Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Sunday, November 25, 2012

සම්පූර්ණ නිරුවතට විරුද්ධයි මම..


මට ඇති මේ ටික. බාගෙට ඇදපු ඇදුම් හෝ බාගෙට ගැලවුනු ඇදුම් හොදටම ඇති මට. ඒකයි මම කියන්නෙ නිවාඩු දවසෙ ගෙදර ඉන්නකොට වත් සැහැල්ලුවට අදින්න කියලා. යටට නොඇන්දට දනහිස ලගට දිග ටී ෂර්ට් එක හොදටම ඇති. විලි වැහෙනව වගෙම මාව අවුස්සනවා. ඒක නිරුවත නෙවේ. ඒත් නිදහස් සිරුරේ රේඛාවන් මගෙ ඇස් දල්වනවා. මාව අවුස්සනවා. ඒ ඇති. ඇදේ කොට්ට මෙට්ට බදාගෙන දගලනවට වැඩිය, සැහැල්ලුවෙන් ඇතිල්ලෙන එක, සාමාන්‍ය උණුසුම, සියුම් කෙදිරිලි වගෙම ඉස්සිලා පෙනෙන පපුව, මාව ජීවත් කරවනව. ඔයා නොදන්නව වුනාට මාව පිට නෙයවන්න ඒ ටික ඇති. ඒක ඔයාටම වාසියක් නෙවේද?

මතකැති මුල දවසෙ රෑම අපෙ ගත සීතල වුනා. ඒ අපි කළබල නැතුව හිමීට හැම දේම කොනක ඉදන් වින්ද නිසා. පස්සෙ පස්සෙ හැම දේම එපාවෙන කට්ටිය අර නිදහස නොවිදින නිසා, වේගවත්කම නිසා ජීවිතය විදවනවා. හයියෙන් වේගෙන් හදිසියට හපන චුයිංගම් එකේ රසය ඉක්මනට නැතිවෙනවා. අන්තිමට එන්නෙ රබර් රස. ඒ වගෙම ඉතුරු වෙන්නෙ දෙපැත්ත සෑහෙන්න රිදෙන හක්ක. ඔයා දන්නව හෙමීට උරන හැටි අයිස් පලම. දිය නොවෙන්න. රස දැනෙන්න, වගෙම මට නොරිදෙන්න. ඔයා හදිස්සියට වැඩි රසයට අයිස් පලම නොහපන නිසා, නොනැවති දියවෙන්න කලින් උරන නිසා රසයි. සනීපයි.

වේගය ඕනෙ අන්තිම මොහොතට. ගොඩාක් දුර දුවන මැරතන් එක වගේ. හෙමින් දුවලා හයිය හත්තිය ඉතිරි වුනෙ නැත්තම් අන්තිම ටික වේගෙන් දුවන්න හයියක් නැහැ කියල ඔයා දන්නවා. ඒ නිසා වැඩි දැගලිලි නැහැ. සරලව විදිනවා. ශක්තිය අන්තිම බිංදුවට ඉතිරි කරලා. 

සම්පූර්ණ නිරුවත රසය අඩු කරනවා. මමම ගලවලා ගන්න තරම් රසයක් නැහැ සම්පුර්ණ නිරුවතේ. මට ඕනේ ඔයා සම්පුර්න ඇදලා ඉන්න වෙලාවට උඩින් සිපගන්න. ටික ටික එක එක ගැලවෙන්න. ෂර්ට් එකක් පිටින් දෙතොල් තියල උරනකොට එතැන විතරක් තෙත් වුනාම ඔයාගෙ ඇසි පියවෙනව කියල මම දන්නව. ඒ සනීපෙ සම්පුර්න නිරුවතට ලැබෙන්නෙ නැහැ කියලත් මම දන්නව. ඔයාගෙ ඇසි බාගෙට පියවෙන වෙලාව තමා මට ඕනෙ දකින්න. නැත්තං මට විතරයි. අපි ඉගිලෙන්නෝනි, පාවෙන්නෝනි එකම වෙලාවෙ එකට. එකම විදිහට. නැත්තම් අපි මට්ටම් දෙකක්. ඔයාට මදි, නැත්තං මට මදි.

තව දෙයක්, මම කැමති දුහුල් නයිට් ඩ්‍රස් එකට. ඒක මරු. අස්සෙන් බාගෙට පේන හැඩතල මම දකින්න දගලනවා. ඔයා මුකුත්ම නැතුව ආවොත් ඒ රසය අඩු වෙනවා. ඒ වගෙම එකම බෙඩ් ෂීට් එක අස්සෙ දෙන්නම නිදාගෙන ඉන්නකොට අතට දුහුල් ඇදුම අස්සෙන් දැනෙන සනීපෙ නිකන්ම නිකං දැනෙන එකක් නැහැ. වැඩි වෙලාවක රසය තියෙන්න සම්පුර්ණ නිරුවත රුකුලක් නෙවේ කියල මම හිතන්නේ. පොඩ්ඩ පොඩ්ඩ එකින් එක විවර කරල බලන කොට තියෙන සහනය අමුම අමු නිරුවතින් ඉන්නකොට මට නොදැනෙන නිසාම...

සම්පූර්ණ නිරුවතට විරුද්ධයි මම..

35 comments:

  1. "පොඩ්ඩ පොඩ්ඩ එකින් එක විවර කරල බලන කොට තියෙන සහනය අමුම අමු නිරුවතින් ඉන්නකොට මට නොදැනෙන නිසාම..."

    සහතික ඇත්ත බං.. මේ ගැන කියන්න හිතෙන එවුවා කියන්න බෑ.. රා‍ජ්‍ය රහස් නොවැ... :)

    ReplyDelete
    Replies
    1. අහා ස්ව්ට්.හාර්ට් අපි එකම වෙලාවේ කියවලා පොස්ට් එක ;) පුදුමයි නේ ? :පී

      Delete
    2. මේක වර්ණ සිහින වෙනුවෙන් අත්වැලක්ද මන්දා...

      Delete
  2. හ්ම්ම්ම්..... මේ සැරේ මම මුකුත් නොකියමි. ගියසැරේ කියවන්නට ගොස් රාජ්‍ය රාහස් හෙළි උනා නේ. හිකිස්....

    @රහසින්(අඩෝ අපේ හිත කියවනවාට කපනවා ;) චැට් එකේ කිවුවා වගේ ගස් කපන එක ලැස්ති)

    ReplyDelete
    Replies
    1. ගස් කපන එක ගේන්න මාත් එනවා දැන්නම් මූව කපන්න..

      Delete
    2. නියපොත්තෙන් කඩන්න තිබ්බ එක නේද මේ මැෂින් වලින් කපන්න යන්නේ

      @දිනේෂ් - මූව නෙවේ !

      Delete
  3. එක හුස්මට ලියන ඒවා. මම නැවත කියවලා රස විදිනවා. දෙවරක් නොකියවා පෝස්ට් කිරීමෙන් මා දවසක මට්ටු වේවි. ඒත් රස නෙසගවන්න එක දිගට ටයිප් කරලා පෝස්ට් කරනවා. වාරන නැත.

    ReplyDelete
  4. මේක ලස්සනයි... හිතපු හැටිත්, ලියපු හැටිත් දෙකම... බැඳපු එකෙක් හැටියට කතන්දරේ ඇත්ත බව කියන්නත් පුළුවන් ඔන්න.. හි හි...

    සෙක්සි කියන එකේ දෙවිදිහක් තියෙනවනේ... වල් සෙක්සි සහ ලව් සෙක්සි කියලා... ඔය කියලා තියෙන්නෙ ලව් සෙක්සි ගැන.. ඇඳුම් ටික ග‌ලෝලා ඇඟට පනින එකත් මරු... හැබැයි හැම වෙලාවෙම නෙවෙයි... හි හි...

    මාත් අමාරුවේ වැටෙනවා අරුන් දෙන්නා වගේ මේවා කියලා, කොයි වෙලාවේ හරි... අම්මපා... හි හි...

    ReplyDelete
    Replies
    1. නැහැ හිරු අමාරුවෙ වැටුනත්, වෙනසක් නැතිව ඒකාකාරිත්වයෙන් නොමිදෙන පවුල් වලට අදහසක් එකතු කරන්න. මේක පිංකමක්

      Delete
    2. ඕකට මෙහෙම කෑල්ලකුත් එකතු කරන්න ඕනේ.. බැඳලා අම්මලා තාත්තලා එක්ක මහගෙවල් වල ඉන්න වෙනවා කියලා නිකමටවත් හිතේ තියෙනවා නම්, දැම්මම ඔය වගේ හීන අතෑරගන්න එක හොඳයි..

      මොකද මම එහෙම හීන දැකලා අන්තිමට කොච්චර හිතින් දුක් වින්ඳද කිව්වොත් මට සෙක්ස් එපාම උනා... ජීවිතෙත් එපා උනා... වෙනම ගේකට ඇවිත් මාස දෙක තුනක් විතර ගියාටත් පස්සේ තමයි මට ආයිත් ඒ ගැන හිතන්න වත් හිතුනේ... ඒ වෙනකොට අපිට සැහැල්ලුවෙන්, නිදහසේ ඉන්න තිබ්බ කාලෙන් බාගෙකට වඩා ඉවරයි...

      ඔය ගෙදර ඉන්නකොට සැහැල්ලුවෙන් ඉන්න කියන එක තමයි මගේ ලිස්ට් එකේ පළවෙනි තැන තිබ්බේ.. පළවෙනියෙන්ම කෙළ උනෙත් එකටම තමයි.... ඒකෙන් තමයි මට එපා වෙන්න පටන් ගත්තෙත්...

      ආ.. අපේ මහත්තයත් පෝස්ට් එකේ කතාව සහතික ඇත්ත කියලා කන්ෆර්ම් කළා... හි හි..

      Delete
    3. හිරුගේ කතාවට 100% එකඟයි මම. බැඳපු එකෙක් හැටියට කරන්න ඕනේ පලවෙනි වැඩේ වෙනම ගෙයක් කරා යන එක.

      Delete
    4. හිරු, ඔබේ කරුණු දැක්වීම නියමයි බන්

      Delete
    5. ඇත්ත බං කිව්වේ.... හි හි

      Delete
    6. එතකොට පවුලේ බාලයා සදා දුකේ නේද?

      මොකද ඌ මහ ගෙදර ඉන්නෝනි

      Delete
    7. කවුද කියන්නේ.. අනෙ අපේ මලයත් ඔන්න දැං ගෙයක් හදනවා... අපේ ගෙදරට විනාඩි 15 ක විතර දුරකින්... ඌගේ කෙල්ල නම් ජීවිතේට අපේ අම්මත් එක්ක ඉන්නේ නෑ.. ඉන්නකම් මම දාගත්ත වලි ගැන බැලුවම... හි හි...

      Delete
  5. ඔයාගේ අදහසට 100% එකඟයි .

    ReplyDelete
  6. ඇත්ත කතාව මචන් අනික බැන්දම වෙනම පදිංචි වෙන්නම ඕනේ පවුල් ජීවිතේ රසය අඩුවක් නැතිව විඳින්න.

    ReplyDelete
  7. ඈ බන් රැඩියා උඹ මාරම අදහස්නේ දෙන්නේ,
    නියමයි මචන්,
    මාත් ඔහොම හිතනවා, ඒත් හම්බවෙන කෙල්ල කොහොම වෙයිද දන්නේ නෑ නේ.
    මොකද තෝරාගැනීමේ අයිතිය කේන්දරේට බාර දීලා තියෙන්නේ

    ReplyDelete
    Replies
    1. ෂැක්.. ඒ මොන ලැජ්ජාවක්ද බං..... ඒක හරියට කේන්දරේ හදපු මනුස්සයට කියලා ඔයාට කෙල්ලෙක් හොයනවා වගේ වැඩක් නේ..

      ( මගේ කේන්දරේ වරද්දලලු බං හදලා තියෙන්නේ... මං ඕක නොබලපු හින්දම හොඳයි.. හි හි)

      Delete
    2. එ වරදින් ස්වාමියා නිහඩව දුක් විදිනව ඇති හිරු ;)

      Delete
    3. ඒක ඉතිං කේන්දරේ හරියට හැදුවත් වෙනවා.. හි හි.. මොකෝ ඔය මොනවා උනත් අපි බඳිනවා කියලනේ හිටියේ.... හි හි

      Delete
  8. ඒ අදහසට මමත් එකඟයි... හැමදේම ගාණට මිම්මට....

    ReplyDelete
    Replies
    1. මිම්ම නම් පස්සෙ වෙනස් වෙනවා නේද?

      Delete
  9. aththatama lassanai..godak dawas noliya idala dan denne niyametama..ohama yan

    ReplyDelete
    Replies
    1. දිගටම ලියන්නයි ට්‍රයි එක.

      Delete
  10. මාත් කැමති ඔය විදියටම තමා.......
    බොහොම ඉස්සර සුමින්ද ගමගේ ගෙ ශෘංගාර කියෙව්වට පසුව නැවත් කියවන්න ලැබුණෙ මෙතනදියි...

    ReplyDelete
  11. බාගෙට පේනකොටලුනෙ තව තව බලන්ඩ හිතෙන්නෙ.....

    ReplyDelete
  12. උබ හරි මචන් තමන් ආදරේ කරන කෙනෙක් එක්ක සෙක්ස් කරනව කියන්නේ ගනිකාවක් එක්ක සෙක්ස් කරනව කියන එකයි දෙකක්
    ගනිකාවක් කරන දෙයක් කරහන් කියල ඇදේ හාන්සි වෙලා ඉදීවි
    එහෙම නෙවේ තමන්ගේ බාර්යාව එක්ක කරනකොට ආදරෙත් එක්ක සෙක්ස් කියන දේ ලැබුනම
    පට්ටම සනීපයක් දැනෙනව
    මම කියවපු පොත් පත් වල හැටියට සම්පූර්න නිරුවත් ගැහැනු සිරුරකට වඩා අඩ නිරුවත් සිරුරකට පිරිමි අපි ආකර්ශනය වෙනව වැඩී

    ReplyDelete
  13. ඔය ඉතින්.. දැන් ඉක්මනට බඳින්න හිතෙනවානේ මේක කියවලා.. :D මොනා වුනත් ඔය කිව්ව ඒවට මමත් ලයික් :D

    ReplyDelete
  14. අම්මෝ මහා මිනිස්සුත් එක්ක ඉන්නවා කියන්නේ කරුමයක්.

    ReplyDelete