Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Friday, August 30, 2013

ඇයට දුවන්න දෙන්න... හති වැටුනම ඔබ දුවන්න...



මුනින් අතට වැතිරිලා කල්පනා කළා ලියන්න දෙයක්. මුකුත් ලියන්න ඇතුවට නෙවෙ. පාළුවට ගිහින් හින්ද. බ්ලොග් එක විතරක් නෙවෙ මුළු ලෝකයම. මගෙ මුළු හිතම. පැටලිලා ගිහිල්ල. හිත පුරාවටම වටලගෙන කෙල්ලො ගොඩක්. ඒත් ඉතුරු වෙන්නෙ පැටලිල්ලක් විතරයි. අපෙ උන් දගලනවා කෙල්ලො නැතුව. උන්ගෙ ලෝක වල නීති වැඩි නිසාද මන්ද කෙල්ලො නැත්තෙ. උන්ට ඕනෙ කොල්ලෙක් දැකල නැති, අතින් අල්ලල නැති, කුළුදුල් කෙල්ලො. මගෙ ලෝකෙ, මගෙ හිතේ ඒ නීති නැති හින්දද මන්ද එහෙමත් නැත්තං මම දුක්ගන්නා රාළ කෙනෙක් නිසාද මන්ද මට කෙල්ලො වටේටම. කෙල්ලො විතරක් නෙවෙ විවාහය අතරමග නැතිවුණ ඇන්ටිලත්. අච්චර නීති දාගෙන ඉන්න අපෙ උන්ට නම් හම්බෙන්නෙ කෙල්ලො නෙවෙ කුළුදුලේ උපන් ලදැරියො. මුන්ව යවන්න වෙන්නෙ කාසල් එක ලගට හරි සොයිසා එක ලගට හරි.

මගෙ කල්පනාව බිදුනෙ එයාගෙ ඒ කෝල් එකෙන්. ආයෙත් උඩුබැලි අතට ඇදේ දිගාවෙලා අතක් කකුල් අස්සෙ ගහගෙන කල්පනා කර කර හිටපු මට අත එතැනම තියාගන්න හේතුවක් වුණේ ඒ කටහඩ. එයා එහා පැත්තෙ ඉදන් මොනවද ඉල්ලනව. හරියට මගෙ ලගම ඉන්නව වගේ. මම කතා කළා. එයා මගෙ ලගම ඉන්නව. මටත් දැනුන. හුස්ම සද්දෙ, ඒ උණුසුම පවා මගෙ හිතට දැනෙන්න ගත්ත. මම එයා ලගට ගියා. මගෙ අතක් ෆෝන් එකත් එක්කම කනේ. අනිත් අත තවමත් එතැනම. දැන් ටිකක් වැඩ වැඩි වෙලා.

කටහඩින් ලං වෙලා. හිත් වලින් එකම ඇදක ගුලි වෙලා අපි අනන්තය හොයනවා. එයාගෙ හුස්ම හඩ මට ඇහෙන්නෙ මහ සාගරේ ලග අස් පියාගෙන ඉන්නකොට ඇහෙන විදිහට මහ සද්දෙන්. ඒ මදිවට ඒ හුස්ම සැරට මාව ගහගෙන යන්න තරම් වේගයක් තිබ්බ. මම තද කරල අල්ල ගත්ත. ඇද නෙවෙ කලින් අල්ලන් හිටපු තැනම. කකුල් අතරට තද කරල. මම දන්නව එයාට ඔක්කොම ඉවර කරගෙන අනන්තයට දුවන්න ඕනෙ. ඒත් මට ඕනෙ ඒක එතැනින් ඉවර කරල ෆෝන් එක තියන්න නෙවෙ නිසා මම එයාට දුවන්න ඉඩ දුන්න. එයාට ඒ හයිය එන්න මාත් සද්දෙට හුස්ම ගත්ත. අත ගුලි කරගෙන ඒ හැගීම හිතට ගත්ත. එයා දිව්වා. මම බලාගෙන හිටියා. අනන්තය පේන දුරින් මම නැවතිලා එයාට ඒ සහනය දුන්න. මම ඉතිරි කරගත්ත හයියක්. නැත්තං මට මේක ලියන්න වෙන්නෙ නැහැ. අනික මම දන්න දෙයක් තමා කෙල්ලෙක්ට අනන්තය දකින්න දෙන්න ඕන අපිට කලින්. මොකද උන්ට දරා ගන්න පුලුවන්. අපි උන්ට කලින් දිව්වොත් විනාසයි. ඒකි මග ඉදී. එක දවසක් දෙකක්. ඉතිරි දවස් ඉවසන එකක් නැහැ. වෙන එකෙක් හොයාගෙන දුවයි. අනන්තයටම.

එයා ෆෝන් එක තිබ්බා. එයා දැන් නිදි. මම ආයෙ ලැප් එකට මූන ඔබාගෙන ඇදේ ඇලවෙලාම. ලියන්න දෙයක් නැතුව. කල්පනා කරනව. මට ආයෙත් ඇහෙනව ඒ හුස්ම සද්දෙ. ඒ උණුසුම. ඒ ආදරය. එයා නිදි. මම ඇහැරිලා. මොනව හරි ලියන්න බලාගෙන. තනියම. දෝංකාරෙ වගේ ඇහෙනව ඒ සද්දෙ. ඇස් පියාගෙන මම අහගෙන හිටියා. මම හිටපු හැටි එතැන. එයත් එක්කම. එයාට දුවන්න දීල මම නැවතිල හිටිය හැටි. එයා අනන්තෙ ඉදන් මට ඇහෙන්න කැගහපු හැටි. මම ආයෙ ආයෙ අහන්න ගත්ත. අත හිර වෙන්න ගත්ත ආයෙත්. මම ඉතිරි ටික දුවන්න බැටන් එක අතට ගත්ත. හයියෙන්. එයා ඉන්න තැනට දුවගෙන යන්න මට මහ වෙලාවක් ගියෙ නැහැ. මම දැන් එයා ලගම. එයා මට කලින් දුවපු එක ගැන දුකක් නැහැ මට. මට ඕන කලෙත් ඒක. මොකද එයාට දරා ගන්න පුලුවන්. මම එයාට කලින් දිව්වොත් එයාට මගෙන් වැඩක් නැතිව වෙයි. මම දුවන්නෙ හැමදාම එයාට පස්සෙන්. එක්කො එයත් එක්කම. ඒ දරා ගැනිල්ල නැත්තං මෙලහකටත් ඒකි මගෙ ලග නැහැ.

මා නැති අතර මා ගැන සොයා බැලූ සැමට තුති..
-රැඩියා නැවතත්

7 comments:

  1. බොහොම කාලෙකට පස්සේ. මෙවර ඔබ පෙරට වැඩිය වෙනස් විදියට ව්‍යංගාර්ථයෙන් පවසන්න උවමනා සෑම දෙයක් ම කියල තියනවා හැබැයි ඉතාමත් රැඩිකල් විදියට. නමුත් ඔබ කියන පරිදි දුක් ගන්නා රාල කෙනෙකු ලෙස ඔබ වෙත දුක කියගෙන එන සැමටම “එකම හැන්දෙන් බෙදීම” කෙතරම් සාධාරණ ද යැයි මට ගැටලුවකි. ඔබට සිතෙන හැටියට, ඔවුන්ගේ එම සෑම දුකම, ගැටලුවම යොමු වන්නේ කායිකව ඇති කරගත යුතු අවශ්‍යතාවයකට නම් එදෙස සියලු සමාජයීය බැමි, සමාජයීය නීති බිද දමා නිරුවත් ඇසකින් බැලීම ඉතාමත් රැඩිකල් සත්‍යය යයි. නමුදු යම් දිනෙක දෙදෙනකු සියලු සමාජයීය බැදීම්, නීති රීති වලින් තොරව අව්‍යාජ ඇසකින් කායික බැදීමක් ගැන නොසිතමින් පවතින්නේ නම්, එය ඔවුන් ගේ කායික බෙලහීන තාවක් නොවේ, එය ඔවුන්ගේ අවශ්‍යතාවයයි. එය ද රැඩිකල් සිතුවිල්ලක් යන්න මගේ අවංක අදහසයි. මිනිසුන් රැඩිකල් වීම යනු, ඔවුන් සිතන පතන අයුරු බහුතරයක් සිතන ආකාරයට වැඩිය වෙනස් වීම මිස, මානුෂීය සබදතාදෙස මසැසින් බලා ඔවුන්ගේ උවමනාවන්, මුලික මිනිස් අවශ්‍යතා පමණක් බව සිතීම නොවන බව මට සිතේ.
    මෙම රචනා රීතියට සමාන පෝස්ටයක් මෙයට අවුරුදු 3 කට පමණ පෙර taboosubjects (ඉවත් කරන ලද) බ්ලොගයේ දැක්කෙමි. දිගින් දිගටම රැඩිකල් වීමට සුභ පැතුම්!.

    ReplyDelete
  2. /ඇයට දුවන්න දෙන්න... හති වැටුනම ඔබ දුවන්න... ///හරියටම හරි කතාව

    ReplyDelete
  3. මං මේ බැලුවෙ උබේ හිට් වෙලා තියෙන පොස්ට් වල ඒ කිව්වෙ දකුනෙ උඩ එල්ලෙන පෝස්ට් වල තියෙන පින්තූර දිහෑ.. මං ඒවයින් ගොඩක් ඒවට ගිය කලින්.. ආයෙ එන්නෝනි වෙන වෙලාවක බලලයන්ඩ :D මෙ වෙලාවෙ පියා සිටිය්

    ReplyDelete
  4. මෙච්චර කාලයක් කොහෙද ගිහින් හිටියේ? රැඩිකල් පොස්ට් එකක් දෙනකල් මග බලන් හිටිය ඔයාගේ රසිකයෝ අමතක කරාද? :) කොහොම උනත් අපිව මතක් වෙලා (එහෙම නැත්තන් නිකන්ම හරි) ලිව්ව අලුත් පොස්ට් එකට ස්තුතියි.
    ඒත් මේ පොස්ට් එකෙන් මම රැඩියා ගැන හිතන් හිටිය විදිහ වෙනස් වුනා. මම හිතුවා ඔබයි, ඇයයි ඉතාමත් සාර්ථක දිවියක් ගත කරනවා ඇති කියල...ඒ කාලේ ඔබේ පොස්ට් කියවලා මම ඔබ දෙදෙනාගේ රැඩිකල් වගේම අති සාර්ථකයි කියල මම හිතින් මවාගත්තු ඒ ජීවිතේ ගැන සතුටු උනා..මොකද එහෙම ජීවිත තියෙන්නේ කිහිප දෙනෙකුට විතරයි.
    ඒත් මේ පොස්ට් එක දැක්කම මට හිතාගන්න බැරි උනා කොහොමද රැඩියාට ජීවිතේ පාළුවක් දැනෙන්නේ කියල...මම තාමත් චුට්ටක් විතර අවුලෙන් ඉන්නේ ඒ ප්‍රශ්නේ විසඳගන්න බැරුව :) ඒත් ඔබ කියල තියෙන දේ ගැන හරිම සතුටුයි, ගොඩක් පිරිමි මේ මාතෘකාවේදි හරිම ආත්මාර්ථකාමි නිසා...

    ReplyDelete
    Replies
    1. සමහර විට රඩියා ට ඔය කියන දෙයින් විතරක් පාළුව නැති නොවෙනවා වෙන්න ඇති. ඕක හරියට තිබහට වතුර බොනවා වගේ. කවදාවත් නිවෙන ගින්නක් නෙවෙයි. ඉතින් මොහොතකට නැති උනහම පාලු දැනෙනවා නේන්නම්. එහෙම බැලුවම කාසල් එකෙන් ගත්ත ළමයි එක්ක පාළුවක් නැතුව කොල්ලෝ ජීවත් වෙනවා ඇති.

      Delete
  5. කාලෙකට පස්සේ...
    හැමදේටම හොඳයි පස්සෙන් දුවන එක . :3

    ReplyDelete