දගයි හරියට
පෝය දා සද
වගෙයි නුඹ සිත
දවයි මා හද
පුරා පෝයට
නැගී අහසට
බලාගෙන බිම
පහස දේ මට
නැගී සයනට
සැලුන ඇහි බැඹ
නොදේ සුව අද
තනිව මා ගත
දුහුල් සළුවේ
විනිවිදම දුටුවේ
ජනෙල් පියනින්
ලැබුව එලියේ
තෙත් වු සිරුරේ
ලිස්සි පැතුවේ
වෙන්ව නොයනා
අරුම සෙනෙහේ
රුදුරු දහමේ
නුඹ නුරාවේ
ගැටී සෙනෙහස
මුලා වූයේ
අදත් ඔබ ඇති
රැයක සුන්දර
තවත් සිරුරක
ගැටී ගෙන ගත
යකඩෝ .... පෝය දවසට මූට හිතෙන එව්ව. :)
ReplyDeleteකලාත්මකයි :)
ReplyDeleteසැහ්..
ReplyDeleteපෝය කියලවත් බලන්නෑනේ
ලස්සනයි.. පෝය වුනත් ඉතින් සිතුවිලි නවත්තන්න බැනේ නේද.. ;)
ReplyDeleteහ්ම්ම්...වෙනද වගේම රැඩිකල්... ලස්සනයි...
ReplyDeleteපොයට සමහරුන්ට ඔය ලෙඩේ හැදෙනවා
ReplyDeleteඔය ගැන එච්චර හිතන්න ඕන නෑ, ඒ එක්තරා කුලකයක්....
ReplyDeleteඅඩේ... මාරු බං..
ReplyDelete