Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Friday, May 11, 2012

මම නොදන්න, උබ නොදන්න "මම"


හෙට කැලැන්ඩරේ දිනය රතු පාටයි
ඉතිං උබ හරි ගණන්
අපි හමුවෙන එකම දවස
කැලැන්ඩරේ රතුපාට වුණාම

උබ දන්නව මම එන්නෙ
උබ බලන්න නෙවෙන බව
මට ඕනෙ දේ උබ දන්නව
ඉතිං ඊට කලින් දවසෙ උබ හරි ගණන්

හෙට ඇවිත් මට ඕනෙ දේ
 එක පාරට ගන්න බැරි නිසා
ටිකක් ආදරේ කරන්න වෙයි
ඒකයි උබ ගණන් උස්සන්නේ

මම දන්නව මට ඕනෙ දේ ගන්න
උබට බොරු චාටු දාල
ආදර කතන්දර ගොන්නක් අරගෙන
මම එනව හෙට උබව බලන්න

කිස් කරද්දි මූන හරවද්දි
අත ලං කරද්දි මගෙ අත විසිකරද්දි
කලබල වෙන්නෙ නැහැ මම

මොකද මම දන්නව උබව අන්දන්න
ඒ වගේම අන්දපුව කොනක ඉදන් ගලවන්න

22 comments:

  1. අනේ මන්දා...
    ඇත්තටමද මේ?

    ReplyDelete
    Replies
    1. රැඩියා බොරු කාරයෙක් නෙවේ‍නේ !

      Delete
  2. හෆ්ෆා අද තමයි ආවේ මේ පැත්තේ

    ReplyDelete
    Replies
    1. මහන්සිත් ඇති දුර ඇවිත් විවේක ගන්න.. :)

      ස්තුති

      Delete
  3. අඩේ.. මාත් මේ පැත්තේ ආවේ අද නේ.. සැහෙන්න අසම්මත තැනක් නේ මේ!!

    ReplyDelete
    Replies
    1. හැමදාම එන විදිහට ලියන්නම්...

      Delete
  4. දන්නවනම් කරපන් ඉතින්.. කිය කිය ඉන්නැතුව.... අපේ මොකෝ

    :-)

    ReplyDelete
    Replies
    1. එහෙම කියන් එපා බං..මම ආඩම්බරේට ලිව්වේ.. :)

      Delete
  5. විලි ලැජ්ජ නැතිව ප්‍රසිද්ධියේ දාන කැත.. :ඩී

    ReplyDelete
    Replies
    1. කරන්න හොදයි - කියන්න කැතයි..

      Delete
  6. හෆ්ෆේ මාත් මේ ආවා විතරයි මේ පැත්තට

    ReplyDelete
    Replies
    1. එහෙනම් ඉදගෙන විඩා නිවන්න :)

      ස්තුති !

      Delete
  7. Replies
    1. ලොවේ නැති වුනාට මෙහෙ තියෙනවා !

      Delete
  8. බුදු අම්මෝ ... පොඩි ළමයි මෙහෙ එන එක භයානකයි වගේ .....

    ReplyDelete
    Replies
    1. නැහැ. මේක අසම්මතේ නිසා පොඩි එවුන්ට ගාණක් නැති වෙයි.

      Delete
  9. අම්මෝ ... හරිම භයානකයි නේ. පවු අනේ අර දැරිවි. :D

    ReplyDelete
    Replies
    1. ඒකි කපටි නැහැ මම තරම්. ඒත් මාව අන්දවනවා වෙලාවකට.

      Delete