හැම එකාම කියනව බැනදට පස්සෙ සතියලු, මාසෙලු, අවුරුද්දලු නැත්තං ලමයෙක් ලැබෙනකල් විතරලු සැප. ඇයි එහෙම ? මම කල්පනා කළා. දුමක් දාගෙන. ඔයා පැත්තක හිටියට මම ඔයාට කිව්වෙ නැහැ මොනවද කල්පනාව කියලා. දුම් වලා දෙකක් පිට වුනා. එක උගුරකින්. ඔයා පැත්තක ඉදන් බලං හිටියේ කෝපි එක තොල ගාගෙන. ඇයි අනිත් උන්ට සතියෙන් එපා වෙන එක අපිට තාම එපා නොවුනේ?
මගෙ ඇසි කියෙව්වෙ ඔයා, මගෙන් ඇහුව මෙහෙම.
ඔයාට මතකද මේ ටේබල් එක?
ඔව් අපි මේ ගෙදරට ආපු දවසෙ අරන් ආපු එක නේද?
ඔව්, තව මොනාද මතක?
පුතා නිදිද?
ඔව් පුතා නිදි.
ඔයා හිතුවද මට අමතකයි කියලා.
නැහැ මම දන්නව ඔයාට මතකයි.
කාමරේ ඉන්න පොඩි එකා, ඉපදෙන්න මම ඔයාව වඩාගෙන ඇවිත් මේකෙ තමා දිගා කලේ. මතකද මාව බදාගෙන කෙදිරි ගෑව හැටි.
අපේ උන්ට වැරදුනු තැන, අපිට හරි ගිය තැන මට තේරනා. ඔයාත් ඒක දන්නව ඇති.
අපි ඇදට ගියේ නිදාගන්න විතරක් නෙවේ. හැම දේම කරන්න. ඒත් අපේ බිත්ති වලට ඇස් තියෙනව නම්, කන් තියෙනව නම් දැකල ඇති ඇහිල ඇති අපි කරන කියන දේවල්. තවම ආදරෙන්, ඒ වගේම රාගයෙන්. වෙන උන්ට නැති සතුටකින්.
අපි දවසක් බැල්කනිය හෙලවෙන්න දැගලුවා. මහ අදුරු දවසක. පාරෙ යන උන්ට බැල්කනිය නොපෙනෙන්න. හද වුනත් බාගෙට පායල තිබ්බ දවසක. මහ වැහි වලාකුලක් නිසාම අපිව නෙපෙනෙන්න ඇති.
දවසක් අපි වැතිරුනා පඩි පෙලේ, අත් වැලට තිනෙ බීරළු වැට බදාගෙන, ඔයා යට කරන් මම වැතිරිලා හිටියෙ තදටම. ඇත්තටම එදා වගේමයි අහස. අදුරුයි කාටත් නොපෙනෙන්න. ඒ වගේම සීතල, නැහැ රස්නෙයි නේද, අපි අතරෙ තෙරපුම?
එදා මට හිතුන හොද වෙලාවට අපි වත්ත වට කරල තාප්පෙ ගැහුවෙ කියල. නැත්තං අපි ෆිල්ම් එකක රගපෑව වෙනවා. එදත් මහ රාත්තිරිය. මිදුලෙ බංකුවෙ ඉදන් හිටපු ඔයාට මම පිටිපස්සෙන් හේත්තු වෙලා දුහුල් ඇදුම් මෑත් කරද්දි ඔයා පිස්සු නැටුව. මම උස්සං ගිහින් ඔයාව තිබ්බෙ වත්ත මද තණ බිස්සෙ. දගලලා තෙරපිලා අපි පාවෙනකොට මතක් වුනේ කෙහෙද ඉන්නෙ කියල.
බාත් රූම් එක, කුස්සිය, වගේ තැන් අපට නුහුරු නැහැ. අපි කරන්නෙ හැමදාම වෙනසක්. ඒ නිසා වෙන්න ඇති දවසක් අපි තක්කලි ගෙඩි වලින ගහ මරා ගත්තෙ.
මම ලියනවා, සතුටක් නැහැ කියන උන්ට. මේකයි අපේ රහස, අමු අමුවෙ මස් කඩේ වගේ දගලනවට වැඩිය සියුම් දේවල්, තැන වෙනස් කරල කරනකොට සතුටුයි. සුන්දරයි, පැවැත්මත් එහෙමමයි.
මම වල් නැහැ.
මම කලාත්මකව වල් කම් කරනවා. ඒක මගෙ කෙල්ල දන්නවා. එයත් සතුටුයි. මාත් සතුටුයි.
වෙනස් ආරකට හිතන වෙන කෙල්ලෙක් දීපු කොනක් අල්ලං ලිව්වා. ඒකිට ස්තුතිය.