Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Friday, March 29, 2013

ජපන් කොඩිය කලින්ම දාලා....




බබා අපි දෙන්න මෙහෙම තනිවෙයි කියල අපි කවදාකවත් හිතුවද?

අනේ මට බයයි කොල්ලෝ...

ඇයි බය වෙන්නෙ?

වෙඩින් එකට කලින්, ගෙදරටත් හොරෙන් මෙහෙම තනි වෙන එක හරිද?

ගෙවල් වලින් දන්නවා. දැන් අපි අපේම විතරයි. ඔයා මගේ. බය වෙන්න එපා...

හරි බබා.. ඒත් පරිස්සමෙන්. ඔයා මගෙ හැම දේම ගන්න. එකක් ඇර.

ඇයි ඒක මට නෙවේද?

පිස්සුද කොල්ලෝ.. ඔයාටම විතරයි.. ඒත්.. එදාට අපි අම්මලට පෙන්නන්න ඉතුරු කරන්න...

***************

මතකද? අපි මීට කලින් තනි වෙච්ච දවස?

ඇයි කොල්ලො මට අමතක...

එදා බෑ කියපුවා අද පුලුවන්.. අද ඉදන් අපි දෙන්න ඉන්නෙ එකට.. එකම වහලක් යට..

මම කවදාවත් හිතුවෙ නැහැ ඔයාලගෙ අම්මල මට කැමති වෙයි කියල..

එදා මම කිව්වනේ කෝම හරි ඔයාව බදිනව කියල..

ඒකනේ මම ඔයා ලගින්ම හිටියේ..

ලගින්ම කෝ බලන්න...

අනේ ඉන්නකෝ චුට්ටක්..

බැහැ අද නම් ඉන්න දෙන්නෙ නැහැ..

***************

අඩන්න එපා කෙල්ලේ..

ඇයි මට මෙහෙම වුණේ...

ෂික් අපරාදෙ...

අපරාදෙ කිව්වෙ මාව බැන්ද එකද බබා? ඔයා දැන් පසුතැවෙනවද? මම වැරදී කෙල්ලෙක් කියල හිතල..

නැහැ කෙල්ලේ.. එදා අපි තනි වෙච්ච දවස අපරාදෙ.. කලින් මෙහෙම එකක් දන්නව නම් අපිට එදාත් මොනව හරි කරන්න තිබ්බා..

සමාප්තයි !


Tuesday, March 12, 2013

Comparison - බ්ලොග් ලොව කබ්බෙක් සහ ජේෂ්ඨයෙක්




පහ වසර ශිෂ්‍යත්වය කරන කාලේ තිබ්බ අමාරුම රාජකාරිය රචනාවක් ලියන එක බව බෙහෝ අය සිතුවෝය. එහෙම ලියන රචනාවක වචන ප්‍රමාණයක් අනිවාර්යෙන් තිබිය යුතුය. බොහෝ ඒවා වචන 200කට නොඅඩු විය යුතුය. එහෙම ලියන රචනා සමහර සිසුන් ආරම්භ කලේ මහා අමාරුවෙනි. බොහෝ අය ලියන ඡේදයක් පාසාම තමා ලියු අකුරු ප්‍රමණය ගණන් කළෝය. එසේ කළේ තමන්ට ලියන්නට දෙයක් නැති නිසා මිස, ලියන්නට කම්මැලිකම නිසා නොවන බව සත්‍යයක්ය.

ලියන්නට කතන්දර නැති තැන ජීවිතය හිස්ය. එසේ ලියන්නට කතන්දර නැති තැන නිර්මාණශීලී අයෙක් නම් කතන්දර නිර්මාණය කර හෝ ලිවිය හැකිය. ඒ ලියන ඒවා කියවීමටද හැකිය. කියවීමට තරම් ප්‍රියමනාපද වන්නේය. මේ උත්සාහය බ්ලොග් ලොව ජේෂ්ඨ යැයි කියන අයෙකුගේ සහ කබ්බෙක් යැයි කියන අයෙකුගේ ලිපි දෙකක් සංසන්දනය කිරීමටයි. 

කොලිටිය මනින මාපකය - ලියන්නට දෙයක් නැති, නිර්මාණශීලී නොවන අයෙකු ලියන විට වචන අඩුය. රසය අඩුය. එසේම කියවීමට සිත තුල පෙලැඹවීමක් ඇති නොවන්නේය.

මෙන්න බ්ලොග් ලොව දැවැන්තයෙකුගේ ලිපියක්...
මෙය ඔහුගේ බ්ලොග ආරම්භ වී එහි වැටුනු දෙවන ලිපියයි.

මම පොඩි කලෙ හැදුනෙ අපෙ කිරි අම්මලගෙ ගෙදර. ඒ කියන්නේ අපෙ අම්මගෙ අම්මගෙ ගෙදර. ඉතින් පුන්චිලගෙ මාමලගෙ නොමද සෙනෙහස මැද තමයි මම හැදුනෙ වැඩුනෙ.

ඔන්න ඔහොම ඉද්දි ආව ඇවිදින කාලෙ. ඒත් මම හරිම කම්මැලිය ඇවිදින දුවන වැඩ වලට. ඒත් එහෙම කියල බැරි නිසා චූටිම මාම හොය ගත්ත මරු ක්‍රමයක්. මොකක්ද දන්නවද ක්‍රමේ. ඇවිදින්න ඔන වෙලාවට කලිසමෙ (ඒ කාලෙ කිව්වෙ ජන්ගිය කියලනේ) පිටිපස්ස පැත්තෙන් ගහනව කොස් කොලයක්. දැන් ඔන්න කොල්ලට කිචි ගමකට... කොස් කොලෙ ගන්න තේරෙන්නෙ නැති නිසා කිචි නැති වෙනකන් දුවනව ගේ වටේ.

ඉතින් ඔන්න ඔය කියන කොස් කොලේට පින් සිද්ද වෙන්න තමයි මම ඇවිදින්න පුරුදු උනේ.


මෙන්න බ්ලොග් ලොව කබ්බෙකුගේ ලිපියක්...
මෙය ඔහුගේ බ්ලොග ආරම්භ වී එහි වැටුනු දෙවන ලිපියයි.



මේ දිනවල අනීවාරතේ ...... ඹහුගේ සුසම් පොදයි, එය "පවිත්‍ර හෝම්ස් " පුද්ගලයාගේ ජීවිතය හරහා දිවෙන අතර එහි අප මිතුරා දැන් "දොස්තර වොට්සන්ය"... !!! මට මෑතකදි, වොටිසන් සහ හෝම්ස් දෙදෙනාම එකම තැනකදී මගේ මුහුණට මුහුණ සමපාත විය. අචල ලක්ෂයක් වටා දිවෙන තවත් ලක්ෂයක පථය වෘත්තය‍ක් වන්නා සේ අප සැම මෙවන් පුංචි රටක, කවදා කොතැනක හෝ මුණගැසෙන බව මට ඉන් පසක් විය.

ආච්චීට බුදුසරණ පත්තරයක් වුවමනා බව කිවා මතකය, සරසවිය පත්තරේ තිබ්බ ලිපියක් බැලීමට සරසවිය පත්තරයක් අතට ගත් මම බුදුරසරණකුත් අතට ගත්තේ ආචිචීට ගෙනවිත් දීමටය. ""සබ්බ දානං ධම්ම දානං ජිනාති"" වදනද සිහිපත්ව කරන පාප කර්ම අකර්මන්‍ය විමට නම් ඊට බලයෙන් සමාන දිශාවෙන් පුතිවිරැධ පුන්‍ය කර්ම කල යුතුය. ඒ නිව්ටන්ගේ 3වන ධර්මයයි. බුදුසරණට උඩින් සරසවිය තබා රෝල් කරගත් මම ආචිචී බැලීමට පිටත් වීමි.

මාර්ගය වැටී තිබුනේ ඇත්තටම මගේ පාසල් ම්තුරා ගේ නිවස අද්දරිනි. ඇත්තටම ඹහු දැන් යුගයේ blogකරැය. අනීවාරතේ ..... "පවිත්‍ර හෝම්ස් " සමග සැරි සරන ඹහු දැන් "දොස්තර වොට්සන්ය" ඒ සියලු කරැණු කාරණා සිහිවුණ මම ඹහුගේ නිවස අද්දරින් මගේ පියවර ඉක්මනින් තැබීමි. වොට්සන් වෙන්නට පෙර පාසලේ තනියා වූ ඹහු යහපත් මානසික තත්වයෙන් පසු විය. විශ්ව ව්ද්‍යාලයට පුවිශ්ට වු පසුවද මට ඹහු මුණගැසින, එවිටද ඹහුට විශේෂවූ ආබාධිත තත්වයක් නොවින. විශ්ව විද්‍යාලයේදී ඹහු ගැටයාය (විශ්ව විද්‍යාල IUPAC නාමකරණයට අනුව). නමුද ඹහුගේ blog එකට අබ්බැහි වූ මට දැන් ඹහුගේ මානසිකත්වය පිලිබද විලිලැජ්ජා සහිත සංතෝසයක් විය. එනිසාම මම අඩි ඉක්මන් කලෙමි.

"අඩෝ ......""
සැබවින්ම පරිපරයම නිහඩ වූ බවක් මට දැනින, ඇලපෙනිත්තක් බිම වැටුණට ඇසෙන තරමි වටපිටාවක් ඇතිවිණ. ඒ නිහඩ බව පරදා මහරෑ අපේ මිදුලේ කෑගසන බලු තඩියා ගේ හඩ මෙන් විනිවිද ඇසුනේ යුගයේ blogකරැගේ හඩයි. පාසල් කාලය මෙන් ඒ හඩ තවමත් මියුරැය, තවමත් ගනේපොල සර් ගේ හඩට සමානය.

"කොහෙද බං යන්නේ වරෙන් මචං ගෙට."" කළ හැක්කක් නොමැත. මමද ගොඩවීමි. එහි තවත් මිතුරෙකුද වීය.
"පොඩ්ඩක් ඇවිදින්න ආවා බං.""මම නුපුරැදු මිතුරා දෙස හැරැනෙමි, කවුද බං මේ dial එක??
""ආ මචං මේ අපේ හෝම්ස් නේ, ""කියම්න් එක ඇසක් පුංච් කර... ""උබ දන්න‍වනේ බං අර බ්ලොග් එක....""
මට දෙලෝ රත් විය. හංදියේ කොත්තු කඩේ ලගින් යනවිට දැනෙන උණුසුම ඊට ව‍ඩා සිසිල් යයි හැගිණ. එකෙක් මදිවට තව එකෙක් යැයි මට කියවින. මගේ මිතුරා (දැන් වොට්සන්) හෝම්ස් චරිතය අධ්‍යයනය කිරීමට ඹහුව නිවසටම ගෙන්නවාගෙන ඇතැයි මට හැගුනේ අසාධාරණ සිතිවිල්ලක් නිසා නොවේ, සෝඩියමි (Na) ජලය සමග සීඝූ පූතිකියා කරන බව ගුරැතුමිය කියූ කළ සෝඩියම් කැබැල්ල දිවේ තබා එහි ඇත්ත නැත්ත පරීක්ෂණාත්මකව විමසා බැලූ මගේ ම්තුරා පිලිබද දන්නා නිසාය. සැබවින්ම ඹහු හොම්ස්ව අධ්‍යයනය කරනවා ඇත. මෙවර මනෝ ලොවින් මා ම්දෙව්වේ හෝම්ස් මහතාය, වොටිසන් නිහඩය...

"මොකද? කැම්පස් නිවාඩුද??""

කැම්පස්...??? exhibition එකක් බැලීමට කැම්පස් එකට ගියා මතකය.. ඒත් නිවාඩුද අහන්නේ??? හෝම්ස් මහතාට වැරදී ඇත..

"පුදුම වුණා නේද?? ඇත්තටම මම හෝම්ස්, මට පුලුවන් හොදට මිනිස්සුන්ව අධ්‍යයනය කරන්න. ඹබේ පැරණි ම්තුරා ඒක හොදට දන්නවා. ""

- මොකද නැත්තේ දැන් මාත් දන්නවා, වෙනදා මෙන් මගේ කට ඉස්සර විය..

"ඇත්තටම සතුටුයි, ඹබ අතේ තියන සරසවිය පුවත්පත නිසා මට පහසුවෙන් තේරැනා ඹබ සරසවි ශිෂ්‍යයෙක් බ‍ව ""
හෝම්ස්ගේ සාමාන්‍ය දැනුම ම‍ට පසක් කලේ මා ම්තුරැ වොට්සන්ගේ උපහාසාත්මක මුහුණයි....

"""නැහැ හෝම්ස් මෙවර ඹබ අසමත්, ඹහු මගේ පාසල් ම්තුරෙක්, ඹහු දැන් රැකියාවක් කරනවා. සරසවි ශිෂ්‍යයෙක් නෙවේ ""
වොට්සන් හෝම්ස්ගේ ප්‍රකාශය නිවැරදි කලේ මා අත තිබු පුවත්පත් ඹහු අතට ගනිමිනි. හෝම්ස්ගේ හැගීමක් නැති මුහුණ තවමත් බැරෑ‍රැම් ගතියක් ගනී. නමුත් පරාජිත බවක් නැත.

"""අද මම කියන්නම් මෙතන මොකක්ද වෙන්නේ කියලා, උබ කියපං හෝම්ස් ද / මමද හරි කියලා"""
දැන් වොට්සන් ශිල්ප පෙන්වීමට ඉස්සර විය. මම එදා ගෙදරින් ‍එලියට බැස ඇත්තේ රාහු කාලයකද? නැතිනම් පලමුව මුණගැසුනේ කවුද යන්න සෙවීමට මා උත්සුක වුනෙමි, දැන් මා පූමාදය ගිරයට හසු වී හමාරය, එක පසෙක මා උගත් ම්තුරාය, අනෙක් පස දක්ෂ රහස් පරීක්ෂක හෝම්ස්ය.

"""අද පෝයනේ, උබ යනනේ පන්සලට. සුදු ඇදගෙන ඇවිත් තියෙන්නේ. අනික බුදුසරණ පත්තරයක් අරන් ඒක වැහෙන්න සරසවිය පත්තරයක් තියලා, අපි දැක්කොත් හිනාවෙයි කියලා හිතලා. ඒත් පන්සල් ගිහින් සරසවිය පත්ත‍රේ උඩ ඉදගෙන බුදුසරණ කියවන්න යන්නේ""" මම හරි නේද?????

පාසල් අවධියේ prefect room එකේ දොරේ ඉබ්බා ගෙනවිත් මා මිතුරගේ කලිසමේ belt loop එකට දැමූ සිදූවීම මට යලි සිහි නැගිනි. ඒ මොහොතේද ම්තුරා යතුර සොයා ගැනීමට හැසිරැනේ රහස් පරීක්ෂකයෙකු පරිදි මට මතක් විය. අවසානේ යතුර සොයාගත නොහැකිව loop එක කපා එහා වත්තට ඉබ්බා විසිකලේ ඹහුට රහස් පරීක්ෂක දැනුමක් නෙතිබූ නිසා බව නොරහසකි. එවරද ඹහු අසාර්ථකය, මෙවරද එසේමය. නමුත් මට දැන් හෝම්ස් නිවැරදි කිව නොහැක, වොට්සන් වැරදියයි කිවහොත් අප මිතුදමේ අවසානය විය හැක,එසේම ඹහුගේ සාර්ථක blog පිටුව මට තහනමි වනු ඇත. මා තීක්ශන වීමී..

"""මචං පස්සේ සෙටි වෙමු, ආච්චී බලං ඇති. මම යනවා..."""


බ්ලොග් ලොව මෙතෙක් කරන්නට නොවූ සැසදීමක් අද කරන්නට වූයේ සිද්ධ වන්නාවූ දෙකඩ වීම වැලැක්වීමට මිස තැටිය රත්වූ මොහොතක රොටිය පුලුස්සා ගැනීමට නොවේය. සියළු කබ්බෝ අදක්ෂයෝ නොවන අතර, සියළු ජේෂ්ඨයෝ දක්ෂයෝද නොවන්නේය. 

ඉතින් කළ යුත්තේ ඉරිසියා කිරීම නොව, නොහැකි නම් නොලියා පැත්තකට වීමය. නැතිනම් ලියන එකා දිරිමත් කිරීමය. 

තවත් රසවත් කඹු බ්ලොග් මෙන්ම, ජේෂ්ඨ බ්ලොග්ද,
තවත් නීරස කඹු බ්ලොග් මෙන්ම, ජේෂ්ඨ බ්ලොග්ද,

උදාහරණ මගින් දැක්විය හැකිය. කඹු හෝ ජේෂ්ඨවන්නේ නිර්මාණශීලී හැකියාව මත මිස, බ්ලොග පටන් අරන් කොච්චර කල්ද කියා මැන බැලීමෙන් නොවේය.

" නජච්චා වසලෝ හෝති - න ජච්චා හෝති බ්‍රාහ්මණෝ
               කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රහ්මණෝ"

කිසිවෙක් උත්පත්තියෙන් වසලයෙක් නොවේ,
උත්පත්තියෙන් බ්‍රාහ්මණයෙක්ද නොවේ
අයෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ
තමන් කරන්නාවූ ක්‍රියාවන් මතය.

-ගෞතම බුදුන් වහන්සේ



Tuesday, March 5, 2013

කුහකකම් කරද්දි “ආදරේ කියන්නෙ දුකක්...“


ලේන්සුව පපුවෙ ගහගෙන මොට්ටසෝරි ගිය කාලෙ තනියෙන් ඉන්න බයේ අඩන්න ගත්තා. ඒ තනි කමට බය නිසා. පස්සෙ ලොකු වෙද්දි තනිකමට තිබ්බ බය පැත්තකින් දාල කොල්ලො එක්ක රවුම් ගහද්දි කිසිම බයක් හිතට ආවෙ නැහැ. ඒ වල් කම නිසා නෙවෙ. අලුත් අත් දැකීම් ලබන්න තියෙන ආසාවට. පුංචි කාලෙ ඉස්කෝලදි එහා පැත්තෙ ඉන්න එකා තමන්ට වැඩි ලකුණු ගනී කියල හරි උත්තර කියල දෙන අතර දෙක තුනක් හිතලම වරද්දල කියල දෙන එක සමහරුන්ගෙ පුරුද්ද වෙලා තිබ්බ. පස්සෙ කාලෙක ඒ වැරදි හරි ගැහිල අළු ගසල දාල අපි කොල්ලො කෙල්ලො වුණා. ඒ අපේ බුද්ධිය මුහුකුරා ගිය හින්දා. කන කෑම එක කෑම පෙට්ටියෙන් වහගෙන එහා පැත්තෙ එකා කෙළ ගිලී කියල කාපු හැටි මතක් වෙනවා පොඩි කාලෙ. එහෙම කෑම කාලා පස්සෙ ලොකු වෙද්දි අනුන්ගෙ කෑමත් පෙරලගෙන තත්වෙට පත්වුනා අපි හරි අපුරුවට. ඒ වගෙම අනිත් එවුන් කොපි කරයි කියල හිතල අකුරු ලියන පොත ලොකු සී.ආර් පොතකින් වහගත්ත කාලයක් තිබ්බ අපිට. ඒ පුංචි කාලෙ. ලොකු වෙද්දි එහා පැත්තෙ එකාගෙ පේපර් එක අතට අරන් ලියල දෙන මට්ටමට අපි පත්වුනා. ඒ අපෙ බුද්ධිය වැඩුණු නිසා.

හිතේ තියෙන ඉරිසියාව, කුහක කම, පොදි බැදගෙන ජීවත් වෙද්දි තව එකෙක් කෙලින් හිටගද්දි බලන් ඉන්න බැරි කමක් එනවා. එතකොට අර කියපු බුද්ධිය වැඩෙන්නෙ නැතුව යනවා. තනතුරක් ලැබෙද්දි, ඒක එයාට නෙවේ මට කියල හිතෙනවා. ප්‍රවීණයි පරණයි කියල කියන්නෙ දක්ෂතාවය නෙවේ. කෙටි කලකින් ස්වාධීනව ලබන පන්නරය ජයග්‍රහනයක් සේම, දිගු කලකින් යමක් ලබන්න බැරි වුනාම එන කෝපය පරාජයක්. ඒ පරාජය වැලදගෙන විනාස වෙන අය නම් මේ ලෝකෙ කොච්චරවත් ඉන්නවද. ඒ පරාජය කෙනෙක් වැලද ගත්දි ඒ අය අවුස්සල තියල ආතල් ගන්න තරම් කුරිරු සමාජයක් බිහිවෙලා තියෙනව නේද? ඒ ගැන හිතද්දි හරිම කනගාටුයි.

යුද්ධ කාලෙ මලක වහලා හිටිය සමනලයෙක්ට අහකින් කොහෙන්දෝ යන වෙඩි පහරක් වැදුන. කවුරුත් හිතල නම් වෙඩි තියනවද සමනලයෙක්ට? තියන්න පුලුවන්ද එහෙම? මිනිහෙක් විනාස කරන්න හදන තුවක්කුවකින් කවදාවත් වෙඩි තියල සමනලයෙක් මරන්න පුලුවන් කියල හිතන එකත් අර නොවැඩුනු බුද්ධියේ සාමාජිකත්වයක් කියලයි හිතෙන්නෙ. කොහෙන් කොහෙම හරි අර සමනලයට අහක ගිය උණ්ඩයක් වැදුණා.

අසාධාරණ උණ්ඩය සමනල පිහාටු දෙක දෙපැත්තට පා කරල යැව්වා. හුලං පාරට දෙපැත්තට, කියන්න බැරි විදිහට නොපෙනෙන අන්ත දෙකකට. ලස්සන පුංචි දැරිවියක් දුවගෙන ඇවිත් අහුල ගත්ත එක තටුවක්, සිනිදු අත් වලින් සියුමැලිව අල්ලගෙන, අරන් තිබ්බ ලස්සනට පොතක් අස්සෙ පරිස්සමට. අනිත් තටුව පාවෙලා ගිහින් වැටුනු තැන පුංචි කෙල්ලෙක්. දඩබ්බර, හිතෙන දේ කරන, කිසි පරිස්සමක් නැති, කෙල්ලෙක්ගෙ අත්වල හිරවුණා අර වගෙම තටුව. කෙල්ල කරකවල බැලුව තටුව. අර පරිස්සමක් නැතුවම. කරන්න දෙයක් නැහැ. ඒත් පුරුද්දට වගෙ හිර කරල දැම්ම පොතක් අස්සක.

අර සුන්දර සියුමැලි පොඩි කෙල්ල පැවරුම් වැඩකට අර තටුවම පාවිච්චි කරනව. ලස්සන කාඩ් එකක් හදන්න. ඒක හදාගෙන ඉස්කෝලෙට ගෙනිහින් පන්තියට ඉස්සරහ පැසසුමට ලක්වෙනව. අර දගකාර කෙල්ලත් ඒ පන්තියෙම පැත්තක. පොත් අස්සෙම හිරකරගෙන සමනල තටුව. ශාප කරනව නිර්මාණශීලි කෙල්ලෙක්ට. ගොඩ කාලයක් වැඩක් නැතුව හැංගිලි තිබුණ පොත අස්සෙ තිබුන තටුව අර දගකාර කෙල්ලටත් අමතක වෙලා හැලිල යනව පොත අස්සෙන දවසක. වැඩක් නැතුව. හරිම ආදරෙන් තියා ගත්ත ලස්සන සමනල තටුවක්. කිසිම වැඩක් නැතුව. ඒත් දහස් වාරයක් ශාප කළා සමනල තටුවෙන් වැඩක් ගත්ත කෙල්ලට. ඉතුරු වුනේ රත් වුණ ලේ බිංදු ටික විතරයි. අපරාදෙ සුන්දර කරන්න තිබ්බ ලෝකයක් සුළු මොහොතකට හරි. කුහකත්වයෙන්  ඈත් වෙලා සදහටම.

පොඩ්ඩක් හිනා වෙන්න කියල දහස් වර අඩවන තැන් ඕන තරම්, ආදරේ කියන්නෙ දුකක් කියල පැල් බැදගෙන කුහක කම් කරන තැන් ඕන තරම් තියෙද්දි අර කෙල්ල රැවටුනේ නැහැ. ඇවිද්දා දහස් ගව් නොනැවතී, හිත හදාගෙන හති නොවැටී. සුන්දර කරන් ලෝකයක් ආදරණීය සිහනවකින්.