Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Tuesday, December 4, 2012

මාසයේ වැරදි දින - සොයා ආ මා ඔබ...


සුන්දරය නුඹ වත
සිසිලසයි ගගුලක
අමතකයි මට ලොව
සැගවෙන්නෙ සිත යට


සොයා නුඹ සෙනෙහස
ලැබ ගන්න සිසිලස
ලැම කරන් සයනය
නිදන්නට සොයමි තැන


අද නුඹේ දිනයමද
වේදනා කුමකටද
හිස තියන් පපුතුර
පිරිමදිමි නුඹ කුස


මාසයේ වැරදි දින
සොයා ආ මා ඔබ
පොදි ගසා හැගුම් පෙල
මා හැරෙම් කුටිය වෙත





Monday, December 3, 2012

නුඹ වදන්, පුබුදවන්, මා හැගුම් !


සිපගනිම්
හෙමි හෙමින්
බෝතලය
මම පිටින්

සෙලවෙමින්
කැලතෙමින්
නුඹ හිදින්
සිරකරන්

ක්ෂණිකයෙන්
උඩු පියන්
විසිවෙමින්
සැර දියෙන්

පොපියමින්
තෙත් වෙයන්
බුබුලකින්
පාවෙමින්

ඔබ මුවින්
පිබිදෙනා
වදනකින්
මා හැගුම්
කිතිකවා
බිහිකරන්
පද දහක්



Sunday, November 25, 2012

සම්පූර්ණ නිරුවතට විරුද්ධයි මම..


මට ඇති මේ ටික. බාගෙට ඇදපු ඇදුම් හෝ බාගෙට ගැලවුනු ඇදුම් හොදටම ඇති මට. ඒකයි මම කියන්නෙ නිවාඩු දවසෙ ගෙදර ඉන්නකොට වත් සැහැල්ලුවට අදින්න කියලා. යටට නොඇන්දට දනහිස ලගට දිග ටී ෂර්ට් එක හොදටම ඇති. විලි වැහෙනව වගෙම මාව අවුස්සනවා. ඒක නිරුවත නෙවේ. ඒත් නිදහස් සිරුරේ රේඛාවන් මගෙ ඇස් දල්වනවා. මාව අවුස්සනවා. ඒ ඇති. ඇදේ කොට්ට මෙට්ට බදාගෙන දගලනවට වැඩිය, සැහැල්ලුවෙන් ඇතිල්ලෙන එක, සාමාන්‍ය උණුසුම, සියුම් කෙදිරිලි වගෙම ඉස්සිලා පෙනෙන පපුව, මාව ජීවත් කරවනව. ඔයා නොදන්නව වුනාට මාව පිට නෙයවන්න ඒ ටික ඇති. ඒක ඔයාටම වාසියක් නෙවේද?

මතකැති මුල දවසෙ රෑම අපෙ ගත සීතල වුනා. ඒ අපි කළබල නැතුව හිමීට හැම දේම කොනක ඉදන් වින්ද නිසා. පස්සෙ පස්සෙ හැම දේම එපාවෙන කට්ටිය අර නිදහස නොවිදින නිසා, වේගවත්කම නිසා ජීවිතය විදවනවා. හයියෙන් වේගෙන් හදිසියට හපන චුයිංගම් එකේ රසය ඉක්මනට නැතිවෙනවා. අන්තිමට එන්නෙ රබර් රස. ඒ වගෙම ඉතුරු වෙන්නෙ දෙපැත්ත සෑහෙන්න රිදෙන හක්ක. ඔයා දන්නව හෙමීට උරන හැටි අයිස් පලම. දිය නොවෙන්න. රස දැනෙන්න, වගෙම මට නොරිදෙන්න. ඔයා හදිස්සියට වැඩි රසයට අයිස් පලම නොහපන නිසා, නොනැවති දියවෙන්න කලින් උරන නිසා රසයි. සනීපයි.

වේගය ඕනෙ අන්තිම මොහොතට. ගොඩාක් දුර දුවන මැරතන් එක වගේ. හෙමින් දුවලා හයිය හත්තිය ඉතිරි වුනෙ නැත්තම් අන්තිම ටික වේගෙන් දුවන්න හයියක් නැහැ කියල ඔයා දන්නවා. ඒ නිසා වැඩි දැගලිලි නැහැ. සරලව විදිනවා. ශක්තිය අන්තිම බිංදුවට ඉතිරි කරලා. 

සම්පූර්ණ නිරුවත රසය අඩු කරනවා. මමම ගලවලා ගන්න තරම් රසයක් නැහැ සම්පුර්ණ නිරුවතේ. මට ඕනේ ඔයා සම්පුර්න ඇදලා ඉන්න වෙලාවට උඩින් සිපගන්න. ටික ටික එක එක ගැලවෙන්න. ෂර්ට් එකක් පිටින් දෙතොල් තියල උරනකොට එතැන විතරක් තෙත් වුනාම ඔයාගෙ ඇසි පියවෙනව කියල මම දන්නව. ඒ සනීපෙ සම්පුර්න නිරුවතට ලැබෙන්නෙ නැහැ කියලත් මම දන්නව. ඔයාගෙ ඇසි බාගෙට පියවෙන වෙලාව තමා මට ඕනෙ දකින්න. නැත්තං මට විතරයි. අපි ඉගිලෙන්නෝනි, පාවෙන්නෝනි එකම වෙලාවෙ එකට. එකම විදිහට. නැත්තම් අපි මට්ටම් දෙකක්. ඔයාට මදි, නැත්තං මට මදි.

තව දෙයක්, මම කැමති දුහුල් නයිට් ඩ්‍රස් එකට. ඒක මරු. අස්සෙන් බාගෙට පේන හැඩතල මම දකින්න දගලනවා. ඔයා මුකුත්ම නැතුව ආවොත් ඒ රසය අඩු වෙනවා. ඒ වගෙම එකම බෙඩ් ෂීට් එක අස්සෙ දෙන්නම නිදාගෙන ඉන්නකොට අතට දුහුල් ඇදුම අස්සෙන් දැනෙන සනීපෙ නිකන්ම නිකං දැනෙන එකක් නැහැ. වැඩි වෙලාවක රසය තියෙන්න සම්පුර්ණ නිරුවත රුකුලක් නෙවේ කියල මම හිතන්නේ. පොඩ්ඩ පොඩ්ඩ එකින් එක විවර කරල බලන කොට තියෙන සහනය අමුම අමු නිරුවතින් ඉන්නකොට මට නොදැනෙන නිසාම...

සම්පූර්ණ නිරුවතට විරුද්ධයි මම..

Friday, November 23, 2012

උන් එහෙම වුනාට අපිට...


හැම එකාම කියනව බැනදට පස්සෙ සතියලු, මාසෙලු, අවුරුද්දලු නැත්තං ලමයෙක් ලැබෙනකල් විතරලු සැප. ඇයි එහෙම ? මම කල්පනා කළා. දුමක් දාගෙන. ඔයා පැත්තක හිටියට මම ඔයාට කිව්වෙ නැහැ මොනවද කල්පනාව කියලා. දුම් වලා දෙකක් පිට වුනා. එක උගුරකින්. ඔයා පැත්තක ඉදන් බලං හිටියේ කෝපි එක තොල ගාගෙන. ඇයි අනිත් උන්ට සතියෙන් එපා වෙන එක අපිට තාම එපා නොවුනේ?

මගෙ ඇසි කියෙව්වෙ ඔයා, මගෙන් ඇහුව මෙහෙම.

ඔයාට මතකද මේ ටේබල් එක?

ඔව් අපි මේ ගෙදරට ආපු දවසෙ අරන් ආපු එක නේද?

ඔව්, තව මොනාද මතක?

පුතා නිදිද?

ඔව් පුතා නිදි.

ඔයා හිතුවද මට අමතකයි කියලා.

නැහැ මම දන්නව ඔයාට මතකයි.

කාමරේ ඉන්න පොඩි එකා, ඉපදෙන්න මම ඔයාව වඩාගෙන ඇවිත් මේකෙ තමා දිගා කලේ. මතකද මාව බදාගෙන කෙදිරි ගෑව හැටි.

අපේ උන්ට වැරදුනු තැන, අපිට හරි ගිය තැන මට තේරනා. ඔයාත් ඒක දන්නව ඇති.

අපි ඇදට ගියේ නිදාගන්න විතරක් නෙවේ. හැම දේම කරන්න. ඒත් අපේ බිත්ති වලට ඇස් තියෙනව නම්, කන් තියෙනව නම් දැකල ඇති ඇහිල ඇති අපි කරන කියන දේවල්. තවම ආදරෙන්, ඒ වගේම රාගයෙන්. වෙන උන්ට නැති සතුටකින්.

අපි දවසක් බැල්කනිය හෙලවෙන්න දැගලුවා. මහ අදුරු දවසක. පාරෙ යන උන්ට බැල්කනිය නොපෙනෙන්න. හද වුනත් බාගෙට පායල තිබ්බ දවසක. මහ වැහි වලාකුලක් නිසාම අපිව නෙපෙනෙන්න ඇති.

දවසක් අපි වැතිරුනා පඩි පෙලේ, අත් වැලට තිනෙ බීරළු වැට බදාගෙන, ඔයා යට කරන් මම වැතිරිලා හිටියෙ තදටම. ඇත්තටම එදා වගේමයි අහස. අදුරුයි කාටත් නොපෙනෙන්න. ඒ වගේම සීතල, නැහැ රස්නෙයි නේද, අපි අතරෙ තෙරපුම?

එදා මට හිතුන හොද වෙලාවට අපි වත්ත වට කරල තාප්පෙ ගැහුවෙ කියල. නැත්තං අපි ෆිල්ම් එකක රගපෑව වෙනවා. එදත් මහ රාත්තිරිය. මිදුලෙ බංකුවෙ ඉදන් හිටපු ඔයාට මම පිටිපස්සෙන් හේත්තු වෙලා දුහුල් ඇදුම් මෑත් කරද්දි ඔයා පිස්සු නැටුව. මම උස්සං ගිහින් ඔයාව තිබ්බෙ වත්ත මද තණ බිස්සෙ. දගලලා තෙරපිලා අපි පාවෙනකොට මතක් වුනේ කෙහෙද ඉන්නෙ කියල.

බාත් රූම් එක, කුස්සිය, වගේ තැන් අපට නුහුරු නැහැ. අපි කරන්නෙ හැමදාම වෙනසක්. ඒ නිසා වෙන්න ඇති දවසක් අපි තක්කලි ගෙඩි වලින ගහ මරා ගත්තෙ.

මම ලියනවා, සතුටක් නැහැ කියන උන්ට. මේකයි අපේ රහස, අමු අමුවෙ මස් කඩේ වගේ දගලනවට වැඩිය සියුම් දේවල්, තැන වෙනස් කරල කරනකොට සතුටුයි. සුන්දරයි, පැවැත්මත් එහෙමමයි.

මම වල් නැහැ.

මම කලාත්මකව වල් කම් කරනවා. ඒක මගෙ කෙල්ල දන්නවා. එයත් සතුටුයි. මාත් සතුටුයි.

වෙනස් ආරකට හිතන වෙන කෙල්ලෙක් දීපු කොනක් අල්ලං ලිව්වා. ඒකිට ස්තුතිය.

Saturday, November 10, 2012

නීරස - රහස...




පුම්බා පපුව
ලංවී හිදුව
ඒ නුඹද
අද ලගම?

එල්ලා වැටුන
පරඩැල වැන්න
විදිනා කාම
මිරිගුව මෙයද?


Saturday, October 6, 2012

‘ඉටි කිරෙන්‘ නැහැවූ රැයක්...


අහසෙ සද නැග
අප ඇදට නැග
ඇග උඩට නැග
කිති කවයි ලග

බිත්ති සතරෙක
මැද එලිය දෙන
ඉටිම පන්දම
සැලෙයි නොබියව

රැයේ සිසිලට
රස්නෙ පන්දම
නුඹේ රස්නෙට
මගේ සිසිලස

සිරස් බව නැති
ඇදවු පන්දම
දවා ඉටි ටික
හෙලුව කිරි ටික

නුඹේ දිව රැදි
මගේ පන්දම
දවා කම් ගිණි
හෙලුව කිරි ටික



Thursday, August 16, 2012

උඹ හින්ද මම තෙමා ගත්තා. ඒකයි උබට ආදරේ...


වත්ත කොනක තනියම, දවස්ගානක් පෙරුම් පුරල මම උඹව මගෙ ලෝකෙට එකතු කර ගත්තා. වැස්ස දවසට මඩ ගොඩක් වෙන වත්ත කෙලවරක උඹ වගේ ලස්සන ජීවිතයක් මගෙම කර ගන්න මට පුළුවන් වෙයි කියල මම කවදාවත් හිතුවෙ නැහැ. අපේ ගෙදර උන්ට වැඩි අල්ලපු ගෙදර උන් වුනත් වැඩිකැමැත්තක් තිබ්බෙ නැහැ උඹව මම එතනදි හම්බෙනවට. මොකද අල්ලපු ගෙදර උන් අල්ල ගන්න ට්‍රයි කරපු කොටහක උඹ මගේම වුනේ. ඒක මට තාමත් පූජනීය තැනක්. උඹ මට මගේ ජීවිතේ වුනා වගේම මගෙ පවුලටම ආලෝකයක් වුනා. හරියට වියළුනු කතරට වැහි බිංදුවක් වගේ.

රැයක් දවාලක් නැතුව සති ගානක් මම උඹ මගෙ ලගට එනකල් කල් මැරුව. උබ මට ගොඩක් ගණන් ඉස්සුවා. ඒත් මම මහ පොලොවක කළු ගල් මතුවෙද්දිත් කම්පා වෙන්නෙ නැතුව උබ ලබා ගන්න දැගලුව. දවසක් මම නොහිතපු වෙලාවක මගෙ ලගින් සීතලක් දැනුන. හරියට තෙත් වෙච්ච පස්පිඩක් උඩ නිදියගෙන ඉන්නව වගේ. එදා ඉදන් උඹ මගේම වුනා. එතැන මට පූජනිය තැනක් වුනා. මොකද උඹ මම, අපේ ජීවිතේ පටන් ගත්තෙ එදා එතැනින් නිසා.

මම උබට ගොඩක් ආදරේ කළා, උඹ මට මගේ ලගින් ඉදන් සැලකුව වගේම. මම උඹව කාටවත් නොපෙනෙන්න, වට කළා. මොකද අනිත් වුන් එහෙන් මෙහෙන් අත පය දාලා උඹව සවුත්තු කරයි කියල බයට. ඒ මදිවට දුවිල්ලක්  නොවැදෙන්න උබට ආවරණයක් දුන්න. ගමේ උන් ඇහුව උබ මුස්ලිම් කෙල්ලක්ද කියල. මොකද දුවිලි නොවදින්න උබව කවර් කරපු හින්දා. මම කිව්ව “කාන්තාරෙක වුනත් මට සිසිලක් දෙන්න පුලුවන් උබව උන්ගෙ ඇස්වහ වලින් බේරන්න කවර් කලේ කියල“ උන් එදා හිනා වුනාට, අද උන් දුක් වෙනවා. මට උබව ලැබුන වගේ උන්ට උබ වගේ ජිවිතයක් නොලැබුන නිසාම.

මහ රෑට උබ ලග ඉන්න බැරි හින්ද අපි ගොඩක් එකතු වුනේ දවාලෙට. කවුරු හිටියත් මම උඹ අපේ ලෝකෙ පාවුනා. මම උබේ ගැබුර මැන්නා. මම දැනගෙන හිටියා උබේ පතුලෙම වැදුනම තෙතට දැනෙනව කියල. ඒකම මට සතුටක් වුනා. උබ මහ හඩින් ගෑ ගහද්දි අපේ අම්ම කිව්ව වතුර ටිකක් ගහපං කියල. එහෙම නැත්තං ග්‍රීස් දාපං කියල. එහෙම කරල මම කෝමද උබේ එක කටේ තියන්නේ. ග්‍රිස් වලට දාල සද්දෙ නවත්තනවට වැඩිය මට උබේ පිරිසිදු කම වටිනව. ඒකයි මම හැමදාම කටට ගත්තේ කිසිම අප්පිරියාවක් නැතුව. ගමේ උන් උනත් ආව, උබව පාවිච්චි කරන්න. ඒත් මම අමාරුවෙන් නවත්ත ගත්ත. මොකද උබ වුනත් අකැමැත්තක් නැහැ වටේටම බෙදන්න. බෙදල තෙමා ගන්න.

ඇත්තටම මම උබට - උබ මට දුරින් හිටියේ. අගල් අඩි වලින් නොකිව්වට බඹ ගානක් දුරින්. මම උබට ලංවුනේ බොහොම අමාරුවෙන්. වෙන උන් බෙල්ලෙ වැල දාගන්න කඹ හොයනව වගේ මම උබ ලගට එන්න ක්‍රම හෙව්වා. උබට අමාරුවෙන් ලං වෙද්දි මට මහ සිසිලක් දැනුන. ටික වෙලාවක් ඒ සීතලේ ගිලිල මාව තෙත් වුනා. බාල්දිය ගිලිල, කඹේ දිගේ උබ උඩට ආවා.

මම තාම උබට ආදරෙයි. උඹ මාව ජිවත් කළා. ඉදිරියටත් එහෙමය. උඹ මගෙ දිව තෙමමු වතුර බිංදුව. මම පෙරුම් පුරල හාර ගත්ත ලිද උඹ.