හැම එකාම මට බනිනව. කාටද තේරෙන්නෙ මම ඒකිට තියෙන ආදරේ? මට තියෙන්නෙ වල් කමලු. නැතුව අවංක ආදරයක් නෙවෙලු. කෙල්ලෙක් වෙනුවට ගෑනියෙක් වුණ කෙල්ලෙක් පස්සෙ යනවලු. උන් දන්නෙ නැහැ ඇත්ත. උන් දකින්නෙ ඒ අහිසංකීගෙ වැරදි පැත්ත විතරයි. උන්ට ඒකි නරක කෙල්ලෙක්. ඒත් මම දන්නව ඒකිගෙ හිත. ඒකිගෙ ඇතුලෙ කැකෑරෙන දුක. උඩින් හිනාවෙලා ආතල් එකේ හිටියට වෙන කෙල්ලො වගෙ නෙවෙ. කවද හරි කොතනදි හරි තමන් හිර වෙන දවසක් එනව කියල දැන දැන ඒකි හිනා වෙනව. ඒකි වල් කමට කරගත්ත දෙයක් නෙවෙ. ඇත්තටම ආදරයක් හොයාගෙන ගිහින්, ආදරේ වෙනුවට ඒකිගෙ පිරිසිදු කම නැති කරපු මිනිහෙක් නිසා වෙච්ච දෙයක්. ඒකි ඌට පැලෙන්න ආදරේ කළා. ආතල් ගන්න නෙවෙ. ආතල් එක්කම ආදරේ ලබන්න. මම ඒකිට පව් කියන්නෙ නැහැ. මොකද ඒකිට පව් කියන්න තරම් ඒ කෙල්ල අසරණ වෙලා නැහැ.
කොල්ලෝ හැම එකාම ඒකිගෙ වැරදි කියද්දි මම බලං හිටිය ඒ ඇස් දිහා. අමු අමුවෙ ආතල් ගන්න මම එහෙම කරනව කියපු එවුන් තාමත් ඉන්නව. නැහැ. මම ඒකිට ආදරෙයි. සැප ඕන කෙල්ලෙක් දෙනවා. මේකිත් එහෙමයි. සැප ඕන කෙල්ලෙක් ගන්නව මේකිත් එහෙමයි. ඒත් වෙනසකට වුනෙ මේකි සැපේ සීමාව පන්නපු එක. එකම එක පාරක්. ආදරේ විදින්න ගිහින්. නැතුව වටේ යන්න ගිහින් නෙවෙ. මම ආදරේ ඒ හදවතට, අසීමිතව ආදරේ කරල පිරිසිදු කම නැතිකරගත්ත අවංක හදවතට. ඒ වගෙම ඒ වල් හිතට. මොකද මාත් අනන්තව වල්. ඕඩිකොලෝන් කුප්පිය බිම හැලුව වගේ ඒකි මාව වාශ්පකරල දැම්මෙ එක හුස්මකින්. ඒ හුස්ම තාම උණුහුම්. ඒ දැල්ලෙ රත් වෙවී මම ඒකි එක්ක ආදරෙන් ඉන්නව. ඒකිගෙ යාලුවො සමහරක්, මගෙ යාලුවො බහුතරයක් දන්න ඇත්ත මට වැදගත් නැහැ.
කොල්ලො වුනත් වටේ ගිහින් සැප අරන් එද්දි, උන් අනිත් පැත්තට කිව්ව “ගෑණු කවරෙද වරදෙ නොබැදෙන“ කියල. එතකොට උන් ගිහින් සැප අරන් ආවෙ ගෑනුන්ගෙන් නෙවෙද? අනික ඒ ගෑණු වැරදි කරද්දි උන්ට සපෝට් කලෙ අපෙම හැත්ත නෙවෙද? ගෑණු වරදෙ බැදෙනකොට එතන ඉන්නෙ පිරිමියෙක් කියල උන්ට අමතකයි. කොල්ල කට ඇරල කෙල්ලගෙන් ආතල් ඉල්ලද්දි, කෙල්ල කට ඇරල කොල්ලගෙන් සැප ඉල්ලන එක වැරදි. හරි මගුලක්නෙ. මේව අපෙ උන් තේරෙන්නෙ නැහැ. මම දාර්ශණිකයි කියයි. අනික මම ආත්මාර්ථකාමීව, මම පැටලිල ඉන්න දැල සාධාරණයි කියල හිතාගෙන කියන කතාවක් කියල හිතයි. ඒ මොන දේ හිතුවත් මම ඒකිට ආදරෙයි. ඒකි කරපු වැරදි, ඒකිට වෙච්ච වැරදි හදාගෙන අද මේ මොහොත ඉදල ඒකි මාත් එක්ක, ආදරේ කරයි. හැම දේම කරයි.
එකෙක් ඇවිත් ඇහුව ඒකිගෙ පෙට්ටිය කැඩිල නේද බං කියල. ඌ කතාව දන්න නිසාම ඇහුවෙ. මම ඔව් කිව්ව. ඒකිගෙ අසරණ කම කිව්ව. ඌ මට කෝ චෝක් දැම්ම. මාව බයිට් එකට ගන්න හැදුව. මම ඇහුව උබ එතකොට උබෙ නූල කඩාගත්තෙ කවදද කියල. ඌට මතක නැතුව ඇති ඌ තාම බැදලත් නැති කොට කීයක් එක්ක නිදා ගත්තද කියල. රත්තරං චේන් එක හොරු ඇවිත් ගලවන් යන්නෙ පිලිවෙලකට නෙවේ කියල ඌට අමතකයි. බෙල්ලෙ තියෙන මාලේ හොරු ඇවිත් ගාංචුවෙන් ගලවන් යන්නෙ නැහැ. උන් ඇවිත් බෙල්ලෙන් ඇදල කඩල දාල අරන් යන්නෙ. මොකද ඒ, රත්තරං කැඩුනත් වටින නිසා. අනික මාලෙ කැඩිල බිම වැටිල තිබ්බොත් එකෙක් කියනවද ඒක කැඩුනු රත්තරං මාලයක්. වටින්නෙ නැහැ. විසික් කරල දාන්න කියල. මගුල තමා.
හැම එකාම තේරුම් ගනින්. මට ඒකි රත්තරං මාලයක්. ඇත්ත ඒ මාලෙ කැඩිල. ඒත් ඒකෙ බර, පවුම්, ගාන මනින්නෙ මම ඒකිගෙ හදවතින්. ඒ වගෙම මටම ගැලපෙන වල් කමින්. කෙල්ලෙ උබ හිටපං. මම අපේ හැත්ත අතැරලා ලගට එනවා. ගාංචුවෙන් කැඩුනට නූල් පොටකින් ගැටගහල හරි කරේ දාගෙන හැඩ බලන්න.
මම ආදරෙයි උඹට...
මාරම සංවේදී බන්...හිත ඇතුලේ බරු ගැහුවා සමහර තැන්
ReplyDeleteඔක අපේ සමාජයේම වැරැද්ද බං.... 21 වෙනි සියවසේ කිවුවට අපේ උන් හිතන්නේ තාම පරණ ඔල මොට්ටල විදියටම තමයි.
ReplyDeleteHat's off
Delete(y)
ReplyDeleteමරු බන්
ReplyDeleteකියන්න ගොඩක් දේවල් හිතට ආවත් නිහඬව යනවා බං මම..
ReplyDelete//ගාංචුවෙන් කැඩුනට නූල් පොටකින් ගැටගහල හරි කරේ දාගෙන හැඩ බලන්න.
ReplyDeleteමම ආදරෙයි උඹට...//
+++++++
එල්ලගනින් කරේ !
ReplyDeleteජය +
මට කියන්න වචන නැහැ
ReplyDeleteසම්මතයෙන් ඔබ්බට,,,,,, සුපිරි හිතක් ඇති කොල්ලෙක් ජයෙන් ජය!
ReplyDeleteමෙහෙම ආදරේ කරන මිනිස්සු ඉන්නවද?ෆට්ටයි
ReplyDeleteහයියක් ඇති පිරිමි කමක් ජයවේවා!
ReplyDeleteකවුද අනේ ඔයා..........???
ReplyDeleteනියම පිරිමියෙක් සහො... ඔබට ඔබේ අදහස් වලට ජයෙන් ජය!
ReplyDeleteහැම දේම සමිමතයි කියන සමාඡයේ මචන් උබ නියම පිරිමියෙක්.
ReplyDeletehttp://sithuwilidahara.blogspot.com/2013/07/ward-no-09.html
ReplyDeleteමේක අසම්මතය නෙවෙයි බං සම්මතයයි වෙන්න ඕනේ!!!
ReplyDeleteඕකිව ගැටගහන් එල්ලගනින්... උඹට වරදින්නැහැ :)
ReplyDeleteඅහම්බේකින් දැක්ක පොස්ට් එකක් උනාට මන් කාලෙකින් කියවපු රත්තරන්ම වචනටිකක්..
ReplyDeletepatta
ReplyDeleteexcellent....
ReplyDeleteආයෙම කියෙවුවා.. මාස තුනකට කලින් කියවපු එක .. මාස තුනකට කලින් කියවද්දිට වඩා අඩ මට මේක කියවනකොට ගොඩක් දැනුනා.. නියමයි රැඩියෝ
ReplyDeleteබං උඹට බ්ලොග් සීමාවෙ නැවතිලා ඉන්න දුන්නොත් අපිට සහගහනවා
ReplyDeleteරඩියා මොකද කාලෙකින් සද්දයක් නැත්තේ. ඇත්ත ඇති සැටියෙන් නොබියව පවසන රඩියා ගෙන් අලුත් යමක් බලාපොරොත්තු වීමේ කිසිදු අසාධාරණයක් නැත.
ReplyDeleteradiya kathawa pissu machan ekek karana thupahi wada walata un pali na ekata waga kiyanna one apema pirimi radiya aththa ela
ReplyDeleteනියමයි බං
ReplyDeleteඑලස් ඈ ජයවේවා
ReplyDeleteපට්ට ඈ
ReplyDeletekiyanna wachana nam naa.. SUPIRI..!
ReplyDeleteExcellent....
ReplyDeleteMatat innawa raththtaran kellek.ba eyata raththtaran kiyanna ba.eyage watinakama adu wenawa ethakota.eyata man adarei kiyapu dawase eyatat wechcha karadarayak gana kiuwa.adare nisa godaak manasikawa watichcha kenek.eya kalin adare karapu kena nisa amaruwe watila.kamattakin wechcha deyak nemei kiyala math ekka kiuwe.man kiuwa mata kohoma inath ekai.mata awankwama adarei nam math palenna adarei kiyala.man eyawa godaaak wenas kara.eyage hitha haduwa.eya godaak widwapu kenek.habai dan math ekka eya godaak sathutin innawa.maage ammath eya.hamadema eya.mata ammagen thethtagen adare labila na.podi kalema eyala ath una.eth mage rattaran kella mata godak salakanwa.a nam dewiyo dipu taggak.itin api godaak satutin innawa.punchi punchi randut tiyenawa itin.man eyata eya mata pana arala adarei.ithin wechcha podi deyak nisa mulu jeewitha kalema widwanna inna nangilata deyak kiyannam.nangiye jeewithe apita hadagnn puluwan.waradunama thamai minissu hadenne.habai asaray karnna kalin minissunwa aduragnna utsaha karanna.jaya wewa.
ReplyDelete