මාව දැකපු මුල්ම දවසෙ
කිටි කිටියෙ තද වුන ඩෙනිමට
හැඩට දුටු මගෙ දෙකලව
දෙපසට සෙලවුන තට්ටම
හින්ද නේද උබ පස්සෙන් ආවෙ ?
එහෙම ඇවිත් බස් එකෙත් නැගල
මම ඉදගත්තම උබ එතනම හිටගෙන
කර ගැබුරු බ්ලවුස් එක අස්සෙන්
ලැමේ කානුවක හිරවුන පෙන්ඩන්ට් එක
නොදැක්ක උඹ - දැක්කෙ තව මොනවද?
ඊටත් පස්සෙ දවසක
අපේ ගේට්ටුවෙන් ඔලුව දාල
උබ බැලුවෙ මගෙ දිහා නෙවේ
මම ගෙදරට අදින ගල් ෂෝට දිහානේද?
ෆුඩ් සිටියෙ බඩු ගත්දි
අහම්බෙන්ද උබ හිටියෙ
පාත්වෙලා තෝරද්දි බිත්තර
උබ බැලුවෙ මගෙ දිහාද
නැත්නම් බුරුලට ඇන්ද ස්කිනි එක දිහාද?
එහෙම මගෙ පස්සෙන් ඇවිත්
දැන් මට ආදරේ කියල
මගෙ ලගින් ඉන්න උඹ
ඇත්තම කියපං - මුල ඉදන් හිතල බලපං
මුලින් දැක්ක දවසෙ
ඇතිවුනේ ආදරයද?
නැත්නම් ඉස්සර වුනේ වල්කමද?
වල්කම තමා :)))
ReplyDeleteදැන් නම් ආදරෙයි අපි..
Deleteප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය වගේලුනේ. මේ නම් වල්කම තමා :D
ReplyDeleteසද එලිය වුනත් වෙලාවකට වල් නේද ?
Deleteඅමුම අමු වනචරකම මේ කියල තියන විදියටනම්....හැබැයි ඉතින් මේ කථාකරන ප්‍රේමය තුල රාගය නැත්තම්... ඒ ප්‍රේමය තේරුමක් නෑ
ReplyDeleteඒක තමා.. කොල්ල වල් නැත්තං කෙල්ල පිට ගියා කියන්න එපා හරිය ?
Delete:)
ReplyDelete;)
Deleteවල් කමට බැලුවාට
ReplyDeleteපෙන්නුවේ නුඹ කුමට?
දුටුවාම මත් නොවේද?
අඩ වැහුණු
සිත් සළෙළු....
හ්ම්.. මේ ඉන්නේ කොල්ලෝ..
Deleteඕකට කියන්නෙ වල්කම නෙවෙයි ප්‍රකෘතිය කියලා. අනික මේ අංග ප්‍රත්‍යාංග හිතා මතාම ප්‍රදර්ශනය කරලා තියෙන්නෙ හදවිල කළඹන්න නෙවෙයිනෙ, තුනුවිල කළඹන්නනේ ඉතින් මොකද්ද තියෙන වැරැද්ද...?
ReplyDeleteමේන්න ඇත්ත..:D
Deleteතුනු විල කිව්වෙ අයියේ කුනු වලක් වගේ එකක්ද ?
Deleteහික්Z....පිරිසිදුවට තියාගත්තෙ නැත්නම් පහුවෙනකොට එහෙම වෙනවා...
Deleteඩෙංගු මදුරුවොත් බිත්තර දමාවි.
Deleteමොකද මම අහල තියෙනවා කෝම්බ වල ඉන්නව කියල.
Deleteරාගය නැති ප්‍රේමය ඵල නැත්තේමය..
ReplyDeleteප්‍රේමය නැති රාගය ඵල නැත්තේමය..
මට ලැජ්ජත් හිතෙනවා සෑම් අයියා..
Deleteහලේ ... මන්නන් නෑ ඕව. අපි තාම චූටි එව්වො.
ReplyDeleteචූටි කිව්වේ ?
Deleteඑහෙනම් 'චූ'කරන්න වත් මදි ඇති.
හික්ස් ... ඒක නෙවෙයි යකෝ චූටිය කිව්වෙ. ඇයි උඹට ඒක මදි වෙලද ඉන්නෙ.
Deleteසැමා අයියාගේ කොමෙන්ටුව දැමීමට සිතා ආවෙමි සැමා ඉස්සර වී ඇති බව දුටුවෙමි ඉතින් රාගය ආදරයට මුල යැයි පවසමින් මම සභාවෙන් බැස යන්නෙමි
ReplyDeleteමෙන්න සභාවේ කස්ටිය අප්පුඩි ගහනවා.
Deleteඅම්මපා මේකනම් වල්කමම තමා..
ReplyDeleteවල් නැත්තං මල් නැත
Deleteවල්කම :ඩ්
ReplyDeleteවලේ වල් !
Deleteමටනම් එහෙම ආදරයක් ඇතිවෙන්නේ නැහැ ඉස්සරවෙලා වල් කම.එත් පස්සේ ආදරයක් හට ගන්නත් ඉඩ තියෙනවා.
ReplyDeleteඅන්න අවංක කොල්ලෙක්. ඒක තමා ඇත්ත.
Deleteඅම්මපා....ඈ...දැන් දීගේ සැපේයි
ReplyDeleteදීගේ සැපායි... අම්මපා..
Deleteකොහොම වුනත් දැන් ඉතින් මොකෝ?
ReplyDeleteකරගැහුවට පස්සේ ඕම තමා කියන්නේ !
DeleteThis comment has been removed by the author.
ReplyDeleteඑව්ව ඉතින් මෙහෙමෙයි කියල කියන්න බෑ... :D
ReplyDeleteඅරහෙමයි කියල කියන්න පුලුවංද ?
Deleteපෙන්නුව හින්දනෙ බැලුවේ
ReplyDeleteඑක නිසා වල් වෙන්න බැහැ
පෙන්නලා ඉවර වෙලා ඔහොම කියන එක හරි වැරදියි නේද?
බලෙන් පෙන්නලා.. බැලුව රවන සීන් තමා මෙහෙ තියෙන්නේ !
Deleteහුටා ,., වලත්තකම තමයි ඉතින්
ReplyDeleteකවුද කියන්නේ එහෙම නෙවේ කියලා.
Deleteවල්කම නිසානේ කෙල්ලෝ ඔහොම අදින්නේ...වල්කම නිසාම තමයි ඉතින් බලන්නෙත්....නියම සුසන්යෝගය වල්කමට වල්කම තකට තක.....
ReplyDeleteපලමුව වල්කමින්, දෙවෙනුව ආදරෙන්
Delete