ගස්වලින් පොල් වැටෙනව වගේ
ඇස්වලින් කදුලු වැටෙද්දි
අත් දෙක වට්ටියක් කරන්
මම හිටිය උඹ යටින්
මහා සුලි සුලග හමද්දි
(කාලගුණ) විද්‍යාඥ්ඥයෝ හේතු හොයනව වගේ
උඹේ සුසුමවල හේතුව
මම හෙව්වා නිදි මරාගෙන
හුන්නස් ගිරි කන්ද
ලැව් ගින්නක ඇවිලෙනව වගේ
උඹේ පපුව ඉස්සිලා උනුසුම සොයද්දි
සළු පිලි අතරින් දෑත යැව්වෙ මම
උඹට සිසිලස දිදී
මහ වැලිය පොලව මතින්
සමපාතව ගලනව වගේ
උඹ යහනේ වැතිරෙනකොට
මම හිටිය උරහිස තියන්
ගලන ගගට කළු ගලක් වගේ
හුම්මානේ ගල් අස්සෙන
ජල කදන් විදිද්දි
උඹ කකුල් ඇත් කරන්
තෙත් කලා ගල් තලාවම
ඒ වෙලෙත් මම හිටිය
උඹ යටින් උනුහුම දිදී
ඔන්චිල්ව පැද්දෙද්දි
පොඩි එවුන් ඉල්ලල අඩනව වගේ
උබේ ලැම පැද්දෙද්දි
නැවැත්තුව විතරයි මම
තල්ලු කලේ නැහැ වද දිදී
ඉරුණු වෙසක් කූඩුව
ඇතුල නොබලම
ඇලෙව්වා මං
උඹ ඇදුම් මාරු කරද්දි
ඇතුල නොබැලුව වගේම
ඉස්සර දවසක
කොච්චර දරුණු උනත්
උඹ පලයන් නයි හාමි
උඹ පලයන් නයි හාමි
කරදර නොකර යන නයා වගේ
මම ගියා උඹ හිරිහැර නොදී
ගැරඩියට භූමිතෙල් ගහද්දි
ඌ සද්ද නැතුව පිටත් වෙනව වගේ
උඹ මට පල නොකිය පලා බෙදද්දි
මම මාරු වුනා - ඔය හිතට නොදැනිම
ඇමතිතුමා අකැමැත්තෙන්
ලයිට් කපනව වගේ
මම ගියා නොකියම
අදුරු කරන් දිවියම
උඹ දෙද්දි - තව ඕනෙ නොකියා
ප්‍රමාණයට උරා බීපු
අවංක බඹරා
මම - රැඩියා
සම්මත කෝණයෙන් පිටට ගිය අසම්මතය තුල ඔබින නිර්මාණයක්..සැඟවුණු කතාවක නොසැඟවුණු යථාර්ථය..හංඟන්නෙත් ඒ යථාර්ථයේ පාරිශුද්ධභාවය නිසාවෙන්මයි..
ReplyDeleteස්තුති !
Deleteඋත්කෘෂ්ටයි :)
ReplyDelete:)
Deleteඋඹ දෙද්දි - තව ඕනෙ නොකියා
ReplyDeleteප්‍රමාණයට උරා බීපු
අවංක බඹරා
මම - රැඩියා
:D
ස්තුති රාජ් !
Deleteමරු කවිය...
ReplyDeleteතුති
Deleteදෙන දෙයක් කාලා වෙන දෙයක් බලාගෙන ඉඳීමේ වැරැද්ද.. දැන් ඕවා නොහිතා ඉඳින්!
ReplyDeleteජය වේවා!
ආදරය නොවේ නම් නොහිත ඉන්න තිබ්බා !
Deleteසීමා පනින්නේ නැතුව හිටපු එකනම් හොදා ..
ReplyDeleteසීමා මායිම් නම් නැහැ අපි දන්නේ ;)
Deleteකටු පඳුරු සිප ගනිමි.....
ReplyDeleteහෙට මලක් එනු පිණිස!
උල් කටු විද ගතිමි..
Deleteදුක නුඹ නිසාම බැවිනි..
ඔක්කම පැත්තක දාලා මම ෆොටෝ එක එහෙම බැලුවේ නෑ ඔන්න
ReplyDeleteඒක රසයි.
Delete:)
ReplyDeleteශෘංගාර කලාපයෙකි - රැඩියෙකි....
ReplyDeleteතියුනු සිතකි - නුඹ හොද විචාරකයෙකි.
Deleteමූට ෆිස්සු ෆීකුදු !
ReplyDeleteඋබට තේරෙයි දවසක
Deleteහිර වෙලා නොඉදන් මයෙ පුතේ......
ReplyDeleteඅහිතක් නෑ හිතේ......
ඔංචිල් පැදපන් රිසි සේ......
තල්ලුව, මම
Deleteපොලවට බරදී
දමා ගත යුතුමය.
කියල වැඩක නැහැ. කවියේ සියලුම සිද්දි ලියවිලා වගේ.
ReplyDeleteඔව් සහෝ
Deleteසුපිරියි... කියන්න වචන නෑ...
ReplyDeleteහ්ම් කමක් නැහැ
Delete“මම ලව් කරපු හැටි..“
ReplyDeleteඇයි යකඩො ... මේක මාර ලව් එකක් නේ. දිගටම මෙහෙම ලව් කරොත් හොදි ඕන්නෑ.
රති මැද නිදි වරති - ආදරය
Deleteආදරයෙන් තොර රාගයක් නෑ... රාගයෙන් තොර ආදරයකුත් නෑ....
ReplyDeleteහැබැයි ඉතින් රාගය පිනවන්න ආදරේ කොරලා මෙහෙම කලෝතින් ඒකට වැඩි පැවැත්මකුත් නැතිවෙයි මොකද ආශාවන් පිනවගන්න විතරනේ උත්සහ කරන්නේ....
හැබැයි නියම කවි ටික සහ ගානට ගැලපෙන කලාත්මක පින්තූරයක්
රති මැද නිදි වරති - ආදරය...
Deleteරති මැද සරති - සමහරු ..කති - කාමයම...
ප්‍රේමය නම් රාගයෙන් තොර සද එළිය සේ...
ReplyDeleteඅචින්ත්‍යි... පාරිශුද්ධයි... සුරම්‍යයි....
මෙච්චර ඒවා ?
Deleteශා ,., එලයි ඈ,,.,.,.,.,., මට කියන්න වචන නෑ ඈ
ReplyDeleteආදරය දේශපාලනය සේරම එක අදහසක් තුල! කාලීනයි බං මේ කවිය!
ReplyDelete