක් දාන්න තියෙනවා. කණුව උඩ ඉදන් දාලා වයර් ෂෝට් වෙලා මට කරන්ට් වද්ද ගන්න බැහැ. මොකද මම තව කෙල්ලෙක් හොයා ගන්න ඕනේ. ජීවිත කාලෙටම ආදරේ කරන්න. මට ජීවත් වෙන්න ඕනේ.
උබ පලයන්. මම ඉන්නම්. මකල දාල හැමදේම. ඒත් සොදුරු දවස් ටික ඉතිරි කරල.
අරූ කැරම් ගැහුවට.... උඹ බෙරුනා බං නැත්තං උඹට ඉතිරි වෙන්නේ හැමොම කැරම් ගහන බොඩ් එකක් විතරයි
ReplyDeleteවලවල් හතර නැතුව එක වලක්වත් ඉතුරු වුනා නම් මචං.
Deleteමොනව උණත් උඹෙ ඒ හොඳකම නිසයි ඒකිට වෙන එකෙක් එක්ක කැරම් ගහන්න පුලුවන් උනෙ..
ReplyDeleteසන්තෝස වෙයන් මචන් ඒකි උඹට කෙලිය වුනාට උබ මලක් වගේ ඒකිව රැක්ක කියල.
කොච්චර උඹව දාල ගියත් ඒකිගෙ හිතේ උඹයි හැමදාම රජ්ජුරුවො,විශ්වාස කරපන් මාව!
උඹට ජීවිතෙ වරදින්නෙ නෑ.මල ගහන එක නවත්තපන්..
අර උඹ ආයෙ ආදරේ කරන කෙල්ලට උඹව ලෙඩෙක් කරල දුක් දෙන්න එපා බන්.
මල් ගහල ප්රශ්න විසඳන්න ඇහැකි නම්,මම ඒව ගෙනැත් කාමරේ පුරෝගන්නව!
කෙල වුනෙ උඹටම විතරක් නෙමෙ බන්
දුක් නොවී හිටහන්............
මම මල් නොගහ හිටවනවා මල් පැලයක්. ස්තුති මචං.
Deleteඒත් වෙන එවුන් ඇවිත් මල් නෙලුවොත්?
හිටවපන්....
Deleteහිටවල ඒකට කලින් පැලේටත් වඩා සාත්තු කරපන්.පැලේට උඹව අදහන්න ඉඩ දීපන්..
කොහොම වුණත් මචං,කලින් ජාතියෙම පැලයක් ඉන්දවන්න එපා!
උඹෙ හිතට දැනෙන්නවනම් මේ තමයි ඒක කියල ආන්න ඒක ගෙනැත් හිටෝපන්!
ඒත් දැනෙන්න ටික කාලයක් යාවි.ඒ කාලෙදි උඹ පැලේ රැක බලාගන්න රෙඩි වෙයන්...
උඹ කලින් පෙන්නපු උඹ 'නියම කොල්ලෙක්' කියන දේ මෙයාගෙ බොක්කටම වැදෙන්න දීපන්...
කෙනෙක් උඹව දාල ගියත් එයාගෙ ජීවිතේ රජ්ජුරුවො උඹ වුනෙ ඒක නිසා..
ඒ දේ රැකපන්!
කෙල්ලෙක්ගෙ හැම දේම ගන්න එක ඕන කොල්ලෙකුට කරතෑකි.ඒත් කෙල්ලෙක්ගෙ ආත්ම ගරුත්වය රකින්න හැම එකාටම බෑ!
මල ගැහීම ටික ටික අඩු කරපන්..නවත්තපන්..
කෙල්ලෙක්ව අරහෙම බලාගත්තු උඹට ඒක බැරි වෙන්නෙ නෑ මචං!
දවසක "උඹෙ පැලේ" උඹට අස්වැන්න දෙද්දි පැලේ ලෝබ වෙන එකක් නෑ චුට්ටක්වත්ම....!
මේ විදිහට පැලේ ජීවිතේ වෙනස් කරපන්,පපුව ගැහෙන රිදම් එක වෙනස් කරපන්..
ඊට පස්සෙ ඒකිව දාල හය මාසයක් ගෙදරින් පිට පලයන්,ඒකි කවදාවත්ම වෙන එකෙකුට මල් නෙලන්න කිසිම ඉඩක් දෙන්නෙ නෑ!
අපටත් හැමදාම වරදින එකක් නෑනෙ නේද බං.............
පට්ට ස්තුති සහෝ.. නියම කමෙන්ටුව..
Deleteඋඹට මට අපේ එවුන්ට කවදාවත් වරදින එකක් නැහැ..
මෙතන අදහස් බෝමයි.
ReplyDelete…ඒවා මට ගැලපෙයි.
……මෙපැත්තෙ ආවෙ අදමයි.
ජෝන් මාමාට නම ලැබුන හැටි සහ 100 ගහපු හැටි බැලුවා.
Deleteසුභ පතමි !
කතාවක් විදියට උපරිමයි මචෝ..... කියන්න කිසිම දෙයක් නෑ
ReplyDeleteසැබෑවට ගත්තම කවුරුත් උඹට ආදරේ නැතත් උඹ උඹට ආදරේ කරන්න ඕනේ.උඹ උඹට ආදරේ නැත්තම් කොහොමද වෙන කෙල්ලෙක්ට ආදරේ කරන්නේ...
මල් ගහලා ජීවිතේ විනාස කරගන්න යන එකෙක්ට කියන්න තියෙන්නේ මලෙන් අරන් යන සුන්දර අතීතෙට සැරින් සැරින් ගිහින් දුක් නොවී මල අතෑරලා අළුතින් ජීවිතේ පටන් ගනින්....
//එදා රෑ මාත් එක්ක තුරුල් වෙලා නිදාගෙන පහුවදා පාන්දර උබව ඇරලවන්න ගියෙත් මම. මතකද? අපේ ගෙදර පරණ ස්කූටරේ. හෙල්මට් එකක් වත් නැතුව ගිහින් උබව ගෙදරට දාල ආව. රෑ වුනත් මම උබට වැරැද්දක් කලේ නැහැ.//
මෙහෙම හිතන එවුන් ඉන්නවා.මේකයි පිරිමිකම....
ගැමියාට තුති.
Deleteමම උඩින් බටපලයට දාපු කමෙන්ට් එකම උබෙන් අහන්න හිතෙනවා.
මල් ප්රමාණය අඩු කරල ගහන්නම්. ක්රමයෙන් අතැරලාම දාන්නම්.
මට පුලුවං !
මලක් ඇදල අත්ල් එකෙ මල්ලිව නලොගෙන ජිවත් වෙන එක හොදඉ සමහර උන් ඔහොම උනම වෙන එවනෙ කරන්නෙ
ReplyDeleteවෙන ඒව කරන්නෙ නැහැ මම. ගෑනු මුදලට ගත්තත් ගෑනුම තමයි ජිංජිබිරිස්.
Deleteස්තුති !
ඒකි උඹට මතක් විරතරයි, ජීවිතය වුනේ නෑ. ඒකි නැති ජීවිතේ ජොයින්ට් එකකින් පුරවගන්න පුළුවන් වුනේ ඒ නිසයි. උඹට "ජීවිතයක්" ලැබුණු දාට ජොයින්ට් එක ඕන වෙන එකක් නෑ.
ReplyDeleteසුමිත් අයියාගෙ වචන මට හයියක් !
Deleteපට්ට කතාව ..
ReplyDelete(හැබෑවටම මලක් ගහලා වගේ ඉන්නේ )
මල් යායක් මැදින් පාවෙන ගමන්
Delete“පළවෙනියට ඇදපු උගුර පෙනහළු දිගේ ගිහින් පපුව රත් කළා. නහය ලග ඉදල නලල ලගට ගිය මොකක්දෝ හැගීමක් නලල ලගදී පිපිරුව වගේ දැනුන. හරියට අහස් කූරක් පලාතම සද්ද කරගෙන ගිහින් උච්චතම තැනද පිපිරිල විනාස වෙලා යනව වගේ. උඩ ගිය අහස් කූර පටස් ගාල මෙලෝ රහක් නැතුව බිම වැටුනට, මෙහෙම වේගෙන් උඩ ගිය මම හදේ ගුරුත්වාකර්ෂණ බලයෙන්, ඒ කිව්වෙ මේ මහපොලොව වගේ 1/6 ක ගුරුත්වාකර්ෂන බලයෙන් පාවෙන්න ගත්ත. “
ReplyDeleteමෙන්න මේටිකට මං පට්ට කැමතී.....
කතාවනම් උපරිමයි සහෝ............නියම කොල්ලෙක්...ජය..!
මල් ගහන එවුන්ට නියම කොල්ලෙක් කියන්න එපා ලංගි
Deleteරජයේ අවවාදය දුම් බීම පිළිකා ඇති කරයි :D
ReplyDeleteමල් බීම නෙවේ නේ?
Deleteමල් බීම ගැන රජයේ අවවාද නැත.ආදරය කිරීම ගැනද අවවාද නැත.
Deleteඒත් කෙලවෙන එකාට කොහෙදීත් කෙළවේ!
ප.ලි
මල් යනු ආයුර්වේදීයව ඖෂධයකි.(නියමිත ක්රමවේද වලට අනුව සකසාගත් පසු)
එනිසා එය තහනම් කිරීම පල රහිත වැඩකි
උබව දාල ගිය දුකට, ඒකි උබේ හොද දන්න නිසා, මලක් ගැහුවට වඩා අමාරුවෙන් ඉන්නේ. මොකද ඒකි දන්නව උබ තමා මිනිහ කියල.
ReplyDeleteජයෙන් ජය සහෝ..
සෑම් අයිය හැම තැනම ජය කියල දාන නිසා අහන්නෙ. නම 'සෑම් ජයසෝමද'?
Deleteඒකි අමාරුවෙන් තමා හිටියෙත්. මම අමාරුව හොද නොකලට.
සිරා කතාව..
ReplyDeleteමාවත් පාවෙනවද මන්දා.. :-))
සුභ වේවා!! රාජ සම්පත් ලැබේවා!!!
පාවී ඇදී එන්න ආයේ !
Deleteජීවිතේ ඔහොම තමයි. අපි කොච්චර කැමති දෙයක් උනත් අපිට නැති වුණාම, අපි දුක්වෙනවට වඩා සතුටු වෙන්න ඕන බං. ඒ ඊට වඩා හොඳ දෙයක් අපිට ලැබෙන්න තියන නිසා කියල හිත හදා ගන්න ඕන. අමාරුයි තමයි, ඒත් ඉතින් ඒ මත්තෙ ජීවිතේ නැති නාස්ති කරගන්නවට වඩා එහෙමකරන එක හොඳයි.
ReplyDeleteජීවිතේ නාස්ති කර ගන්න තරම් මෝඩ කමක් රැඩියා කරන එකක් නැහැ.
Deleteඒත් ඒකි විනාස වුනා. පව්.
මට දුක හිතෙන්නේ ඇය ගැන තමා.
ඔය ලෝබකම මටත් තිබ්බ සහෝ,
Deleteඒත්.................................................
උබත් ආදරෙන් විදවපු කොල්ලෙක් නේද ?
Deleteවරදින්නෙ නැහැ මචං කවදාවත්..
අපෝ මේ කාමරේ කිසි පිලිවලක් නෑනෙ. කෝ අනිත් අයගෙ කාමර. දොර රෙදි ඈත් කර කර උඹ ඒවට එබිකම් කෙරුව. මමත් හැම තැනක්ම පෙන්නුව. අම්මගෙ ඇඳුම් අල්මාරිය පවා. උඹටයි මටයි මගේ පොඩි ඇඳ මදි උනා. අපි උන්නෙ අම්මලගෙ ලොකු ඇඳේ. දෙයියොත් එදාම උඹ දිහා බලල තිබ්බ. මට අතවත් තියන්න බැරි වෙන්න මාසෙ දිනේටම සෙට් කරල තිබ්බ. අවුරුදු පහක් වෙන එක තැනකටවත් රිංගපු නැති උඹයි මමයි අපේ ගෙදර තනි උනා. හැබැයි උඹ දිනුව. මම උඹට දිනන්න දුන්න.
ReplyDeleteමම සදහටම පැරදුනා..
සිහින සපෝට් එක ස්තුති.
Deleteඋබ අද දිනල හෙට පරදී. මම අද පැරදිලා හෙට දිනයි.
උබ පරාද වුනාම හිනා වෙන්න බැහැ මට.
මොකද අද මම පරාද වුන වෙලාවෙ උබ හිනා වුනාට, ඒ දුක උබට දෙන්න බැරි නිසා.
ආවේ අදමයි ... ලිවිල්ල සුපිරියි... වෙන මොනවා කියන්නද බං.. උඹේ චින්තනේ අදහන්න වටිනවා.. පට්ටයි...
ReplyDeleteස්තුති. මේක අසම්මතයේ චින්තනයක් සහෝ.
Deleteමුලින්ම රෙඩා පොට් කරානන් ඉවරයි ,.,දැන් ඉතින් අවුලක් නෑ
ReplyDeleteමුලින්ම රෙඩා දාන්නේ ලකුනු වලට (පොයින්ට්) ගහද්දි.
Deleteඋඹ කරපු දේ හරි. රේඩා පොත නොකලේ උඹ නියම කොල්ලෙක් නිසා. ලියවිල්ලත් නියමයි.
ReplyDeleteකොලු කම නොතේරෙන කෙල්ලෝ පොලු වලට රැවටෙනව බං.
Deleteරෙඩ් පොට් කලාට තව බෝඩ් එකක අලුත් ගේමක් පටන් ගනීවි ඕකුන්!
ReplyDeleteපව් ඒකිට එහෙම වෙයිද සහෝ ?
Delete"සරම කූඩාරමක් වෙන එක නැවතුනා" පට්ට කතාව......
ReplyDelete:)
Delete“උබ පලයන්. මම ඉන්නම්. මකල දාල හැමදේම. ඒත් සොදුරු දවස් ටික ඉතිරි කරල.“
ReplyDeleteඑපා ඒ මතකය ඉතිරි කරගන්න... ඒවාත් දීල දාන්න.. එදා නුඹ නුඹේ නියම පිරිමිකම පෙන්නුවා සේ අදත් පෙන්නන්න නියම පිරිමිකම පරණ මතකයෙන් නුඹේ දිවිය ආගාධයට ඇද නොදා...
ඔක්කොම වෙන්නෙ හොඳටයි නම් මේ දේත් උනේ හොඳටයි... ලස්සන අහිංසක හැමදාම සතුටින් හිත, ගත පුරෝන පැංචියෙක් ලැබේවා!!!
(අදමයි ආවේ.. ගොඩක් පෝස්ට් බැලුවා.. සමහර ඒවාට අකමැතියි.. ඒත් මේකට මුකුත් නොලියා බැරිඋනා..)
This comment has been removed by the author.
ReplyDeleteමුලින්ම කියන්න ඔන මචන් කතාවනම් සුපිරි හෑබයි මල් කියන්නෙ ඔය ප්රශ්නෙට පිලිතුරක් නෙමෙ බන් ඕක අත ඈරපන්
ReplyDeleteඋබ අද දිනලා හෙට පරදි මම අද පෑරදිලා හෙට දිනයි. නියම කියමන සහො උබට ජය.