Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Monday, August 13, 2012

ක්ලබ් ලයිට් එලියෙන් මිදුනෙමි..


ගැස්සෙන රතු එළියට, කන පැලෙන ඩිස්ක් කෙලියට, වල්මත් වෙලා ගෙවුන ජීවිතේ කොච්චර සුන්දරයි ද කියල ඇය සිතුවද. ඇගේ ලෝකෙට වෙලා ඇය පාඩුවේ ජීවිතේ ගත කළා. හැබැයි ලෝකෙටම දහවල වෙද්දි ඇයට දහවල රැය වුණා. රැය දහවල වුනා. රෑට නොනිදන නෙත් සල්ලාල තොල් වල ගෑවෙද්දි ඇයට රැය දහවල වුණා. තනපට අස්සෙ රිංගන අත්වල සල්ලි සුවද ඇයට සුවද විලවුන් වුනා. ඇය තනි වුනා. සල්ලි අතර සල්ලාලයන් අතර අය සැතපුනා. ගැස්සෙන ලයිට් එලිය, පෙරලෙන වීදුරු, වැක්කෙරෙන මීවිත ඇගේ දෙතොලෙ ගෑවුනා. පට්ට සුන්දරයි ලෝකෙම. සල්ලි, මගෙ ජීවිතය. ඇය තරග කළා කැපී පේන්න. අනිත් ලියන් අතර, රැයේ එන අමුත්තන්ගේ හිත දිනා ගන්න. උන්ව රවට්ට ගන්න. ඇය වෙනස් වුනා, හිතින් ගතින් දෙකෙන්ම.

දෙකකුල් අතර කාන්තා බැම්ම ඇය බින්දා, එන යන අමුත්තන්ගේ අම්බලම ඇගේ දෙකකුල් අතර ඉදි වුනා. කොන්ඩය කැපුනා කොටට. පටි පනින්න, අත් කොටට අදින්න ඇය නොපැකිලුනා. ඇය සමාජයේ කැපී පෙනෙන්න තම ජීවිත විලාසිතාව, ජිවිකාව අනුව වෙනස් කළා.

සප්‍රාණික අවයව නැති පිරිමියෙක්, උල් කරපු කට්ටකින් ඇගේ පිට පැත්ත ලස්සන කළා. කොළ පාට තින්න හම අස්සෙ ඔබල ඇයව ලස්සන කළා. ඇය කැපී පෙනුනා. දෙවගනක් ඇගේ පිටේ ඔප මට්ටම් වෙද්දි, ඇය අප්‍රාණික අවයව සහිත නිර්මාණකරුවා ඉදිරියේ සාළුවක් පමණක් ඇදගෙන ලමැද වසාගත්තා. පුංචි ලස්සන රෝස තිසර ඔහුගේ නිර්මාණ අසපුවේ මෙට්ට කැබැල්ලක් මත තෙරපුනා. ඇත්තටම පිට මත කෙටෙන දෙවගනගේ රූපය, මැකෙන්නට තරම් ඇගේ අමුත්තන්ගේ අම්බලම තෙත් වුනා. අසාවට, ඇගේ නහර පුරා දුවන කැක්කුමට. ඇත්තට අසහනය කිව්වාට ඇය සමාජගත කරන්නට වෙර දරන පිරිමි - පිරිමි සහ ගැහැණු - ගැහැණු විමුක්තිය, ඇයට ආභරණයක් වුණා.

රැයේ නොසැතපෙන නෙත්, දහවල වසාලන්නට ඇයට වෙලාවක් ඉතිරි වුනේ නැහැ. ඇයට මිනිස්සු පිරුණු වෙරල කොනක වෙන්වුන, මාළු කාරයන් පිරුණු මුඩුක්කු සමාජය නිදන්නට පහසුවක් කලේ නැහැ. පාර පුරා ඉන්න බලු කුක්කන්ට කෑම බෙදන්නට ඇය උත්සුක උනා. රැයට සිරුර මිලට බෙදා, ලැබෙන මුදලින් බලු කුක්කන්ට කවන්න ඇය උත්සාහ කළා. ඇත්තට හිත හරිම පුදුමයි. රැලේ දුවන බල්ලො එක්ක ජීවිතේ එක්කාසු වෙන්න හිත අකැමැති වුනේ නැහැ. 

බලු කුක්කෝ කුක්කියෝ කර උඩ නැගගෙන, තම වර්ගයා ලෝකෙට මුදනකොට පාර පුරාම, විනාසකාරී ගීත පිරුණු, බීම පිරුණ, ගැස්සෙන ලයිට් නිවෙන, ඇගේ රාත්‍රියේ කකුල් අතරින් බේරෙන වර්ගයා බෝකෙරෙන ජීවය ඇය පාලනය කළා. ඇගෙයි, කුක්කන්ගෙයි වෙනසකට තියෙන්න ඇත්තේ ඒක.

එත් ඇය හැම දේම මැද්දේ වෙඩි තිබ්බා. නියම තැනට. ඇගේම ලෝකෙකට ඇය සමනලයෙක් හොයා ගත්තා. සුන්දරයි මුකුත් කරන්න බැරි සමනලයෙක්. ඇගේ ගෙවල් පැත්තේ හිටිය ‘පර්සි‘ අයියා ගියේ කොල්ලො පස්සේ. පර්සියා ඇයට මතක් වුනා. ඌ තාලෙට ඇදලා කියන්නේ ‘නර..ක.... සමනලයා..‘ කියල. ඇය උගේ ලෝකෙට දිවුරුවා. “සත්තයි මම වෙඩි තියන්නෙ නැහැ මේ සමනලයට“

දැක්කද සමනලයා බැහැලා.. දුරුවලයි හොදටම.. කෝටු හයි කරල බැහැ කෙලින් කරන්න. මොකද ඌ සමනලයෙක්.. කෙලින් වෙන්න බැරි සමනලයෙක්ට ඉරටු ගහල තටු කඩන්න බැහැ ඇයට. ඔන්න ඔහෙ හිටපුදෙන්.. සමනලයා...


ඇය මිදුනා ඒ ක්ලබ් ලෝකෙන්. නොමැකෙන දෙවගනක් පිටේ ඉතුරු කරගෙන. උන්ගේ සමනල ලෝකෙට මී මැස්සෝ නොබසිත්වා...

31 comments:

  1. ඒ මේක කියවද්දි මට මතක් වෙච්ච කෙනා ගැනද මේ ලීලා තීන්නේ???????

    ReplyDelete
    Replies
    1. නැහැ මේ මගේ ලෝකෙ කෙල්ලෙක් ගැන !

      Delete
  2. මේක මඩ පහරක්ද?????

    ReplyDelete
    Replies
    1. නැහැ. සෙනෙහෙ ලිපියක් !

      Delete
  3. ම්ම්ම්.... මටත් අන්තිම හරියට එද්දි නම් මතක වුනා වගේ.. මඩක් වත්ද මන්දා..

    ReplyDelete
    Replies
    1. මේකට පාදක වෙච්ච අනිත් බ්ලොග් ලිපියත් මන් දැක්කා සහෝ.. හ්ම්ම්.. මේකට ඉතින් මඩ කියන්න බැ ඒක එක්ක බලනකොට.. කලාවකට ගහන ඒවා මඩ නෙවෙයි.. :) අනිත් ලිපිය නම් බොහෝ දුරට මඩ පාටයි..

      Delete
    2. කලාව කියන්නේ කුනු හරප / ලිංගික අසහනය නෙවේ.

      මඩ ගහන එකත් කලාවක්.

      රැඩිකල් කියන්නේ ඩෙනිමට / අමුඩේ / ජොකා කියලත් ලිපි තිබුනා.
      කලාව මේකයි. සුන්දරයි !

      Delete
  4. පලමු වතාවටද කොහෙද මේ කොමෙන්ට් එකක් ලියන්නෙ ඔයාට..ම්ම්ම්ම්ම්.....මොකක්දෝ ලියන්න ආවෙ අමතක උනා අප්පා...එහෙනම් මම යනවා....:P :P :P

    ReplyDelete
    Replies
    1. ඔයා සද්ද කරන්න එපා.

      මටත් අරවා මේව පෙන්නුවා කියයි. ඔයා මට අරව මේව දුන්න කියයි.

      ඒක උන්ගෙ ලෝකෙ ධර්මය.

      Delete
  5. අනේ පව් වින්සැට්ට ලියන් ආපු දේත් අමතක වෙලා ගිහිං..අනික දවසෙ පිහාටත් අමතක වෙලා යයිද මන්දා....

    ReplyDelete
    Replies
    1. කතන්දර අහගන්නවට වඩා නිහඩ වුන එක හොදා

      Delete
  6. හනේ මන්දා..එක්කෝ මොනවත් නොකියම ඉන්නම්.

    ReplyDelete
    Replies
    1. රැඩිකල් කියන්නේ මොකක්ද?

      Delete
  7. කියන්නට වචන නැත... කැපිය යුතු තැන හොදටම කැපී ඇත...

    ReplyDelete
    Replies
    1. කුනුහරප නැතුව ලස්සනට ලියන්න බැරි අය කැපිලි දන්නෙ නැහැ. එයාල දන්නේ මඩ තල තල නාන්න.

      මේක කලාවක් !

      Delete
    2. කලාවේ පරතෙරටම යන්න සුබපැතුම්...

      Delete
  8. මේ තියෙන්නේ සොඳුරු මඩක් ද?

    ReplyDelete
    Replies
    1. මඩ නෙවේ කලාව.

      දක්ෂ ලියන්නා කුනුහරප නැතුව ලියන අකාරය.
      මම මුඩුක්කුවෙන් ආවෙ නැති නිසා ඒක දන්නවා.

      Delete
  9. උබ රැඩිකලේ උපරිමය බව වටහා ගතිමි.

    මෙන්න නිර්මාණ !

    ReplyDelete
    Replies
    1. උඹ ඒකිට වඩා රැඩිකලයේ කොනක්. ඒත් උබ වෙන්න හදන්නෙ නැහැ.

      ස්තුති !

      Delete
  10. මුඩුක්කු කතාව මේවා තමා තියෙන්න ඕනේ. රැඩිකල් කියල හිතන ඉන්න වුන් කියන්නේ උන් කරන කියන දේවල් විතරයි හරි අනිත් ඔක්කොම ගස් ගල් උඩ යන සත්තුවගේ ජාතියක් කියල. මම දන්නේ නැහැ උඹත් එහෙම හිතන රැඩිකල් කොල්ලෙක්ද කියල. ඇතැම් අයනම් එහෙමයි හිතන්නේ..

    ReplyDelete
  11. අහසේ ඉඳන් මේ සමාජයේ සුන්දරත්වය අත්විඳින මමත් මේකට ගොඩ වුනේ අද... අර රජාගෙ පෝස්ටුව හරහා....

    එකෙක්ගෙ සාරභූමිය තව එකෙක්ගෙ බොක්කත් කඩාගෙන යන්නම වැදිලා.... රජාගෙ මෙඩුසා උපහැරණයත් එක්තරා කෝණයකින් විතරක් අදාල වෙනවයි කියන එක තමයි මගෙ අදහස...

    මගේ දුප්පත් අදහසට තවත් කබ්බෙක් එහෙම ෆෝම් නොවේවා!!!!!!

    ReplyDelete
  12. අනේ මන්දා ...කිසිත් නොකියමි..

    ReplyDelete
  13. Replies
    1. කාටවත් කඩේ යන උබේද?

      Delete
  14. දැන් ඇති බං! අප්පිරියයි ආයි ආයි මේවා ඇදිලා එනවා දකිද්දි!

    ReplyDelete
  15. හිකිස්‌... හිනා වෙලා පන නැහැ මේක කියවලා.

    රැඩියෝ පරිස්සම් වෙන්ටෝ සුදු වැන් එයි

    ReplyDelete
  16. This comment has been removed by the author.

    ReplyDelete
  17. මේක තමයි මම කියවපු ලස්සනම මඩ ලිපිය.මුල ඉදලම මම මෙ මඩ කතා කියෙව්වා.අද තමයි මුලින්ම comment කරේ.නියමයි...

    ReplyDelete
  18. සිරාවටම ලියලා තියෙනවා මචං..ෆට්ට

    ReplyDelete