Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Wednesday, February 20, 2013

දරු සෙනෙහස !


සොදුරු රුව පොඩි, දුටු වනම සුදු
ස්නේහයෙන් උතුරයි සිතක් මෘදු
සිනා පාමින් දෙඅත් කොට දිගු
සිපගනී ආදරෙන් නොම අඩු



දුටු නමුදු ඒ වගෙම පොඩි පුතු
කලින් පෑ සෙනෙහසක් නෑ මතු
මඩ දූලි කුණු ගතින් අපිරිසිදු
දරුවෙකුත් පිහිටක් පතයි මිතු


මහා සෙනගක් මැද්දේ වුවද සුවද හමන, ලස්සන සුන්දර දරුවන් අතට ගෙන සුරතල් කරන පිරිමින්, බොහෝ කාන්තාවන්, අපිරිසිදු අසරණ දරුවක් දුටු වන පිළිකුල් කරන්නේ මන්ද? ඒ තමන් දරුවෙකුට ආදරය පෙන්නන්නේ සමාජයට පෙනෙන්නට නිසා හන්දාද? නැතිනම් මිනිස් ජීවිතයක යථා ස්භාවය නොදන්නා නිසාද? බොහෝ පොදු ස්ථාන වලදී හමුවන නොදන්නා පුංචි දරුවන් අවට පුද්ලයන්ට පෙනෙන්නට සුරතල් කරන්නාවූ කෙල්ලන් අනන්තවත් දැක ඇත්තෙමි. ඔවුන් බොහෝවිට සුරතල් කරන්නේ සුන්දර ලස්සන පුංචි දරුවන් පමණක්ය. ඒ වගේම සම පැහැපත් නැති දරුවෙක් දුටු වන උක්ත සෙනෙහස ඔවුනට නූපදින්නේ ඔවුන් මවාපාන්නාවූ සෙනෙහස විදහා දක්වමින්ය.

4 comments:

  1. වදින එකාට වදින්න කියල ඇත. වැඩි හරියක් කෙල්ලොන්ගේ තියෙන්නේ පුහු මාන්නේ.

    ReplyDelete
  2. රැඩියගෙන් වෙනස්ම පෝස්ට් එකක්.. අන්තිමට දාලා තියෙන ටිකට මම ලයික්..

    ReplyDelete
  3. ඇත්ත සීන් එකක්නේ!

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete