වත්ත කොනක තනියම, දවස්ගානක් පෙරුම් පුරල මම උඹව මගෙ ලෝකෙට එකතු කර ගත්තා. වැස්ස දවසට මඩ ගොඩක් වෙන වත්ත කෙලවරක උඹ වගේ ලස්සන ජීවිතයක් මගෙම කර ගන්න මට පුළුවන් වෙයි කියල මම කවදාවත් හිතුවෙ නැහැ. අපේ ගෙදර උන්ට වැඩි අල්ලපු ගෙදර උන් වුනත් වැඩිකැමැත්තක් තිබ්බෙ නැහැ උඹව මම එතනදි හම්බෙනවට. මොකද අල්ලපු ගෙදර උන් අල්ල ගන්න ට්රයි කරපු කොටහක උඹ මගේම වුනේ. ඒක මට තාමත් පූජනීය තැනක්. උඹ මට මගේ ජීවිතේ වුනා වගේම මගෙ පවුලටම ආලෝකයක් වුනා. හරියට වියළුනු කතරට වැහි බිංදුවක් වගේ.
රැයක් දවාලක් නැතුව සති ගානක් මම උඹ මගෙ ලගට එනකල් කල් මැරුව. උබ මට ගොඩක් ගණන් ඉස්සුවා. ඒත් මම මහ පොලොවක කළු ගල් මතුවෙද්දිත් කම්පා වෙන්නෙ නැතුව උබ ලබා ගන්න දැගලුව. දවසක් මම නොහිතපු වෙලාවක මගෙ ලගින් සීතලක් දැනුන. හරියට තෙත් වෙච්ච පස්පිඩක් උඩ නිදියගෙන ඉන්නව වගේ. එදා ඉදන් උඹ මගේම වුනා. එතැන මට පූජනිය තැනක් වුනා. මොකද උඹ මම, අපේ ජීවිතේ පටන් ගත්තෙ එදා එතැනින් නිසා.
මම උබට ගොඩක් ආදරේ කළා, උඹ මට මගේ ලගින් ඉදන් සැලකුව වගේම. මම උඹව කාටවත් නොපෙනෙන්න, වට කළා. මොකද අනිත් වුන් එහෙන් මෙහෙන් අත පය දාලා උඹව සවුත්තු කරයි කියල බයට. ඒ මදිවට දුවිල්ලක් නොවැදෙන්න උබට ආවරණයක් දුන්න. ගමේ උන් ඇහුව උබ මුස්ලිම් කෙල්ලක්ද කියල. මොකද දුවිලි නොවදින්න උබව කවර් කරපු හින්දා. මම කිව්ව “කාන්තාරෙක වුනත් මට සිසිලක් දෙන්න පුලුවන් උබව උන්ගෙ ඇස්වහ වලින් බේරන්න කවර් කලේ කියල“ උන් එදා හිනා වුනාට, අද උන් දුක් වෙනවා. මට උබව ලැබුන වගේ උන්ට උබ වගේ ජිවිතයක් නොලැබුන නිසාම.
මහ රෑට උබ ලග ඉන්න බැරි හින්ද අපි ගොඩක් එකතු වුනේ දවාලෙට. කවුරු හිටියත් මම උඹ අපේ ලෝකෙ පාවුනා. මම උබේ ගැබුර මැන්නා. මම දැනගෙන හිටියා උබේ පතුලෙම වැදුනම තෙතට දැනෙනව කියල. ඒකම මට සතුටක් වුනා. උබ මහ හඩින් ගෑ ගහද්දි අපේ අම්ම කිව්ව වතුර ටිකක් ගහපං කියල. එහෙම නැත්තං ග්රීස් දාපං කියල. එහෙම කරල මම කෝමද උබේ එක කටේ තියන්නේ. ග්රිස් වලට දාල සද්දෙ නවත්තනවට වැඩිය මට උබේ පිරිසිදු කම වටිනව. ඒකයි මම හැමදාම කටට ගත්තේ කිසිම අප්පිරියාවක් නැතුව. ගමේ උන් උනත් ආව, උබව පාවිච්චි කරන්න. ඒත් මම අමාරුවෙන් නවත්ත ගත්ත. මොකද උබ වුනත් අකැමැත්තක් නැහැ වටේටම බෙදන්න. බෙදල තෙමා ගන්න.
ඇත්තටම මම උබට - උබ මට දුරින් හිටියේ. අගල් අඩි වලින් නොකිව්වට බඹ ගානක් දුරින්. මම උබට ලංවුනේ බොහොම අමාරුවෙන්. වෙන උන් බෙල්ලෙ වැල දාගන්න කඹ හොයනව වගේ මම උබ ලගට එන්න ක්රම හෙව්වා. උබට අමාරුවෙන් ලං වෙද්දි මට මහ සිසිලක් දැනුන. ටික වෙලාවක් ඒ සීතලේ ගිලිල මාව තෙත් වුනා. බාල්දිය ගිලිල, කඹේ දිගේ උබ උඩට ආවා.
මම තාම උබට ආදරෙයි. උඹ මාව ජිවත් කළා. ඉදිරියටත් එහෙමය. උඹ මගෙ දිව තෙමමු වතුර බිංදුව. මම පෙරුම් පුරල හාර ගත්ත ලිද උඹ.
නියමයි
ReplyDeleteටැංකු !
Deleteනියමයි. මං හිතුවෙ වෙන කෙනෙක් ගැන කියලා.
ReplyDeleteහැම එකාම පෙරලගන්න බාල්දිය ගැනද හිතුවේ
Deleteළිදක් කිව්වම සෙල්ලන්ද නේද ? ගන්න ගන්න උනනවනේ ....
ReplyDeleteටැංකු !
Deleteඉවර වෙනකල් උරනවා බං
හික්ස්..
ReplyDeleteඔන්න මමමනං රැවටුන්නෑලු ඈ..
ටැංකු !
Deleteඑහෙනම් එච්චරයි
එනපොට හොඳ නෑ කියල හිතෙනකොටම මම කියවිල්ල නවත්වල අගට ගිහින් බලනව..ඊට පස්සෙ ආයෙ මුලට එනව....
ReplyDeleteටැංකු !
Deleteදෙමල පත්තරේද අග ඉදන් බලන්න?
අන්න නිර්මාණ.. අර මැස්සා ද මදුරුවාද වගේ කතාවක් නේ බොලේ මේකත්..
ReplyDeleteටැංකු !
Deleteමැස්සාද වර්ග ගොඩකි. මදුරුවෝද වර්ග ගොඩකි.
අපරාදෙ ලිං ගැට්ට...
ReplyDeleteටැංකු !
Deleteකඩල දාපං
සුපිරි !!!!!
ReplyDeleteටැංකු !
Deleteකැත හිතකින් බලන්න ආවේ .කිසිම කැතක් නෑ බලපුවම ජය!
ReplyDeleteටැංකු !
Deleteකෝමත් කැත හිතනේ
okkoma story baluwa.pattama patta.ube radikal walata mara kamathiy.
ReplyDeleteටැංකු !
Deleteඑක මාරු බන් මට හිතාගන්න බැරි උනා
ReplyDeleteටැංකු !
Deleteමගෙ කැත හිත් වලට කවි වගේ මුන් අග ඉදන් කියවන්න පටන් ගනී රැඩියෝ !!!
ReplyDeleteඋබ කවිනේ
Deleteනියම කලාවක්...
ReplyDeleteජය වේවා!!!
ටැංකු !
Deleteනොදකින් මදැයි කොලා
ReplyDeleteටැංකු !
Deleteමක්කොලා?
නියමයි
ReplyDeleteටැංකු !
Deleteසෝක් මල් හතයි.... පොහොට්ටු පහයි...
ReplyDeleteටැංකු !
Deleteටික දවසකට කලින් ගොඩ වෙලා අද තමයි ඔක්කොම කියෙව්වේ.Aසම සමයි.... දිගටම ලියපන්...
ReplyDeleteකියවන්න කලින් පල්ලෙහාට ආවම පිංතූරෙ දැක්ක.....කියන්නෙ මොකක් ගැනද කියල කලින්ම තේරුණා
ReplyDeleteනියමයි....
ReplyDeletepastha! liyagena liyagena yaman. kiyawanna asai ube basa !
ReplyDelete