Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Thursday, October 3, 2013

ඇයි මේ කෙල්ල බොන්නේ??? - Why is this Girl Drinking !!!


ඇස් දෙක පියාගෙන උඩට ඇදපු දුම් ටික ඔයා හෙමීට එලියට දැම්මා. මගෙ අතේ හිර වෙලා තිබ්බ ගිණි බටේ මාත් දෙතුන් පාරක් උරල ඉවරයි එතකොට. මම තනියම බොනව කියල, මගෙ ගානට ඉන්න ඕන කියල ඔයාමයි මගෙන් පුරුදු වුනේ. මට එදා මාර සැනසීමක් දැනුන. අපි දෙන්නම එක ෂොට් එක බෙදාගෙන ගහන්න, එක බටේ උරාගෙන බොන්න, මම මාර ආසාවකින් හිටිය. එදා ඉදන් අපි ඒක පටන් ගත්ත. රෑට නිදා ගන්න කලින්, බටයක් ඇදල අපි අහස බලාගෙන හිටිය. බැල්කනියෙ ඉදන්ම. හිටපු ගමන්, වැඩිය හොද නැති හින්ද, මාසෙකට දෙපාරක් වත් අපි දෙන්න ඔම්ලට් එකක් හරි හදාගෙන ගෙදර ඉදන්ම බෝතල් හිස් කළා. හරි අමුතුයි. මට බොන්න එපාම කියපු කෙල්ල, අද මාත් එක්ක බොනවා. එදා මට බොන්න එපා කියල බැරිම තැන, බොන එක අඩු කරන්න කියපු කෙල්ල, අද මාත් එක්ක බොනවා. මම බේබද්දෙක් වගෙ බොන්නෙ නැහැ කියල ඔයා දන්නව. ඒත් මම බොන එකට කවදාවත් නවත්වන්න නොකිය, බොන එක අඩු කරන්න කියපු කෙල්ල, අද මාත් එක්ක බොනවා, දුම් බටත් උරනවා.

ඉස්සර මම පොඩ්ඩක් අරගෙන, එයා හොද සිහියෙන් ඉන්නකොට එයාට ඒක ගදක් වුනේ නැහැ. ඇත්තටම එයා එපා කිව්වෙත් නැහැ. ඒත් එකම එක දවසක් අපි දෙන්නම බොමු කිව්වා. බබා අපි දෙන්න ගෙදර ඉදන් බොමු කිව්ව. මම ඇයි කියල ඇහුවම කිව්වෙ මම පාවෙනව නම්, ඒ ආතල් එකෙ මට්ටමට එයාටත් එන්න ඕන කියල විතරයි එයා කිව්වෙ. මම හිතුව එයා හරි කියල. අපි දෙන්නම එක මට්ටමේ ඉන්න ඕන කියල. එදා අපි පලවෙනි බෝතලේ කැඩුව. මතක විදිහට බියර් කෑන් එකක්ද කොහෙද, පස්සෙ කෑන් එකෙන් අපි බෝතලේට බැස්ස. මට මතක නැති තරමට, ගනින්න බැරි තරමට අපි බෝතල් කැඩුව. ඔම්ලට් කෑව. එක උසින් පාවුනා.

ඇයි බබා බොද්දි සිගරට් බොන්නෙ? ඒ වෙනකොට බටයක් උරල නැති එයා ඇහුව. මේකෙ පොඩි කික් එකක් තියෙනවා, බෝතලේ මදි පාඩුව මම ගන්නෙ මේකෙන්. මටත් ඕන උරල බලන්න. එයා එක දවසක් ඉල්ලලා ඉරුවා. මාරයි. නියමයි කියපු එයා එදා ඉදන් පෙට්ටි ගණන් ඉරුවා. වෙලාවකට මම පස් පාරක් උරන බටේ එයා අට පාරක් වත් උරන්න ඇති. සැප කනේ කියල එයා ඒ ආතල් එක ගත්ත. මමත් එක්කම එක මට්ටමින්.

“ඇයි බබා ඔයා මේවට පුරුදු වුනේ??“

“ඔයා යාලුවො එක්ක සෙට් වෙන්න රෑ තිස්සෙ ගියාම මම තනියෙන් නේ..“

“ඒ කියන්නෙ මම ඔයාව තනියම තියල එහෙ මෙහෙ යන නිසයි ඔයා මේක කලේ..“

“හ්ම්..“

“ඒත් බබා ඔයාට මගෙ යාලුවො එක්ක එච්චර අවුලක් නැහැනෙ. එයාල ගෙදරට ගෙන්නගෙන මට එයාල එක්ක බොන්න දෙන්න තිබ්බනේ.. ඔයා බොන්න ඕන නැහැනෙ.. අනික එතකොට මම ගෙදර නේ..“

“නැහැ බබා.. “

“නැහැ කිව්වේ..“

“ඔයා කොහෙ ඉදන් බිව්වත්.. ඔයාගෙ ඇගට හොද නැහැ.. ඔයා මට කලින් මැරුනොත්.. මම තනියම.. ඔයා මරණෙට ටික ටික ලං වෙනව නම්.. මාත් ඒ මට්ටමින් ලං වෙන්නෝනි.. ඒකයි මාත් බොන්නෙ..“

“දැන් ඔයා හිතනවද මම ආයෙ බොයි කියල??“

“ම්ම්.. ඒත් ඒ ආතල් එක මම අතාරී කියල ඔයා හිතනවද බබා??“