Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Thursday, October 3, 2013

ඇයි මේ කෙල්ල බොන්නේ??? - Why is this Girl Drinking !!!


ඇස් දෙක පියාගෙන උඩට ඇදපු දුම් ටික ඔයා හෙමීට එලියට දැම්මා. මගෙ අතේ හිර වෙලා තිබ්බ ගිණි බටේ මාත් දෙතුන් පාරක් උරල ඉවරයි එතකොට. මම තනියම බොනව කියල, මගෙ ගානට ඉන්න ඕන කියල ඔයාමයි මගෙන් පුරුදු වුනේ. මට එදා මාර සැනසීමක් දැනුන. අපි දෙන්නම එක ෂොට් එක බෙදාගෙන ගහන්න, එක බටේ උරාගෙන බොන්න, මම මාර ආසාවකින් හිටිය. එදා ඉදන් අපි ඒක පටන් ගත්ත. රෑට නිදා ගන්න කලින්, බටයක් ඇදල අපි අහස බලාගෙන හිටිය. බැල්කනියෙ ඉදන්ම. හිටපු ගමන්, වැඩිය හොද නැති හින්ද, මාසෙකට දෙපාරක් වත් අපි දෙන්න ඔම්ලට් එකක් හරි හදාගෙන ගෙදර ඉදන්ම බෝතල් හිස් කළා. හරි අමුතුයි. මට බොන්න එපාම කියපු කෙල්ල, අද මාත් එක්ක බොනවා. එදා මට බොන්න එපා කියල බැරිම තැන, බොන එක අඩු කරන්න කියපු කෙල්ල, අද මාත් එක්ක බොනවා. මම බේබද්දෙක් වගෙ බොන්නෙ නැහැ කියල ඔයා දන්නව. ඒත් මම බොන එකට කවදාවත් නවත්වන්න නොකිය, බොන එක අඩු කරන්න කියපු කෙල්ල, අද මාත් එක්ක බොනවා, දුම් බටත් උරනවා.

ඉස්සර මම පොඩ්ඩක් අරගෙන, එයා හොද සිහියෙන් ඉන්නකොට එයාට ඒක ගදක් වුනේ නැහැ. ඇත්තටම එයා එපා කිව්වෙත් නැහැ. ඒත් එකම එක දවසක් අපි දෙන්නම බොමු කිව්වා. බබා අපි දෙන්න ගෙදර ඉදන් බොමු කිව්ව. මම ඇයි කියල ඇහුවම කිව්වෙ මම පාවෙනව නම්, ඒ ආතල් එකෙ මට්ටමට එයාටත් එන්න ඕන කියල විතරයි එයා කිව්වෙ. මම හිතුව එයා හරි කියල. අපි දෙන්නම එක මට්ටමේ ඉන්න ඕන කියල. එදා අපි පලවෙනි බෝතලේ කැඩුව. මතක විදිහට බියර් කෑන් එකක්ද කොහෙද, පස්සෙ කෑන් එකෙන් අපි බෝතලේට බැස්ස. මට මතක නැති තරමට, ගනින්න බැරි තරමට අපි බෝතල් කැඩුව. ඔම්ලට් කෑව. එක උසින් පාවුනා.

ඇයි බබා බොද්දි සිගරට් බොන්නෙ? ඒ වෙනකොට බටයක් උරල නැති එයා ඇහුව. මේකෙ පොඩි කික් එකක් තියෙනවා, බෝතලේ මදි පාඩුව මම ගන්නෙ මේකෙන්. මටත් ඕන උරල බලන්න. එයා එක දවසක් ඉල්ලලා ඉරුවා. මාරයි. නියමයි කියපු එයා එදා ඉදන් පෙට්ටි ගණන් ඉරුවා. වෙලාවකට මම පස් පාරක් උරන බටේ එයා අට පාරක් වත් උරන්න ඇති. සැප කනේ කියල එයා ඒ ආතල් එක ගත්ත. මමත් එක්කම එක මට්ටමින්.

“ඇයි බබා ඔයා මේවට පුරුදු වුනේ??“

“ඔයා යාලුවො එක්ක සෙට් වෙන්න රෑ තිස්සෙ ගියාම මම තනියෙන් නේ..“

“ඒ කියන්නෙ මම ඔයාව තනියම තියල එහෙ මෙහෙ යන නිසයි ඔයා මේක කලේ..“

“හ්ම්..“

“ඒත් බබා ඔයාට මගෙ යාලුවො එක්ක එච්චර අවුලක් නැහැනෙ. එයාල ගෙදරට ගෙන්නගෙන මට එයාල එක්ක බොන්න දෙන්න තිබ්බනේ.. ඔයා බොන්න ඕන නැහැනෙ.. අනික එතකොට මම ගෙදර නේ..“

“නැහැ බබා.. “

“නැහැ කිව්වේ..“

“ඔයා කොහෙ ඉදන් බිව්වත්.. ඔයාගෙ ඇගට හොද නැහැ.. ඔයා මට කලින් මැරුනොත්.. මම තනියම.. ඔයා මරණෙට ටික ටික ලං වෙනව නම්.. මාත් ඒ මට්ටමින් ලං වෙන්නෝනි.. ඒකයි මාත් බොන්නෙ..“

“දැන් ඔයා හිතනවද මම ආයෙ බොයි කියල??“

“ම්ම්.. ඒත් ඒ ආතල් එක මම අතාරී කියල ඔයා හිතනවද බබා??“


Tuesday, September 24, 2013

කොල්ලන්ට නො-දැනෙන, කෙල්ලන්ගේ මාසික වේදනාව... !!


දවස් ගානක් දරන්නෝනි වේදනාව පටන් ගත්ත විතරයි. කකුල් දෙක එකට තද කරගෙන, කකුලක් උඩ කකුලක් දාගෙන ඉදල එපා වෙලා. ඒ මදිවට ඇන්දෙ කොට සාය කෑල්ලක්. දනිස්ස වහගෙන ඉදගන්නත් ඕන. කකුලක් උඩ දාගෙත්තෙ නැත්තං රිදෙන එක අඩු වෙන්නෙත් නැහැ. හැමදාම වගෙ පොත් බෑග් එක උස්සගෙන ඇවිත් තියා ගන්නෙ ඔඩොක්කුවෙ. ක්ලාස් එන ටිකට බස් එකේ සීට් එකක් සෙට් වුනෙත් නැහැ. පොඩි ලීක් එකකුත් තියෙන නිසා බෑග් එක එක උරහිසකට දාගෙන කවර් කරගෙන හිටියෙ බැග් එකෙන්ම. ඒත් කරුමෙට එතන ඉදගෙන හිටපු කොල්ල බලෙන්ම වගෙ බෑග් එකත් ගත්ත. ඊට පස්සෙ මොනව කරන්නද ඉතිං. සීට් එකේ හේත්තු වෙන තැනට සැන්ටර් වෙලා හිටගෙනම ආව ක්ලාස් එකට. 

ක්ලාස් එකේ ඉදගෙන හිටියට හිත හැම තැනම. වේදනාව, කරදරය, හැම දේම මැද සර් කියන දේවල් අහගෙන හිටිය. පුරුද්දට වගේ ඇස්ප්‍රින් කට ගාන කෙල්ලෙක් නෙවෙ මම. වේදනාවට පුරුදු කර ගත්තම කරදරයක් නැහැ. නැත්තං හැමදාම බොන්න වෙයි පෙත්තක්. මේක ස්භාවධර්මය නිසා පුරුදු වෙන්න ඕන. සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ කිව්වට හැමෝම හොයන්නෙ විකල්ප. දවසක් හරි පරක්කු කර ගන්න පෙති ගහන යාලුවො ඉන්නව මගෙත්. ඒත් මම යන දවසට යන්න කියල ඉඩ අරිනවා විශේෂ දවසක් නැති වුනොත්.

එක දිගට ක්ලාස් එකේ පැය ගානක් ලැලි බංකුවට පස්ස තද කරන් ඉදල, ඔඩොක්කුවට බැග් එක තද කරන් ඉදලා දෙපැත්තම තැම්බිලා වගෙ. ඒ මදිවට පෑඩ් කෑල්ල නිසා දාඩියත් දාල. හරිම අප්‍රසන්නයි. ඒත් කොල්ලො මැරෙන්නෙ මේටිකට නේද කියල ආඩම්බරයි. උන් ගානක් නැතුව උරා බොන්නෙ ආදරේද නැත්තං පෙරේත කමද කියලත් වෙලාවකට හිතෙනවා. ඇත්තට ආදරේ නිසාම නම් ලෝකෙ කොච්චර සුන්දරද. පෙරේත කමට වුනත් ජරාවක් කන්න හිතෙන උන් ඉන්නවද, අනෙ මන්ද. වේදනාව නිසා ඒවට පිලිතුරු හොයන්න බැහැ. කෙල්ලො ටික වට වෙලා ඉන්න වෙලාවක මේක සමථ මණ්ඩලේට දාල අහගන්නෝනි උත්තර. කොල්ලො වට වෙලා මේව ගැන මොනව කියනවද කියල මට කුතුහලේ.

ඉවර වෙනකල් පැය කට්ට දිහා බලන් හිටපු ක්ලාස් එකත් ඉවරයි. අද අරු එනව කිව්ව මාව බලන්න. ඌ එක්ක ගියොත් තවත් එපා වෙනව. ඌට මොනව හිතෙයිද මන්ද. මම කිව්ව සනිප නැහැ කියල ඒත් එන්න ඕන කිව්ව බොරුවටද මන්ද. අහ් මේ තියෙන්නෙ මැසේජ් එක. අද හදිස්සි වැඩක් ලු. එන්න බැහැලු. මම ඕක කලින්ම දන්නව. උබ මේ වගේ සුනාමි දවස් මිස් කරනව කියල. මම හිතන් හිටියෙ බඩ උඩින් උගෙ ඔලුව තදකරගෙන තියාගෙන ඉන්න. මට සනීප වෙනකල්ම. කමක් නැහැ පලයන්. මම එන්න කියන්නෙ නැහැ.

ඔක්කොම පටලවගෙන නැග්ග ගෙදර යන්න බස් එකට. හිර වෙච්ච ෆුට් බෝඩ් එකෙන් රිංගල ඇතුලට ගිහින් එල්ලෙන්න වුනේ උස බට කැලි දෙකක. අත් දෙක ඇත් කරල දෙපැත්තට එල්ලිලා ඉන්නව පැද්දි පැද්දි. අනේ දෙයියනේ කියල සපෝට් එකට ආව තඩි කොල්ලෙක් බැක් අප් කරන්න පිටි පස්සෙන්. දුක හිතෙන්න ඇති මං ගැන. ඔළුවත් කැරකෙනවා, ඇගටත් අමාරුයි. කමක් නැහැ මුන් ඒ සුවදට ආස ඇති. එක්කො පෙරේත ඇති, ආදරේ ඇති. කරන්න දෙයක් නැහැ සහෝ. මම බෑග් එක දාගන්නව හරහට. උබට ගෑවෙන්න වත් බැරි තරමට. ඈත් වෙන්න. උබලට තේරෙන්නෙ නැති මේ අමාරුව උබලගෙ අම්මල විදින්න ඇති. මම ඊලග හෝල්ට් එකෙන් බහිනව..

Thursday, September 5, 2013

මොකටද ආවරණ?? - Trust Releases Condom !!!


මම උඹව ඇල්ලුවෙ අත හෝදන්න බලාගෙන නෙවෙ. මොකද මට උබව අප්පිරිය නැහැ. ආදරෙන් අත් අල්ලගෙන ඉන්නකොට ඒ අත්වල මොනවද ගෑවිල තිබුනෙ කියල අපි කල්පනා කළෙ නැහැ කවදාවත්. ඒ වගෙම ඉන්න බැරි තරමට තදින් ලංවුන වෙලාවට උඹ මගෙ ඇගිලි පවා සූප්පු කරපු හැටි මට තාමත් මතකයි. ඒ අපි ආදරේ කරන කාලෙ. හොරෙන් ලෝකෙන් හැංගිල මගෙ තොල් දෙක ඔය තොල් දෙකේ පටලගෙන හිටියෙ කිසිම අප්පිරියාවකින් නෙවෙ. උදේට දත් මැද්දද කියල අහල අපි කවදාවත් තොල් අතර සැගවුනේ නැහැ. හෙම්බිරිස්සාවද උණද කියල අහල අපි තොල් අතර සැගවුනේ නැහැ. කිසිම දෙයක් අහන්නෙ නැතිව. කිසිම සැකක් බියක් නැතුව අපි ලංවුනා. ආදරේ කළා. උපරිම රසය වින්දා. ඒ රස වැඩි වුණෙ අපි දත් මැද්ද නැති දවස් වලද කියලත් විහිළුවට හිතෙනවා.

දවසක් මගෙ කකුල තුවාල වෙලා. ඔයාගෙ අතේ තිබ්බ ටිෂූ එකකින් ඒ ලේ ටික පිහිදාල දැම්ම මතකැති. ඒ ටිෂූ එකම අමතක වෙලාද මන්ද ඔයා අත පිහිදාගෙන විසික්කලා මට තාමත් මතකයි. ඔයාට මතකද කියල අහන්නෙ නැහැ. මොකද ඒක ඔයා දැනගෙන කරපු දෙයක් ද නොදන්න නිසා. දවසක් ඔයාගෙ සෙරෙප්පුවෙ පටිය පැනලා මම කට්ටක් ගැහුව. ඒ කට්ට ඇඹරිලා ඇවිත් මගෙම ඇගිල්ලක ඇනිල මට තුවාල වුණා. එදා මම ඔයා සෙරෙප්පු දාගෙන ඇවිද්දෙ කොහෙද කියල ඇහුවෙ නැහැ. ඔයා ඒක දාගෙන ටොයිලට් ගියාද කියලවත් මම දන්නෙ නැහැ. මොකද මට වැඩක් නැහැ. ඒ තියෙද්දි ලේ එන ඇගිල්ල මම කටේ දාල ඉරුව. ඔයා ඒ කෙල ටික පිහදමල දැම්ම.

එච්චර ආදරේ කරල අපි අන්තිමට එකම වහලක් යටට ආව. ඒ කියන්නෙ අපි දෙන්න බැන්ද. අද ඔයා මගෙ කකුල් වල ඇගිලි ලෙව කනවා. කටේ දාල උරනවා. ඒ මහ රෑට ඉන්න බැරුවම ගිහින් හැම දේම කරල කම්මැලි කමට. එවලෙට මම ගියෙ කොහෙද, මේස් කුට්ටම සතියම දැම්ම නේද කියල ඔයා කවදාවත් අහන්නෙ නැහැ. මමත් එහෙමයි. කි්‍යුෙටක්ස් ගාල තියෙන කකුල් නියපොතු එක්කම මම ඇදල ගන්නව කට ඇතුලට. ඒ වගෙම මගෙ හැම එකම ඔය උගුරු දණ්ඩෙ වදින හැටි, ඔය හැම එකම මගෙ තොල් දෙකේ වදින හැටි වෙන එකෙක් බලන් හිටියොත් හිතෙයි අප්පිරිය. ඒත් මේක ආදරේ. එදා වගෙම අපි ලබන්න දගලපු දේවල් අද ලැබෙනකොට ඒක එපා වෙන එක නවත්ත ගන්න අපි වෙනසක් කරන්න ඕන.

එක වහලක් යටට එන්න කලින්. ඔයා පාවෙන්න දගලනකොට. ලෝබ නැතුව මගෙ ශක්තියම ඔය තොල් අතරෙ දිව උඩ දග කරනකොට නොහිතුන හිරිකිත, මට දැනුනෙත් නැහැ. මමත් අතක් ඔය දෙපා අතර හිරකරගෙන කැලැත්තුවා රස සාගරයම. ඔයාවත් මම පාවෙන එකම උස මට්ටමට තියා ගන්න. දෙන්නම එකට පාවෙන්න. ඒ හැම දේකදිම අපි නොදැකපු අකැමැත්ත, නොදැනුනන හිරිකිත ආයෙ කවදාවත්ම දැනෙන්නෙ නැහැ. ඒ අපි ආදරේ නිසාම. අපි හරිම වල් නිසාම.

ඒත් අද ඇයි මේ අපි හිරකරගෙන එකම දෙයක්. ඔයා මගෙ විතරම නම්. මම ඔයාගෙ විතරම නම්. අපි අපි අතර බෙදා ගන්න සතුට විතරම නම්. අපිට කාලසටහන් තියෙනව නම්. අපි හරියට දින ගණිනව නම්. ඇයි ඔයාගෙ දෙපා අස්සෙ දගලන මගෙ ලෝකය රබර් බෑග් එකක් අස්සෙ හිර කරන්නෙ. අපිට දැනෙන හැගීම්, උපරිමයට ගෙනියන්න බැරි විදිහට රබර් බැලුන් පුරවල නවත්තල තියෙන්නෙ. අපිට මේව ඕන නැහැ නේද? අපි අපේම නම්. මොන ලෙඩක්ද අපිට? උපරිමයට පාවෙන්න ගලවල දාමු මේ කෝට් එක. අපි හරියට දින ගැනලා, ආවරණ නැතිව, බාධක නැතිව ඉගිලෙමු. උපරිම උසටම. එහෙව් අපිට මොකටද මේ ආවරණ???

Friday, August 30, 2013

ඇයට දුවන්න දෙන්න... හති වැටුනම ඔබ දුවන්න...



මුනින් අතට වැතිරිලා කල්පනා කළා ලියන්න දෙයක්. මුකුත් ලියන්න ඇතුවට නෙවෙ. පාළුවට ගිහින් හින්ද. බ්ලොග් එක විතරක් නෙවෙ මුළු ලෝකයම. මගෙ මුළු හිතම. පැටලිලා ගිහිල්ල. හිත පුරාවටම වටලගෙන කෙල්ලො ගොඩක්. ඒත් ඉතුරු වෙන්නෙ පැටලිල්ලක් විතරයි. අපෙ උන් දගලනවා කෙල්ලො නැතුව. උන්ගෙ ලෝක වල නීති වැඩි නිසාද මන්ද කෙල්ලො නැත්තෙ. උන්ට ඕනෙ කොල්ලෙක් දැකල නැති, අතින් අල්ලල නැති, කුළුදුල් කෙල්ලො. මගෙ ලෝකෙ, මගෙ හිතේ ඒ නීති නැති හින්දද මන්ද එහෙමත් නැත්තං මම දුක්ගන්නා රාළ කෙනෙක් නිසාද මන්ද මට කෙල්ලො වටේටම. කෙල්ලො විතරක් නෙවෙ විවාහය අතරමග නැතිවුණ ඇන්ටිලත්. අච්චර නීති දාගෙන ඉන්න අපෙ උන්ට නම් හම්බෙන්නෙ කෙල්ලො නෙවෙ කුළුදුලේ උපන් ලදැරියො. මුන්ව යවන්න වෙන්නෙ කාසල් එක ලගට හරි සොයිසා එක ලගට හරි.

මගෙ කල්පනාව බිදුනෙ එයාගෙ ඒ කෝල් එකෙන්. ආයෙත් උඩුබැලි අතට ඇදේ දිගාවෙලා අතක් කකුල් අස්සෙ ගහගෙන කල්පනා කර කර හිටපු මට අත එතැනම තියාගන්න හේතුවක් වුණේ ඒ කටහඩ. එයා එහා පැත්තෙ ඉදන් මොනවද ඉල්ලනව. හරියට මගෙ ලගම ඉන්නව වගේ. මම කතා කළා. එයා මගෙ ලගම ඉන්නව. මටත් දැනුන. හුස්ම සද්දෙ, ඒ උණුසුම පවා මගෙ හිතට දැනෙන්න ගත්ත. මම එයා ලගට ගියා. මගෙ අතක් ෆෝන් එකත් එක්කම කනේ. අනිත් අත තවමත් එතැනම. දැන් ටිකක් වැඩ වැඩි වෙලා.

කටහඩින් ලං වෙලා. හිත් වලින් එකම ඇදක ගුලි වෙලා අපි අනන්තය හොයනවා. එයාගෙ හුස්ම හඩ මට ඇහෙන්නෙ මහ සාගරේ ලග අස් පියාගෙන ඉන්නකොට ඇහෙන විදිහට මහ සද්දෙන්. ඒ මදිවට ඒ හුස්ම සැරට මාව ගහගෙන යන්න තරම් වේගයක් තිබ්බ. මම තද කරල අල්ල ගත්ත. ඇද නෙවෙ කලින් අල්ලන් හිටපු තැනම. කකුල් අතරට තද කරල. මම දන්නව එයාට ඔක්කොම ඉවර කරගෙන අනන්තයට දුවන්න ඕනෙ. ඒත් මට ඕනෙ ඒක එතැනින් ඉවර කරල ෆෝන් එක තියන්න නෙවෙ නිසා මම එයාට දුවන්න ඉඩ දුන්න. එයාට ඒ හයිය එන්න මාත් සද්දෙට හුස්ම ගත්ත. අත ගුලි කරගෙන ඒ හැගීම හිතට ගත්ත. එයා දිව්වා. මම බලාගෙන හිටියා. අනන්තය පේන දුරින් මම නැවතිලා එයාට ඒ සහනය දුන්න. මම ඉතිරි කරගත්ත හයියක්. නැත්තං මට මේක ලියන්න වෙන්නෙ නැහැ. අනික මම දන්න දෙයක් තමා කෙල්ලෙක්ට අනන්තය දකින්න දෙන්න ඕන අපිට කලින්. මොකද උන්ට දරා ගන්න පුලුවන්. අපි උන්ට කලින් දිව්වොත් විනාසයි. ඒකි මග ඉදී. එක දවසක් දෙකක්. ඉතිරි දවස් ඉවසන එකක් නැහැ. වෙන එකෙක් හොයාගෙන දුවයි. අනන්තයටම.

එයා ෆෝන් එක තිබ්බා. එයා දැන් නිදි. මම ආයෙ ලැප් එකට මූන ඔබාගෙන ඇදේ ඇලවෙලාම. ලියන්න දෙයක් නැතුව. කල්පනා කරනව. මට ආයෙත් ඇහෙනව ඒ හුස්ම සද්දෙ. ඒ උණුසුම. ඒ ආදරය. එයා නිදි. මම ඇහැරිලා. මොනව හරි ලියන්න බලාගෙන. තනියම. දෝංකාරෙ වගේ ඇහෙනව ඒ සද්දෙ. ඇස් පියාගෙන මම අහගෙන හිටියා. මම හිටපු හැටි එතැන. එයත් එක්කම. එයාට දුවන්න දීල මම නැවතිල හිටිය හැටි. එයා අනන්තෙ ඉදන් මට ඇහෙන්න කැගහපු හැටි. මම ආයෙ ආයෙ අහන්න ගත්ත. අත හිර වෙන්න ගත්ත ආයෙත්. මම ඉතිරි ටික දුවන්න බැටන් එක අතට ගත්ත. හයියෙන්. එයා ඉන්න තැනට දුවගෙන යන්න මට මහ වෙලාවක් ගියෙ නැහැ. මම දැන් එයා ලගම. එයා මට කලින් දුවපු එක ගැන දුකක් නැහැ මට. මට ඕන කලෙත් ඒක. මොකද එයාට දරා ගන්න පුලුවන්. මම එයාට කලින් දිව්වොත් එයාට මගෙන් වැඩක් නැතිව වෙයි. මම දුවන්නෙ හැමදාම එයාට පස්සෙන්. එක්කො එයත් එක්කම. ඒ දරා ගැනිල්ල නැත්තං මෙලහකටත් ඒකි මගෙ ලග නැහැ.

මා නැති අතර මා ගැන සොයා බැලූ සැමට තුති..
-රැඩියා නැවතත්

Wednesday, May 1, 2013

කැඩිච්ච එක?? රෙද්ද තමයි..


හැම එකාම මට බනිනව. කාටද තේරෙන්නෙ මම ඒකිට තියෙන ආදරේ? මට තියෙන්නෙ වල් කමලු. නැතුව අවංක ආදරයක් නෙවෙලු. කෙල්ලෙක් වෙනුවට ගෑනියෙක් වුණ කෙල්ලෙක් පස්සෙ යනවලු. උන් දන්නෙ නැහැ ඇත්ත. උන් දකින්නෙ ඒ අහිසංකීගෙ වැරදි පැත්ත විතරයි. උන්ට ඒකි නරක කෙල්ලෙක්. ඒත් මම දන්නව ඒකිගෙ හිත. ඒකිගෙ ඇතුලෙ කැකෑරෙන දුක. උඩින් හිනාවෙලා ආතල් එකේ හිටියට වෙන කෙල්ලො වගෙ නෙවෙ. කවද හරි කොතනදි හරි තමන් හිර වෙන දවසක් එනව කියල දැන දැන ඒකි හිනා වෙනව. ඒකි වල් කමට කරගත්ත දෙයක් නෙවෙ. ඇත්තටම ආදරයක් හොයාගෙන ගිහින්, ආදරේ වෙනුවට ඒකිගෙ පිරිසිදු කම නැති කරපු මිනිහෙක් නිසා වෙච්ච දෙයක්. ඒකි ඌට පැලෙන්න ආදරේ කළා. ආතල් ගන්න නෙවෙ. ආතල් එක්කම ආදරේ ලබන්න. මම ඒකිට පව් කියන්නෙ නැහැ. මොකද ඒකිට පව් කියන්න තරම් ඒ කෙල්ල අසරණ වෙලා නැහැ.

කොල්ලෝ හැම එකාම ඒකිගෙ වැරදි කියද්දි මම බලං හිටිය ඒ ඇස් දිහා. අමු අමුවෙ ආතල් ගන්න මම එහෙම කරනව කියපු එවුන් තාමත් ඉන්නව. නැහැ. මම ඒකිට ආදරෙයි. සැප ඕන කෙල්ලෙක් දෙනවා. මේකිත් එහෙමයි. සැප ඕන කෙල්ලෙක් ගන්නව මේකිත් එහෙමයි. ඒත් වෙනසකට වුනෙ මේකි සැපේ සීමාව පන්නපු එක. එකම එක පාරක්. ආදරේ විදින්න ගිහින්. නැතුව වටේ යන්න ගිහින් නෙවෙ. මම ආදරේ ඒ හදවතට, අසීමිතව ආදරේ කරල පිරිසිදු කම නැතිකරගත්ත අවංක හදවතට. ඒ වගෙම ඒ වල් හිතට. මොකද මාත් අනන්තව වල්. ඕඩිකොලෝන් කුප්පිය බිම හැලුව වගේ ඒකි මාව වාශ්පකරල දැම්මෙ එක හුස්මකින්. ඒ හුස්ම තාම උණුහුම්. ඒ දැල්ලෙ රත් වෙවී මම ඒකි එක්ක ආදරෙන් ඉන්නව. ඒකිගෙ යාලුවො සමහරක්, මගෙ යාලුවො බහුතරයක් දන්න ඇත්ත මට වැදගත් නැහැ.

කොල්ලො වුනත් වටේ ගිහින් සැප අරන් එද්දි, උන් අනිත් පැත්තට කිව්ව “ගෑණු කවරෙද වරදෙ නොබැදෙන“ කියල. එතකොට උන් ගිහින් සැප අරන් ආවෙ ගෑනුන්ගෙන් නෙවෙද? අනික ඒ ගෑණු වැරදි කරද්දි උන්ට සපෝට් කලෙ අපෙම හැත්ත නෙවෙද? ගෑණු වරදෙ බැදෙනකොට එතන ඉන්නෙ පිරිමියෙක් කියල උන්ට අමතකයි. කොල්ල කට ඇරල කෙල්ලගෙන් ආතල් ඉල්ලද්දි, කෙල්ල කට ඇරල කොල්ලගෙන් සැප ඉල්ලන එක වැරදි. හරි මගුලක්නෙ. මේව අපෙ උන් තේරෙන්නෙ නැහැ. මම දාර්ශණිකයි කියයි. අනික මම ආත්මාර්ථකාමීව, මම පැටලිල ඉන්න දැල සාධාරණයි කියල හිතාගෙන කියන කතාවක් කියල හිතයි. ඒ මොන දේ හිතුවත් මම ඒකිට ආදරෙයි. ඒකි කරපු වැරදි, ඒකිට වෙච්ච වැරදි හදාගෙන අද මේ මොහොත ඉදල ඒකි මාත් එක්ක, ආදරේ කරයි. හැම දේම කරයි.

එකෙක් ඇවිත් ඇහුව ඒකිගෙ පෙට්ටිය කැඩිල නේද බං කියල. ඌ කතාව දන්න නිසාම ඇහුවෙ. මම ඔව් කිව්ව. ඒකිගෙ අසරණ කම කිව්ව. ඌ මට කෝ චෝක් දැම්ම. මාව බයිට් එකට ගන්න හැදුව. මම ඇහුව උබ එතකොට උබෙ නූල කඩාගත්තෙ කවදද කියල. ඌට මතක නැතුව ඇති ඌ තාම බැදලත් නැති කොට කීයක් එක්ක නිදා ගත්තද කියල. රත්තරං චේන් එක හොරු ඇවිත් ගලවන් යන්නෙ පිලිවෙලකට නෙවේ කියල ඌට අමතකයි. බෙල්ලෙ තියෙන මාලේ හොරු ඇවිත් ගාංචුවෙන් ගලවන් යන්නෙ නැහැ. උන් ඇවිත් බෙල්ලෙන් ඇදල කඩල දාල අරන් යන්නෙ. මොකද ඒ, රත්තරං කැඩුනත් වටින නිසා. අනික මාලෙ කැඩිල බිම වැටිල තිබ්බොත් එකෙක් කියනවද ඒක කැඩුනු රත්තරං මාලයක්. වටින්නෙ නැහැ. විසික් කරල දාන්න කියල. මගුල තමා. 

හැම එකාම තේරුම් ගනින්. මට ඒකි රත්තරං මාලයක්. ඇත්ත ඒ මාලෙ කැඩිල. ඒත් ඒකෙ බර, පවුම්, ගාන මනින්නෙ මම ඒකිගෙ හදවතින්. ඒ වගෙම මටම ගැලපෙන වල් කමින්. කෙල්ලෙ උබ හිටපං. මම අපේ හැත්ත අතැරලා ලගට එනවා. ගාංචුවෙන් කැඩුනට නූල් පොටකින් ගැටගහල හරි කරේ දාගෙන හැඩ බලන්න.

මම ආදරෙයි උඹට...

Friday, March 29, 2013

ජපන් කොඩිය කලින්ම දාලා....




බබා අපි දෙන්න මෙහෙම තනිවෙයි කියල අපි කවදාකවත් හිතුවද?

අනේ මට බයයි කොල්ලෝ...

ඇයි බය වෙන්නෙ?

වෙඩින් එකට කලින්, ගෙදරටත් හොරෙන් මෙහෙම තනි වෙන එක හරිද?

ගෙවල් වලින් දන්නවා. දැන් අපි අපේම විතරයි. ඔයා මගේ. බය වෙන්න එපා...

හරි බබා.. ඒත් පරිස්සමෙන්. ඔයා මගෙ හැම දේම ගන්න. එකක් ඇර.

ඇයි ඒක මට නෙවේද?

පිස්සුද කොල්ලෝ.. ඔයාටම විතරයි.. ඒත්.. එදාට අපි අම්මලට පෙන්නන්න ඉතුරු කරන්න...

***************

මතකද? අපි මීට කලින් තනි වෙච්ච දවස?

ඇයි කොල්ලො මට අමතක...

එදා බෑ කියපුවා අද පුලුවන්.. අද ඉදන් අපි දෙන්න ඉන්නෙ එකට.. එකම වහලක් යට..

මම කවදාවත් හිතුවෙ නැහැ ඔයාලගෙ අම්මල මට කැමති වෙයි කියල..

එදා මම කිව්වනේ කෝම හරි ඔයාව බදිනව කියල..

ඒකනේ මම ඔයා ලගින්ම හිටියේ..

ලගින්ම කෝ බලන්න...

අනේ ඉන්නකෝ චුට්ටක්..

බැහැ අද නම් ඉන්න දෙන්නෙ නැහැ..

***************

අඩන්න එපා කෙල්ලේ..

ඇයි මට මෙහෙම වුණේ...

ෂික් අපරාදෙ...

අපරාදෙ කිව්වෙ මාව බැන්ද එකද බබා? ඔයා දැන් පසුතැවෙනවද? මම වැරදී කෙල්ලෙක් කියල හිතල..

නැහැ කෙල්ලේ.. එදා අපි තනි වෙච්ච දවස අපරාදෙ.. කලින් මෙහෙම එකක් දන්නව නම් අපිට එදාත් මොනව හරි කරන්න තිබ්බා..

සමාප්තයි !


Tuesday, March 12, 2013

Comparison - බ්ලොග් ලොව කබ්බෙක් සහ ජේෂ්ඨයෙක්




පහ වසර ශිෂ්‍යත්වය කරන කාලේ තිබ්බ අමාරුම රාජකාරිය රචනාවක් ලියන එක බව බෙහෝ අය සිතුවෝය. එහෙම ලියන රචනාවක වචන ප්‍රමාණයක් අනිවාර්යෙන් තිබිය යුතුය. බොහෝ ඒවා වචන 200කට නොඅඩු විය යුතුය. එහෙම ලියන රචනා සමහර සිසුන් ආරම්භ කලේ මහා අමාරුවෙනි. බොහෝ අය ලියන ඡේදයක් පාසාම තමා ලියු අකුරු ප්‍රමණය ගණන් කළෝය. එසේ කළේ තමන්ට ලියන්නට දෙයක් නැති නිසා මිස, ලියන්නට කම්මැලිකම නිසා නොවන බව සත්‍යයක්ය.

ලියන්නට කතන්දර නැති තැන ජීවිතය හිස්ය. එසේ ලියන්නට කතන්දර නැති තැන නිර්මාණශීලී අයෙක් නම් කතන්දර නිර්මාණය කර හෝ ලිවිය හැකිය. ඒ ලියන ඒවා කියවීමටද හැකිය. කියවීමට තරම් ප්‍රියමනාපද වන්නේය. මේ උත්සාහය බ්ලොග් ලොව ජේෂ්ඨ යැයි කියන අයෙකුගේ සහ කබ්බෙක් යැයි කියන අයෙකුගේ ලිපි දෙකක් සංසන්දනය කිරීමටයි. 

කොලිටිය මනින මාපකය - ලියන්නට දෙයක් නැති, නිර්මාණශීලී නොවන අයෙකු ලියන විට වචන අඩුය. රසය අඩුය. එසේම කියවීමට සිත තුල පෙලැඹවීමක් ඇති නොවන්නේය.

මෙන්න බ්ලොග් ලොව දැවැන්තයෙකුගේ ලිපියක්...
මෙය ඔහුගේ බ්ලොග ආරම්භ වී එහි වැටුනු දෙවන ලිපියයි.

මම පොඩි කලෙ හැදුනෙ අපෙ කිරි අම්මලගෙ ගෙදර. ඒ කියන්නේ අපෙ අම්මගෙ අම්මගෙ ගෙදර. ඉතින් පුන්චිලගෙ මාමලගෙ නොමද සෙනෙහස මැද තමයි මම හැදුනෙ වැඩුනෙ.

ඔන්න ඔහොම ඉද්දි ආව ඇවිදින කාලෙ. ඒත් මම හරිම කම්මැලිය ඇවිදින දුවන වැඩ වලට. ඒත් එහෙම කියල බැරි නිසා චූටිම මාම හොය ගත්ත මරු ක්‍රමයක්. මොකක්ද දන්නවද ක්‍රමේ. ඇවිදින්න ඔන වෙලාවට කලිසමෙ (ඒ කාලෙ කිව්වෙ ජන්ගිය කියලනේ) පිටිපස්ස පැත්තෙන් ගහනව කොස් කොලයක්. දැන් ඔන්න කොල්ලට කිචි ගමකට... කොස් කොලෙ ගන්න තේරෙන්නෙ නැති නිසා කිචි නැති වෙනකන් දුවනව ගේ වටේ.

ඉතින් ඔන්න ඔය කියන කොස් කොලේට පින් සිද්ද වෙන්න තමයි මම ඇවිදින්න පුරුදු උනේ.


මෙන්න බ්ලොග් ලොව කබ්බෙකුගේ ලිපියක්...
මෙය ඔහුගේ බ්ලොග ආරම්භ වී එහි වැටුනු දෙවන ලිපියයි.



මේ දිනවල අනීවාරතේ ...... ඹහුගේ සුසම් පොදයි, එය "පවිත්‍ර හෝම්ස් " පුද්ගලයාගේ ජීවිතය හරහා දිවෙන අතර එහි අප මිතුරා දැන් "දොස්තර වොට්සන්ය"... !!! මට මෑතකදි, වොටිසන් සහ හෝම්ස් දෙදෙනාම එකම තැනකදී මගේ මුහුණට මුහුණ සමපාත විය. අචල ලක්ෂයක් වටා දිවෙන තවත් ලක්ෂයක පථය වෘත්තය‍ක් වන්නා සේ අප සැම මෙවන් පුංචි රටක, කවදා කොතැනක හෝ මුණගැසෙන බව මට ඉන් පසක් විය.

ආච්චීට බුදුසරණ පත්තරයක් වුවමනා බව කිවා මතකය, සරසවිය පත්තරේ තිබ්බ ලිපියක් බැලීමට සරසවිය පත්තරයක් අතට ගත් මම බුදුරසරණකුත් අතට ගත්තේ ආචිචීට ගෙනවිත් දීමටය. ""සබ්බ දානං ධම්ම දානං ජිනාති"" වදනද සිහිපත්ව කරන පාප කර්ම අකර්මන්‍ය විමට නම් ඊට බලයෙන් සමාන දිශාවෙන් පුතිවිරැධ පුන්‍ය කර්ම කල යුතුය. ඒ නිව්ටන්ගේ 3වන ධර්මයයි. බුදුසරණට උඩින් සරසවිය තබා රෝල් කරගත් මම ආචිචී බැලීමට පිටත් වීමි.

මාර්ගය වැටී තිබුනේ ඇත්තටම මගේ පාසල් ම්තුරා ගේ නිවස අද්දරිනි. ඇත්තටම ඹහු දැන් යුගයේ blogකරැය. අනීවාරතේ ..... "පවිත්‍ර හෝම්ස් " සමග සැරි සරන ඹහු දැන් "දොස්තර වොට්සන්ය" ඒ සියලු කරැණු කාරණා සිහිවුණ මම ඹහුගේ නිවස අද්දරින් මගේ පියවර ඉක්මනින් තැබීමි. වොට්සන් වෙන්නට පෙර පාසලේ තනියා වූ ඹහු යහපත් මානසික තත්වයෙන් පසු විය. විශ්ව ව්ද්‍යාලයට පුවිශ්ට වු පසුවද මට ඹහු මුණගැසින, එවිටද ඹහුට විශේෂවූ ආබාධිත තත්වයක් නොවින. විශ්ව විද්‍යාලයේදී ඹහු ගැටයාය (විශ්ව විද්‍යාල IUPAC නාමකරණයට අනුව). නමුද ඹහුගේ blog එකට අබ්බැහි වූ මට දැන් ඹහුගේ මානසිකත්වය පිලිබද විලිලැජ්ජා සහිත සංතෝසයක් විය. එනිසාම මම අඩි ඉක්මන් කලෙමි.

"අඩෝ ......""
සැබවින්ම පරිපරයම නිහඩ වූ බවක් මට දැනින, ඇලපෙනිත්තක් බිම වැටුණට ඇසෙන තරමි වටපිටාවක් ඇතිවිණ. ඒ නිහඩ බව පරදා මහරෑ අපේ මිදුලේ කෑගසන බලු තඩියා ගේ හඩ මෙන් විනිවිද ඇසුනේ යුගයේ blogකරැගේ හඩයි. පාසල් කාලය මෙන් ඒ හඩ තවමත් මියුරැය, තවමත් ගනේපොල සර් ගේ හඩට සමානය.

"කොහෙද බං යන්නේ වරෙන් මචං ගෙට."" කළ හැක්කක් නොමැත. මමද ගොඩවීමි. එහි තවත් මිතුරෙකුද වීය.
"පොඩ්ඩක් ඇවිදින්න ආවා බං.""මම නුපුරැදු මිතුරා දෙස හැරැනෙමි, කවුද බං මේ dial එක??
""ආ මචං මේ අපේ හෝම්ස් නේ, ""කියම්න් එක ඇසක් පුංච් කර... ""උබ දන්න‍වනේ බං අර බ්ලොග් එක....""
මට දෙලෝ රත් විය. හංදියේ කොත්තු කඩේ ලගින් යනවිට දැනෙන උණුසුම ඊට ව‍ඩා සිසිල් යයි හැගිණ. එකෙක් මදිවට තව එකෙක් යැයි මට කියවින. මගේ මිතුරා (දැන් වොට්සන්) හෝම්ස් චරිතය අධ්‍යයනය කිරීමට ඹහුව නිවසටම ගෙන්නවාගෙන ඇතැයි මට හැගුනේ අසාධාරණ සිතිවිල්ලක් නිසා නොවේ, සෝඩියමි (Na) ජලය සමග සීඝූ පූතිකියා කරන බව ගුරැතුමිය කියූ කළ සෝඩියම් කැබැල්ල දිවේ තබා එහි ඇත්ත නැත්ත පරීක්ෂණාත්මකව විමසා බැලූ මගේ ම්තුරා පිලිබද දන්නා නිසාය. සැබවින්ම ඹහු හොම්ස්ව අධ්‍යයනය කරනවා ඇත. මෙවර මනෝ ලොවින් මා ම්දෙව්වේ හෝම්ස් මහතාය, වොටිසන් නිහඩය...

"මොකද? කැම්පස් නිවාඩුද??""

කැම්පස්...??? exhibition එකක් බැලීමට කැම්පස් එකට ගියා මතකය.. ඒත් නිවාඩුද අහන්නේ??? හෝම්ස් මහතාට වැරදී ඇත..

"පුදුම වුණා නේද?? ඇත්තටම මම හෝම්ස්, මට පුලුවන් හොදට මිනිස්සුන්ව අධ්‍යයනය කරන්න. ඹබේ පැරණි ම්තුරා ඒක හොදට දන්නවා. ""

- මොකද නැත්තේ දැන් මාත් දන්නවා, වෙනදා මෙන් මගේ කට ඉස්සර විය..

"ඇත්තටම සතුටුයි, ඹබ අතේ තියන සරසවිය පුවත්පත නිසා මට පහසුවෙන් තේරැනා ඹබ සරසවි ශිෂ්‍යයෙක් බ‍ව ""
හෝම්ස්ගේ සාමාන්‍ය දැනුම ම‍ට පසක් කලේ මා ම්තුරැ වොට්සන්ගේ උපහාසාත්මක මුහුණයි....

"""නැහැ හෝම්ස් මෙවර ඹබ අසමත්, ඹහු මගේ පාසල් ම්තුරෙක්, ඹහු දැන් රැකියාවක් කරනවා. සරසවි ශිෂ්‍යයෙක් නෙවේ ""
වොට්සන් හෝම්ස්ගේ ප්‍රකාශය නිවැරදි කලේ මා අත තිබු පුවත්පත් ඹහු අතට ගනිමිනි. හෝම්ස්ගේ හැගීමක් නැති මුහුණ තවමත් බැරෑ‍රැම් ගතියක් ගනී. නමුත් පරාජිත බවක් නැත.

"""අද මම කියන්නම් මෙතන මොකක්ද වෙන්නේ කියලා, උබ කියපං හෝම්ස් ද / මමද හරි කියලා"""
දැන් වොට්සන් ශිල්ප පෙන්වීමට ඉස්සර විය. මම එදා ගෙදරින් ‍එලියට බැස ඇත්තේ රාහු කාලයකද? නැතිනම් පලමුව මුණගැසුනේ කවුද යන්න සෙවීමට මා උත්සුක වුනෙමි, දැන් මා පූමාදය ගිරයට හසු වී හමාරය, එක පසෙක මා උගත් ම්තුරාය, අනෙක් පස දක්ෂ රහස් පරීක්ෂක හෝම්ස්ය.

"""අද පෝයනේ, උබ යනනේ පන්සලට. සුදු ඇදගෙන ඇවිත් තියෙන්නේ. අනික බුදුසරණ පත්තරයක් අරන් ඒක වැහෙන්න සරසවිය පත්තරයක් තියලා, අපි දැක්කොත් හිනාවෙයි කියලා හිතලා. ඒත් පන්සල් ගිහින් සරසවිය පත්ත‍රේ උඩ ඉදගෙන බුදුසරණ කියවන්න යන්නේ""" මම හරි නේද?????

පාසල් අවධියේ prefect room එකේ දොරේ ඉබ්බා ගෙනවිත් මා මිතුරගේ කලිසමේ belt loop එකට දැමූ සිදූවීම මට යලි සිහි නැගිනි. ඒ මොහොතේද ම්තුරා යතුර සොයා ගැනීමට හැසිරැනේ රහස් පරීක්ෂකයෙකු පරිදි මට මතක් විය. අවසානේ යතුර සොයාගත නොහැකිව loop එක කපා එහා වත්තට ඉබ්බා විසිකලේ ඹහුට රහස් පරීක්ෂක දැනුමක් නෙතිබූ නිසා බව නොරහසකි. එවරද ඹහු අසාර්ථකය, මෙවරද එසේමය. නමුත් මට දැන් හෝම්ස් නිවැරදි කිව නොහැක, වොට්සන් වැරදියයි කිවහොත් අප මිතුදමේ අවසානය විය හැක,එසේම ඹහුගේ සාර්ථක blog පිටුව මට තහනමි වනු ඇත. මා තීක්ශන වීමී..

"""මචං පස්සේ සෙටි වෙමු, ආච්චී බලං ඇති. මම යනවා..."""


බ්ලොග් ලොව මෙතෙක් කරන්නට නොවූ සැසදීමක් අද කරන්නට වූයේ සිද්ධ වන්නාවූ දෙකඩ වීම වැලැක්වීමට මිස තැටිය රත්වූ මොහොතක රොටිය පුලුස්සා ගැනීමට නොවේය. සියළු කබ්බෝ අදක්ෂයෝ නොවන අතර, සියළු ජේෂ්ඨයෝ දක්ෂයෝද නොවන්නේය. 

ඉතින් කළ යුත්තේ ඉරිසියා කිරීම නොව, නොහැකි නම් නොලියා පැත්තකට වීමය. නැතිනම් ලියන එකා දිරිමත් කිරීමය. 

තවත් රසවත් කඹු බ්ලොග් මෙන්ම, ජේෂ්ඨ බ්ලොග්ද,
තවත් නීරස කඹු බ්ලොග් මෙන්ම, ජේෂ්ඨ බ්ලොග්ද,

උදාහරණ මගින් දැක්විය හැකිය. කඹු හෝ ජේෂ්ඨවන්නේ නිර්මාණශීලී හැකියාව මත මිස, බ්ලොග පටන් අරන් කොච්චර කල්ද කියා මැන බැලීමෙන් නොවේය.

" නජච්චා වසලෝ හෝති - න ජච්චා හෝති බ්‍රාහ්මණෝ
               කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රහ්මණෝ"

කිසිවෙක් උත්පත්තියෙන් වසලයෙක් නොවේ,
උත්පත්තියෙන් බ්‍රාහ්මණයෙක්ද නොවේ
අයෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ
තමන් කරන්නාවූ ක්‍රියාවන් මතය.

-ගෞතම බුදුන් වහන්සේ



Tuesday, March 5, 2013

කුහකකම් කරද්දි “ආදරේ කියන්නෙ දුකක්...“


ලේන්සුව පපුවෙ ගහගෙන මොට්ටසෝරි ගිය කාලෙ තනියෙන් ඉන්න බයේ අඩන්න ගත්තා. ඒ තනි කමට බය නිසා. පස්සෙ ලොකු වෙද්දි තනිකමට තිබ්බ බය පැත්තකින් දාල කොල්ලො එක්ක රවුම් ගහද්දි කිසිම බයක් හිතට ආවෙ නැහැ. ඒ වල් කම නිසා නෙවෙ. අලුත් අත් දැකීම් ලබන්න තියෙන ආසාවට. පුංචි කාලෙ ඉස්කෝලදි එහා පැත්තෙ ඉන්න එකා තමන්ට වැඩි ලකුණු ගනී කියල හරි උත්තර කියල දෙන අතර දෙක තුනක් හිතලම වරද්දල කියල දෙන එක සමහරුන්ගෙ පුරුද්ද වෙලා තිබ්බ. පස්සෙ කාලෙක ඒ වැරදි හරි ගැහිල අළු ගසල දාල අපි කොල්ලො කෙල්ලො වුණා. ඒ අපේ බුද්ධිය මුහුකුරා ගිය හින්දා. කන කෑම එක කෑම පෙට්ටියෙන් වහගෙන එහා පැත්තෙ එකා කෙළ ගිලී කියල කාපු හැටි මතක් වෙනවා පොඩි කාලෙ. එහෙම කෑම කාලා පස්සෙ ලොකු වෙද්දි අනුන්ගෙ කෑමත් පෙරලගෙන තත්වෙට පත්වුනා අපි හරි අපුරුවට. ඒ වගෙම අනිත් එවුන් කොපි කරයි කියල හිතල අකුරු ලියන පොත ලොකු සී.ආර් පොතකින් වහගත්ත කාලයක් තිබ්බ අපිට. ඒ පුංචි කාලෙ. ලොකු වෙද්දි එහා පැත්තෙ එකාගෙ පේපර් එක අතට අරන් ලියල දෙන මට්ටමට අපි පත්වුනා. ඒ අපෙ බුද්ධිය වැඩුණු නිසා.

හිතේ තියෙන ඉරිසියාව, කුහක කම, පොදි බැදගෙන ජීවත් වෙද්දි තව එකෙක් කෙලින් හිටගද්දි බලන් ඉන්න බැරි කමක් එනවා. එතකොට අර කියපු බුද්ධිය වැඩෙන්නෙ නැතුව යනවා. තනතුරක් ලැබෙද්දි, ඒක එයාට නෙවේ මට කියල හිතෙනවා. ප්‍රවීණයි පරණයි කියල කියන්නෙ දක්ෂතාවය නෙවේ. කෙටි කලකින් ස්වාධීනව ලබන පන්නරය ජයග්‍රහනයක් සේම, දිගු කලකින් යමක් ලබන්න බැරි වුනාම එන කෝපය පරාජයක්. ඒ පරාජය වැලදගෙන විනාස වෙන අය නම් මේ ලෝකෙ කොච්චරවත් ඉන්නවද. ඒ පරාජය කෙනෙක් වැලද ගත්දි ඒ අය අවුස්සල තියල ආතල් ගන්න තරම් කුරිරු සමාජයක් බිහිවෙලා තියෙනව නේද? ඒ ගැන හිතද්දි හරිම කනගාටුයි.

යුද්ධ කාලෙ මලක වහලා හිටිය සමනලයෙක්ට අහකින් කොහෙන්දෝ යන වෙඩි පහරක් වැදුන. කවුරුත් හිතල නම් වෙඩි තියනවද සමනලයෙක්ට? තියන්න පුලුවන්ද එහෙම? මිනිහෙක් විනාස කරන්න හදන තුවක්කුවකින් කවදාවත් වෙඩි තියල සමනලයෙක් මරන්න පුලුවන් කියල හිතන එකත් අර නොවැඩුනු බුද්ධියේ සාමාජිකත්වයක් කියලයි හිතෙන්නෙ. කොහෙන් කොහෙම හරි අර සමනලයට අහක ගිය උණ්ඩයක් වැදුණා.

අසාධාරණ උණ්ඩය සමනල පිහාටු දෙක දෙපැත්තට පා කරල යැව්වා. හුලං පාරට දෙපැත්තට, කියන්න බැරි විදිහට නොපෙනෙන අන්ත දෙකකට. ලස්සන පුංචි දැරිවියක් දුවගෙන ඇවිත් අහුල ගත්ත එක තටුවක්, සිනිදු අත් වලින් සියුමැලිව අල්ලගෙන, අරන් තිබ්බ ලස්සනට පොතක් අස්සෙ පරිස්සමට. අනිත් තටුව පාවෙලා ගිහින් වැටුනු තැන පුංචි කෙල්ලෙක්. දඩබ්බර, හිතෙන දේ කරන, කිසි පරිස්සමක් නැති, කෙල්ලෙක්ගෙ අත්වල හිරවුණා අර වගෙම තටුව. කෙල්ල කරකවල බැලුව තටුව. අර පරිස්සමක් නැතුවම. කරන්න දෙයක් නැහැ. ඒත් පුරුද්දට වගෙ හිර කරල දැම්ම පොතක් අස්සක.

අර සුන්දර සියුමැලි පොඩි කෙල්ල පැවරුම් වැඩකට අර තටුවම පාවිච්චි කරනව. ලස්සන කාඩ් එකක් හදන්න. ඒක හදාගෙන ඉස්කෝලෙට ගෙනිහින් පන්තියට ඉස්සරහ පැසසුමට ලක්වෙනව. අර දගකාර කෙල්ලත් ඒ පන්තියෙම පැත්තක. පොත් අස්සෙම හිරකරගෙන සමනල තටුව. ශාප කරනව නිර්මාණශීලි කෙල්ලෙක්ට. ගොඩ කාලයක් වැඩක් නැතුව හැංගිලි තිබුණ පොත අස්සෙ තිබුන තටුව අර දගකාර කෙල්ලටත් අමතක වෙලා හැලිල යනව පොත අස්සෙන දවසක. වැඩක් නැතුව. හරිම ආදරෙන් තියා ගත්ත ලස්සන සමනල තටුවක්. කිසිම වැඩක් නැතුව. ඒත් දහස් වාරයක් ශාප කළා සමනල තටුවෙන් වැඩක් ගත්ත කෙල්ලට. ඉතුරු වුනේ රත් වුණ ලේ බිංදු ටික විතරයි. අපරාදෙ සුන්දර කරන්න තිබ්බ ලෝකයක් සුළු මොහොතකට හරි. කුහකත්වයෙන්  ඈත් වෙලා සදහටම.

පොඩ්ඩක් හිනා වෙන්න කියල දහස් වර අඩවන තැන් ඕන තරම්, ආදරේ කියන්නෙ දුකක් කියල පැල් බැදගෙන කුහක කම් කරන තැන් ඕන තරම් තියෙද්දි අර කෙල්ල රැවටුනේ නැහැ. ඇවිද්දා දහස් ගව් නොනැවතී, හිත හදාගෙන හති නොවැටී. සුන්දර කරන් ලෝකයක් ආදරණීය සිහනවකින්. 

Wednesday, February 20, 2013

දරු සෙනෙහස !


සොදුරු රුව පොඩි, දුටු වනම සුදු
ස්නේහයෙන් උතුරයි සිතක් මෘදු
සිනා පාමින් දෙඅත් කොට දිගු
සිපගනී ආදරෙන් නොම අඩු



දුටු නමුදු ඒ වගෙම පොඩි පුතු
කලින් පෑ සෙනෙහසක් නෑ මතු
මඩ දූලි කුණු ගතින් අපිරිසිදු
දරුවෙකුත් පිහිටක් පතයි මිතු


මහා සෙනගක් මැද්දේ වුවද සුවද හමන, ලස්සන සුන්දර දරුවන් අතට ගෙන සුරතල් කරන පිරිමින්, බොහෝ කාන්තාවන්, අපිරිසිදු අසරණ දරුවක් දුටු වන පිළිකුල් කරන්නේ මන්ද? ඒ තමන් දරුවෙකුට ආදරය පෙන්නන්නේ සමාජයට පෙනෙන්නට නිසා හන්දාද? නැතිනම් මිනිස් ජීවිතයක යථා ස්භාවය නොදන්නා නිසාද? බොහෝ පොදු ස්ථාන වලදී හමුවන නොදන්නා පුංචි දරුවන් අවට පුද්ලයන්ට පෙනෙන්නට සුරතල් කරන්නාවූ කෙල්ලන් අනන්තවත් දැක ඇත්තෙමි. ඔවුන් බොහෝවිට සුරතල් කරන්නේ සුන්දර ලස්සන පුංචි දරුවන් පමණක්ය. ඒ වගේම සම පැහැපත් නැති දරුවෙක් දුටු වන උක්ත සෙනෙහස ඔවුනට නූපදින්නේ ඔවුන් මවාපාන්නාවූ සෙනෙහස විදහා දක්වමින්ය.

Saturday, February 9, 2013

අසල්වාසිනිය...


ඈ දගකාරය. හැඩකාරය. ඇගේ සිරුර නාරි ලාලිත්යයෙන් අනූනය. ඇගේ සම ඇත්දළ පැහැතිය.  අක්බමරුන් වැනි හිසකේ ඇගේ සරාගී බව වැඩි කරයි. ඉග සිහින්ය. නිතඹ ඕනෑම ඇදුමකට ලස්සනට කැපී පෙනේ. ලැමද සුන්දරය. ඈ ඇදුම් අදින්නේ ලැමෙහි උඩ කොටස තරමක් නිරාවරණය වන්නටය. එය කාගේ වුවත් සරාගී සිත අවුළුවයි.ඈ බොහෝ විට උඩු කය ඇදුම් අදින්නේ දෙපියොවුරු කැපී පෙනෙන්නටය. ඇගේ සිරුරට සාපේක්ෂව පියොවුරු මදක් විශාලය. ඒවා රවුම්ය. ලස්සනය. ඈ කිටි කිටියේ අදින බ්ලවුසයන් නිසා යමෙකුට සිතෙන්නේ ඇගේ රවුම් ලස්සන දෙපියොවුරු එලියට පනින්නට බලා ගෙන සිටිනවා ඇත කියාය. බ්ලවුසය අස්සේ හිරවූ දෙපියොවුරු ලමැදෙහි නිරාවරණය වූ කොටසේ සුන්දර ඇලියක් සාදයි. එදෙස බැලූ කෙනෙකුට නෙත් ඉවතට ගැනීමට නොහැකිවා පමණක් නොව, ආවරණය වූ කොටසේ ඇති දේ හිතෙන් මවා ගැනීමටද බල කරයි...

එහෙත් ඈට පෙම්වතෙක් සිටියේය. එය මගේ බලවත් අමනාපයට හේතුවිය. මහල් නිවසේ අපෙ ගෙවල් තිබුණේ එක ලගය. ඔහු බොහෝ විට ඈව බලන්න පැමිණියේය. ඔවුන් දෙදෙනා ලින්ගිකව හැසිරෙන බව මම දැන සිටියේ යහනේදී ඇසෙන ඇගේ සිහින් කෙදිරියෙනි. ඇතැම් අදුරු රැයක ඇගේ සරාගී සිනා හඩ ඇසෙයි. එයින් මොහොතකට පසු ගැඹුරින් හුස්ම ගන්නා හඩක් සමග කෙදිරිලි හඩක් ඇසේ. කාලය ගතව යයි. මා අදුරේ ඇගේ සිරුර මවා ගැනීමට තැත් කරමි. ඉන් අනතුරුව ඇසෙන්නේ ගැහැණියක් සුරතාන්තයට ලන්වූ විට නගන සරාගී කෑ ගෑමය.

ඈ සැබවින්ම මගේ හොද මිතුරියකි. ඈ නිතර මා බැලීමට ආවාය. අප ඉතා හොද අසල්වැසියන් වී සිටියෙමු. ඈට යමක් හිතේ තබා ගැනීමට නොහැක. ඇයට පාළු දැණුනු විට මා සොයා විත් තම හිතේ තියන ප්‍රශ්න සියල්ල මා ඉදිරියේ දිග හරියි. ඇගේ පෙම්වතා නිසා ඇතැම් විට ඈ දුකෙන් සිටියාය. ඈ ඔහුට ආදරය කරනවා වැඩියයි ඇයම විටෙක කියයි. එහෙත් ඔහු එතරම් හැගීම්බර එකෙකු නොවේ. ඔහු ආදර
කරන්නේ ඇගේ සිරුරට බව මට සිතුණි. මගේ හිතේ ඈ ගැන ඇත්තේ ආදරය හා රාගය මිශ්‍ර වූ හැගීමකි. ඇගේ සිරුර එතරම්ම ලස්සනය.

දිනක් ඔහු ඇය දමා ගියේය. එය සදහටම බව මම දැන සිටියෙමි. ඈ වැළපුණාය. මා හා බොහෝ වේලා කතා කළාය. මම ඇගේ හිත හදන්නට බොහෝ දෑ කීවෙමි. සති කීපයක් ඉක්ම ගිය විට ඇගේ දුක මදක් තුනී වුවද ඈ ඉතා කාන්සියෙන් පසුවිය. විටෙක තම දිවි නසා ගන්නට සිත් වේයැයි ඈ කීවාය. මම ඇගේ ජීවිතයට තවත් ලන්වූවේ කාන්සිය නිසා ඈ දිවි තොර කර ගනීවි යය් යන බියටය. ඈ ඔහු හා ඉතා සමීප ඇසුරක් පැවැත්වූ බව මට රහසක් නොවන බව ඇය දනියි. බලාපොරොත්තු කඩවීම පමණක් නොව දිගු කලක් තිස්සේ ලැබූ ලින්ගික සන්තර්පණය නොලැබී යාමද ඇගේ කාන්සියට හේතු විය. ඒ බව මට ඈ දිනක් කෙලින්ම පැවසුවාය. ඒ ඇතැම් විට මත්පැන් බී පැමිණියාය. දුම් බිව්වාය. එයින් ඈ ගලවා ගැනීමට මා නොගත් උත්සාහයක් නැත. ඕනෑම වෙලාවක මා ඈ ලගින් සිටින බවත් ඇගේ හිතේ ඇති ඔනෑම ප්‍රශ්නයක් මට කියන ලෙසත් මා ඉල්ලා සිටියේ මගේ හැගීම් පාලනය කර ගැනීමට උත්සාහ කරමිනි.

දිනක් මහ රෑ නින්දේදී කවුදෝ දොරට තට්ටු කරනු ඇසුණි. දොර අරින්නට පෙර බැලූ මට පෙනුණේ නිදි ඇ
දුමෙන් සැරසුණු ඈය. මම වහා දොර ඇරියෙමි.

"ඇයි මේ"

"මට නින්ද යන්නෙ නෑ. එක එක විකාර එනවා ඔළුවට"

මම සුසුමක් හෙළීමි. "තනියම ඉන්නෙ නැතිව ආව එක හොදයි. යමු ඇතුළට."

මම ඈ මගේ කාමරයට කැදවා ගෙන ගියෙමි.ඈ කතා කරයි. මම ඇහුම්කන් දෙයි. ඈ ඇද සිටියේ ලා රෝස පැහැති දුහුල් නිදි ඇදුමකි.  සිහින් පටි ඇති ගවොමෙන් ඇගේ මුළු උරහිසමද
මැදෙන් බාගයක්ද විවෘතය. ඒ අතර ඇගේ නිදි ගවොම තුළින් විනිවිද පෙනෙන දෙපියොවුරු මට කතා කරන්නාක් මෙනි. ඇගේ දෙපියොවුරු පුඩු නිදි ගවුම අතරින් කැපී පෙනෙයි. සිනිදු ගවුම මෑත් කර ඒ මත මගේ දෙතොල් තබන්නට ඇති ආශාව ප්‍රබලව නැගී එයි. මගේ සිතැගි ඇගෙන් සගවා ගැනීමට මට ඇවසිය. මා ඇගේ විශ්වාසය දිනා ගන්නා පරිද්දෙන් කතා කළෙමි. මා කිසිදා ඈ හැර නොයන බවත් ඈට ඕනෑම වෙලාවක මා ඈ ළග සිටින බවත් කීවෙමි. ඇය කැමති නම් ටික දවසක් ගෙදර නොයා මගේ නිවසට පැමිණ සිටින ලෙස ඉල්ලා සිටියෙමි. ඊළග මොහොතේ ඈ මා ලගට විත් මා වැළද ගත්තාය....! මගේ හදවත හැහෙන හඩ ඈට ඇසේදෝයි මම බියවී සිටියෙමි. "දැන් නිදාගන්න" යැයි මම කීවෙමි. ඈ යහන මත ඇළවුණාය. සුළු වේලාවකින් ඈට නින්ද ගියේය. මගේ සිතිවිලි පුපුරුවා හැරීමට මට නාන කාමරයට දිවීමට සිදුවිය. ඊලග දිනයේ රෑ ඈ කෙලින්ම ඇගේ ගෙර නොගොස් මා වෙත පැමිණියාය. ඈ එනවිට මම කලින්ම ගෙදර ඇවිත් සිටියෙමි. ඈ එදත් මගේ කාමරයේ නිදා ගත්තාය. තෙවන දිනයේ ඈ කලින් ගෙදර පැමිණ සාදයකට ගියාය. ඇවිත් මා ඇහැරවන ලෙස කියා මම නින්දට ගියෙමි. මට මෙය හීනයක් මෙනි. ඈ මගේ නිවසෙහි සිටියි. මමත් කිසිදු වෙනසක් නොපෙන්වා සිටීමට උත්සාහ කරමි. ඇය මගේ සිත දන්නවා වෙන්නට නොහැකි. මා තුළ ඈ කෙරේ ඇති හැගීම ඈ හීනෙකින්වත් සිතන්නේ නැත....මට නින්ද ගියේය. රෑ මැද ඈ පමිණ දොරට තට්ටු කළාය.  මම දොර හැරියෙමි. ඇය මදක් බීමත්ව සිටින බව මට වැටහුණි. ඇගේ මුහුණ හොද නැත. ඈ නිශ්ශබ්දව විත් ඇදෙන් වාඩි විය.

"ඇයි මොකද වුණේ.." මම අසමි.

"මම එයාව දැක්කා, වෙන කෙල්ලෙක් එක්ක.."

මම මොකුත් නොකීවෙමි. ඔය ටික වෙන බව මම දැන සිටියෙමි.

"ඔයා ඇදුම් මාරු කරල නිදා ගන්න. ඕව ගැන හිතන්න එපා" ඇගේ මුහුණින් බලාපොරොත්තු කඩවීම, කෝපය පෙරෙයි.

ඈ ඇදුම් එකිනෙක ගලවා දමන්නට විය. මා සිටිනවා යන්න ඇයට එතරම් ගානක් නැත. ඈට දැන් කොහොමත් එකය.මම එදෙස බලා සිටියෙමි. ඇය බ්ලවුසය ගලවා දැමුවාය. ඊට යටින් තිබුණේ ඉතා සුන්දර තිසර පටකි. එයින් ඇගේ රවුම් දෙපියවුරු කැපී පෙනෙයි. මා කැළඹෙමි. ඇය කලිසම උනා දැමුවාය. ඈ ඇද සිටි G-String යට ඇදුම් විලාසිතාව අපූරුය. ඉන් ඇගේ නිතඹ ආවරනය නොවෙයි. ඕනෑම ඇදුමකට ලස්සනට කැපී පෙනෙන නිතඹෙහි රහස එයයි. ඈට ඇත්තේ වචනයේ පරසමාප්ත අර්ථයෙන්ම නාරි දේහයකි. සරාගී
හැගුම් මා පෙළයි. ලගට ගොස් ඇය ඇදේ පෙරළා ගැනීමට ඇති මගේ හැගීම බලවත්ය.

ඇදුම් උනා දමන අතරේ ඈ කල්පනා කරන්නට වූවාය. යට ඇදුම් පිටින් ඇදේ වාඩි වූ ඇය පර්සය
දින්නට විය. ඉන් ඈ එලියට ගත්තේ සිගරැට් පැකැට්ටුවකි. එය රැගෙන අඩ අදුරේම ජනේලය දෙසට ගිය ඇය සැරසුණේ සිගරැට්ටුවක් දල්වා ගැනීමටය. මම ඈ ළගට ගොස් එය වළක්වන්නට තැත් කරමි.

"මොකද ඔයාට වෙලා තියෙන්නෙ" මම නොසන්සුන්ව අසමි.

"මට එක එක ඒව මතක් වෙනවා." ඈ ජනේලයෙන් එළිය බලාගෙන පවසයි. "ඔයා දන්නවනෙ අපි අතර සිද්ද වුනු දේවල්. අද මම එයා වෙන කෙල්ලෙක් එක්ක දැක්කම මට හිතුණු දේවල් ඔයාට හිතා ගන්න පුළුවන් නේද?"

 
"ඇයි ඔයාට ඌව අමතක කරන්න බැරි.ඕක කවදා නමුත් වෙන්න තිබ්බ දෙයක් කියලා මම නම් දැනන් හිටියා." මම කෝප වෙමි. ඈ නිහඩය.

"ඔය දෙන්නා අතර වුණු දේවල් මම දන්නවා, එයා ගියාට පස්සෙ ඔයාට දැනෙන තනිකම මට හිතා ගන්න පුළුවන්. ඒත් මම කිවුවනෙ, ඔයාගෙ ඕනම දේකදි මම ඉන්නවා කියල"...

"ඔයා කොහොමද එයාගෙ අඩුව පුරවන්නෙ?" ඇගෙ මුවට සිනාවක්ද නැගුණි.  

ඇයි බැරි?" ඈ නැවතත් සිනාසුනේ මා බොළද කතාවක් පැවසූ අයුරිණි.

"එයා හැමදාම ඔයා බලන්න ගෙදර ආවද?" මම අසමි.

"ගොඩක් දවසට"

"ඒ හැම දවසකම ඔය දෙන්නා සෙක්ස් කළාද?"

"ඔව්" ඈ කියයි. "පහුගිය අවුරුදක් තිස්සෙම මම ජීවත් වුණේ කොහොමද කියල මට වත් දැනුණේ නැහැ. එච්චර ඉක්මනට කාලය ගෙවුණා. පහුගිය සති දෙක තුන මම් හිටියෙ අපායක. මට ඒ දවස් මතක් වෙද්දි මැරෙන්න
හිතෙනවා. මට අපේ ගෙදර ඉන්න බැරි ඒකයි. එයා එක්ක හිටපු ඇදේ මම තනියම නිදියන්න ගියාම..." ඈ හුස්මක් උඩට ඇද ආවේගයකින් මෙන් සිගරැට්ටුවක් දල්වා ගැනීමට සැරසෙයි. මම නැවතත් ඈ වළකමි.


"ඔය ආයෙත්..." මම එය උදුරගෙන පසෙකින් තබමි. "මම කිව්වනෙ..කවුරු නැත
ත්....මම ඔයාට ආදරෙයි."

ඈ විමතියෙන් බලා සිටියි. "මොකක්"..

"ඔව්..." මගේ හද ගැහෙයි. විමතියට පත් ඇගේ මුහුණෙහි හැගීම් නොසලකා මම ඇගේ අඩ නිරුවත් සිරුර වැළද ගනිමි..මගේ හැගීම් පිබිදෙයි. ඈ නොසෙල්වී සිටියි. මම ඇගේ කෙහෙරැල් මෑත් කර දිගු සිහින් ගෙල සිප ගනිමි....

 මගේ අකීකරු දෑත ඇගේ නිතඹ හසුවිය. මා දෙතොල ඇගේ ගෙල සිප ගෙන මුහුණ වෙත ගියේය... තවත් මොහොතකින් මගේ දෙතොලට ඇගේ දෙතොල හසුවිය. මම ඒ දෙතොල් සිප ගත්තෙමි. ඇගෙන් බාධාවක් නැත. ඈ තවමත් සිටින්නේ සිහිනයකින් මෙනි. මා ඒ දෙතොල් උරමි. ඇය ඊට ප්‍රතිචාර දැක්වීමට පටන් ගෙනය...මගේ සිතිවිලි අවදි වී ඇත..මා ඇයව යහන දෙසට ඇද්දෙමි. ඈ විරුද්ධත්වයක් නොපා එදෙසට ඇදී එයි. මා ඈව යහනේ පෙරළා ගත්තෙමි. කාමරයේ අදුරු විදුලි එළියෙන් ඇගේ ඇත් දළ පැහැති සිරුර දිස්වෙයි. මා ඈ වැළද ගෙන සිරුරේ අස්සක් මුල්ලක් නෑර සිප ගනිමි. මගේ සිප ගැනීම් හා ස්පර්ෂ කිරීම් වලින් ඈ පිබිදී ඇති සැටියකි. ඈ ගැඹුරින් හුස්ම ගනියි. මම ඇගේ සිරුර පිටුපසින් අත යවා ඇගේ තිසර පටය ගලවා දමමි. මෙතෙක් වේලා සිර අඩස්සියේ සිටි දෙපියොවුරු එළියට පැන්නේය. ඇගේ සිරුරට සාපේක්ෂව මදක් විශාල රවුම් සුන්දර දෙපියොවුරු මගේ සිරුරට තෙරපී දග කරයි. ඒ මත ඇති කුඩා පොහොට්ටු වැනි පියවුරු පුඩු දික්වී ඇත්තේ මගේ දෙතොලට ඇරයුම් කරන්නාක් මෙනි. මා ඇගේ එක් පියොවුරු පුඩුවක් උරමි. මගේ ඇගිලි තුඩු අනෙක වෙත ගොස් එය සුරතල් කරයි. ඇය කෙදිරි ගාන්නට පටන් ගත්තාය. ඇගේ ඇගිලි මගේ හිසකෙස් අතරින් ඇදෙයි. මම තවත් පහළට ඇදුනි. ඇගේ ලස්සන යට ඇදුම දුහුල්ය. මම එය ගලවා දමමි. ඇය ඊට ඉඩ දුන්නාය. ඇගේ කෙදිරි ගෑම මැද මා සුදුවන් දග යුග මෑත් කර ඒ මැද තිබූ රහසග වෙත ගියෙමි. එය සම්පූර්ණයෙන්ම තෙත්ව පැවතුණි. මගේ ඇගිලි තුඩු අනවසරයෙන් ගොස් එය හා සුරතල් වෙයි. ස්ත්‍රී සිරුරෙහි වඩාත් සන්වේදී තැන මම හදුනන්නෙමි. මා එය ස්පර්ෂ කරමි. ඈ කෑ ගසයි. මම ඇගේ රහසගට මුව තබමි..දිවෙන් එය සන්තර්පණය කරමි. ඇගේ සිරුර රිද්මයකට චලනය වෙයි. මගේ දිව ඇගේ මල් කැකුළ මත නොනවත්වාම දග කරයි.....
 එක් මොහොතකදී ඇගේ කෑ ගැසීම වැඩිවෙයි. එක්වනම ඈ නිශ්චල වී, මාව නතර කළාය. ඈ තෘප්තිමත් සිනාවක් පා මාව ඈ දෙසට ඇද ගත්තාය. ඈ මා දෑසට එබෙයි.

"පිස්සු කෙල්ල" ඈ පවසයි. මම නිහඩව සිනාසුණෙමි. "ඔයාට කොල්ලෙක් නැත්තෙ ඇයි කියල මම හිත හිත හිටියෙ. අද තමා තේරුණේ.." ඈ මා දෙස බැලුවේ සරාගී බැල්මකි. "හැබැයි මට හිතෙන්නෙ ඔයා කොල්ලෙකුට වැඩිය දන්
ව කෙල්ලෙක්ව පිස්සු වට්ටන්න" එසේ කී ඈ මගේ නිදි ගවුම ගලවන්නට පටන් ගත්තාය. මම ඉඩ දුන්නෙමි. නිදැල්ලේ සිටි මගේ ලැම ඈට හසුවිය. ඈ මගේ එක් පියොවුරක් මත දෙතොල තබා උරන්නට විය. මගේ මුවින් කෙදිරිල්ලක් නැගුණේ එම පහස නිසාය. ඇගේ සුරත පහළට ඇදුණි.

ඈ සුරතෙහි ඇගිලි තුඩු වලින් මගේ තෙත් වූ රහසග හා සෙල්ලම් කරන්නට විය..  එම සන්වේදනය ඉවසා සිටින්නට නොහැකිව කළ මගෙ කෑ ගෑම ඈ වැළක්වූයේ නැත...ටිකකින් ඇය තම ඇගිලිතුඩු ඒ තුළට රින්ගවූවාය. ඇගේ පැමිණීම මා අපේක්ෂා කළාක් මෙන් මගේ දගයුග ඈත්වී ඈට ඉඩ දෙයි.

රාත්‍රිය ගෙවී යයි...හෙට සිදුවන්නේ කුමක්දැයි අප දෙදෙනාටම හැගීමක් නැත...එහෙත් මේ රාත්‍රිය ගෙවී යන්නට පෙර විද ගත යුතුය...











Wednesday, January 30, 2013

sex නම් ගල් යුගය හොදයි...




ඔයාගෙ එක
පුංචි වැඩී
මගේ එකට
දැනෙන්නෙ නැහැ


ගිණි කූරත්
පුංචි තමයි
ලොකු පෙට්ටියට
හිරට නොදැනේ


ගත්ත ගමන්
එලියට ඇද
ගසල දමයි
සුළු මොහොතයි


සද්දෙ හොදයි
සටස් හඩයි
එළිය ටිකයි
උණු...සුමයි


සුළු මොහොතයි
විසික් කරයි
ගිණි කූරේ
වැඩේ නිමයි


අපෙ පවුලත්
එහෙම තමයි
සුළු මොහොතයි
වැඩේ නිමයි


ගල් අතුල්ලා
පොඩ්ඩ පොඩ්ඩ
කල් මරලා
ගත්ත ගින්න
සැපම තමයි
රස නියමයි
සදා කල්ම
සැපය වඩයි


සෝඩා බෝතලය කැඩුවා සේ, සුළු මොහොතක රසය විදින, ගිණි කූරු ලිංගිකත්වය වෙනුවට
ගල් යුගයේ ගල් අතුල්ලා කල් මරා ගන්නා සැපවත් ගින්නට
ගරු කරන්න