Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Tuesday, September 24, 2013

කොල්ලන්ට නො-දැනෙන, කෙල්ලන්ගේ මාසික වේදනාව... !!


දවස් ගානක් දරන්නෝනි වේදනාව පටන් ගත්ත විතරයි. කකුල් දෙක එකට තද කරගෙන, කකුලක් උඩ කකුලක් දාගෙන ඉදල එපා වෙලා. ඒ මදිවට ඇන්දෙ කොට සාය කෑල්ලක්. දනිස්ස වහගෙන ඉදගන්නත් ඕන. කකුලක් උඩ දාගෙත්තෙ නැත්තං රිදෙන එක අඩු වෙන්නෙත් නැහැ. හැමදාම වගෙ පොත් බෑග් එක උස්සගෙන ඇවිත් තියා ගන්නෙ ඔඩොක්කුවෙ. ක්ලාස් එන ටිකට බස් එකේ සීට් එකක් සෙට් වුනෙත් නැහැ. පොඩි ලීක් එකකුත් තියෙන නිසා බෑග් එක එක උරහිසකට දාගෙන කවර් කරගෙන හිටියෙ බැග් එකෙන්ම. ඒත් කරුමෙට එතන ඉදගෙන හිටපු කොල්ල බලෙන්ම වගෙ බෑග් එකත් ගත්ත. ඊට පස්සෙ මොනව කරන්නද ඉතිං. සීට් එකේ හේත්තු වෙන තැනට සැන්ටර් වෙලා හිටගෙනම ආව ක්ලාස් එකට. 

ක්ලාස් එකේ ඉදගෙන හිටියට හිත හැම තැනම. වේදනාව, කරදරය, හැම දේම මැද සර් කියන දේවල් අහගෙන හිටිය. පුරුද්දට වගේ ඇස්ප්‍රින් කට ගාන කෙල්ලෙක් නෙවෙ මම. වේදනාවට පුරුදු කර ගත්තම කරදරයක් නැහැ. නැත්තං හැමදාම බොන්න වෙයි පෙත්තක්. මේක ස්භාවධර්මය නිසා පුරුදු වෙන්න ඕන. සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ කිව්වට හැමෝම හොයන්නෙ විකල්ප. දවසක් හරි පරක්කු කර ගන්න පෙති ගහන යාලුවො ඉන්නව මගෙත්. ඒත් මම යන දවසට යන්න කියල ඉඩ අරිනවා විශේෂ දවසක් නැති වුනොත්.

එක දිගට ක්ලාස් එකේ පැය ගානක් ලැලි බංකුවට පස්ස තද කරන් ඉදල, ඔඩොක්කුවට බැග් එක තද කරන් ඉදලා දෙපැත්තම තැම්බිලා වගෙ. ඒ මදිවට පෑඩ් කෑල්ල නිසා දාඩියත් දාල. හරිම අප්‍රසන්නයි. ඒත් කොල්ලො මැරෙන්නෙ මේටිකට නේද කියල ආඩම්බරයි. උන් ගානක් නැතුව උරා බොන්නෙ ආදරේද නැත්තං පෙරේත කමද කියලත් වෙලාවකට හිතෙනවා. ඇත්තට ආදරේ නිසාම නම් ලෝකෙ කොච්චර සුන්දරද. පෙරේත කමට වුනත් ජරාවක් කන්න හිතෙන උන් ඉන්නවද, අනෙ මන්ද. වේදනාව නිසා ඒවට පිලිතුරු හොයන්න බැහැ. කෙල්ලො ටික වට වෙලා ඉන්න වෙලාවක මේක සමථ මණ්ඩලේට දාල අහගන්නෝනි උත්තර. කොල්ලො වට වෙලා මේව ගැන මොනව කියනවද කියල මට කුතුහලේ.

ඉවර වෙනකල් පැය කට්ට දිහා බලන් හිටපු ක්ලාස් එකත් ඉවරයි. අද අරු එනව කිව්ව මාව බලන්න. ඌ එක්ක ගියොත් තවත් එපා වෙනව. ඌට මොනව හිතෙයිද මන්ද. මම කිව්ව සනිප නැහැ කියල ඒත් එන්න ඕන කිව්ව බොරුවටද මන්ද. අහ් මේ තියෙන්නෙ මැසේජ් එක. අද හදිස්සි වැඩක් ලු. එන්න බැහැලු. මම ඕක කලින්ම දන්නව. උබ මේ වගේ සුනාමි දවස් මිස් කරනව කියල. මම හිතන් හිටියෙ බඩ උඩින් උගෙ ඔලුව තදකරගෙන තියාගෙන ඉන්න. මට සනීප වෙනකල්ම. කමක් නැහැ පලයන්. මම එන්න කියන්නෙ නැහැ.

ඔක්කොම පටලවගෙන නැග්ග ගෙදර යන්න බස් එකට. හිර වෙච්ච ෆුට් බෝඩ් එකෙන් රිංගල ඇතුලට ගිහින් එල්ලෙන්න වුනේ උස බට කැලි දෙකක. අත් දෙක ඇත් කරල දෙපැත්තට එල්ලිලා ඉන්නව පැද්දි පැද්දි. අනේ දෙයියනේ කියල සපෝට් එකට ආව තඩි කොල්ලෙක් බැක් අප් කරන්න පිටි පස්සෙන්. දුක හිතෙන්න ඇති මං ගැන. ඔළුවත් කැරකෙනවා, ඇගටත් අමාරුයි. කමක් නැහැ මුන් ඒ සුවදට ආස ඇති. එක්කො පෙරේත ඇති, ආදරේ ඇති. කරන්න දෙයක් නැහැ සහෝ. මම බෑග් එක දාගන්නව හරහට. උබට ගෑවෙන්න වත් බැරි තරමට. ඈත් වෙන්න. උබලට තේරෙන්නෙ නැති මේ අමාරුව උබලගෙ අම්මල විදින්න ඇති. මම ඊලග හෝල්ට් එකෙන් බහිනව..

Thursday, September 5, 2013

මොකටද ආවරණ?? - Trust Releases Condom !!!


මම උඹව ඇල්ලුවෙ අත හෝදන්න බලාගෙන නෙවෙ. මොකද මට උබව අප්පිරිය නැහැ. ආදරෙන් අත් අල්ලගෙන ඉන්නකොට ඒ අත්වල මොනවද ගෑවිල තිබුනෙ කියල අපි කල්පනා කළෙ නැහැ කවදාවත්. ඒ වගෙම ඉන්න බැරි තරමට තදින් ලංවුන වෙලාවට උඹ මගෙ ඇගිලි පවා සූප්පු කරපු හැටි මට තාමත් මතකයි. ඒ අපි ආදරේ කරන කාලෙ. හොරෙන් ලෝකෙන් හැංගිල මගෙ තොල් දෙක ඔය තොල් දෙකේ පටලගෙන හිටියෙ කිසිම අප්පිරියාවකින් නෙවෙ. උදේට දත් මැද්දද කියල අහල අපි කවදාවත් තොල් අතර සැගවුනේ නැහැ. හෙම්බිරිස්සාවද උණද කියල අහල අපි තොල් අතර සැගවුනේ නැහැ. කිසිම දෙයක් අහන්නෙ නැතිව. කිසිම සැකක් බියක් නැතුව අපි ලංවුනා. ආදරේ කළා. උපරිම රසය වින්දා. ඒ රස වැඩි වුණෙ අපි දත් මැද්ද නැති දවස් වලද කියලත් විහිළුවට හිතෙනවා.

දවසක් මගෙ කකුල තුවාල වෙලා. ඔයාගෙ අතේ තිබ්බ ටිෂූ එකකින් ඒ ලේ ටික පිහිදාල දැම්ම මතකැති. ඒ ටිෂූ එකම අමතක වෙලාද මන්ද ඔයා අත පිහිදාගෙන විසික්කලා මට තාමත් මතකයි. ඔයාට මතකද කියල අහන්නෙ නැහැ. මොකද ඒක ඔයා දැනගෙන කරපු දෙයක් ද නොදන්න නිසා. දවසක් ඔයාගෙ සෙරෙප්පුවෙ පටිය පැනලා මම කට්ටක් ගැහුව. ඒ කට්ට ඇඹරිලා ඇවිත් මගෙම ඇගිල්ලක ඇනිල මට තුවාල වුණා. එදා මම ඔයා සෙරෙප්පු දාගෙන ඇවිද්දෙ කොහෙද කියල ඇහුවෙ නැහැ. ඔයා ඒක දාගෙන ටොයිලට් ගියාද කියලවත් මම දන්නෙ නැහැ. මොකද මට වැඩක් නැහැ. ඒ තියෙද්දි ලේ එන ඇගිල්ල මම කටේ දාල ඉරුව. ඔයා ඒ කෙල ටික පිහදමල දැම්ම.

එච්චර ආදරේ කරල අපි අන්තිමට එකම වහලක් යටට ආව. ඒ කියන්නෙ අපි දෙන්න බැන්ද. අද ඔයා මගෙ කකුල් වල ඇගිලි ලෙව කනවා. කටේ දාල උරනවා. ඒ මහ රෑට ඉන්න බැරුවම ගිහින් හැම දේම කරල කම්මැලි කමට. එවලෙට මම ගියෙ කොහෙද, මේස් කුට්ටම සතියම දැම්ම නේද කියල ඔයා කවදාවත් අහන්නෙ නැහැ. මමත් එහෙමයි. කි්‍යුෙටක්ස් ගාල තියෙන කකුල් නියපොතු එක්කම මම ඇදල ගන්නව කට ඇතුලට. ඒ වගෙම මගෙ හැම එකම ඔය උගුරු දණ්ඩෙ වදින හැටි, ඔය හැම එකම මගෙ තොල් දෙකේ වදින හැටි වෙන එකෙක් බලන් හිටියොත් හිතෙයි අප්පිරිය. ඒත් මේක ආදරේ. එදා වගෙම අපි ලබන්න දගලපු දේවල් අද ලැබෙනකොට ඒක එපා වෙන එක නවත්ත ගන්න අපි වෙනසක් කරන්න ඕන.

එක වහලක් යටට එන්න කලින්. ඔයා පාවෙන්න දගලනකොට. ලෝබ නැතුව මගෙ ශක්තියම ඔය තොල් අතරෙ දිව උඩ දග කරනකොට නොහිතුන හිරිකිත, මට දැනුනෙත් නැහැ. මමත් අතක් ඔය දෙපා අතර හිරකරගෙන කැලැත්තුවා රස සාගරයම. ඔයාවත් මම පාවෙන එකම උස මට්ටමට තියා ගන්න. දෙන්නම එකට පාවෙන්න. ඒ හැම දේකදිම අපි නොදැකපු අකැමැත්ත, නොදැනුනන හිරිකිත ආයෙ කවදාවත්ම දැනෙන්නෙ නැහැ. ඒ අපි ආදරේ නිසාම. අපි හරිම වල් නිසාම.

ඒත් අද ඇයි මේ අපි හිරකරගෙන එකම දෙයක්. ඔයා මගෙ විතරම නම්. මම ඔයාගෙ විතරම නම්. අපි අපි අතර බෙදා ගන්න සතුට විතරම නම්. අපිට කාලසටහන් තියෙනව නම්. අපි හරියට දින ගණිනව නම්. ඇයි ඔයාගෙ දෙපා අස්සෙ දගලන මගෙ ලෝකය රබර් බෑග් එකක් අස්සෙ හිර කරන්නෙ. අපිට දැනෙන හැගීම්, උපරිමයට ගෙනියන්න බැරි විදිහට රබර් බැලුන් පුරවල නවත්තල තියෙන්නෙ. අපිට මේව ඕන නැහැ නේද? අපි අපේම නම්. මොන ලෙඩක්ද අපිට? උපරිමයට පාවෙන්න ගලවල දාමු මේ කෝට් එක. අපි හරියට දින ගැනලා, ආවරණ නැතිව, බාධක නැතිව ඉගිලෙමු. උපරිම උසටම. එහෙව් අපිට මොකටද මේ ආවරණ???