Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Thursday, August 16, 2012

උඹ හින්ද මම තෙමා ගත්තා. ඒකයි උබට ආදරේ...


වත්ත කොනක තනියම, දවස්ගානක් පෙරුම් පුරල මම උඹව මගෙ ලෝකෙට එකතු කර ගත්තා. වැස්ස දවසට මඩ ගොඩක් වෙන වත්ත කෙලවරක උඹ වගේ ලස්සන ජීවිතයක් මගෙම කර ගන්න මට පුළුවන් වෙයි කියල මම කවදාවත් හිතුවෙ නැහැ. අපේ ගෙදර උන්ට වැඩි අල්ලපු ගෙදර උන් වුනත් වැඩිකැමැත්තක් තිබ්බෙ නැහැ උඹව මම එතනදි හම්බෙනවට. මොකද අල්ලපු ගෙදර උන් අල්ල ගන්න ට්‍රයි කරපු කොටහක උඹ මගේම වුනේ. ඒක මට තාමත් පූජනීය තැනක්. උඹ මට මගේ ජීවිතේ වුනා වගේම මගෙ පවුලටම ආලෝකයක් වුනා. හරියට වියළුනු කතරට වැහි බිංදුවක් වගේ.

රැයක් දවාලක් නැතුව සති ගානක් මම උඹ මගෙ ලගට එනකල් කල් මැරුව. උබ මට ගොඩක් ගණන් ඉස්සුවා. ඒත් මම මහ පොලොවක කළු ගල් මතුවෙද්දිත් කම්පා වෙන්නෙ නැතුව උබ ලබා ගන්න දැගලුව. දවසක් මම නොහිතපු වෙලාවක මගෙ ලගින් සීතලක් දැනුන. හරියට තෙත් වෙච්ච පස්පිඩක් උඩ නිදියගෙන ඉන්නව වගේ. එදා ඉදන් උඹ මගේම වුනා. එතැන මට පූජනිය තැනක් වුනා. මොකද උඹ මම, අපේ ජීවිතේ පටන් ගත්තෙ එදා එතැනින් නිසා.

මම උබට ගොඩක් ආදරේ කළා, උඹ මට මගේ ලගින් ඉදන් සැලකුව වගේම. මම උඹව කාටවත් නොපෙනෙන්න, වට කළා. මොකද අනිත් වුන් එහෙන් මෙහෙන් අත පය දාලා උඹව සවුත්තු කරයි කියල බයට. ඒ මදිවට දුවිල්ලක්  නොවැදෙන්න උබට ආවරණයක් දුන්න. ගමේ උන් ඇහුව උබ මුස්ලිම් කෙල්ලක්ද කියල. මොකද දුවිලි නොවදින්න උබව කවර් කරපු හින්දා. මම කිව්ව “කාන්තාරෙක වුනත් මට සිසිලක් දෙන්න පුලුවන් උබව උන්ගෙ ඇස්වහ වලින් බේරන්න කවර් කලේ කියල“ උන් එදා හිනා වුනාට, අද උන් දුක් වෙනවා. මට උබව ලැබුන වගේ උන්ට උබ වගේ ජිවිතයක් නොලැබුන නිසාම.

මහ රෑට උබ ලග ඉන්න බැරි හින්ද අපි ගොඩක් එකතු වුනේ දවාලෙට. කවුරු හිටියත් මම උඹ අපේ ලෝකෙ පාවුනා. මම උබේ ගැබුර මැන්නා. මම දැනගෙන හිටියා උබේ පතුලෙම වැදුනම තෙතට දැනෙනව කියල. ඒකම මට සතුටක් වුනා. උබ මහ හඩින් ගෑ ගහද්දි අපේ අම්ම කිව්ව වතුර ටිකක් ගහපං කියල. එහෙම නැත්තං ග්‍රීස් දාපං කියල. එහෙම කරල මම කෝමද උබේ එක කටේ තියන්නේ. ග්‍රිස් වලට දාල සද්දෙ නවත්තනවට වැඩිය මට උබේ පිරිසිදු කම වටිනව. ඒකයි මම හැමදාම කටට ගත්තේ කිසිම අප්පිරියාවක් නැතුව. ගමේ උන් උනත් ආව, උබව පාවිච්චි කරන්න. ඒත් මම අමාරුවෙන් නවත්ත ගත්ත. මොකද උබ වුනත් අකැමැත්තක් නැහැ වටේටම බෙදන්න. බෙදල තෙමා ගන්න.

ඇත්තටම මම උබට - උබ මට දුරින් හිටියේ. අගල් අඩි වලින් නොකිව්වට බඹ ගානක් දුරින්. මම උබට ලංවුනේ බොහොම අමාරුවෙන්. වෙන උන් බෙල්ලෙ වැල දාගන්න කඹ හොයනව වගේ මම උබ ලගට එන්න ක්‍රම හෙව්වා. උබට අමාරුවෙන් ලං වෙද්දි මට මහ සිසිලක් දැනුන. ටික වෙලාවක් ඒ සීතලේ ගිලිල මාව තෙත් වුනා. බාල්දිය ගිලිල, කඹේ දිගේ උබ උඩට ආවා.

මම තාම උබට ආදරෙයි. උඹ මාව ජිවත් කළා. ඉදිරියටත් එහෙමය. උඹ මගෙ දිව තෙමමු වතුර බිංදුව. මම පෙරුම් පුරල හාර ගත්ත ලිද උඹ.


Monday, August 13, 2012

ක්ලබ් ලයිට් එලියෙන් මිදුනෙමි..


ගැස්සෙන රතු එළියට, කන පැලෙන ඩිස්ක් කෙලියට, වල්මත් වෙලා ගෙවුන ජීවිතේ කොච්චර සුන්දරයි ද කියල ඇය සිතුවද. ඇගේ ලෝකෙට වෙලා ඇය පාඩුවේ ජීවිතේ ගත කළා. හැබැයි ලෝකෙටම දහවල වෙද්දි ඇයට දහවල රැය වුණා. රැය දහවල වුනා. රෑට නොනිදන නෙත් සල්ලාල තොල් වල ගෑවෙද්දි ඇයට රැය දහවල වුණා. තනපට අස්සෙ රිංගන අත්වල සල්ලි සුවද ඇයට සුවද විලවුන් වුනා. ඇය තනි වුනා. සල්ලි අතර සල්ලාලයන් අතර අය සැතපුනා. ගැස්සෙන ලයිට් එලිය, පෙරලෙන වීදුරු, වැක්කෙරෙන මීවිත ඇගේ දෙතොලෙ ගෑවුනා. පට්ට සුන්දරයි ලෝකෙම. සල්ලි, මගෙ ජීවිතය. ඇය තරග කළා කැපී පේන්න. අනිත් ලියන් අතර, රැයේ එන අමුත්තන්ගේ හිත දිනා ගන්න. උන්ව රවට්ට ගන්න. ඇය වෙනස් වුනා, හිතින් ගතින් දෙකෙන්ම.

දෙකකුල් අතර කාන්තා බැම්ම ඇය බින්දා, එන යන අමුත්තන්ගේ අම්බලම ඇගේ දෙකකුල් අතර ඉදි වුනා. කොන්ඩය කැපුනා කොටට. පටි පනින්න, අත් කොටට අදින්න ඇය නොපැකිලුනා. ඇය සමාජයේ කැපී පෙනෙන්න තම ජීවිත විලාසිතාව, ජිවිකාව අනුව වෙනස් කළා.

සප්‍රාණික අවයව නැති පිරිමියෙක්, උල් කරපු කට්ටකින් ඇගේ පිට පැත්ත ලස්සන කළා. කොළ පාට තින්න හම අස්සෙ ඔබල ඇයව ලස්සන කළා. ඇය කැපී පෙනුනා. දෙවගනක් ඇගේ පිටේ ඔප මට්ටම් වෙද්දි, ඇය අප්‍රාණික අවයව සහිත නිර්මාණකරුවා ඉදිරියේ සාළුවක් පමණක් ඇදගෙන ලමැද වසාගත්තා. පුංචි ලස්සන රෝස තිසර ඔහුගේ නිර්මාණ අසපුවේ මෙට්ට කැබැල්ලක් මත තෙරපුනා. ඇත්තටම පිට මත කෙටෙන දෙවගනගේ රූපය, මැකෙන්නට තරම් ඇගේ අමුත්තන්ගේ අම්බලම තෙත් වුනා. අසාවට, ඇගේ නහර පුරා දුවන කැක්කුමට. ඇත්තට අසහනය කිව්වාට ඇය සමාජගත කරන්නට වෙර දරන පිරිමි - පිරිමි සහ ගැහැණු - ගැහැණු විමුක්තිය, ඇයට ආභරණයක් වුණා.

රැයේ නොසැතපෙන නෙත්, දහවල වසාලන්නට ඇයට වෙලාවක් ඉතිරි වුනේ නැහැ. ඇයට මිනිස්සු පිරුණු වෙරල කොනක වෙන්වුන, මාළු කාරයන් පිරුණු මුඩුක්කු සමාජය නිදන්නට පහසුවක් කලේ නැහැ. පාර පුරා ඉන්න බලු කුක්කන්ට කෑම බෙදන්නට ඇය උත්සුක උනා. රැයට සිරුර මිලට බෙදා, ලැබෙන මුදලින් බලු කුක්කන්ට කවන්න ඇය උත්සාහ කළා. ඇත්තට හිත හරිම පුදුමයි. රැලේ දුවන බල්ලො එක්ක ජීවිතේ එක්කාසු වෙන්න හිත අකැමැති වුනේ නැහැ. 

බලු කුක්කෝ කුක්කියෝ කර උඩ නැගගෙන, තම වර්ගයා ලෝකෙට මුදනකොට පාර පුරාම, විනාසකාරී ගීත පිරුණු, බීම පිරුණ, ගැස්සෙන ලයිට් නිවෙන, ඇගේ රාත්‍රියේ කකුල් අතරින් බේරෙන වර්ගයා බෝකෙරෙන ජීවය ඇය පාලනය කළා. ඇගෙයි, කුක්කන්ගෙයි වෙනසකට තියෙන්න ඇත්තේ ඒක.

එත් ඇය හැම දේම මැද්දේ වෙඩි තිබ්බා. නියම තැනට. ඇගේම ලෝකෙකට ඇය සමනලයෙක් හොයා ගත්තා. සුන්දරයි මුකුත් කරන්න බැරි සමනලයෙක්. ඇගේ ගෙවල් පැත්තේ හිටිය ‘පර්සි‘ අයියා ගියේ කොල්ලො පස්සේ. පර්සියා ඇයට මතක් වුනා. ඌ තාලෙට ඇදලා කියන්නේ ‘නර..ක.... සමනලයා..‘ කියල. ඇය උගේ ලෝකෙට දිවුරුවා. “සත්තයි මම වෙඩි තියන්නෙ නැහැ මේ සමනලයට“

දැක්කද සමනලයා බැහැලා.. දුරුවලයි හොදටම.. කෝටු හයි කරල බැහැ කෙලින් කරන්න. මොකද ඌ සමනලයෙක්.. කෙලින් වෙන්න බැරි සමනලයෙක්ට ඉරටු ගහල තටු කඩන්න බැහැ ඇයට. ඔන්න ඔහෙ හිටපුදෙන්.. සමනලයා...


ඇය මිදුනා ඒ ක්ලබ් ලෝකෙන්. නොමැකෙන දෙවගනක් පිටේ ඉතුරු කරගෙන. උන්ගේ සමනල ලෝකෙට මී මැස්සෝ නොබසිත්වා...

Sunday, August 12, 2012

ගියාට පස්සේ ඔක්කොම ඉවරයි..





සුවද විලවුන්
සුවදෙ වෙලිලා
තෙත්වු හිසකේ
අතර නටලා

සයනෙ සුවයේ
සතුටෙ වෙලිලා
දග දමා ගෙන
දහඩියේ තෙමිලා

එකින් එක ඇගෙ
ඇදුම් මුදලා
ඔහුම කර දෙයි
පහසු කරලා

තෙපුල් සුවයේ
තෙපුල් වෙලිලා
හංස යුවලේ
තෙපුල් දොවලා

ඔහුම ඔහුගේ
ඇදුම් උනලා
ඇගේ සිරුරේ
වැතිර හිදලා

ඉදින් අවසන
සුසුම් සලලා
උණුසුමේ රැදි
බිංදු මුදලා

අහවරයි
ශක්තියම විදලා
ඇයම ඇද ගති
ඇගේ සළු පිලි
මුලින් ගැලවු
ඔහුද වෙනතක
අවසනයි සුව
ආයෙ පසුවට



සුළු මොහොතක
තෘප්තියට
ජීවිතය තරගයක

රැඩියා

Wednesday, August 1, 2012

නුඹ අද ඇති ගැටී (තවත්) සිරුරක..



දගයි හරියට
පෝය දා සද
වගෙයි නුඹ සිත
දවයි මා හද

පුරා පෝයට
නැගී අහසට
බලාගෙන බිම
පහස දේ මට

නැගී සයනට
සැලුන ඇහි බැඹ
නොදේ සුව අද
තනිව මා ගත

දුහුල් සළුවේ
විනිවිදම දුටුවේ
ජනෙල් පියනින්
ලැබුව එලියේ

තෙත් වු සිරුරේ
ලිස්සි පැතුවේ
වෙන්ව නොයනා
අරුම සෙනෙහේ

රුදුරු දහමේ
නුඹ නුරාවේ
ගැටී සෙනෙහස
මුලා වූයේ

අදත් ඔබ ඇති
රැයක සුන්දර
තවත් සිරුරක
ගැටී ගෙන ගත