Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Tuesday, December 4, 2012

මාසයේ වැරදි දින - සොයා ආ මා ඔබ...


සුන්දරය නුඹ වත
සිසිලසයි ගගුලක
අමතකයි මට ලොව
සැගවෙන්නෙ සිත යට


සොයා නුඹ සෙනෙහස
ලැබ ගන්න සිසිලස
ලැම කරන් සයනය
නිදන්නට සොයමි තැන


අද නුඹේ දිනයමද
වේදනා කුමකටද
හිස තියන් පපුතුර
පිරිමදිමි නුඹ කුස


මාසයේ වැරදි දින
සොයා ආ මා ඔබ
පොදි ගසා හැගුම් පෙල
මා හැරෙම් කුටිය වෙත





Monday, December 3, 2012

නුඹ වදන්, පුබුදවන්, මා හැගුම් !


සිපගනිම්
හෙමි හෙමින්
බෝතලය
මම පිටින්

සෙලවෙමින්
කැලතෙමින්
නුඹ හිදින්
සිරකරන්

ක්ෂණිකයෙන්
උඩු පියන්
විසිවෙමින්
සැර දියෙන්

පොපියමින්
තෙත් වෙයන්
බුබුලකින්
පාවෙමින්

ඔබ මුවින්
පිබිදෙනා
වදනකින්
මා හැගුම්
කිතිකවා
බිහිකරන්
පද දහක්



Sunday, November 25, 2012

සම්පූර්ණ නිරුවතට විරුද්ධයි මම..


මට ඇති මේ ටික. බාගෙට ඇදපු ඇදුම් හෝ බාගෙට ගැලවුනු ඇදුම් හොදටම ඇති මට. ඒකයි මම කියන්නෙ නිවාඩු දවසෙ ගෙදර ඉන්නකොට වත් සැහැල්ලුවට අදින්න කියලා. යටට නොඇන්දට දනහිස ලගට දිග ටී ෂර්ට් එක හොදටම ඇති. විලි වැහෙනව වගෙම මාව අවුස්සනවා. ඒක නිරුවත නෙවේ. ඒත් නිදහස් සිරුරේ රේඛාවන් මගෙ ඇස් දල්වනවා. මාව අවුස්සනවා. ඒ ඇති. ඇදේ කොට්ට මෙට්ට බදාගෙන දගලනවට වැඩිය, සැහැල්ලුවෙන් ඇතිල්ලෙන එක, සාමාන්‍ය උණුසුම, සියුම් කෙදිරිලි වගෙම ඉස්සිලා පෙනෙන පපුව, මාව ජීවත් කරවනව. ඔයා නොදන්නව වුනාට මාව පිට නෙයවන්න ඒ ටික ඇති. ඒක ඔයාටම වාසියක් නෙවේද?

මතකැති මුල දවසෙ රෑම අපෙ ගත සීතල වුනා. ඒ අපි කළබල නැතුව හිමීට හැම දේම කොනක ඉදන් වින්ද නිසා. පස්සෙ පස්සෙ හැම දේම එපාවෙන කට්ටිය අර නිදහස නොවිදින නිසා, වේගවත්කම නිසා ජීවිතය විදවනවා. හයියෙන් වේගෙන් හදිසියට හපන චුයිංගම් එකේ රසය ඉක්මනට නැතිවෙනවා. අන්තිමට එන්නෙ රබර් රස. ඒ වගෙම ඉතුරු වෙන්නෙ දෙපැත්ත සෑහෙන්න රිදෙන හක්ක. ඔයා දන්නව හෙමීට උරන හැටි අයිස් පලම. දිය නොවෙන්න. රස දැනෙන්න, වගෙම මට නොරිදෙන්න. ඔයා හදිස්සියට වැඩි රසයට අයිස් පලම නොහපන නිසා, නොනැවති දියවෙන්න කලින් උරන නිසා රසයි. සනීපයි.

වේගය ඕනෙ අන්තිම මොහොතට. ගොඩාක් දුර දුවන මැරතන් එක වගේ. හෙමින් දුවලා හයිය හත්තිය ඉතිරි වුනෙ නැත්තම් අන්තිම ටික වේගෙන් දුවන්න හයියක් නැහැ කියල ඔයා දන්නවා. ඒ නිසා වැඩි දැගලිලි නැහැ. සරලව විදිනවා. ශක්තිය අන්තිම බිංදුවට ඉතිරි කරලා. 

සම්පූර්ණ නිරුවත රසය අඩු කරනවා. මමම ගලවලා ගන්න තරම් රසයක් නැහැ සම්පුර්ණ නිරුවතේ. මට ඕනේ ඔයා සම්පුර්න ඇදලා ඉන්න වෙලාවට උඩින් සිපගන්න. ටික ටික එක එක ගැලවෙන්න. ෂර්ට් එකක් පිටින් දෙතොල් තියල උරනකොට එතැන විතරක් තෙත් වුනාම ඔයාගෙ ඇසි පියවෙනව කියල මම දන්නව. ඒ සනීපෙ සම්පුර්න නිරුවතට ලැබෙන්නෙ නැහැ කියලත් මම දන්නව. ඔයාගෙ ඇසි බාගෙට පියවෙන වෙලාව තමා මට ඕනෙ දකින්න. නැත්තං මට විතරයි. අපි ඉගිලෙන්නෝනි, පාවෙන්නෝනි එකම වෙලාවෙ එකට. එකම විදිහට. නැත්තම් අපි මට්ටම් දෙකක්. ඔයාට මදි, නැත්තං මට මදි.

තව දෙයක්, මම කැමති දුහුල් නයිට් ඩ්‍රස් එකට. ඒක මරු. අස්සෙන් බාගෙට පේන හැඩතල මම දකින්න දගලනවා. ඔයා මුකුත්ම නැතුව ආවොත් ඒ රසය අඩු වෙනවා. ඒ වගෙම එකම බෙඩ් ෂීට් එක අස්සෙ දෙන්නම නිදාගෙන ඉන්නකොට අතට දුහුල් ඇදුම අස්සෙන් දැනෙන සනීපෙ නිකන්ම නිකං දැනෙන එකක් නැහැ. වැඩි වෙලාවක රසය තියෙන්න සම්පුර්ණ නිරුවත රුකුලක් නෙවේ කියල මම හිතන්නේ. පොඩ්ඩ පොඩ්ඩ එකින් එක විවර කරල බලන කොට තියෙන සහනය අමුම අමු නිරුවතින් ඉන්නකොට මට නොදැනෙන නිසාම...

සම්පූර්ණ නිරුවතට විරුද්ධයි මම..

Friday, November 23, 2012

උන් එහෙම වුනාට අපිට...


හැම එකාම කියනව බැනදට පස්සෙ සතියලු, මාසෙලු, අවුරුද්දලු නැත්තං ලමයෙක් ලැබෙනකල් විතරලු සැප. ඇයි එහෙම ? මම කල්පනා කළා. දුමක් දාගෙන. ඔයා පැත්තක හිටියට මම ඔයාට කිව්වෙ නැහැ මොනවද කල්පනාව කියලා. දුම් වලා දෙකක් පිට වුනා. එක උගුරකින්. ඔයා පැත්තක ඉදන් බලං හිටියේ කෝපි එක තොල ගාගෙන. ඇයි අනිත් උන්ට සතියෙන් එපා වෙන එක අපිට තාම එපා නොවුනේ?

මගෙ ඇසි කියෙව්වෙ ඔයා, මගෙන් ඇහුව මෙහෙම.

ඔයාට මතකද මේ ටේබල් එක?

ඔව් අපි මේ ගෙදරට ආපු දවසෙ අරන් ආපු එක නේද?

ඔව්, තව මොනාද මතක?

පුතා නිදිද?

ඔව් පුතා නිදි.

ඔයා හිතුවද මට අමතකයි කියලා.

නැහැ මම දන්නව ඔයාට මතකයි.

කාමරේ ඉන්න පොඩි එකා, ඉපදෙන්න මම ඔයාව වඩාගෙන ඇවිත් මේකෙ තමා දිගා කලේ. මතකද මාව බදාගෙන කෙදිරි ගෑව හැටි.

අපේ උන්ට වැරදුනු තැන, අපිට හරි ගිය තැන මට තේරනා. ඔයාත් ඒක දන්නව ඇති.

අපි ඇදට ගියේ නිදාගන්න විතරක් නෙවේ. හැම දේම කරන්න. ඒත් අපේ බිත්ති වලට ඇස් තියෙනව නම්, කන් තියෙනව නම් දැකල ඇති ඇහිල ඇති අපි කරන කියන දේවල්. තවම ආදරෙන්, ඒ වගේම රාගයෙන්. වෙන උන්ට නැති සතුටකින්.

අපි දවසක් බැල්කනිය හෙලවෙන්න දැගලුවා. මහ අදුරු දවසක. පාරෙ යන උන්ට බැල්කනිය නොපෙනෙන්න. හද වුනත් බාගෙට පායල තිබ්බ දවසක. මහ වැහි වලාකුලක් නිසාම අපිව නෙපෙනෙන්න ඇති.

දවසක් අපි වැතිරුනා පඩි පෙලේ, අත් වැලට තිනෙ බීරළු වැට බදාගෙන, ඔයා යට කරන් මම වැතිරිලා හිටියෙ තදටම. ඇත්තටම එදා වගේමයි අහස. අදුරුයි කාටත් නොපෙනෙන්න. ඒ වගේම සීතල, නැහැ රස්නෙයි නේද, අපි අතරෙ තෙරපුම?

එදා මට හිතුන හොද වෙලාවට අපි වත්ත වට කරල තාප්පෙ ගැහුවෙ කියල. නැත්තං අපි ෆිල්ම් එකක රගපෑව වෙනවා. එදත් මහ රාත්තිරිය. මිදුලෙ බංකුවෙ ඉදන් හිටපු ඔයාට මම පිටිපස්සෙන් හේත්තු වෙලා දුහුල් ඇදුම් මෑත් කරද්දි ඔයා පිස්සු නැටුව. මම උස්සං ගිහින් ඔයාව තිබ්බෙ වත්ත මද තණ බිස්සෙ. දගලලා තෙරපිලා අපි පාවෙනකොට මතක් වුනේ කෙහෙද ඉන්නෙ කියල.

බාත් රූම් එක, කුස්සිය, වගේ තැන් අපට නුහුරු නැහැ. අපි කරන්නෙ හැමදාම වෙනසක්. ඒ නිසා වෙන්න ඇති දවසක් අපි තක්කලි ගෙඩි වලින ගහ මරා ගත්තෙ.

මම ලියනවා, සතුටක් නැහැ කියන උන්ට. මේකයි අපේ රහස, අමු අමුවෙ මස් කඩේ වගේ දගලනවට වැඩිය සියුම් දේවල්, තැන වෙනස් කරල කරනකොට සතුටුයි. සුන්දරයි, පැවැත්මත් එහෙමමයි.

මම වල් නැහැ.

මම කලාත්මකව වල් කම් කරනවා. ඒක මගෙ කෙල්ල දන්නවා. එයත් සතුටුයි. මාත් සතුටුයි.

වෙනස් ආරකට හිතන වෙන කෙල්ලෙක් දීපු කොනක් අල්ලං ලිව්වා. ඒකිට ස්තුතිය.

Saturday, November 10, 2012

නීරස - රහස...




පුම්බා පපුව
ලංවී හිදුව
ඒ නුඹද
අද ලගම?

එල්ලා වැටුන
පරඩැල වැන්න
විදිනා කාම
මිරිගුව මෙයද?


Saturday, October 6, 2012

‘ඉටි කිරෙන්‘ නැහැවූ රැයක්...


අහසෙ සද නැග
අප ඇදට නැග
ඇග උඩට නැග
කිති කවයි ලග

බිත්ති සතරෙක
මැද එලිය දෙන
ඉටිම පන්දම
සැලෙයි නොබියව

රැයේ සිසිලට
රස්නෙ පන්දම
නුඹේ රස්නෙට
මගේ සිසිලස

සිරස් බව නැති
ඇදවු පන්දම
දවා ඉටි ටික
හෙලුව කිරි ටික

නුඹේ දිව රැදි
මගේ පන්දම
දවා කම් ගිණි
හෙලුව කිරි ටික



Thursday, August 16, 2012

උඹ හින්ද මම තෙමා ගත්තා. ඒකයි උබට ආදරේ...


වත්ත කොනක තනියම, දවස්ගානක් පෙරුම් පුරල මම උඹව මගෙ ලෝකෙට එකතු කර ගත්තා. වැස්ස දවසට මඩ ගොඩක් වෙන වත්ත කෙලවරක උඹ වගේ ලස්සන ජීවිතයක් මගෙම කර ගන්න මට පුළුවන් වෙයි කියල මම කවදාවත් හිතුවෙ නැහැ. අපේ ගෙදර උන්ට වැඩි අල්ලපු ගෙදර උන් වුනත් වැඩිකැමැත්තක් තිබ්බෙ නැහැ උඹව මම එතනදි හම්බෙනවට. මොකද අල්ලපු ගෙදර උන් අල්ල ගන්න ට්‍රයි කරපු කොටහක උඹ මගේම වුනේ. ඒක මට තාමත් පූජනීය තැනක්. උඹ මට මගේ ජීවිතේ වුනා වගේම මගෙ පවුලටම ආලෝකයක් වුනා. හරියට වියළුනු කතරට වැහි බිංදුවක් වගේ.

රැයක් දවාලක් නැතුව සති ගානක් මම උඹ මගෙ ලගට එනකල් කල් මැරුව. උබ මට ගොඩක් ගණන් ඉස්සුවා. ඒත් මම මහ පොලොවක කළු ගල් මතුවෙද්දිත් කම්පා වෙන්නෙ නැතුව උබ ලබා ගන්න දැගලුව. දවසක් මම නොහිතපු වෙලාවක මගෙ ලගින් සීතලක් දැනුන. හරියට තෙත් වෙච්ච පස්පිඩක් උඩ නිදියගෙන ඉන්නව වගේ. එදා ඉදන් උඹ මගේම වුනා. එතැන මට පූජනිය තැනක් වුනා. මොකද උඹ මම, අපේ ජීවිතේ පටන් ගත්තෙ එදා එතැනින් නිසා.

මම උබට ගොඩක් ආදරේ කළා, උඹ මට මගේ ලගින් ඉදන් සැලකුව වගේම. මම උඹව කාටවත් නොපෙනෙන්න, වට කළා. මොකද අනිත් වුන් එහෙන් මෙහෙන් අත පය දාලා උඹව සවුත්තු කරයි කියල බයට. ඒ මදිවට දුවිල්ලක්  නොවැදෙන්න උබට ආවරණයක් දුන්න. ගමේ උන් ඇහුව උබ මුස්ලිම් කෙල්ලක්ද කියල. මොකද දුවිලි නොවදින්න උබව කවර් කරපු හින්දා. මම කිව්ව “කාන්තාරෙක වුනත් මට සිසිලක් දෙන්න පුලුවන් උබව උන්ගෙ ඇස්වහ වලින් බේරන්න කවර් කලේ කියල“ උන් එදා හිනා වුනාට, අද උන් දුක් වෙනවා. මට උබව ලැබුන වගේ උන්ට උබ වගේ ජිවිතයක් නොලැබුන නිසාම.

මහ රෑට උබ ලග ඉන්න බැරි හින්ද අපි ගොඩක් එකතු වුනේ දවාලෙට. කවුරු හිටියත් මම උඹ අපේ ලෝකෙ පාවුනා. මම උබේ ගැබුර මැන්නා. මම දැනගෙන හිටියා උබේ පතුලෙම වැදුනම තෙතට දැනෙනව කියල. ඒකම මට සතුටක් වුනා. උබ මහ හඩින් ගෑ ගහද්දි අපේ අම්ම කිව්ව වතුර ටිකක් ගහපං කියල. එහෙම නැත්තං ග්‍රීස් දාපං කියල. එහෙම කරල මම කෝමද උබේ එක කටේ තියන්නේ. ග්‍රිස් වලට දාල සද්දෙ නවත්තනවට වැඩිය මට උබේ පිරිසිදු කම වටිනව. ඒකයි මම හැමදාම කටට ගත්තේ කිසිම අප්පිරියාවක් නැතුව. ගමේ උන් උනත් ආව, උබව පාවිච්චි කරන්න. ඒත් මම අමාරුවෙන් නවත්ත ගත්ත. මොකද උබ වුනත් අකැමැත්තක් නැහැ වටේටම බෙදන්න. බෙදල තෙමා ගන්න.

ඇත්තටම මම උබට - උබ මට දුරින් හිටියේ. අගල් අඩි වලින් නොකිව්වට බඹ ගානක් දුරින්. මම උබට ලංවුනේ බොහොම අමාරුවෙන්. වෙන උන් බෙල්ලෙ වැල දාගන්න කඹ හොයනව වගේ මම උබ ලගට එන්න ක්‍රම හෙව්වා. උබට අමාරුවෙන් ලං වෙද්දි මට මහ සිසිලක් දැනුන. ටික වෙලාවක් ඒ සීතලේ ගිලිල මාව තෙත් වුනා. බාල්දිය ගිලිල, කඹේ දිගේ උබ උඩට ආවා.

මම තාම උබට ආදරෙයි. උඹ මාව ජිවත් කළා. ඉදිරියටත් එහෙමය. උඹ මගෙ දිව තෙමමු වතුර බිංදුව. මම පෙරුම් පුරල හාර ගත්ත ලිද උඹ.


Monday, August 13, 2012

ක්ලබ් ලයිට් එලියෙන් මිදුනෙමි..


ගැස්සෙන රතු එළියට, කන පැලෙන ඩිස්ක් කෙලියට, වල්මත් වෙලා ගෙවුන ජීවිතේ කොච්චර සුන්දරයි ද කියල ඇය සිතුවද. ඇගේ ලෝකෙට වෙලා ඇය පාඩුවේ ජීවිතේ ගත කළා. හැබැයි ලෝකෙටම දහවල වෙද්දි ඇයට දහවල රැය වුණා. රැය දහවල වුනා. රෑට නොනිදන නෙත් සල්ලාල තොල් වල ගෑවෙද්දි ඇයට රැය දහවල වුණා. තනපට අස්සෙ රිංගන අත්වල සල්ලි සුවද ඇයට සුවද විලවුන් වුනා. ඇය තනි වුනා. සල්ලි අතර සල්ලාලයන් අතර අය සැතපුනා. ගැස්සෙන ලයිට් එලිය, පෙරලෙන වීදුරු, වැක්කෙරෙන මීවිත ඇගේ දෙතොලෙ ගෑවුනා. පට්ට සුන්දරයි ලෝකෙම. සල්ලි, මගෙ ජීවිතය. ඇය තරග කළා කැපී පේන්න. අනිත් ලියන් අතර, රැයේ එන අමුත්තන්ගේ හිත දිනා ගන්න. උන්ව රවට්ට ගන්න. ඇය වෙනස් වුනා, හිතින් ගතින් දෙකෙන්ම.

දෙකකුල් අතර කාන්තා බැම්ම ඇය බින්දා, එන යන අමුත්තන්ගේ අම්බලම ඇගේ දෙකකුල් අතර ඉදි වුනා. කොන්ඩය කැපුනා කොටට. පටි පනින්න, අත් කොටට අදින්න ඇය නොපැකිලුනා. ඇය සමාජයේ කැපී පෙනෙන්න තම ජීවිත විලාසිතාව, ජිවිකාව අනුව වෙනස් කළා.

සප්‍රාණික අවයව නැති පිරිමියෙක්, උල් කරපු කට්ටකින් ඇගේ පිට පැත්ත ලස්සන කළා. කොළ පාට තින්න හම අස්සෙ ඔබල ඇයව ලස්සන කළා. ඇය කැපී පෙනුනා. දෙවගනක් ඇගේ පිටේ ඔප මට්ටම් වෙද්දි, ඇය අප්‍රාණික අවයව සහිත නිර්මාණකරුවා ඉදිරියේ සාළුවක් පමණක් ඇදගෙන ලමැද වසාගත්තා. පුංචි ලස්සන රෝස තිසර ඔහුගේ නිර්මාණ අසපුවේ මෙට්ට කැබැල්ලක් මත තෙරපුනා. ඇත්තටම පිට මත කෙටෙන දෙවගනගේ රූපය, මැකෙන්නට තරම් ඇගේ අමුත්තන්ගේ අම්බලම තෙත් වුනා. අසාවට, ඇගේ නහර පුරා දුවන කැක්කුමට. ඇත්තට අසහනය කිව්වාට ඇය සමාජගත කරන්නට වෙර දරන පිරිමි - පිරිමි සහ ගැහැණු - ගැහැණු විමුක්තිය, ඇයට ආභරණයක් වුණා.

රැයේ නොසැතපෙන නෙත්, දහවල වසාලන්නට ඇයට වෙලාවක් ඉතිරි වුනේ නැහැ. ඇයට මිනිස්සු පිරුණු වෙරල කොනක වෙන්වුන, මාළු කාරයන් පිරුණු මුඩුක්කු සමාජය නිදන්නට පහසුවක් කලේ නැහැ. පාර පුරා ඉන්න බලු කුක්කන්ට කෑම බෙදන්නට ඇය උත්සුක උනා. රැයට සිරුර මිලට බෙදා, ලැබෙන මුදලින් බලු කුක්කන්ට කවන්න ඇය උත්සාහ කළා. ඇත්තට හිත හරිම පුදුමයි. රැලේ දුවන බල්ලො එක්ක ජීවිතේ එක්කාසු වෙන්න හිත අකැමැති වුනේ නැහැ. 

බලු කුක්කෝ කුක්කියෝ කර උඩ නැගගෙන, තම වර්ගයා ලෝකෙට මුදනකොට පාර පුරාම, විනාසකාරී ගීත පිරුණු, බීම පිරුණ, ගැස්සෙන ලයිට් නිවෙන, ඇගේ රාත්‍රියේ කකුල් අතරින් බේරෙන වර්ගයා බෝකෙරෙන ජීවය ඇය පාලනය කළා. ඇගෙයි, කුක්කන්ගෙයි වෙනසකට තියෙන්න ඇත්තේ ඒක.

එත් ඇය හැම දේම මැද්දේ වෙඩි තිබ්බා. නියම තැනට. ඇගේම ලෝකෙකට ඇය සමනලයෙක් හොයා ගත්තා. සුන්දරයි මුකුත් කරන්න බැරි සමනලයෙක්. ඇගේ ගෙවල් පැත්තේ හිටිය ‘පර්සි‘ අයියා ගියේ කොල්ලො පස්සේ. පර්සියා ඇයට මතක් වුනා. ඌ තාලෙට ඇදලා කියන්නේ ‘නර..ක.... සමනලයා..‘ කියල. ඇය උගේ ලෝකෙට දිවුරුවා. “සත්තයි මම වෙඩි තියන්නෙ නැහැ මේ සමනලයට“

දැක්කද සමනලයා බැහැලා.. දුරුවලයි හොදටම.. කෝටු හයි කරල බැහැ කෙලින් කරන්න. මොකද ඌ සමනලයෙක්.. කෙලින් වෙන්න බැරි සමනලයෙක්ට ඉරටු ගහල තටු කඩන්න බැහැ ඇයට. ඔන්න ඔහෙ හිටපුදෙන්.. සමනලයා...


ඇය මිදුනා ඒ ක්ලබ් ලෝකෙන්. නොමැකෙන දෙවගනක් පිටේ ඉතුරු කරගෙන. උන්ගේ සමනල ලෝකෙට මී මැස්සෝ නොබසිත්වා...

Sunday, August 12, 2012

ගියාට පස්සේ ඔක්කොම ඉවරයි..





සුවද විලවුන්
සුවදෙ වෙලිලා
තෙත්වු හිසකේ
අතර නටලා

සයනෙ සුවයේ
සතුටෙ වෙලිලා
දග දමා ගෙන
දහඩියේ තෙමිලා

එකින් එක ඇගෙ
ඇදුම් මුදලා
ඔහුම කර දෙයි
පහසු කරලා

තෙපුල් සුවයේ
තෙපුල් වෙලිලා
හංස යුවලේ
තෙපුල් දොවලා

ඔහුම ඔහුගේ
ඇදුම් උනලා
ඇගේ සිරුරේ
වැතිර හිදලා

ඉදින් අවසන
සුසුම් සලලා
උණුසුමේ රැදි
බිංදු මුදලා

අහවරයි
ශක්තියම විදලා
ඇයම ඇද ගති
ඇගේ සළු පිලි
මුලින් ගැලවු
ඔහුද වෙනතක
අවසනයි සුව
ආයෙ පසුවට



සුළු මොහොතක
තෘප්තියට
ජීවිතය තරගයක

රැඩියා

Wednesday, August 1, 2012

නුඹ අද ඇති ගැටී (තවත්) සිරුරක..



දගයි හරියට
පෝය දා සද
වගෙයි නුඹ සිත
දවයි මා හද

පුරා පෝයට
නැගී අහසට
බලාගෙන බිම
පහස දේ මට

නැගී සයනට
සැලුන ඇහි බැඹ
නොදේ සුව අද
තනිව මා ගත

දුහුල් සළුවේ
විනිවිදම දුටුවේ
ජනෙල් පියනින්
ලැබුව එලියේ

තෙත් වු සිරුරේ
ලිස්සි පැතුවේ
වෙන්ව නොයනා
අරුම සෙනෙහේ

රුදුරු දහමේ
නුඹ නුරාවේ
ගැටී සෙනෙහස
මුලා වූයේ

අදත් ඔබ ඇති
රැයක සුන්දර
තවත් සිරුරක
ගැටී ගෙන ගත


Tuesday, July 10, 2012

මට රැඩියෙක් වෙන්න බැරිද???



   ලියන්න ගත්ත පලවෙනි වචන දෙකම කපලා කොටලා දාන්න වුනා,මොකද ලියවුනේ"මල" කියන වචනෙ. මට කියලා ලියාගන්න සැහෙන මහන්සියක් ගනින් වුනේකොයිවෙලෙත් අපි නොපිටට හිතන හින්ද වෙනන ඇති!!!
මහා ලොකුවට Topic එකක් අරගෙන,ලියන්න ගත්තට හිතේ තියන හැම දේමලියාගන්න වෙන්නේ නැ
මොකද උඹ වගේ "අපේ සිxහල පන්තිය"ට මම ගියේ නෑනේ.. but මම මේක ලියන්නේ උඹට මම රැඩිකල් කියල ඔප්පු කරන්න නෙවයි. උඹ මම ගැන හිතේ තියන් ඉන්න සැකේ නැතිකරන්න.

මම දන්නවා උඹ මට ආදරේයි කියලා.එත් උබට කොල්ලේක් ඉන්නවනේ එතන්දි මමඅසරණයි බන්!!!
කොහොම වුනත් මට උබට අදරේ හිතෙන්නේ, උබ හොඳටම දන්නවා මිනිහෙක්වතේරුම් ගන්න... අදරේ කරන්න හිතේනේ නැති කාලකණ්නියෙක්ට love කරලා උබබලාපොරොත්තු වෙන්නේ වෙන්නේ මොකක්ද කියලා තේරුම්ගන්න මට බෑ!!! මටඋබව මගේ කරගේන ඉන්න ඔනෑ වුනත් ඒක මට කරගන්න් බැ මොකද උබ ලඟදිMarry කරන්න නේ ඉන්නේ..මම රැඩිකල් වුනත් නොවුනත් මමත් මිනිහෙක්.............

මම යාලුවෙලා හිටියේ මට හරියන්නේ නැති කෙල්ලේක් ඒක්ක කියලා....මේකලකන්ණියට ඒක තෙරුම් ගන්න බැරුව හිටියා නෙවේයි...යමි දෙයක ඇබිබැහියක්ජිවිතේම අනාතකරලා දානවා කියලා උබ තේරුම් ගනින්.

උබ ඔය බදින්න යන කොල්ලා මම වාගේ නේමෙයි...උබ අපි දේන්නව compareකරන්න යන්න එපා.එහෙම වුනොත් උබ අනාතයි නගෝ...මට වුවමනා දේ මොකක්ද කියලා උබට තේරෙනවා. මම එක් දන්නවා. ඒ උනත් උබ ඒක නොතේරෙනවා වගේ ඉන්නවා. මගේ සිxහල රැඩිකල් ද? නැද්ද කියන ඒක මේක කියවන තොපිට බාරයි.. මොකද O/L සිxහල "A" සමිමතයේන් පිට අපි හිටියේ. මගේ විකාර කථාව කියලා ඉවරකරන්නම්.. මම කියන්නේ නැ උබට මාව දාලා යන්න කියලා, මොකද එහෙම කියලා උබව එලවගන්න තරමි මම පිස්සේක් නෙවේයි..........ඒ වගේම උබ දැන් යාලුවේලා ඉන්න කොල්ලව Marry කරනවා නම්.............Plzඌ ගැන පොඩ්ඩක් හොයප..මොකද නැත්නමි උබට අනුන්ගේ ළමයි බලාගන්න වේයි..

මේ කථාවේ අගක් මුලක් තේරේන්නේ උබටයි මටයි විතරයි...

මම මුලින් උබට කිවුවා නේද උබගේ හිතේ තියෙන සැකය නැති කරන්නමි කියලා.. දැන් ඒකට වේලාව...උබ තාම හිතනවා නේද මම මගේ කලින් ගෑනි ගැන හිතනවා කියලා..එකනේ උබ මට කතාකරන හෑම වේලාවෙම  Hint ගහන්නේ.....ඔව් උබ හරි....මම ඒකි ගැන හිතනවා But දැන් වැඩක් නෑ බන් ඒකි දැනටමත් වෙන එකේක් එක්ක ගිහින් ඉවරයි....

ඉතිරිය උබට බාරයි!!!

රැඩියා

Thursday, July 5, 2012

ඇල්ලුවා මම තද වැඩිද මන්දා...



මොන්ටිසෝරියේ
"අ"යන්න කියන්න
හදිස්සි නොවුන
මම - ඔබ

තුරුල් වෙලා
දගලද්දි
"ආහ්" කියන්න
හදිස්සි නොවුන
ඉක්මන

ඉස්කොලෙ ගිහින්
ඇදුම් ගලවන්න
හදිස්සි නොවුන
මම - ඔබ

දැකපු පළමු දවසෙ
කවුළු වහපු
අනුන්ගෙ කාමරේක
නිරුවත් වුන
ඉක්මන

කෑම පෙට්ටියෙ
කෑම එක අරන්
කන්න මැලිවුණ
මම - ඔබ

අරින්න බැරි
zipper (ශිපර්)
කඩිමුඩියෙ ඇරන්
කටේ දාගත්ත
ඉක්මන

මම නොයිද
ඔබ එයිද
කළුවරට
බය නැතුව

දිව තදට
සීතලට
නොදැනේද
කළුවරට

ඇස් නැතුව
හිත් හැදින
අප අපිව
හදුනන්නෙ
අරුමයට
කළුවරට


‍හොද - නොහොද
වෙන වෙනම
දැක දැකම
නොහොදට
මම - ඔබ
ඉක්මන් වුණු
අපූරුව

Thursday, June 21, 2012

හීන කන්ද මැද්දෙන් සිදුරක් විදින්න පැන්සලකින්....


හීන කන්ද මැද්දෙන් සිදුරක් විදින්න පැන්සලකින්. 
කන්ද අඩියේ උල්පතක් සිදුරු වෙලා හරි ඔයාව ගහගෙන යන තරමේ වතුර පාරක් එලියට විදී. 
විසික් වෙන්න දෙන්නෙ නැහැ මම ඔයාට. 
අල්ල ගන්නව මිසක් බිම නොවැටෙන්න.

නිදි මරන හිතක්, නොදකින හීනයක මම දුටුවා හීනයක්. 
ඒ හීනය පොත් කන්දක් අස්සෙ පිටු දෙකක් අතර හිර කරල තිබ්බ.
ඔයා මට පෙරලන පොතක් අස්සෙ කවද හරි ඔයා දකී කියල. 
පිච්ච මලක් වේලෙන්න පොතක් අස්සෙ එබුව වගේ ඒ සිහිනයෙ තෙත් ගතිය නැතුව ගියා. 
වේලිලා ගියා. 
දුඹුරු පාට වෙලා පාට නැති වුනා. 
ඇයි සුවද? පොතේ පිටු දෙක අතරෙ විතරක් තනි වුනා.

හෑන්ඩ්ස් ‍ෆ්‍රී එකක් හිරවුනු කන් දෙකක්.
කවදාවත් නැතුව විවර වෙලා හෙව්වෙ කට හඩක්.
හිතා ගන්න බැරි දුරක ඉදන්, දෝංකාර දෙන සියුම් හඩක් ඩැහැගන්න.
ඒත් මට ඇහුනෙ පොඩි කෙදිරිල්ලක්.
අහසෙ පාවෙන වලාකුළක එල්ලිලා සැහැල්ලුවෙන් ඉන්න පුංචි කෙල්ලකගෙ.
මගෙ අදහස් බර වැඩී නුඹට.
පාවෙයන් හැමදාකම.
මම පොලොවෙ ඉදන් ඉහල විදින දුම් කන්ද, ඔයාව මත් කරයි.
ඒ මගෙ තොල් අස්සෙන් ඇතුල්වෙලා, පපුව උණු කරන්, පෙනහළු වලින් ගලන විරහවේ ගින්දර.

කකුල් දෙක දෙපැත්තට කරන්
කලිසම ඔලුවේ නමාගෙන
පාන්දර පුකේ ආඩම්බර බලද්දිත්
ඒ දුම, වතුර පනිට්ටුව පිරෙනකල්, මගෙ වටේ කැරකෙනව
දුම ඇතුලට අදිද්දි, පස්ස පැත්ත ලිහිල්,
මම පාවෙනව
නුඹට ලං වෙන්න බැරි මට්ටමින්.....
මොහොතින් පාවෙන ඔය පුංචි හිත තියෙන,
බොලද මට්ටමට සමවෙන්න මාත් පාවෙනවා
එතකොටම පනිට්ටුව ඉතිරෙනවා
පස්ස පැත්ත හෝදගෙන එලියට එන සිහියෙන්
මම ආයෙත් වැටෙනව පරන මට්ටමට
ඒ මට අයිති පොලෝ තලයට.

සිනිදු නුඹ අහසටත්
රළු මම පොලොවටත්
සමාන්තරව තියාගෙන
ජීවිතේ ගලනවා
මම උඩුගම් බලං පීනන්න අකැමැති හින්ද
බැරි කමක් නෙවේ
නුඹේ හීන ලෝකෙට දාසයෙක් වෙනවට වඩා
මගේ අපායේ යම රජ්ජුරුවො වෙන එක මට වටින නිසා.

මම වම් අත පාවිච්චි කරද්දි
නුඹ ටොයිලට් පේපර් යූස් කරන එකයි
අපේ වෙනස

ඒත් මගේ හිත 'රැඩිකල්'
නුඹෙ හිත පිරිලා 'වල් පල්'

Monday, June 18, 2012

මම ලව් කරපු හැටි...




ගස්වලින් පොල් වැටෙනව වගේ
ඇස්වලින් කදුලු වැටෙද්දි
අත් දෙක වට්ටියක් කරන්
මම හිටිය උඹ යටින්


මහා සුලි සුලග හමද්දි
(කාලගුණ) විද්‍යාඥ්ඥයෝ හේතු හොයනව වගේ
උඹේ සුසුමවල හේතුව
මම හෙව්වා නිදි මරාගෙන


හුන්නස් ගිරි කන්ද
ලැව් ගින්නක ඇවිලෙනව වගේ
උඹේ පපුව ඉස්සිලා උනුසුම සොයද්දි
සළු පිලි අතරින් දෑත යැව්වෙ මම
උඹට සිසිලස දිදී


මහ වැලිය පොලව මතින්
සමපාතව ගලනව වගේ
උඹ යහනේ වැතිරෙනකොට
මම හිටිය උරහිස තියන්
ගලන ගගට කළු ගලක් වගේ


හුම්මානේ ගල් අස්සෙන
ජල කදන් විදිද්දි
උඹ කකුල් ඇත් කරන්
තෙත් කලා ගල් තලාවම
ඒ වෙලෙත් මම හිටිය
උඹ යටින් උනුහුම දිදී


ඔන්චිල්ව පැද්දෙද්දි
පොඩි එවුන් ඉල්ලල අඩනව වගේ
උබේ ලැම පැද්දෙද්දි
නැවැත්තුව විතරයි මම
තල්ලු කලේ නැහැ වද දිදී


ඉරුණු වෙසක් කූඩුව
ඇතුල නොබලම
ඇලෙව්වා මං
උඹ ඇදුම් මාරු කරද්දි
ඇතුල නොබැලුව වගේම
ඉස්සර දවසක


කොච්චර දරුණු උනත්
උඹ පලයන් නයි හාමි
කරදර නොකර යන නයා වගේ
මම ගියා උඹ හිරිහැර නොදී

ගැරඩියට භූමිතෙල් ගහද්දි
ඌ සද්ද නැතුව පිටත් වෙනව වගේ
උඹ මට පල නොකිය පලා බෙදද්දි
මම මාරු වුනා - ඔය හිතට නොදැනිම


ඇමතිතුමා අකැමැත්තෙන්
ලයිට් කපනව වගේ
මම ගියා නොකියම
අදුරු කරන් දිවියම


උඹ දෙද්දි - තව ඕනෙ නොකියා
ප්‍රමාණයට උරා බීපු
අවංක බඹරා
මම - රැඩියා

Wednesday, June 13, 2012

උබ ගලට පෙම් බදිද්දී - මම මලට පෙම් බැදීමි...




පත්තු කරපු පුංචි ගිණිකූරු එලියට මගෙ කාමරේ එලිය වෙන්නෙ නැහැ. ඒ ඇරත් ගිණි කූර ඉවර වෙනකල් මම පත්තු කරන් ඉන්නෙත් නැහැ. ගිණිකුර පත්තු කරපු පුංචි වෙලාවෙන් මගෙ තොල් අතර තියෙන මල පත්තු කර ගත්තම මගෙ එලිය නැති කාමරේ පුංචි එලියක් දැල්වෙනවා. ඒ වුනාට මගෙ ‍ආත්මයටම මොහොතක එලියක් එනව. ඒ මම පාවෙන නිසා. මාව දාල මගෙ කෙල්ල ගියාට පස්සෙ මගෙ ජීවිතේ එලිය වුනේ මේ රෝල් කරල කටේ ගහන ජොයින්ට් එක නිසා.

එදා මගෙ කාමරේට ආපු දවස ඔයා කිව්ව මේක හරි අපිලිවෙලයි කියල. හැමදාටම මගේ වෙලා ආපු පලවෙනි දවසෙම මේක අස් කරල දෙන්නම් කිව්ව. වාහනේ තනියෙන් මාරු කරගත්ත ඔයිල් එහෙමත් ඔයාගෙ සපෝට් එකෙන් මාරු කරගත්ත ඒ කාලෙම. ඔයා සදහටම මෙහෙ ආවහම වාහනේ ෆුල් සර්විස් කරල දෙන්නම් කිව්ව. මම දැනගෙන හිටියෙ නැහැ ඔයා කොහොම වෙන කෙනෙක්ගේ ගැරේජ් එහෙක ෆුල් ටයිම් වැ‍ඩ කලාද කියල. හැ‍මදේම වෙලා තිබුනෙ ‍මගෙ වාහනේ බලාගත්ත දවස් වල.

පළවෙනියට ඇදපු උගුර පෙනහළු දිගේ ගිහින් පපුව රත් කළා. නහය ලග ඉදල නලල ලගට ගිය ‍මොකක්දෝ හැගීමක් නලල ලගදී පිපිරුව වගේ දැනුන. හරියට අහස් කූරක් පලාතම සද්ද කරගෙන ගිහින් උච්චතම තැනද පිපි‍රිල විනාස වෙලා යනව වගේ. උඩ ගිය අහස් කූර පටස් ගාල මෙලෝ රහක් නැතුව බිම වැටුනට, මෙහෙම වේගෙන් උඩ ගිය මම හදේ ගුරුත්වාකර්ෂණ බලයෙන්, ඒ කිව්වෙ මේ මහපොලොව වගේ 1/6 ක ගුරුත්වාකර්ෂන බලයෙන් පාවෙන්න ගත්ත. 

බිම ඇදන් වැටෙන්න කලින් තවත් උගුරක්.

ඉන වටේ එතුන සරම, එහෙම්මමයි. සරම එකතු කරල සුපුරුදු විදිහට අතනට ගුලි කලා. සරම ගහන හැම එකාම දන්නව ඕකෙ සැහැල්ලුව. ඉස්සර අම්ම උදේම ඇහැරවන්න එද්දි සරම ඇගේ නැති වුනාම අම්ම දකී කියල බයේ සරම නොගහ ඉදලා කෝම හරි මේක ඇගේ ඔතා ගන්න පුරුදු වුනා. ඒ උබ මාව රෑට කෝල් කරල විනාස කරපු නිසා. කෙල්ලෙ උබට මාව සැහැල්ලුවෙන් රෑට නිදි කරවන්න ඕන වුන නිසා. පස්සෙ පුරුදු වෙද්දි සරම කූඩාරමක් වෙන එක නැවතුනා. මට මාව පාලනයක් කර ගන්න පුලුවං වුනා. විශේෂයෙන් මල්ලිට මල්ලිව යහමගට ගන්න. ඒ හැමදේම කලේ මගෙ කෙල්ල. ඒත් උබ අද දුර. මම කෝමද පාලනය කර ගන්නෙ මාවම මම? ඉතිං දැන් යයි අයාලේ. මල්ලි වුනත් නොදන්න අක්කල, නංගිල බොහෝ වෙලාවට මට කැමැත්තෙන් හිටපු ඇන්ටිල අතර තනිවෙයි.

ඇදේ කොනක ඉදං හිටපු මම ඇද දිගේ රූටල ගිහින් හේත්තු වුනා බිත්තියට. ඒ එක්කම ජනේලෙ නිසා බැල්කනියෙන් පේනවා අපේ මිදුල. ඒ එක්කම රාත්‍රී පාර. කළුවර නැහැ. ලයිට් කණුවක් නිසා. මම ඉදගත්ත ලයිට් කණුව උඩින්. කරන්ට් කම්බි දෙකක් මැද්දෙන් කකුල් දෙක තියාගෙන බලං හිටිය. උබ මේ පාරෙ දවසක් ආව. මහ රෑක. අම්මල ගිහින් දුර ගෙදරක වෙඩින් එකකට. එදා අපිට වෙඩින්. මගෙ කාමරේ ඇතුලේ.

අම්මල ගියා කිව්වම උබ ආව අපේ ගෙදර. ඒ ඔයාගෙ අම්මලට බොරු කියල. යාළුවෙක්ගෙ ගෙදර යනව කියල පාඩම් කරන්න. ඒ අහිංසක කෙල්ලත් අපිට පූර්ණ අනුග්‍රහයක් දුන්න. ඒකිට දැන් කොල්ලෙක් ඉන්නවද? මට වෙලාවකට හිතෙනව මාව දාල ගිය උබට පාඩමක් උගන්නන්න ඒ කෙල්ල එක්ක යාළු වෙන්න. එතකොට උබට හිතෙයි අරූ මගෙ යාළුව එක්ක යාළු වෙලා මට රිද්දන්න කියල. මම ඒ කෙල්ලව සතුටින් තියනවා. උබව අඩවන්න.

එදා රෑ මාත් එක්ක තුරුල් වෙලා නිදාගෙන පහුවදා පාන්දර උබව ඇරලවන්න ගියෙත් මම. මතකද? අපේ ගෙදර පරණ ස්කූටරේ. හෙල්මට් එකක් වත් නැතුව ගිහින් උබව ගෙදරට දාල ආව. රෑ වුනත් මම උබට වැරැද්දක් කලේ නැහැ. ඒ මට පස්සෙ උබව ලස්සනට ගෙදරට එක්කගෙන එන්න ඕනෙ නිසා. අනික බැන්දට පස්සෙ කරන්න දෙයක් ඉතුරු කර ගත්තෙ නැත්තං ජී‍විතේ එපා වෙන නිසා. වෙලාවකට හිතෙනවා මට වැරදුනා කියල. මොකද එදා මම රෙඩ් පොට් කලා නම් අද උබ මගෙ ලග. එහෙනම් අරුත් එක්ක කැරම් ගහන්න උබට ලැබෙන්නෙ නැහැ.

මගෙ හොද කම මට හරහට හිටිය එකට මම දුක් වෙන්නෙ නැහැ. මොකද කවද හරි මගෙ නංගිට කවුරුත් කරදරයක් කරන එකක් නැහැ. උගුරට දෙකට ඉතිරියත් ඇදල දාල මම ලයිට් කණුවෙන් බහිනව. පොඩි පම්ප් එකක් දාන්න තියෙනවා. කණුව උඩ ඉදන් දාලා වයර් ෂෝට් වෙලා මට කරන්ට් වද්ද ගන්න බැහැ. මොකද මම තව කෙල්ලෙක් හොයා ගන්න ඕනේ. ජීවිත කාලෙටම ආදරේ කරන්න. මට ජීවත් වෙන්න ඕනේ.

උබ පලයන්. මම ඉන්නම්. මකල දාල හැමදේම. ඒත් සොදුරු දවස් ටික ඉතිරි කරල.

Sunday, June 10, 2012

අසම්මතයේ ජැක්...


සිරව සිරුරට
තිබුන හින්දම
ලගට කිට්ටුව
තද කලෙමි මම

නුඹත් අකැමැති
නොමැති හින්දද
පස්ස තදටම
තිබ්බෙ හරහට

ගැස්සි ගැස්සි
දිවෙන බස් එක
මට - උඹට හොද
දුන්න 'සප්' එක

දෙපළු පස්සට
තියාගෙන මම
කල්පනා ලොව
ගිලුන නොදැනිම

උබ මනාපයි
මම මනාපයි
එහෙත් ලෝකෙම
එරෙහි වේමැයි

එහා පැත්තේ
හිටපු අයියා
උබට වැඩියෙන්
නපුරු පාටයි

‍මටත් නොදැනිම
තල්ලු කරලා
අයියා පස්සට
ආව නුඹගේ

මට අකැපැයි
ඌට හොදමැයි
එකෙක් තනියෙන්
බුදිනු නරකයි

උඹම කාපං
මම
ගෙහුං එඤ්ඤං
සිතාගෙන මං
දැන් බහින්නම්...

බැස්ස කිව්වෙ බස් එකෙන් හොදේ..

Tuesday, May 29, 2012

ඇතිවුනේ ආදරයද? නැත්නම් ඉස්සර වුනේ වල්කමද?


මාව දැකපු මුල්ම දවසෙ
කිටි කිටියෙ තද වුන ඩෙනිමට
හැඩට දුටු මගෙ දෙකලව
දෙපසට සෙලවුන තට්ටම
හින්ද නේද උබ පස්සෙන් ආවෙ ?

එහෙම ඇවිත් බස් එකෙත් නැගල
මම ඉදගත්තම උබ එතනම හිටගෙන
කර ගැබුරු බ්ලවුස් එක අස්සෙන්
ලැමේ කානුවක හිරවුන පෙන්ඩන්ට් එක
නොදැක්ක උඹ - දැක්කෙ තව මොනවද?

ඊටත් පස්සෙ දවසක
අපේ ගේට්ටුවෙන් ඔලුව දාල
උබ බැලුවෙ මගෙ දිහා නෙවේ
මම ගෙදරට අදින ගල් ෂෝට දිහානේද?

ෆුඩ් සිටියෙ බඩු ගත්දි
අහම්බෙන්ද උබ හිටියෙ
පාත්වෙලා තෝරද්දි බිත්තර
උබ බැලුවෙ මගෙ දිහාද 
නැත්නම් බුරුලට ඇන්ද ස්කිනි එක දිහාද?

එහෙම මගෙ පස්සෙන් ඇවිත්
දැන් මට ආදරේ කියල
මගෙ ලගින් ඉන්න උඹ

ඇත්තම කියපං - මුල ඉදන් හිතල බලපං
මුලින් දැක්ක දවසෙ
ඇතිවුනේ ආදරයද?
නැත්නම් ඉස්සර වුනේ වල්කමද?

Monday, May 21, 2012

අසම්මතයක දිග හැරෙන නොමියෙන ආශාව.

මම හිතුවෙ නැහැ අපි මෙච්චර ලං වෙයි කියල. එදා රෑ කතා කරපු ටිකට. උදේ වෙනකල් ඕෆ් නොකරපු ලැප් එකයි, ඕනවට එපාවට කැරකුනෆෑන් එකයි විතරයි අපේ දහදුරා කතන්දර අහන් හිටියේ. ලගපාත හිටපු මදුරු රොත්ත මොනව හිතන්න ඇතිද. 

ඔයා ගමේ ඉදන් කතා කරපු නිසා ගොඩක් දුරයි. මම අපේ ගෙදර. ඔයාගෙ අයිය පොඩි එවුන් එක්ක ඔයාගෙ ගමේ ගියෙ අම්මලගෙ ගෙදර දානයක් නිසා. ඔළුවට තියන කොට්ටෙ කකුල් අස්සෙ ගහගෙන කතා කලේ ඔයා ලග කියල හිතාගෙන. කාටවත් කරදරයක් නැතුව කොට්ටෙට විතරයි කරදර කලේ.

“මම නිදාගන්නව මල්ලි”

“ඇයි අද කලින්ම. අයිය වැඩ එකේ කතා කරන්න පුලුවන් නේද”

“එයත් දැන් එයි ඇදට. කලින් නිදාගන්න ඕනේ හෙට කොළඹ එන්න”

“හෙට කොළඹ එන්න. ඇයි අද උදේ නේද ගමේ ගියේ. කාත් එක්කද ඒන්නේ?”

“පුතාගෙ ඉස්කෝලෙ වැඩකට සල්ලි වගයක් බදින්න තියෙනවා. තනියම එන්න වෙන්නේ.”

“තනියම..? හරි කොළඹ ඇවිත් කෝල් එකක් දෙන්න. අපිට හම්බෙන්න පුලුවන් නේ..” කොට්ටෙ තව තද වෙද්දි ෆෝන් එක කනට තවත් තද වුනේ එයා කියන දේ හරියට අහගන්න.

“අම්මෝ.. ෂුවර් එකක් නැහැ මල්ලි. බලමු.”

අක්ක ෆෝන් එක තියල සමුගන්නකොට මගෙ නින්නද ඈතට ගිහින්. කරන්න දෙයක් නැහැ. සීමාවක් නැතිව ආදරේ කරන්න කෙල්ලෙක් නැතිව ඉන්නකොට අතට අහුවුනේ අක්කෙක්. අනික බැදල, ලමයි එක්කම. සීමාවක් නැතිව කරන්න පුලුවන් තවමත්. ඒත් ආදරේ විතරක් නෙවේ. හැමදේම.

ෆෑන් එකේ තටු වේගෙන් ඉගිලෙනකොට, කාමරේ සීතල වැඩවෙනකොට මතක් වුනා අක්කව මීට් වෙන්න ගෙදරට ගිය පලවෙනි දවස. අයිය ගෙදර නැහැ. අයිය ආවොත් කියන්න හේතු එකතු කරගෙන ගියේ. ඒත් අයිය බාධාවක් වුනේ නැහැ. අනුන්ගෙ විලකට බැහැල පීනල ගෙදර යනකල්ම අයිතිකාරය නෙවේ විල පැත්ත පලාතෙ ආවෙ.

මම එන නිසාම නාලා. කොන්ඩේ තාම තෙතයි. යටට නැතිවට උඩින් ඇග වැහෙන්න ඇදල. සුවදයි. දොර ඇරල ඇතුලට ගියා විතරයි දොර එහා පැත්තෙ බිත්තියට තද කළා. බස් එකේ එන දුරට ඉවස ගන්න බැරිව හිටපු හැගීම් බිත්තියට තදකරල මුදා හැරිය.

“එනව කිව්වෙ කම්පියුටරේ හදන්න නේද? අයියට තව බබාල හදල දෙන්න නෙවේනෙ.”

“හරි හරි යමු බලන්න”

කාමරේට ගිහින් පාත්වෙලා බිම තිබ්බ ෆ්ලග් එක ගහද්දි ආයෙ හේත්තු වුනේ මොකටද මන්ද. හිතේ ඉතිරි වුන අඩුපාඩුව ආයෙත් මුදා හැරිය



ෆෝන් එකේ සද්දෙට තමා ඇහැරුනේ. එතකොටත් දවල් වෙලා. අක්කගෙන් මැසේජ් එකක්. එයා දැන් මග එන ගමන්ලු.

කොච්චර කලත් පස්සේ අයේ ඕනෙ වෙනවා. අක්ක දවල් වෙද්දි එයි. කොහෙ යන්නද. කොහොම හැමෝගෙන්ම හැංගිලා එකතු වෙන්නද. එයා හැමදේම ප්ලෑන් කරයි. අදම ගෙදර යන එකක් නැහැ. අද රෑ එයාලගෙ ගෙදර ඉදල හෙට උදේ පිටත් වෙයි. රෑ එහෙ ඉන්න වෙයිද? උදේ වෙනකල් එයා එක්ක ? මොනව කරන්නද ? එච්චර වෙලා.. මම පැයකාලට ඔක්කොම ඉවර කරන පොඩි එකා නේද ?

“මල්ලි මම අපේ අයියලගෙ ගෙදර යනවා. ඔයා එනවද?”

“අයියලගේ ගෙදර? එහෙ කට්ටිය මාව දන්නෙ නැහැනේ”

“අයියල රට ගිහින් ඉන්නේ, මගෙ ලග යතුරු. ඔයා එන්න. එහෙ කවුරුවත් යන එන පැත්තක් නෙවේ”

අයියලගෙ ගෙදර ගේට්ටුවේ ඉබ්බ ඇරලම නැහැ. මලකඩ කාලවගේ තදයි. පාවිච්චි නොකලම හිරයි තමා. කරන්න දෙයක් නැහැ පැන්න තාප්පෙන්. ගල් කෑල්ලකින් ගහල කැඩුව ඉබ්බ.

“ඔය ඉතින් ඇතුලට ආවෙත් නැහැ”

දෙන්නම සැටිය උඩ. ලොකු විශාල තට්ටු දෙකේ ගෙදරක. පොඩි සැටියක් උඩ. දවසක්ම තියෙද්දි ඇයි විනාඩි පහලොවකට කලබල?
පාවුනා.. සැටිය උඩම.
“මල්ලි බාත් රෑම් එක ඇති වොෂ් එකක් දාගන්න. බෙඩ් ෂිට් ඇති ඇදගන්න”
ඇග සෝදගෙන එද්දි අක්ක තාමසැටි එක උඩ. ඉකි ගහන හින්ද ලං වුනා මුහුනට.

“මේ මොකද? මදි වෙලාද”

“අයිය, පොඩි එවුන් දෙන්නා...”

“අඩන්න එපා අක්කි. නොලැබෙන දේ ලබාගන්න විදිහ වැරදි ඇති. ඒත් බලෙන් නෙවේනේ. කැමැත්තෙන් දෙන්නගෙම.”

“පණ්ඩිත කතා.. වාසියට නේද ??”

“නැහැ. ලමයි හදල දීල මිනිහ පැත්තකට වුනාම, නැත්තම් ලමයි හදාගෙන ගෑනි පැත්තකට වුනාම වටේ ඉන්න අපිට තමා වැඩ තියෙන්නේ...”

“වැඩ ගන්නම මිනිහා.. ”

ඇදුම් තියෙනකොට ගලවන්න තියෙන තදියම, ඇදුම් ඇදගන්න නැති හැටි. කටකාර කමට පොලු මුගුරු එක්ක දග කරන කෙල්ලෝ.

සීතල වතුර උනුසුම් ගතක් එක්ක දග කරද්දී, මම හිටිය සාලෙට වෙලා ඉදගෙන. කැරකෙන ‍ෆෑන් එකක් දිහා බලාගෙන.

ආයෙත් ආව ඔයා ටවල් එකක් පිටින්ම.

ලග ඉන්නකොට තුරුලු කරන් අඩන්න, ලග නැති වුනාම අඩල මාව ගෙන්න ගන්න, අනේ මන්ද උබව කෝම සනසන්නද ?

-රැඩියා-