Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Tuesday, May 29, 2012

ඇතිවුනේ ආදරයද? නැත්නම් ඉස්සර වුනේ වල්කමද?


මාව දැකපු මුල්ම දවසෙ
කිටි කිටියෙ තද වුන ඩෙනිමට
හැඩට දුටු මගෙ දෙකලව
දෙපසට සෙලවුන තට්ටම
හින්ද නේද උබ පස්සෙන් ආවෙ ?

එහෙම ඇවිත් බස් එකෙත් නැගල
මම ඉදගත්තම උබ එතනම හිටගෙන
කර ගැබුරු බ්ලවුස් එක අස්සෙන්
ලැමේ කානුවක හිරවුන පෙන්ඩන්ට් එක
නොදැක්ක උඹ - දැක්කෙ තව මොනවද?

ඊටත් පස්සෙ දවසක
අපේ ගේට්ටුවෙන් ඔලුව දාල
උබ බැලුවෙ මගෙ දිහා නෙවේ
මම ගෙදරට අදින ගල් ෂෝට දිහානේද?

ෆුඩ් සිටියෙ බඩු ගත්දි
අහම්බෙන්ද උබ හිටියෙ
පාත්වෙලා තෝරද්දි බිත්තර
උබ බැලුවෙ මගෙ දිහාද 
නැත්නම් බුරුලට ඇන්ද ස්කිනි එක දිහාද?

එහෙම මගෙ පස්සෙන් ඇවිත්
දැන් මට ආදරේ කියල
මගෙ ලගින් ඉන්න උඹ

ඇත්තම කියපං - මුල ඉදන් හිතල බලපං
මුලින් දැක්ක දවසෙ
ඇතිවුනේ ආදරයද?
නැත්නම් ඉස්සර වුනේ වල්කමද?

42 comments:

  1. Replies
    1. දැන් නම් ආදරෙයි අපි..

      Delete
  2. ප්‍රේමය නම් රාගයෙන් තොර සඳ එළිය වගේලුනේ. මේ නම් වල්කම තමා :D

    ReplyDelete
    Replies
    1. සද එලිය වුනත් වෙලාවකට වල් නේද ?

      Delete
  3. අමුම අමු වනචරකම මේ කියල තියන විදියටනම්....හැබැයි ඉතින් මේ කථාකරන ප්‍රේමය තුල රාගය නැත්තම්... ඒ ප්‍රේමය තේරුමක් නෑ

    ReplyDelete
    Replies
    1. ඒක තමා.. කොල්ල වල් නැත්තං කෙල්ල පිට ගියා කියන්න එපා හරිය ?

      Delete
  4. වල් කමට බැලුවාට
    පෙන්නුවේ නුඹ කුමට?
    දුටුවාම මත් නොවේද?
    අඩ වැහුණු
    සිත් සළෙළු....

    ReplyDelete
    Replies
    1. හ්ම්.. මේ ඉන්නේ කොල්ලෝ..

      Delete
  5. ඕකට කියන්නෙ වල්කම නෙවෙයි ප්‍රකෘතිය කියලා. අනික මේ අංග ප්‍රත්‍යාංග හිතා මතාම ප්‍රදර්ශනය කරලා තියෙන්නෙ හදවිල කළඹන්න නෙවෙයිනෙ, තුනුවිල කළඹන්නනේ ඉතින් මොකද්ද තියෙන වැරැද්ද...?

    ReplyDelete
    Replies
    1. මේන්න ඇත්ත..:D

      Delete
    2. තුනු විල කිව්වෙ අයියේ කුනු වලක් වගේ එකක්ද ?

      Delete
    3. හික්Z....පිරිසිදුවට තියාගත්තෙ නැත්නම් පහුවෙනකොට එහෙම වෙනවා...

      Delete
    4. ඩෙංගු මදුරුවොත් බිත්තර දමාවි.

      Delete
    5. මොකද මම අහල තියෙනවා කෝම්බ වල ඉන්නව කියල.

      Delete
  6. රාගය නැති ප්‍රේමය ඵල නැත්තේමය..
    ප්‍රේමය නැති රාගය ඵල නැත්තේමය..

    ReplyDelete
    Replies
    1. මට ලැජ්ජත් හිතෙනවා සෑම් අයියා..

      Delete
  7. හලේ ... මන්නන් නෑ ඕව. අපි තාම චූටි එව්වො.

    ReplyDelete
    Replies
    1. චූටි කිව්වේ ?

      එහෙනම් 'චූ'කරන්න වත් මදි ඇති.

      Delete
    2. හික්ස් ... ඒක නෙවෙයි යකෝ චූටිය කිව්වෙ. ඇයි උඹට ඒක මදි වෙලද ඉන්නෙ.

      Delete
  8. සැමා අයියාගේ කොමෙන්ටුව දැමීමට සිතා ආවෙමි සැමා ඉස්සර වී ඇති බව දුටුවෙමි ඉතින් රාගය ආදරයට මුල යැයි පවසමින් මම සභාවෙන් බැස යන්නෙමි

    ReplyDelete
    Replies
    1. මෙන්න සභාවේ කස්ටිය අප්පුඩි ගහනවා.

      Delete
  9. අම්මපා මේකනම් වල්කමම තමා..

    ReplyDelete
  10. මටනම් එහෙම ආදරයක් ඇතිවෙන්නේ නැහැ ඉස්සරවෙලා වල් කම.එත් පස්සේ ආදරයක් හට ගන්නත් ඉඩ තියෙනවා.

    ReplyDelete
    Replies
    1. අන්න අවංක කොල්ලෙක්. ඒක තමා ඇත්ත.

      Delete
  11. අම්මපා....ඈ...දැන් දීගේ සැපේයි

    ReplyDelete
    Replies
    1. දී‍ගේ සැපායි... අම්මපා..

      Delete
  12. කොහොම වුනත් දැන් ඉතින් මොකෝ?

    ReplyDelete
    Replies
    1. කරගැහුවට පස්සේ ඕම තමා කියන්නේ !

      Delete
  13. This comment has been removed by the author.

    ReplyDelete
  14. එව්ව ඉතින් මෙහෙමෙයි කියල කියන්න බෑ... :D

    ReplyDelete
    Replies
    1. අරහෙමයි කියල කියන්න පුලුවංද ?

      Delete
  15. පෙන්නුව හින්දනෙ බැලුවේ
    එක නිසා වල් වෙන්න බැහැ
    පෙන්නලා ඉවර වෙලා ඔහොම කියන එක හරි වැරදියි නේද?

    ReplyDelete
    Replies
    1. බලෙන් පෙන්නලා.. බැලුව රවන සීන් තමා මෙහෙ තියෙන්නේ !

      Delete
  16. හුටා ,., වලත්තකම තමයි ඉතින්

    ReplyDelete
    Replies
    1. කවුද කියන්නේ එහෙම නෙවේ කියලා.

      Delete
  17. වල්කම නිසානේ කෙල්ලෝ ඔහොම අදින්නේ...වල්කම නිසාම තමයි ඉතින් බලන්නෙත්....නියම සුසන්යෝගය වල්කමට වල්කම තකට තක.....

    ReplyDelete
    Replies
    1. පලමුව වල්කමින්, දෙවෙනුව ආදරෙන්

      Delete