Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Thursday, September 5, 2013

මොකටද ආවරණ?? - Trust Releases Condom !!!


මම උඹව ඇල්ලුවෙ අත හෝදන්න බලාගෙන නෙවෙ. මොකද මට උබව අප්පිරිය නැහැ. ආදරෙන් අත් අල්ලගෙන ඉන්නකොට ඒ අත්වල මොනවද ගෑවිල තිබුනෙ කියල අපි කල්පනා කළෙ නැහැ කවදාවත්. ඒ වගෙම ඉන්න බැරි තරමට තදින් ලංවුන වෙලාවට උඹ මගෙ ඇගිලි පවා සූප්පු කරපු හැටි මට තාමත් මතකයි. ඒ අපි ආදරේ කරන කාලෙ. හොරෙන් ලෝකෙන් හැංගිල මගෙ තොල් දෙක ඔය තොල් දෙකේ පටලගෙන හිටියෙ කිසිම අප්පිරියාවකින් නෙවෙ. උදේට දත් මැද්දද කියල අහල අපි කවදාවත් තොල් අතර සැගවුනේ නැහැ. හෙම්බිරිස්සාවද උණද කියල අහල අපි තොල් අතර සැගවුනේ නැහැ. කිසිම දෙයක් අහන්නෙ නැතිව. කිසිම සැකක් බියක් නැතුව අපි ලංවුනා. ආදරේ කළා. උපරිම රසය වින්දා. ඒ රස වැඩි වුණෙ අපි දත් මැද්ද නැති දවස් වලද කියලත් විහිළුවට හිතෙනවා.

දවසක් මගෙ කකුල තුවාල වෙලා. ඔයාගෙ අතේ තිබ්බ ටිෂූ එකකින් ඒ ලේ ටික පිහිදාල දැම්ම මතකැති. ඒ ටිෂූ එකම අමතක වෙලාද මන්ද ඔයා අත පිහිදාගෙන විසික්කලා මට තාමත් මතකයි. ඔයාට මතකද කියල අහන්නෙ නැහැ. මොකද ඒක ඔයා දැනගෙන කරපු දෙයක් ද නොදන්න නිසා. දවසක් ඔයාගෙ සෙරෙප්පුවෙ පටිය පැනලා මම කට්ටක් ගැහුව. ඒ කට්ට ඇඹරිලා ඇවිත් මගෙම ඇගිල්ලක ඇනිල මට තුවාල වුණා. එදා මම ඔයා සෙරෙප්පු දාගෙන ඇවිද්දෙ කොහෙද කියල ඇහුවෙ නැහැ. ඔයා ඒක දාගෙන ටොයිලට් ගියාද කියලවත් මම දන්නෙ නැහැ. මොකද මට වැඩක් නැහැ. ඒ තියෙද්දි ලේ එන ඇගිල්ල මම කටේ දාල ඉරුව. ඔයා ඒ කෙල ටික පිහදමල දැම්ම.

එච්චර ආදරේ කරල අපි අන්තිමට එකම වහලක් යටට ආව. ඒ කියන්නෙ අපි දෙන්න බැන්ද. අද ඔයා මගෙ කකුල් වල ඇගිලි ලෙව කනවා. කටේ දාල උරනවා. ඒ මහ රෑට ඉන්න බැරුවම ගිහින් හැම දේම කරල කම්මැලි කමට. එවලෙට මම ගියෙ කොහෙද, මේස් කුට්ටම සතියම දැම්ම නේද කියල ඔයා කවදාවත් අහන්නෙ නැහැ. මමත් එහෙමයි. කි්‍යුෙටක්ස් ගාල තියෙන කකුල් නියපොතු එක්කම මම ඇදල ගන්නව කට ඇතුලට. ඒ වගෙම මගෙ හැම එකම ඔය උගුරු දණ්ඩෙ වදින හැටි, ඔය හැම එකම මගෙ තොල් දෙකේ වදින හැටි වෙන එකෙක් බලන් හිටියොත් හිතෙයි අප්පිරිය. ඒත් මේක ආදරේ. එදා වගෙම අපි ලබන්න දගලපු දේවල් අද ලැබෙනකොට ඒක එපා වෙන එක නවත්ත ගන්න අපි වෙනසක් කරන්න ඕන.

එක වහලක් යටට එන්න කලින්. ඔයා පාවෙන්න දගලනකොට. ලෝබ නැතුව මගෙ ශක්තියම ඔය තොල් අතරෙ දිව උඩ දග කරනකොට නොහිතුන හිරිකිත, මට දැනුනෙත් නැහැ. මමත් අතක් ඔය දෙපා අතර හිරකරගෙන කැලැත්තුවා රස සාගරයම. ඔයාවත් මම පාවෙන එකම උස මට්ටමට තියා ගන්න. දෙන්නම එකට පාවෙන්න. ඒ හැම දේකදිම අපි නොදැකපු අකැමැත්ත, නොදැනුනන හිරිකිත ආයෙ කවදාවත්ම දැනෙන්නෙ නැහැ. ඒ අපි ආදරේ නිසාම. අපි හරිම වල් නිසාම.

ඒත් අද ඇයි මේ අපි හිරකරගෙන එකම දෙයක්. ඔයා මගෙ විතරම නම්. මම ඔයාගෙ විතරම නම්. අපි අපි අතර බෙදා ගන්න සතුට විතරම නම්. අපිට කාලසටහන් තියෙනව නම්. අපි හරියට දින ගණිනව නම්. ඇයි ඔයාගෙ දෙපා අස්සෙ දගලන මගෙ ලෝකය රබර් බෑග් එකක් අස්සෙ හිර කරන්නෙ. අපිට දැනෙන හැගීම්, උපරිමයට ගෙනියන්න බැරි විදිහට රබර් බැලුන් පුරවල නවත්තල තියෙන්නෙ. අපිට මේව ඕන නැහැ නේද? අපි අපේම නම්. මොන ලෙඩක්ද අපිට? උපරිමයට පාවෙන්න ගලවල දාමු මේ කෝට් එක. අපි හරියට දින ගැනලා, ආවරණ නැතිව, බාධක නැතිව ඉගිලෙමු. උපරිම උසටම. එහෙව් අපිට මොකටද මේ ආවරණ???

16 comments:

  1. ආයෙත් අහලා..
    මොකටද රේන් කෝට්...

    ReplyDelete
  2. ඇති යාන්තම් radiya උඹම කියන ඔය 'වල් කමට' අමතරව දැනෙන තවත් දේ ගැන පොස්ට් එකේ ලිව්වා
    "දවසක් මගෙ කකුල තුවාල වෙලා. ඔයාගෙ අතේ......"

    මේ පාර නම් 'වල් කම' ගැන වුනත් සංවේදීව බැලූ පෝස්ටයක් කියලයි මට හිතෙන්නේ.
    රබර් බෑග් එකට උඹේ ගතේ ඇති, ඊටත් වඩා උඹේ හිතේ එකී ගැන ඇති බැදීම අඩු වෙන්න දෙන එක අසාධාරණයි තමයි. ඒ වගේම මිනිස්සු ඔය කියන 'ආදරයත්', ඔය කියන 'වල් කමත්' අතර මැද ඇති හඳුනා නොගත් ඉඩ ගැන ලියපු ඉතාමත් රැඩිකල් පෝස්ටයක්. ජය!!

    ReplyDelete
  3. උදේ පාන්දර හිනාවෙලා මැරෙන පෝස්ට් එකක්.. හි හි... මාත් කැමති නෑ ඕවට...

    //ඒ වගෙම මගෙ හැම එකම ඔය උගුරු දණ්ඩෙ වදින හැටි, ඔය හැම එකම මගෙ තොල් දෙකේ වදින හැටි වෙන එකෙක් බලන් හිටියොත් හිතෙයි අප්පිරිය.//

    ඇත්තටම බඳින්න කලින් වීඩියෝස් වල එහෙම ඕවා දැක්කම මලම අප්පිරියයි.. ඒත් බැන්දට පස්සෙ කරන්න ගියාම මොන අප්පිරියාවක්වත් නෑ... හි හි...

    ඒත් ඇත්තටම ඔය රබර් කේස් එක ඇත්තටම ඔලුවෙ තියෙන කේස් එකක්... ඕක දාගත්තම හිරිහැරයි කියල ඔලුවෙන්ම හිතාගන්නව.. ඉතිං එතකොට ඒක හිරිහැරයි තමයි... එහෙම දෙයක් නැතිබව තේරුම් ගන්නයි ඕනෙ... ඒ උනත් දින ගැනලා කරන එක හොඳ දෙයක් තමයි.. හැබැයි දිනපතා කරන්න පෙති පාවිච්චි කරනවා නං ඒක මිස් උන වෙලාවක එහෙම ඕවා පාවිච්චිය වැදගත්.. හැබැයි මම හිතන්නෙ නෑ ඕවා පාවිච්චියෙන් එකිනෙකා ගැන තියෙන ආදරේ අඩු වෙල දැනෙනවා කියලා.. මොකද එතනදි වලක්වන්න උත්සාහ කරන්නෙ වෙන දෙයක්, වෙනත් අදහසකින්නෙ...

    ඔය ගැන කතාවක් ලියන්න කියලා හිතාගත්ත... දැන් මෙතන ලියන්න ගියොත් පෝස්ට් එකක්ම ලියන්න වෙනව...

    තව එකක්... කිස් කළාට හෙම්බිරිස්සාව බෝ වෙන්නෙ නෑ.. ඒක නිසා බය නැතුව කිස් කරපල්ලා... හි හි..

    වැදගත් මාතෘකාවක් ලස්සනට නිර්මාණය කරල තියෙන්නෙ.. මේවා වල් නෙවෙයි.. මට හිතෙන්නේ රොමැන්ටික් කියලා... මං හරි ආසයි මේ රැඩියගේ හිටපු ගමන් ලියන මේ වගේ කතන්දර වලට... බොහොම පරණ මතකයන් අවදි කරනවා... හැබැයි ඕනවට වඩා රැඩිකල් වෙන්න ගිහින් යථාර්ථයෙනුත් එළියට පනින්නත් එපා... ගොඩක් අයට වෙන්නෙ ඒක.. හි හි

    ReplyDelete
  4. ගොඩක් ලස්සන පෝස්ට් එකක් .. අසාවෙන් බැලුවා.. ඔය කියලා තියෙන සේරම ටික ඇත්ත.. හැබැයි එක වහලක් යටට ආවට පස්සේ කොන්ඩම් පාවිච්චි කරනවද ..? ( නිර්මාණයට උචිත විදිහට ගලපුවා කියන්නත් පුළුවන්. ඒකත් සාර්ථකයි ) මට නම් මහ වදයක් කොන්ඩම් සෙල්ලම..

    බඳින්න කලින් නම් කොන්ඩම් පාවිච්චිය තමයි සුදුසුම .. පෙති පාවිච්චි කරන්න ගත්තත් හරියට පෙති නොගෙන එහෙ මෙහෙ කරගන්නවා ගෑණු ළමයි , බොහෝ විට අමතක වෙනවා. බැරි වෙලා හරි ප්‍රෙග්නන්ට් උනොත් කොච්චර බය වෙනවද කියලා දන්නේ එහෙම උන කෙනෙක් විතරයි. මට වෙලා තියෙනවා.

    විවාහකයන්ගේ කොන්ඩම් පාවිච්චිය ගැන මගේ අදහස මේකයි. නිතර නිතර භාවිතය අපහසුයි. එපා වෙනවා. කේන්ති යනවා. සෙට් වෙන වාරයක් වාරයක් ගානේ කොන්ඩම් ගන්න ගියොත් මාසෙකට 1000 විතර කොන්ඩම් ගන්න වේවි. ( එහෙම කරන බැඳපු අයත් ඉන්නවා මම දන්න. ) මගේ එක අරන් මෙව්වා කරද්දී මට උපරිම මෙව්වා එකක් එන්නෙත් නැහැ අරක දාලා තියෙද්දී. :P

    කොහොම හරි බැඳලා නම් පෙති පාවිච්චිය තමයි සුදුසුම. කොන්ඩම් එකක් පාවිච්චි කරද්දී නිතරම දැනෙන්නේ පිටස්තර හැගීමක්. ඒ හැගීමට මම නම් කැමතිම නැහැ. ඒ වගේම විවාහ ජීවිතයට එවැනි හැගීම් සුදුසු නැහැ..

    නිරමාණයක් විදිහට උපරිමයි..





    ReplyDelete
  5. කොටින්ම මේ කියලා තියෙන්නේ කොලේ පිටින් ටොපිය කනකොට රස නැහැ කියල නේ, එක ඇත්ත.

    ReplyDelete
  6. හෙහ් හෙහ් හෙහ් පට්ට!
    මම නං පාවිච්චි කරනව ඉඳහිට. ඇම්ඩන්ල ගැන ෂුවර් නෑ නෙව

    ReplyDelete
    Replies
    1. ඇම්ඩ සුවර් නැහැ තමා ...
      Wrong way, Wrong way :p

      Delete
    2. ඇම්ඩ සුවර් නැහැ තමා ...
      Wrong way, Wrong way :p

      Delete
  7. බලමු තව කල් තියේ :3
    එත් ඇත්තටම මොකටද රෙන් කොට්.. ෂවර් එක යටට යන්නේ රෙන් කොට දාගෙන නාන්න නෙවෙයිනේ

    ReplyDelete
  8. තමන්ගේ පාරේ ධාවනය කරන්න ආවරණ ඕනේ නැහැ නොවැ ... අවිශ්වාසය නිසානේ ඔය :p :/

    ReplyDelete
  9. ලයිසන් නැත්තම් හෙල්මට් එකේ පිහිට තමයි කියල කතාවකුත් තියනවනෙ

    ReplyDelete
  10. අප්පෝ ඒක මහ වදයක් , නිදහසට බාදාවක් , එතකොට අපි නිකං ඈතයි ඈතයි වාගේ

    ReplyDelete
  11. හනේ මන්ද බැන්ද දවසක කියන්නම්කො... මහ වලාත්මක නමුත් නිර්මාණාත්මක පෝස්ට් එකක් :D

    ReplyDelete
  12. මටත් අප්පිරියයි රේන් කෝට්.. මං තාම ඇත්තට දැකලවත් නෑ.. ඒත් වැඩකුත් නෑ..

    ඒත් ප්‍රශ්නයක් තියේ.. රේන් කෝට් නැතුව ගිහින් වැස්සට තෙමිල හෙම්බ හැදුනොත් කවුද වග කියන්නෙ ???

    ReplyDelete
  13. දින ගනින එක සාර්තකද?

    ReplyDelete