Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Thursday, October 3, 2013

ඇයි මේ කෙල්ල බොන්නේ??? - Why is this Girl Drinking !!!


ඇස් දෙක පියාගෙන උඩට ඇදපු දුම් ටික ඔයා හෙමීට එලියට දැම්මා. මගෙ අතේ හිර වෙලා තිබ්බ ගිණි බටේ මාත් දෙතුන් පාරක් උරල ඉවරයි එතකොට. මම තනියම බොනව කියල, මගෙ ගානට ඉන්න ඕන කියල ඔයාමයි මගෙන් පුරුදු වුනේ. මට එදා මාර සැනසීමක් දැනුන. අපි දෙන්නම එක ෂොට් එක බෙදාගෙන ගහන්න, එක බටේ උරාගෙන බොන්න, මම මාර ආසාවකින් හිටිය. එදා ඉදන් අපි ඒක පටන් ගත්ත. රෑට නිදා ගන්න කලින්, බටයක් ඇදල අපි අහස බලාගෙන හිටිය. බැල්කනියෙ ඉදන්ම. හිටපු ගමන්, වැඩිය හොද නැති හින්ද, මාසෙකට දෙපාරක් වත් අපි දෙන්න ඔම්ලට් එකක් හරි හදාගෙන ගෙදර ඉදන්ම බෝතල් හිස් කළා. හරි අමුතුයි. මට බොන්න එපාම කියපු කෙල්ල, අද මාත් එක්ක බොනවා. එදා මට බොන්න එපා කියල බැරිම තැන, බොන එක අඩු කරන්න කියපු කෙල්ල, අද මාත් එක්ක බොනවා. මම බේබද්දෙක් වගෙ බොන්නෙ නැහැ කියල ඔයා දන්නව. ඒත් මම බොන එකට කවදාවත් නවත්වන්න නොකිය, බොන එක අඩු කරන්න කියපු කෙල්ල, අද මාත් එක්ක බොනවා, දුම් බටත් උරනවා.

ඉස්සර මම පොඩ්ඩක් අරගෙන, එයා හොද සිහියෙන් ඉන්නකොට එයාට ඒක ගදක් වුනේ නැහැ. ඇත්තටම එයා එපා කිව්වෙත් නැහැ. ඒත් එකම එක දවසක් අපි දෙන්නම බොමු කිව්වා. බබා අපි දෙන්න ගෙදර ඉදන් බොමු කිව්ව. මම ඇයි කියල ඇහුවම කිව්වෙ මම පාවෙනව නම්, ඒ ආතල් එකෙ මට්ටමට එයාටත් එන්න ඕන කියල විතරයි එයා කිව්වෙ. මම හිතුව එයා හරි කියල. අපි දෙන්නම එක මට්ටමේ ඉන්න ඕන කියල. එදා අපි පලවෙනි බෝතලේ කැඩුව. මතක විදිහට බියර් කෑන් එකක්ද කොහෙද, පස්සෙ කෑන් එකෙන් අපි බෝතලේට බැස්ස. මට මතක නැති තරමට, ගනින්න බැරි තරමට අපි බෝතල් කැඩුව. ඔම්ලට් කෑව. එක උසින් පාවුනා.

ඇයි බබා බොද්දි සිගරට් බොන්නෙ? ඒ වෙනකොට බටයක් උරල නැති එයා ඇහුව. මේකෙ පොඩි කික් එකක් තියෙනවා, බෝතලේ මදි පාඩුව මම ගන්නෙ මේකෙන්. මටත් ඕන උරල බලන්න. එයා එක දවසක් ඉල්ලලා ඉරුවා. මාරයි. නියමයි කියපු එයා එදා ඉදන් පෙට්ටි ගණන් ඉරුවා. වෙලාවකට මම පස් පාරක් උරන බටේ එයා අට පාරක් වත් උරන්න ඇති. සැප කනේ කියල එයා ඒ ආතල් එක ගත්ත. මමත් එක්කම එක මට්ටමින්.

“ඇයි බබා ඔයා මේවට පුරුදු වුනේ??“

“ඔයා යාලුවො එක්ක සෙට් වෙන්න රෑ තිස්සෙ ගියාම මම තනියෙන් නේ..“

“ඒ කියන්නෙ මම ඔයාව තනියම තියල එහෙ මෙහෙ යන නිසයි ඔයා මේක කලේ..“

“හ්ම්..“

“ඒත් බබා ඔයාට මගෙ යාලුවො එක්ක එච්චර අවුලක් නැහැනෙ. එයාල ගෙදරට ගෙන්නගෙන මට එයාල එක්ක බොන්න දෙන්න තිබ්බනේ.. ඔයා බොන්න ඕන නැහැනෙ.. අනික එතකොට මම ගෙදර නේ..“

“නැහැ බබා.. “

“නැහැ කිව්වේ..“

“ඔයා කොහෙ ඉදන් බිව්වත්.. ඔයාගෙ ඇගට හොද නැහැ.. ඔයා මට කලින් මැරුනොත්.. මම තනියම.. ඔයා මරණෙට ටික ටික ලං වෙනව නම්.. මාත් ඒ මට්ටමින් ලං වෙන්නෝනි.. ඒකයි මාත් බොන්නෙ..“

“දැන් ඔයා හිතනවද මම ආයෙ බොයි කියල??“

“ම්ම්.. ඒත් ඒ ආතල් එක මම අතාරී කියල ඔයා හිතනවද බබා??“


Tuesday, September 24, 2013

කොල්ලන්ට නො-දැනෙන, කෙල්ලන්ගේ මාසික වේදනාව... !!


දවස් ගානක් දරන්නෝනි වේදනාව පටන් ගත්ත විතරයි. කකුල් දෙක එකට තද කරගෙන, කකුලක් උඩ කකුලක් දාගෙන ඉදල එපා වෙලා. ඒ මදිවට ඇන්දෙ කොට සාය කෑල්ලක්. දනිස්ස වහගෙන ඉදගන්නත් ඕන. කකුලක් උඩ දාගෙත්තෙ නැත්තං රිදෙන එක අඩු වෙන්නෙත් නැහැ. හැමදාම වගෙ පොත් බෑග් එක උස්සගෙන ඇවිත් තියා ගන්නෙ ඔඩොක්කුවෙ. ක්ලාස් එන ටිකට බස් එකේ සීට් එකක් සෙට් වුනෙත් නැහැ. පොඩි ලීක් එකකුත් තියෙන නිසා බෑග් එක එක උරහිසකට දාගෙන කවර් කරගෙන හිටියෙ බැග් එකෙන්ම. ඒත් කරුමෙට එතන ඉදගෙන හිටපු කොල්ල බලෙන්ම වගෙ බෑග් එකත් ගත්ත. ඊට පස්සෙ මොනව කරන්නද ඉතිං. සීට් එකේ හේත්තු වෙන තැනට සැන්ටර් වෙලා හිටගෙනම ආව ක්ලාස් එකට. 

ක්ලාස් එකේ ඉදගෙන හිටියට හිත හැම තැනම. වේදනාව, කරදරය, හැම දේම මැද සර් කියන දේවල් අහගෙන හිටිය. පුරුද්දට වගේ ඇස්ප්‍රින් කට ගාන කෙල්ලෙක් නෙවෙ මම. වේදනාවට පුරුදු කර ගත්තම කරදරයක් නැහැ. නැත්තං හැමදාම බොන්න වෙයි පෙත්තක්. මේක ස්භාවධර්මය නිසා පුරුදු වෙන්න ඕන. සොබා දහමට නොවන අවනත ලොවේ කිසිවක් නැහැ කිව්වට හැමෝම හොයන්නෙ විකල්ප. දවසක් හරි පරක්කු කර ගන්න පෙති ගහන යාලුවො ඉන්නව මගෙත්. ඒත් මම යන දවසට යන්න කියල ඉඩ අරිනවා විශේෂ දවසක් නැති වුනොත්.

එක දිගට ක්ලාස් එකේ පැය ගානක් ලැලි බංකුවට පස්ස තද කරන් ඉදල, ඔඩොක්කුවට බැග් එක තද කරන් ඉදලා දෙපැත්තම තැම්බිලා වගෙ. ඒ මදිවට පෑඩ් කෑල්ල නිසා දාඩියත් දාල. හරිම අප්‍රසන්නයි. ඒත් කොල්ලො මැරෙන්නෙ මේටිකට නේද කියල ආඩම්බරයි. උන් ගානක් නැතුව උරා බොන්නෙ ආදරේද නැත්තං පෙරේත කමද කියලත් වෙලාවකට හිතෙනවා. ඇත්තට ආදරේ නිසාම නම් ලෝකෙ කොච්චර සුන්දරද. පෙරේත කමට වුනත් ජරාවක් කන්න හිතෙන උන් ඉන්නවද, අනෙ මන්ද. වේදනාව නිසා ඒවට පිලිතුරු හොයන්න බැහැ. කෙල්ලො ටික වට වෙලා ඉන්න වෙලාවක මේක සමථ මණ්ඩලේට දාල අහගන්නෝනි උත්තර. කොල්ලො වට වෙලා මේව ගැන මොනව කියනවද කියල මට කුතුහලේ.

ඉවර වෙනකල් පැය කට්ට දිහා බලන් හිටපු ක්ලාස් එකත් ඉවරයි. අද අරු එනව කිව්ව මාව බලන්න. ඌ එක්ක ගියොත් තවත් එපා වෙනව. ඌට මොනව හිතෙයිද මන්ද. මම කිව්ව සනිප නැහැ කියල ඒත් එන්න ඕන කිව්ව බොරුවටද මන්ද. අහ් මේ තියෙන්නෙ මැසේජ් එක. අද හදිස්සි වැඩක් ලු. එන්න බැහැලු. මම ඕක කලින්ම දන්නව. උබ මේ වගේ සුනාමි දවස් මිස් කරනව කියල. මම හිතන් හිටියෙ බඩ උඩින් උගෙ ඔලුව තදකරගෙන තියාගෙන ඉන්න. මට සනීප වෙනකල්ම. කමක් නැහැ පලයන්. මම එන්න කියන්නෙ නැහැ.

ඔක්කොම පටලවගෙන නැග්ග ගෙදර යන්න බස් එකට. හිර වෙච්ච ෆුට් බෝඩ් එකෙන් රිංගල ඇතුලට ගිහින් එල්ලෙන්න වුනේ උස බට කැලි දෙකක. අත් දෙක ඇත් කරල දෙපැත්තට එල්ලිලා ඉන්නව පැද්දි පැද්දි. අනේ දෙයියනේ කියල සපෝට් එකට ආව තඩි කොල්ලෙක් බැක් අප් කරන්න පිටි පස්සෙන්. දුක හිතෙන්න ඇති මං ගැන. ඔළුවත් කැරකෙනවා, ඇගටත් අමාරුයි. කමක් නැහැ මුන් ඒ සුවදට ආස ඇති. එක්කො පෙරේත ඇති, ආදරේ ඇති. කරන්න දෙයක් නැහැ සහෝ. මම බෑග් එක දාගන්නව හරහට. උබට ගෑවෙන්න වත් බැරි තරමට. ඈත් වෙන්න. උබලට තේරෙන්නෙ නැති මේ අමාරුව උබලගෙ අම්මල විදින්න ඇති. මම ඊලග හෝල්ට් එකෙන් බහිනව..

Thursday, September 5, 2013

මොකටද ආවරණ?? - Trust Releases Condom !!!


මම උඹව ඇල්ලුවෙ අත හෝදන්න බලාගෙන නෙවෙ. මොකද මට උබව අප්පිරිය නැහැ. ආදරෙන් අත් අල්ලගෙන ඉන්නකොට ඒ අත්වල මොනවද ගෑවිල තිබුනෙ කියල අපි කල්පනා කළෙ නැහැ කවදාවත්. ඒ වගෙම ඉන්න බැරි තරමට තදින් ලංවුන වෙලාවට උඹ මගෙ ඇගිලි පවා සූප්පු කරපු හැටි මට තාමත් මතකයි. ඒ අපි ආදරේ කරන කාලෙ. හොරෙන් ලෝකෙන් හැංගිල මගෙ තොල් දෙක ඔය තොල් දෙකේ පටලගෙන හිටියෙ කිසිම අප්පිරියාවකින් නෙවෙ. උදේට දත් මැද්දද කියල අහල අපි කවදාවත් තොල් අතර සැගවුනේ නැහැ. හෙම්බිරිස්සාවද උණද කියල අහල අපි තොල් අතර සැගවුනේ නැහැ. කිසිම දෙයක් අහන්නෙ නැතිව. කිසිම සැකක් බියක් නැතුව අපි ලංවුනා. ආදරේ කළා. උපරිම රසය වින්දා. ඒ රස වැඩි වුණෙ අපි දත් මැද්ද නැති දවස් වලද කියලත් විහිළුවට හිතෙනවා.

දවසක් මගෙ කකුල තුවාල වෙලා. ඔයාගෙ අතේ තිබ්බ ටිෂූ එකකින් ඒ ලේ ටික පිහිදාල දැම්ම මතකැති. ඒ ටිෂූ එකම අමතක වෙලාද මන්ද ඔයා අත පිහිදාගෙන විසික්කලා මට තාමත් මතකයි. ඔයාට මතකද කියල අහන්නෙ නැහැ. මොකද ඒක ඔයා දැනගෙන කරපු දෙයක් ද නොදන්න නිසා. දවසක් ඔයාගෙ සෙරෙප්පුවෙ පටිය පැනලා මම කට්ටක් ගැහුව. ඒ කට්ට ඇඹරිලා ඇවිත් මගෙම ඇගිල්ලක ඇනිල මට තුවාල වුණා. එදා මම ඔයා සෙරෙප්පු දාගෙන ඇවිද්දෙ කොහෙද කියල ඇහුවෙ නැහැ. ඔයා ඒක දාගෙන ටොයිලට් ගියාද කියලවත් මම දන්නෙ නැහැ. මොකද මට වැඩක් නැහැ. ඒ තියෙද්දි ලේ එන ඇගිල්ල මම කටේ දාල ඉරුව. ඔයා ඒ කෙල ටික පිහදමල දැම්ම.

එච්චර ආදරේ කරල අපි අන්තිමට එකම වහලක් යටට ආව. ඒ කියන්නෙ අපි දෙන්න බැන්ද. අද ඔයා මගෙ කකුල් වල ඇගිලි ලෙව කනවා. කටේ දාල උරනවා. ඒ මහ රෑට ඉන්න බැරුවම ගිහින් හැම දේම කරල කම්මැලි කමට. එවලෙට මම ගියෙ කොහෙද, මේස් කුට්ටම සතියම දැම්ම නේද කියල ඔයා කවදාවත් අහන්නෙ නැහැ. මමත් එහෙමයි. කි්‍යුෙටක්ස් ගාල තියෙන කකුල් නියපොතු එක්කම මම ඇදල ගන්නව කට ඇතුලට. ඒ වගෙම මගෙ හැම එකම ඔය උගුරු දණ්ඩෙ වදින හැටි, ඔය හැම එකම මගෙ තොල් දෙකේ වදින හැටි වෙන එකෙක් බලන් හිටියොත් හිතෙයි අප්පිරිය. ඒත් මේක ආදරේ. එදා වගෙම අපි ලබන්න දගලපු දේවල් අද ලැබෙනකොට ඒක එපා වෙන එක නවත්ත ගන්න අපි වෙනසක් කරන්න ඕන.

එක වහලක් යටට එන්න කලින්. ඔයා පාවෙන්න දගලනකොට. ලෝබ නැතුව මගෙ ශක්තියම ඔය තොල් අතරෙ දිව උඩ දග කරනකොට නොහිතුන හිරිකිත, මට දැනුනෙත් නැහැ. මමත් අතක් ඔය දෙපා අතර හිරකරගෙන කැලැත්තුවා රස සාගරයම. ඔයාවත් මම පාවෙන එකම උස මට්ටමට තියා ගන්න. දෙන්නම එකට පාවෙන්න. ඒ හැම දේකදිම අපි නොදැකපු අකැමැත්ත, නොදැනුනන හිරිකිත ආයෙ කවදාවත්ම දැනෙන්නෙ නැහැ. ඒ අපි ආදරේ නිසාම. අපි හරිම වල් නිසාම.

ඒත් අද ඇයි මේ අපි හිරකරගෙන එකම දෙයක්. ඔයා මගෙ විතරම නම්. මම ඔයාගෙ විතරම නම්. අපි අපි අතර බෙදා ගන්න සතුට විතරම නම්. අපිට කාලසටහන් තියෙනව නම්. අපි හරියට දින ගණිනව නම්. ඇයි ඔයාගෙ දෙපා අස්සෙ දගලන මගෙ ලෝකය රබර් බෑග් එකක් අස්සෙ හිර කරන්නෙ. අපිට දැනෙන හැගීම්, උපරිමයට ගෙනියන්න බැරි විදිහට රබර් බැලුන් පුරවල නවත්තල තියෙන්නෙ. අපිට මේව ඕන නැහැ නේද? අපි අපේම නම්. මොන ලෙඩක්ද අපිට? උපරිමයට පාවෙන්න ගලවල දාමු මේ කෝට් එක. අපි හරියට දින ගැනලා, ආවරණ නැතිව, බාධක නැතිව ඉගිලෙමු. උපරිම උසටම. එහෙව් අපිට මොකටද මේ ආවරණ???

Friday, August 30, 2013

ඇයට දුවන්න දෙන්න... හති වැටුනම ඔබ දුවන්න...



මුනින් අතට වැතිරිලා කල්පනා කළා ලියන්න දෙයක්. මුකුත් ලියන්න ඇතුවට නෙවෙ. පාළුවට ගිහින් හින්ද. බ්ලොග් එක විතරක් නෙවෙ මුළු ලෝකයම. මගෙ මුළු හිතම. පැටලිලා ගිහිල්ල. හිත පුරාවටම වටලගෙන කෙල්ලො ගොඩක්. ඒත් ඉතුරු වෙන්නෙ පැටලිල්ලක් විතරයි. අපෙ උන් දගලනවා කෙල්ලො නැතුව. උන්ගෙ ලෝක වල නීති වැඩි නිසාද මන්ද කෙල්ලො නැත්තෙ. උන්ට ඕනෙ කොල්ලෙක් දැකල නැති, අතින් අල්ලල නැති, කුළුදුල් කෙල්ලො. මගෙ ලෝකෙ, මගෙ හිතේ ඒ නීති නැති හින්දද මන්ද එහෙමත් නැත්තං මම දුක්ගන්නා රාළ කෙනෙක් නිසාද මන්ද මට කෙල්ලො වටේටම. කෙල්ලො විතරක් නෙවෙ විවාහය අතරමග නැතිවුණ ඇන්ටිලත්. අච්චර නීති දාගෙන ඉන්න අපෙ උන්ට නම් හම්බෙන්නෙ කෙල්ලො නෙවෙ කුළුදුලේ උපන් ලදැරියො. මුන්ව යවන්න වෙන්නෙ කාසල් එක ලගට හරි සොයිසා එක ලගට හරි.

මගෙ කල්පනාව බිදුනෙ එයාගෙ ඒ කෝල් එකෙන්. ආයෙත් උඩුබැලි අතට ඇදේ දිගාවෙලා අතක් කකුල් අස්සෙ ගහගෙන කල්පනා කර කර හිටපු මට අත එතැනම තියාගන්න හේතුවක් වුණේ ඒ කටහඩ. එයා එහා පැත්තෙ ඉදන් මොනවද ඉල්ලනව. හරියට මගෙ ලගම ඉන්නව වගේ. මම කතා කළා. එයා මගෙ ලගම ඉන්නව. මටත් දැනුන. හුස්ම සද්දෙ, ඒ උණුසුම පවා මගෙ හිතට දැනෙන්න ගත්ත. මම එයා ලගට ගියා. මගෙ අතක් ෆෝන් එකත් එක්කම කනේ. අනිත් අත තවමත් එතැනම. දැන් ටිකක් වැඩ වැඩි වෙලා.

කටහඩින් ලං වෙලා. හිත් වලින් එකම ඇදක ගුලි වෙලා අපි අනන්තය හොයනවා. එයාගෙ හුස්ම හඩ මට ඇහෙන්නෙ මහ සාගරේ ලග අස් පියාගෙන ඉන්නකොට ඇහෙන විදිහට මහ සද්දෙන්. ඒ මදිවට ඒ හුස්ම සැරට මාව ගහගෙන යන්න තරම් වේගයක් තිබ්බ. මම තද කරල අල්ල ගත්ත. ඇද නෙවෙ කලින් අල්ලන් හිටපු තැනම. කකුල් අතරට තද කරල. මම දන්නව එයාට ඔක්කොම ඉවර කරගෙන අනන්තයට දුවන්න ඕනෙ. ඒත් මට ඕනෙ ඒක එතැනින් ඉවර කරල ෆෝන් එක තියන්න නෙවෙ නිසා මම එයාට දුවන්න ඉඩ දුන්න. එයාට ඒ හයිය එන්න මාත් සද්දෙට හුස්ම ගත්ත. අත ගුලි කරගෙන ඒ හැගීම හිතට ගත්ත. එයා දිව්වා. මම බලාගෙන හිටියා. අනන්තය පේන දුරින් මම නැවතිලා එයාට ඒ සහනය දුන්න. මම ඉතිරි කරගත්ත හයියක්. නැත්තං මට මේක ලියන්න වෙන්නෙ නැහැ. අනික මම දන්න දෙයක් තමා කෙල්ලෙක්ට අනන්තය දකින්න දෙන්න ඕන අපිට කලින්. මොකද උන්ට දරා ගන්න පුලුවන්. අපි උන්ට කලින් දිව්වොත් විනාසයි. ඒකි මග ඉදී. එක දවසක් දෙකක්. ඉතිරි දවස් ඉවසන එකක් නැහැ. වෙන එකෙක් හොයාගෙන දුවයි. අනන්තයටම.

එයා ෆෝන් එක තිබ්බා. එයා දැන් නිදි. මම ආයෙ ලැප් එකට මූන ඔබාගෙන ඇදේ ඇලවෙලාම. ලියන්න දෙයක් නැතුව. කල්පනා කරනව. මට ආයෙත් ඇහෙනව ඒ හුස්ම සද්දෙ. ඒ උණුසුම. ඒ ආදරය. එයා නිදි. මම ඇහැරිලා. මොනව හරි ලියන්න බලාගෙන. තනියම. දෝංකාරෙ වගේ ඇහෙනව ඒ සද්දෙ. ඇස් පියාගෙන මම අහගෙන හිටියා. මම හිටපු හැටි එතැන. එයත් එක්කම. එයාට දුවන්න දීල මම නැවතිල හිටිය හැටි. එයා අනන්තෙ ඉදන් මට ඇහෙන්න කැගහපු හැටි. මම ආයෙ ආයෙ අහන්න ගත්ත. අත හිර වෙන්න ගත්ත ආයෙත්. මම ඉතිරි ටික දුවන්න බැටන් එක අතට ගත්ත. හයියෙන්. එයා ඉන්න තැනට දුවගෙන යන්න මට මහ වෙලාවක් ගියෙ නැහැ. මම දැන් එයා ලගම. එයා මට කලින් දුවපු එක ගැන දුකක් නැහැ මට. මට ඕන කලෙත් ඒක. මොකද එයාට දරා ගන්න පුලුවන්. මම එයාට කලින් දිව්වොත් එයාට මගෙන් වැඩක් නැතිව වෙයි. මම දුවන්නෙ හැමදාම එයාට පස්සෙන්. එක්කො එයත් එක්කම. ඒ දරා ගැනිල්ල නැත්තං මෙලහකටත් ඒකි මගෙ ලග නැහැ.

මා නැති අතර මා ගැන සොයා බැලූ සැමට තුති..
-රැඩියා නැවතත්

Wednesday, May 1, 2013

කැඩිච්ච එක?? රෙද්ද තමයි..


හැම එකාම මට බනිනව. කාටද තේරෙන්නෙ මම ඒකිට තියෙන ආදරේ? මට තියෙන්නෙ වල් කමලු. නැතුව අවංක ආදරයක් නෙවෙලු. කෙල්ලෙක් වෙනුවට ගෑනියෙක් වුණ කෙල්ලෙක් පස්සෙ යනවලු. උන් දන්නෙ නැහැ ඇත්ත. උන් දකින්නෙ ඒ අහිසංකීගෙ වැරදි පැත්ත විතරයි. උන්ට ඒකි නරක කෙල්ලෙක්. ඒත් මම දන්නව ඒකිගෙ හිත. ඒකිගෙ ඇතුලෙ කැකෑරෙන දුක. උඩින් හිනාවෙලා ආතල් එකේ හිටියට වෙන කෙල්ලො වගෙ නෙවෙ. කවද හරි කොතනදි හරි තමන් හිර වෙන දවසක් එනව කියල දැන දැන ඒකි හිනා වෙනව. ඒකි වල් කමට කරගත්ත දෙයක් නෙවෙ. ඇත්තටම ආදරයක් හොයාගෙන ගිහින්, ආදරේ වෙනුවට ඒකිගෙ පිරිසිදු කම නැති කරපු මිනිහෙක් නිසා වෙච්ච දෙයක්. ඒකි ඌට පැලෙන්න ආදරේ කළා. ආතල් ගන්න නෙවෙ. ආතල් එක්කම ආදරේ ලබන්න. මම ඒකිට පව් කියන්නෙ නැහැ. මොකද ඒකිට පව් කියන්න තරම් ඒ කෙල්ල අසරණ වෙලා නැහැ.

කොල්ලෝ හැම එකාම ඒකිගෙ වැරදි කියද්දි මම බලං හිටිය ඒ ඇස් දිහා. අමු අමුවෙ ආතල් ගන්න මම එහෙම කරනව කියපු එවුන් තාමත් ඉන්නව. නැහැ. මම ඒකිට ආදරෙයි. සැප ඕන කෙල්ලෙක් දෙනවා. මේකිත් එහෙමයි. සැප ඕන කෙල්ලෙක් ගන්නව මේකිත් එහෙමයි. ඒත් වෙනසකට වුනෙ මේකි සැපේ සීමාව පන්නපු එක. එකම එක පාරක්. ආදරේ විදින්න ගිහින්. නැතුව වටේ යන්න ගිහින් නෙවෙ. මම ආදරේ ඒ හදවතට, අසීමිතව ආදරේ කරල පිරිසිදු කම නැතිකරගත්ත අවංක හදවතට. ඒ වගෙම ඒ වල් හිතට. මොකද මාත් අනන්තව වල්. ඕඩිකොලෝන් කුප්පිය බිම හැලුව වගේ ඒකි මාව වාශ්පකරල දැම්මෙ එක හුස්මකින්. ඒ හුස්ම තාම උණුහුම්. ඒ දැල්ලෙ රත් වෙවී මම ඒකි එක්ක ආදරෙන් ඉන්නව. ඒකිගෙ යාලුවො සමහරක්, මගෙ යාලුවො බහුතරයක් දන්න ඇත්ත මට වැදගත් නැහැ.

කොල්ලො වුනත් වටේ ගිහින් සැප අරන් එද්දි, උන් අනිත් පැත්තට කිව්ව “ගෑණු කවරෙද වරදෙ නොබැදෙන“ කියල. එතකොට උන් ගිහින් සැප අරන් ආවෙ ගෑනුන්ගෙන් නෙවෙද? අනික ඒ ගෑණු වැරදි කරද්දි උන්ට සපෝට් කලෙ අපෙම හැත්ත නෙවෙද? ගෑණු වරදෙ බැදෙනකොට එතන ඉන්නෙ පිරිමියෙක් කියල උන්ට අමතකයි. කොල්ල කට ඇරල කෙල්ලගෙන් ආතල් ඉල්ලද්දි, කෙල්ල කට ඇරල කොල්ලගෙන් සැප ඉල්ලන එක වැරදි. හරි මගුලක්නෙ. මේව අපෙ උන් තේරෙන්නෙ නැහැ. මම දාර්ශණිකයි කියයි. අනික මම ආත්මාර්ථකාමීව, මම පැටලිල ඉන්න දැල සාධාරණයි කියල හිතාගෙන කියන කතාවක් කියල හිතයි. ඒ මොන දේ හිතුවත් මම ඒකිට ආදරෙයි. ඒකි කරපු වැරදි, ඒකිට වෙච්ච වැරදි හදාගෙන අද මේ මොහොත ඉදල ඒකි මාත් එක්ක, ආදරේ කරයි. හැම දේම කරයි.

එකෙක් ඇවිත් ඇහුව ඒකිගෙ පෙට්ටිය කැඩිල නේද බං කියල. ඌ කතාව දන්න නිසාම ඇහුවෙ. මම ඔව් කිව්ව. ඒකිගෙ අසරණ කම කිව්ව. ඌ මට කෝ චෝක් දැම්ම. මාව බයිට් එකට ගන්න හැදුව. මම ඇහුව උබ එතකොට උබෙ නූල කඩාගත්තෙ කවදද කියල. ඌට මතක නැතුව ඇති ඌ තාම බැදලත් නැති කොට කීයක් එක්ක නිදා ගත්තද කියල. රත්තරං චේන් එක හොරු ඇවිත් ගලවන් යන්නෙ පිලිවෙලකට නෙවේ කියල ඌට අමතකයි. බෙල්ලෙ තියෙන මාලේ හොරු ඇවිත් ගාංචුවෙන් ගලවන් යන්නෙ නැහැ. උන් ඇවිත් බෙල්ලෙන් ඇදල කඩල දාල අරන් යන්නෙ. මොකද ඒ, රත්තරං කැඩුනත් වටින නිසා. අනික මාලෙ කැඩිල බිම වැටිල තිබ්බොත් එකෙක් කියනවද ඒක කැඩුනු රත්තරං මාලයක්. වටින්නෙ නැහැ. විසික් කරල දාන්න කියල. මගුල තමා. 

හැම එකාම තේරුම් ගනින්. මට ඒකි රත්තරං මාලයක්. ඇත්ත ඒ මාලෙ කැඩිල. ඒත් ඒකෙ බර, පවුම්, ගාන මනින්නෙ මම ඒකිගෙ හදවතින්. ඒ වගෙම මටම ගැලපෙන වල් කමින්. කෙල්ලෙ උබ හිටපං. මම අපේ හැත්ත අතැරලා ලගට එනවා. ගාංචුවෙන් කැඩුනට නූල් පොටකින් ගැටගහල හරි කරේ දාගෙන හැඩ බලන්න.

මම ආදරෙයි උඹට...

Friday, March 29, 2013

ජපන් කොඩිය කලින්ම දාලා....




බබා අපි දෙන්න මෙහෙම තනිවෙයි කියල අපි කවදාකවත් හිතුවද?

අනේ මට බයයි කොල්ලෝ...

ඇයි බය වෙන්නෙ?

වෙඩින් එකට කලින්, ගෙදරටත් හොරෙන් මෙහෙම තනි වෙන එක හරිද?

ගෙවල් වලින් දන්නවා. දැන් අපි අපේම විතරයි. ඔයා මගේ. බය වෙන්න එපා...

හරි බබා.. ඒත් පරිස්සමෙන්. ඔයා මගෙ හැම දේම ගන්න. එකක් ඇර.

ඇයි ඒක මට නෙවේද?

පිස්සුද කොල්ලෝ.. ඔයාටම විතරයි.. ඒත්.. එදාට අපි අම්මලට පෙන්නන්න ඉතුරු කරන්න...

***************

මතකද? අපි මීට කලින් තනි වෙච්ච දවස?

ඇයි කොල්ලො මට අමතක...

එදා බෑ කියපුවා අද පුලුවන්.. අද ඉදන් අපි දෙන්න ඉන්නෙ එකට.. එකම වහලක් යට..

මම කවදාවත් හිතුවෙ නැහැ ඔයාලගෙ අම්මල මට කැමති වෙයි කියල..

එදා මම කිව්වනේ කෝම හරි ඔයාව බදිනව කියල..

ඒකනේ මම ඔයා ලගින්ම හිටියේ..

ලගින්ම කෝ බලන්න...

අනේ ඉන්නකෝ චුට්ටක්..

බැහැ අද නම් ඉන්න දෙන්නෙ නැහැ..

***************

අඩන්න එපා කෙල්ලේ..

ඇයි මට මෙහෙම වුණේ...

ෂික් අපරාදෙ...

අපරාදෙ කිව්වෙ මාව බැන්ද එකද බබා? ඔයා දැන් පසුතැවෙනවද? මම වැරදී කෙල්ලෙක් කියල හිතල..

නැහැ කෙල්ලේ.. එදා අපි තනි වෙච්ච දවස අපරාදෙ.. කලින් මෙහෙම එකක් දන්නව නම් අපිට එදාත් මොනව හරි කරන්න තිබ්බා..

සමාප්තයි !


Tuesday, March 12, 2013

Comparison - බ්ලොග් ලොව කබ්බෙක් සහ ජේෂ්ඨයෙක්




පහ වසර ශිෂ්‍යත්වය කරන කාලේ තිබ්බ අමාරුම රාජකාරිය රචනාවක් ලියන එක බව බෙහෝ අය සිතුවෝය. එහෙම ලියන රචනාවක වචන ප්‍රමාණයක් අනිවාර්යෙන් තිබිය යුතුය. බොහෝ ඒවා වචන 200කට නොඅඩු විය යුතුය. එහෙම ලියන රචනා සමහර සිසුන් ආරම්භ කලේ මහා අමාරුවෙනි. බොහෝ අය ලියන ඡේදයක් පාසාම තමා ලියු අකුරු ප්‍රමණය ගණන් කළෝය. එසේ කළේ තමන්ට ලියන්නට දෙයක් නැති නිසා මිස, ලියන්නට කම්මැලිකම නිසා නොවන බව සත්‍යයක්ය.

ලියන්නට කතන්දර නැති තැන ජීවිතය හිස්ය. එසේ ලියන්නට කතන්දර නැති තැන නිර්මාණශීලී අයෙක් නම් කතන්දර නිර්මාණය කර හෝ ලිවිය හැකිය. ඒ ලියන ඒවා කියවීමටද හැකිය. කියවීමට තරම් ප්‍රියමනාපද වන්නේය. මේ උත්සාහය බ්ලොග් ලොව ජේෂ්ඨ යැයි කියන අයෙකුගේ සහ කබ්බෙක් යැයි කියන අයෙකුගේ ලිපි දෙකක් සංසන්දනය කිරීමටයි. 

කොලිටිය මනින මාපකය - ලියන්නට දෙයක් නැති, නිර්මාණශීලී නොවන අයෙකු ලියන විට වචන අඩුය. රසය අඩුය. එසේම කියවීමට සිත තුල පෙලැඹවීමක් ඇති නොවන්නේය.

මෙන්න බ්ලොග් ලොව දැවැන්තයෙකුගේ ලිපියක්...
මෙය ඔහුගේ බ්ලොග ආරම්භ වී එහි වැටුනු දෙවන ලිපියයි.

මම පොඩි කලෙ හැදුනෙ අපෙ කිරි අම්මලගෙ ගෙදර. ඒ කියන්නේ අපෙ අම්මගෙ අම්මගෙ ගෙදර. ඉතින් පුන්චිලගෙ මාමලගෙ නොමද සෙනෙහස මැද තමයි මම හැදුනෙ වැඩුනෙ.

ඔන්න ඔහොම ඉද්දි ආව ඇවිදින කාලෙ. ඒත් මම හරිම කම්මැලිය ඇවිදින දුවන වැඩ වලට. ඒත් එහෙම කියල බැරි නිසා චූටිම මාම හොය ගත්ත මරු ක්‍රමයක්. මොකක්ද දන්නවද ක්‍රමේ. ඇවිදින්න ඔන වෙලාවට කලිසමෙ (ඒ කාලෙ කිව්වෙ ජන්ගිය කියලනේ) පිටිපස්ස පැත්තෙන් ගහනව කොස් කොලයක්. දැන් ඔන්න කොල්ලට කිචි ගමකට... කොස් කොලෙ ගන්න තේරෙන්නෙ නැති නිසා කිචි නැති වෙනකන් දුවනව ගේ වටේ.

ඉතින් ඔන්න ඔය කියන කොස් කොලේට පින් සිද්ද වෙන්න තමයි මම ඇවිදින්න පුරුදු උනේ.


මෙන්න බ්ලොග් ලොව කබ්බෙකුගේ ලිපියක්...
මෙය ඔහුගේ බ්ලොග ආරම්භ වී එහි වැටුනු දෙවන ලිපියයි.



මේ දිනවල අනීවාරතේ ...... ඹහුගේ සුසම් පොදයි, එය "පවිත්‍ර හෝම්ස් " පුද්ගලයාගේ ජීවිතය හරහා දිවෙන අතර එහි අප මිතුරා දැන් "දොස්තර වොට්සන්ය"... !!! මට මෑතකදි, වොටිසන් සහ හෝම්ස් දෙදෙනාම එකම තැනකදී මගේ මුහුණට මුහුණ සමපාත විය. අචල ලක්ෂයක් වටා දිවෙන තවත් ලක්ෂයක පථය වෘත්තය‍ක් වන්නා සේ අප සැම මෙවන් පුංචි රටක, කවදා කොතැනක හෝ මුණගැසෙන බව මට ඉන් පසක් විය.

ආච්චීට බුදුසරණ පත්තරයක් වුවමනා බව කිවා මතකය, සරසවිය පත්තරේ තිබ්බ ලිපියක් බැලීමට සරසවිය පත්තරයක් අතට ගත් මම බුදුරසරණකුත් අතට ගත්තේ ආචිචීට ගෙනවිත් දීමටය. ""සබ්බ දානං ධම්ම දානං ජිනාති"" වදනද සිහිපත්ව කරන පාප කර්ම අකර්මන්‍ය විමට නම් ඊට බලයෙන් සමාන දිශාවෙන් පුතිවිරැධ පුන්‍ය කර්ම කල යුතුය. ඒ නිව්ටන්ගේ 3වන ධර්මයයි. බුදුසරණට උඩින් සරසවිය තබා රෝල් කරගත් මම ආචිචී බැලීමට පිටත් වීමි.

මාර්ගය වැටී තිබුනේ ඇත්තටම මගේ පාසල් ම්තුරා ගේ නිවස අද්දරිනි. ඇත්තටම ඹහු දැන් යුගයේ blogකරැය. අනීවාරතේ ..... "පවිත්‍ර හෝම්ස් " සමග සැරි සරන ඹහු දැන් "දොස්තර වොට්සන්ය" ඒ සියලු කරැණු කාරණා සිහිවුණ මම ඹහුගේ නිවස අද්දරින් මගේ පියවර ඉක්මනින් තැබීමි. වොට්සන් වෙන්නට පෙර පාසලේ තනියා වූ ඹහු යහපත් මානසික තත්වයෙන් පසු විය. විශ්ව ව්ද්‍යාලයට පුවිශ්ට වු පසුවද මට ඹහු මුණගැසින, එවිටද ඹහුට විශේෂවූ ආබාධිත තත්වයක් නොවින. විශ්ව විද්‍යාලයේදී ඹහු ගැටයාය (විශ්ව විද්‍යාල IUPAC නාමකරණයට අනුව). නමුද ඹහුගේ blog එකට අබ්බැහි වූ මට දැන් ඹහුගේ මානසිකත්වය පිලිබද විලිලැජ්ජා සහිත සංතෝසයක් විය. එනිසාම මම අඩි ඉක්මන් කලෙමි.

"අඩෝ ......""
සැබවින්ම පරිපරයම නිහඩ වූ බවක් මට දැනින, ඇලපෙනිත්තක් බිම වැටුණට ඇසෙන තරමි වටපිටාවක් ඇතිවිණ. ඒ නිහඩ බව පරදා මහරෑ අපේ මිදුලේ කෑගසන බලු තඩියා ගේ හඩ මෙන් විනිවිද ඇසුනේ යුගයේ blogකරැගේ හඩයි. පාසල් කාලය මෙන් ඒ හඩ තවමත් මියුරැය, තවමත් ගනේපොල සර් ගේ හඩට සමානය.

"කොහෙද බං යන්නේ වරෙන් මචං ගෙට."" කළ හැක්කක් නොමැත. මමද ගොඩවීමි. එහි තවත් මිතුරෙකුද වීය.
"පොඩ්ඩක් ඇවිදින්න ආවා බං.""මම නුපුරැදු මිතුරා දෙස හැරැනෙමි, කවුද බං මේ dial එක??
""ආ මචං මේ අපේ හෝම්ස් නේ, ""කියම්න් එක ඇසක් පුංච් කර... ""උබ දන්න‍වනේ බං අර බ්ලොග් එක....""
මට දෙලෝ රත් විය. හංදියේ කොත්තු කඩේ ලගින් යනවිට දැනෙන උණුසුම ඊට ව‍ඩා සිසිල් යයි හැගිණ. එකෙක් මදිවට තව එකෙක් යැයි මට කියවින. මගේ මිතුරා (දැන් වොට්සන්) හෝම්ස් චරිතය අධ්‍යයනය කිරීමට ඹහුව නිවසටම ගෙන්නවාගෙන ඇතැයි මට හැගුනේ අසාධාරණ සිතිවිල්ලක් නිසා නොවේ, සෝඩියමි (Na) ජලය සමග සීඝූ පූතිකියා කරන බව ගුරැතුමිය කියූ කළ සෝඩියම් කැබැල්ල දිවේ තබා එහි ඇත්ත නැත්ත පරීක්ෂණාත්මකව විමසා බැලූ මගේ ම්තුරා පිලිබද දන්නා නිසාය. සැබවින්ම ඹහු හොම්ස්ව අධ්‍යයනය කරනවා ඇත. මෙවර මනෝ ලොවින් මා ම්දෙව්වේ හෝම්ස් මහතාය, වොටිසන් නිහඩය...

"මොකද? කැම්පස් නිවාඩුද??""

කැම්පස්...??? exhibition එකක් බැලීමට කැම්පස් එකට ගියා මතකය.. ඒත් නිවාඩුද අහන්නේ??? හෝම්ස් මහතාට වැරදී ඇත..

"පුදුම වුණා නේද?? ඇත්තටම මම හෝම්ස්, මට පුලුවන් හොදට මිනිස්සුන්ව අධ්‍යයනය කරන්න. ඹබේ පැරණි ම්තුරා ඒක හොදට දන්නවා. ""

- මොකද නැත්තේ දැන් මාත් දන්නවා, වෙනදා මෙන් මගේ කට ඉස්සර විය..

"ඇත්තටම සතුටුයි, ඹබ අතේ තියන සරසවිය පුවත්පත නිසා මට පහසුවෙන් තේරැනා ඹබ සරසවි ශිෂ්‍යයෙක් බ‍ව ""
හෝම්ස්ගේ සාමාන්‍ය දැනුම ම‍ට පසක් කලේ මා ම්තුරැ වොට්සන්ගේ උපහාසාත්මක මුහුණයි....

"""නැහැ හෝම්ස් මෙවර ඹබ අසමත්, ඹහු මගේ පාසල් ම්තුරෙක්, ඹහු දැන් රැකියාවක් කරනවා. සරසවි ශිෂ්‍යයෙක් නෙවේ ""
වොට්සන් හෝම්ස්ගේ ප්‍රකාශය නිවැරදි කලේ මා අත තිබු පුවත්පත් ඹහු අතට ගනිමිනි. හෝම්ස්ගේ හැගීමක් නැති මුහුණ තවමත් බැරෑ‍රැම් ගතියක් ගනී. නමුත් පරාජිත බවක් නැත.

"""අද මම කියන්නම් මෙතන මොකක්ද වෙන්නේ කියලා, උබ කියපං හෝම්ස් ද / මමද හරි කියලා"""
දැන් වොට්සන් ශිල්ප පෙන්වීමට ඉස්සර විය. මම එදා ගෙදරින් ‍එලියට බැස ඇත්තේ රාහු කාලයකද? නැතිනම් පලමුව මුණගැසුනේ කවුද යන්න සෙවීමට මා උත්සුක වුනෙමි, දැන් මා පූමාදය ගිරයට හසු වී හමාරය, එක පසෙක මා උගත් ම්තුරාය, අනෙක් පස දක්ෂ රහස් පරීක්ෂක හෝම්ස්ය.

"""අද පෝයනේ, උබ යනනේ පන්සලට. සුදු ඇදගෙන ඇවිත් තියෙන්නේ. අනික බුදුසරණ පත්තරයක් අරන් ඒක වැහෙන්න සරසවිය පත්තරයක් තියලා, අපි දැක්කොත් හිනාවෙයි කියලා හිතලා. ඒත් පන්සල් ගිහින් සරසවිය පත්ත‍රේ උඩ ඉදගෙන බුදුසරණ කියවන්න යන්නේ""" මම හරි නේද?????

පාසල් අවධියේ prefect room එකේ දොරේ ඉබ්බා ගෙනවිත් මා මිතුරගේ කලිසමේ belt loop එකට දැමූ සිදූවීම මට යලි සිහි නැගිනි. ඒ මොහොතේද ම්තුරා යතුර සොයා ගැනීමට හැසිරැනේ රහස් පරීක්ෂකයෙකු පරිදි මට මතක් විය. අවසානේ යතුර සොයාගත නොහැකිව loop එක කපා එහා වත්තට ඉබ්බා විසිකලේ ඹහුට රහස් පරීක්ෂක දැනුමක් නෙතිබූ නිසා බව නොරහසකි. එවරද ඹහු අසාර්ථකය, මෙවරද එසේමය. නමුත් මට දැන් හෝම්ස් නිවැරදි කිව නොහැක, වොට්සන් වැරදියයි කිවහොත් අප මිතුදමේ අවසානය විය හැක,එසේම ඹහුගේ සාර්ථක blog පිටුව මට තහනමි වනු ඇත. මා තීක්ශන වීමී..

"""මචං පස්සේ සෙටි වෙමු, ආච්චී බලං ඇති. මම යනවා..."""


බ්ලොග් ලොව මෙතෙක් කරන්නට නොවූ සැසදීමක් අද කරන්නට වූයේ සිද්ධ වන්නාවූ දෙකඩ වීම වැලැක්වීමට මිස තැටිය රත්වූ මොහොතක රොටිය පුලුස්සා ගැනීමට නොවේය. සියළු කබ්බෝ අදක්ෂයෝ නොවන අතර, සියළු ජේෂ්ඨයෝ දක්ෂයෝද නොවන්නේය. 

ඉතින් කළ යුත්තේ ඉරිසියා කිරීම නොව, නොහැකි නම් නොලියා පැත්තකට වීමය. නැතිනම් ලියන එකා දිරිමත් කිරීමය. 

තවත් රසවත් කඹු බ්ලොග් මෙන්ම, ජේෂ්ඨ බ්ලොග්ද,
තවත් නීරස කඹු බ්ලොග් මෙන්ම, ජේෂ්ඨ බ්ලොග්ද,

උදාහරණ මගින් දැක්විය හැකිය. කඹු හෝ ජේෂ්ඨවන්නේ නිර්මාණශීලී හැකියාව මත මිස, බ්ලොග පටන් අරන් කොච්චර කල්ද කියා මැන බැලීමෙන් නොවේය.

" නජච්චා වසලෝ හෝති - න ජච්චා හෝති බ්‍රාහ්මණෝ
               කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රහ්මණෝ"

කිසිවෙක් උත්පත්තියෙන් වසලයෙක් නොවේ,
උත්පත්තියෙන් බ්‍රාහ්මණයෙක්ද නොවේ
අයෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ
තමන් කරන්නාවූ ක්‍රියාවන් මතය.

-ගෞතම බුදුන් වහන්සේ