ලේන්සුව පපුවෙ ගහගෙන මොට්ටසෝරි ගිය කාලෙ තනියෙන් ඉන්න බයේ අඩන්න ගත්තා. ඒ තනි කමට බය නිසා. පස්සෙ ලොකු වෙද්දි තනිකමට තිබ්බ බය පැත්තකින් දාල කොල්ලො එක්ක රවුම් ගහද්දි කිසිම බයක් හිතට ආවෙ නැහැ. ඒ වල් කම නිසා නෙවෙ. අලුත් අත් දැකීම් ලබන්න තියෙන ආසාවට. පුංචි කාලෙ ඉස්කෝලදි එහා පැත්තෙ ඉන්න එකා තමන්ට වැඩි ලකුණු ගනී කියල හරි උත්තර කියල දෙන අතර දෙක තුනක් හිතලම වරද්දල කියල දෙන එක සමහරුන්ගෙ පුරුද්ද වෙලා තිබ්බ. පස්සෙ කාලෙක ඒ වැරදි හරි ගැහිල අළු ගසල දාල අපි කොල්ලො කෙල්ලො වුණා. ඒ අපේ බුද්ධිය මුහුකුරා ගිය හින්දා. කන කෑම එක කෑම පෙට්ටියෙන් වහගෙන එහා පැත්තෙ එකා කෙළ ගිලී කියල කාපු හැටි මතක් වෙනවා පොඩි කාලෙ. එහෙම කෑම කාලා පස්සෙ ලොකු වෙද්දි අනුන්ගෙ කෑමත් පෙරලගෙන තත්වෙට පත්වුනා අපි හරි අපුරුවට. ඒ වගෙම අනිත් එවුන් කොපි කරයි කියල හිතල අකුරු ලියන පොත ලොකු සී.ආර් පොතකින් වහගත්ත කාලයක් තිබ්බ අපිට. ඒ පුංචි කාලෙ. ලොකු වෙද්දි එහා පැත්තෙ එකාගෙ පේපර් එක අතට අරන් ලියල දෙන මට්ටමට අපි පත්වුනා. ඒ අපෙ බුද්ධිය වැඩුණු නිසා.
හිතේ තියෙන ඉරිසියාව, කුහක කම, පොදි බැදගෙන ජීවත් වෙද්දි තව එකෙක් කෙලින් හිටගද්දි බලන් ඉන්න බැරි කමක් එනවා. එතකොට අර කියපු බුද්ධිය වැඩෙන්නෙ නැතුව යනවා. තනතුරක් ලැබෙද්දි, ඒක එයාට නෙවේ මට කියල හිතෙනවා. ප්‍රවීණයි පරණයි කියල කියන්නෙ දක්ෂතාවය නෙවේ. කෙටි කලකින් ස්වාධීනව ලබන පන්නරය ජයග්‍රහනයක් සේම, දිගු කලකින් යමක් ලබන්න බැරි වුනාම එන කෝපය පරාජයක්. ඒ පරාජය වැලදගෙන විනාස වෙන අය නම් මේ ලෝකෙ කොච්චරවත් ඉන්නවද. ඒ පරාජය කෙනෙක් වැලද ගත්දි ඒ අය අවුස්සල තියල ආතල් ගන්න තරම් කුරිරු සමාජයක් බිහිවෙලා තියෙනව නේද? ඒ ගැන හිතද්දි හරිම කනගාටුයි.
යුද්ධ කාලෙ මලක වහලා හිටිය සමනලයෙක්ට අහකින් කොහෙන්දෝ යන වෙඩි පහරක් වැදුන. කවුරුත් හිතල නම් වෙඩි තියනවද සමනලයෙක්ට? තියන්න පුලුවන්ද එහෙම? මිනිහෙක් විනාස කරන්න හදන තුවක්කුවකින් කවදාවත් වෙඩි තියල සමනලයෙක් මරන්න පුලුවන් කියල හිතන එකත් අර නොවැඩුනු බුද්ධියේ සාමාජිකත්වයක් කියලයි හිතෙන්නෙ. කොහෙන් කොහෙම හරි අර සමනලයට අහක ගිය උණ්ඩයක් වැදුණා.
අසාධාරණ උණ්ඩය සමනල පිහාටු දෙක දෙපැත්තට පා කරල යැව්වා. හුලං පාරට දෙපැත්තට, කියන්න බැරි විදිහට නොපෙනෙන අන්ත දෙකකට. ලස්සන පුංචි දැරිවියක් දුවගෙන ඇවිත් අහුල ගත්ත එක තටුවක්, සිනිදු අත් වලින් සියුමැලිව අල්ලගෙන, අරන් තිබ්බ ලස්සනට පොතක් අස්සෙ පරිස්සමට. අනිත් තටුව පාවෙලා ගිහින් වැටුනු තැන පුංචි කෙල්ලෙක්. දඩබ්බර, හිතෙන දේ කරන, කිසි පරිස්සමක් නැති, කෙල්ලෙක්ගෙ අත්වල හිරවුණා අර වගෙම තටුව. කෙල්ල කරකවල බැලුව තටුව. අර පරිස්සමක් නැතුවම. කරන්න දෙයක් නැහැ. ඒත් පුරුද්දට වගෙ හිර කරල දැම්ම පොතක් අස්සක.
අර සුන්දර සියුමැලි පොඩි කෙල්ල පැවරුම් වැඩකට අර තටුවම පාවිච්චි කරනව. ලස්සන කාඩ් එකක් හදන්න. ඒක හදාගෙන ඉස්කෝලෙට ගෙනිහින් පන්තියට ඉස්සරහ පැසසුමට ලක්වෙනව. අර දගකාර කෙල්ලත් ඒ පන්තියෙම පැත්තක. පොත් අස්සෙම හිරකරගෙන සමනල තටුව. ශාප කරනව නිර්මාණශීලි කෙල්ලෙක්ට. ගොඩ කාලයක් වැඩක් නැතුව හැංගිලි තිබුණ පොත අස්සෙ තිබුන තටුව අර දගකාර කෙල්ලටත් අමතක වෙලා හැලිල යනව පොත අස්සෙන දවසක. වැඩක් නැතුව. හරිම ආදරෙන් තියා ගත්ත ලස්සන සමනල තටුවක්. කිසිම වැඩක් නැතුව. ඒත් දහස් වාරයක් ශාප කළා සමනල තටුවෙන් වැඩක් ගත්ත කෙල්ලට. ඉතුරු වුනේ රත් වුණ ලේ බිංදු ටික විතරයි. අපරාදෙ සුන්දර කරන්න තිබ්බ ලෝකයක් සුළු මොහොතකට හරි. කුහකත්වයෙන් ඈත් වෙලා සදහටම.
පොඩ්ඩක් හිනා වෙන්න කියල දහස් වර අඩවන තැන් ඕන තරම්, ආදරේ කියන්නෙ දුකක් කියල පැල් බැදගෙන කුහක කම් කරන තැන් ඕන තරම් තියෙද්දි අර කෙල්ල රැවටුනේ නැහැ. ඇවිද්දා දහස් ගව් නොනැවතී, හිත හදාගෙන හති නොවැටී. සුන්දර කරන් ලෝකයක් ආදරණීය සිහනවකින්.
ඇත්තටම මට මෙවන් නිර්මාණශීලිත්වයකට දැනෙන්නේ ඉරිසියාවක්වත් ද? :)
ReplyDeleteඑල කොල්ලෝ එලට ලියනවා දිගටම ලියපන්.
යූ ආ ද මෑන් බ්‍රෝ....
ReplyDeleteඇඩෙනවා....
ෂික්....මට බෑනේ වටෙන් ගහන්න.... කියන එක කෙලින්ම කියනවා මිසක් :)
සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!
ආයේ වෙන කියන්න දෙයක් නෑ..
ReplyDeleteසුපිරි ඈ...
රැඩියෝ උඹේ හැකියාව ගැන මට ඉරිසියා හිතෙනවද මන්දා..
ReplyDeleteගින්දර..!!
අනේ මන්දා..මටනම් මොකුත්ම කියන්න හිතා ගන්න බෑ!
ReplyDeleteනිර්මාණශීලී විදියට අදහස් ප්‍රකාශ කරල තියේ..නියමයි සහෝ.
ReplyDeleteවදින තැන්වලට වදින්න රිදෙන තැන්වලට රිදෙන්න මෙන්න ලියන හැටි..සුපිරියි සහෝ..
ReplyDeleteනිර්මාණශීලි ලියමනක්!!! අප්පිරිය නැතිව කියවන්න පුලුවන් ලිපියක්!!!
ReplyDeleteපිස්සු වගේ බන්
ReplyDelete+++++++++++++
ReplyDelete