හීන කන්ද මැද්දෙන් සිදුරක් විදින්න පැන්සලකින්.
කන්ද අඩියේ උල්පතක් සිදුරු වෙලා හරි ඔයාව ගහගෙන යන තරමේ වතුර පාරක් එලියට විදී.
විසික් වෙන්න දෙන්නෙ නැහැ මම ඔයාට.
අල්ල ගන්නව මිසක් බිම නොවැටෙන්න.
නිදි මරන හිතක්, නොදකින හීනයක මම දුටුවා හීනයක්.
ඒ හීනය පොත් කන්දක් අස්සෙ පිටු දෙකක් අතර හිර කරල තිබ්බ.
ඔයා මට පෙරලන පොතක් අස්සෙ කවද හරි ඔයා දකී කියල.
පිච්ච මලක් වේලෙන්න පොතක් අස්සෙ එබුව වගේ ඒ සිහිනයෙ තෙත් ගතිය නැතුව ගියා.
වේලිලා ගියා.
දුඹුරු පාට වෙලා පාට නැති වුනා.
ඇයි සුවද? පොතේ පිටු දෙක අතරෙ විතරක් තනි වුනා.
හෑන්ඩ්ස් ෆ්‍රී එකක් හිරවුනු කන් දෙකක්.
කවදාවත් නැතුව විවර වෙලා හෙව්වෙ කට හඩක්.
හිතා ගන්න බැරි දුරක ඉදන්, දෝංකාර දෙන සියුම් හඩක් ඩැහැගන්න.
ඒත් මට ඇහුනෙ පොඩි කෙදිරිල්ලක්.
අහසෙ පාවෙන වලාකුළක එල්ලිලා සැහැල්ලුවෙන් ඉන්න පුංචි කෙල්ලකගෙ.
මගෙ අදහස් බර වැඩී නුඹට.
පාවෙයන් හැමදාකම.
මම පොලොවෙ ඉදන් ඉහල විදින දුම් කන්ද, ඔයාව මත් කරයි.
ඒ මගෙ තොල් අස්සෙන් ඇතුල්වෙලා, පපුව උණු කරන්, පෙනහළු වලින් ගලන විරහවේ ගින්දර.
කකුල් දෙක දෙපැත්තට කරන්
කලිසම ඔලුවේ නමාගෙන
පාන්දර පුකේ ආඩම්බර බලද්දිත්
ඒ දුම, වතුර පනිට්ටුව පිරෙනකල්, මගෙ වටේ කැරකෙනව
දුම ඇතුලට අදිද්දි, පස්ස පැත්ත ලිහිල්,
මම පාවෙනව
නුඹට ලං වෙන්න බැරි මට්ටමින්.....
මොහොතින් පාවෙන ඔය පුංචි හිත තියෙන,
බොලද මට්ටමට සමවෙන්න මාත් පාවෙනවා
එතකොටම පනිට්ටුව ඉතිරෙනවා
පස්ස පැත්ත හෝදගෙන එලියට එන සිහියෙන්
මම ආයෙත් වැටෙනව පරන මට්ටමට
ඒ මට අයිති පොලෝ තලයට.
සිනිදු නුඹ අහසටත්
රළු මම පොලොවටත්
සමාන්තරව තියාගෙන
ජීවිතේ ගලනවා
මම උඩුගම් බලං පීනන්න අකැමැති හින්ද
බැරි කමක් නෙවේ
නුඹේ හීන ලෝකෙට දාසයෙක් වෙනවට වඩා
මගේ අපායේ යම රජ්ජුරුවො වෙන එක මට වටින නිසා.
මම වම් අත පාවිච්චි කරද්දි
නුඹ ටොයිලට් පේපර් යූස් කරන එකයි
අපේ වෙනස
ඒත් මගේ හිත 'රැඩිකල්'
නුඹෙ හිත පිරිලා 'වල් පල්'