Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Tuesday, March 12, 2013

Comparison - බ්ලොග් ලොව කබ්බෙක් සහ ජේෂ්ඨයෙක්




පහ වසර ශිෂ්‍යත්වය කරන කාලේ තිබ්බ අමාරුම රාජකාරිය රචනාවක් ලියන එක බව බෙහෝ අය සිතුවෝය. එහෙම ලියන රචනාවක වචන ප්‍රමාණයක් අනිවාර්යෙන් තිබිය යුතුය. බොහෝ ඒවා වචන 200කට නොඅඩු විය යුතුය. එහෙම ලියන රචනා සමහර සිසුන් ආරම්භ කලේ මහා අමාරුවෙනි. බොහෝ අය ලියන ඡේදයක් පාසාම තමා ලියු අකුරු ප්‍රමණය ගණන් කළෝය. එසේ කළේ තමන්ට ලියන්නට දෙයක් නැති නිසා මිස, ලියන්නට කම්මැලිකම නිසා නොවන බව සත්‍යයක්ය.

ලියන්නට කතන්දර නැති තැන ජීවිතය හිස්ය. එසේ ලියන්නට කතන්දර නැති තැන නිර්මාණශීලී අයෙක් නම් කතන්දර නිර්මාණය කර හෝ ලිවිය හැකිය. ඒ ලියන ඒවා කියවීමටද හැකිය. කියවීමට තරම් ප්‍රියමනාපද වන්නේය. මේ උත්සාහය බ්ලොග් ලොව ජේෂ්ඨ යැයි කියන අයෙකුගේ සහ කබ්බෙක් යැයි කියන අයෙකුගේ ලිපි දෙකක් සංසන්දනය කිරීමටයි. 

කොලිටිය මනින මාපකය - ලියන්නට දෙයක් නැති, නිර්මාණශීලී නොවන අයෙකු ලියන විට වචන අඩුය. රසය අඩුය. එසේම කියවීමට සිත තුල පෙලැඹවීමක් ඇති නොවන්නේය.

මෙන්න බ්ලොග් ලොව දැවැන්තයෙකුගේ ලිපියක්...
මෙය ඔහුගේ බ්ලොග ආරම්භ වී එහි වැටුනු දෙවන ලිපියයි.

මම පොඩි කලෙ හැදුනෙ අපෙ කිරි අම්මලගෙ ගෙදර. ඒ කියන්නේ අපෙ අම්මගෙ අම්මගෙ ගෙදර. ඉතින් පුන්චිලගෙ මාමලගෙ නොමද සෙනෙහස මැද තමයි මම හැදුනෙ වැඩුනෙ.

ඔන්න ඔහොම ඉද්දි ආව ඇවිදින කාලෙ. ඒත් මම හරිම කම්මැලිය ඇවිදින දුවන වැඩ වලට. ඒත් එහෙම කියල බැරි නිසා චූටිම මාම හොය ගත්ත මරු ක්‍රමයක්. මොකක්ද දන්නවද ක්‍රමේ. ඇවිදින්න ඔන වෙලාවට කලිසමෙ (ඒ කාලෙ කිව්වෙ ජන්ගිය කියලනේ) පිටිපස්ස පැත්තෙන් ගහනව කොස් කොලයක්. දැන් ඔන්න කොල්ලට කිචි ගමකට... කොස් කොලෙ ගන්න තේරෙන්නෙ නැති නිසා කිචි නැති වෙනකන් දුවනව ගේ වටේ.

ඉතින් ඔන්න ඔය කියන කොස් කොලේට පින් සිද්ද වෙන්න තමයි මම ඇවිදින්න පුරුදු උනේ.


මෙන්න බ්ලොග් ලොව කබ්බෙකුගේ ලිපියක්...
මෙය ඔහුගේ බ්ලොග ආරම්භ වී එහි වැටුනු දෙවන ලිපියයි.



මේ දිනවල අනීවාරතේ ...... ඹහුගේ සුසම් පොදයි, එය "පවිත්‍ර හෝම්ස් " පුද්ගලයාගේ ජීවිතය හරහා දිවෙන අතර එහි අප මිතුරා දැන් "දොස්තර වොට්සන්ය"... !!! මට මෑතකදි, වොටිසන් සහ හෝම්ස් දෙදෙනාම එකම තැනකදී මගේ මුහුණට මුහුණ සමපාත විය. අචල ලක්ෂයක් වටා දිවෙන තවත් ලක්ෂයක පථය වෘත්තය‍ක් වන්නා සේ අප සැම මෙවන් පුංචි රටක, කවදා කොතැනක හෝ මුණගැසෙන බව මට ඉන් පසක් විය.

ආච්චීට බුදුසරණ පත්තරයක් වුවමනා බව කිවා මතකය, සරසවිය පත්තරේ තිබ්බ ලිපියක් බැලීමට සරසවිය පත්තරයක් අතට ගත් මම බුදුරසරණකුත් අතට ගත්තේ ආචිචීට ගෙනවිත් දීමටය. ""සබ්බ දානං ධම්ම දානං ජිනාති"" වදනද සිහිපත්ව කරන පාප කර්ම අකර්මන්‍ය විමට නම් ඊට බලයෙන් සමාන දිශාවෙන් පුතිවිරැධ පුන්‍ය කර්ම කල යුතුය. ඒ නිව්ටන්ගේ 3වන ධර්මයයි. බුදුසරණට උඩින් සරසවිය තබා රෝල් කරගත් මම ආචිචී බැලීමට පිටත් වීමි.

මාර්ගය වැටී තිබුනේ ඇත්තටම මගේ පාසල් ම්තුරා ගේ නිවස අද්දරිනි. ඇත්තටම ඹහු දැන් යුගයේ blogකරැය. අනීවාරතේ ..... "පවිත්‍ර හෝම්ස් " සමග සැරි සරන ඹහු දැන් "දොස්තර වොට්සන්ය" ඒ සියලු කරැණු කාරණා සිහිවුණ මම ඹහුගේ නිවස අද්දරින් මගේ පියවර ඉක්මනින් තැබීමි. වොට්සන් වෙන්නට පෙර පාසලේ තනියා වූ ඹහු යහපත් මානසික තත්වයෙන් පසු විය. විශ්ව ව්ද්‍යාලයට පුවිශ්ට වු පසුවද මට ඹහු මුණගැසින, එවිටද ඹහුට විශේෂවූ ආබාධිත තත්වයක් නොවින. විශ්ව විද්‍යාලයේදී ඹහු ගැටයාය (විශ්ව විද්‍යාල IUPAC නාමකරණයට අනුව). නමුද ඹහුගේ blog එකට අබ්බැහි වූ මට දැන් ඹහුගේ මානසිකත්වය පිලිබද විලිලැජ්ජා සහිත සංතෝසයක් විය. එනිසාම මම අඩි ඉක්මන් කලෙමි.

"අඩෝ ......""
සැබවින්ම පරිපරයම නිහඩ වූ බවක් මට දැනින, ඇලපෙනිත්තක් බිම වැටුණට ඇසෙන තරමි වටපිටාවක් ඇතිවිණ. ඒ නිහඩ බව පරදා මහරෑ අපේ මිදුලේ කෑගසන බලු තඩියා ගේ හඩ මෙන් විනිවිද ඇසුනේ යුගයේ blogකරැගේ හඩයි. පාසල් කාලය මෙන් ඒ හඩ තවමත් මියුරැය, තවමත් ගනේපොල සර් ගේ හඩට සමානය.

"කොහෙද බං යන්නේ වරෙන් මචං ගෙට."" කළ හැක්කක් නොමැත. මමද ගොඩවීමි. එහි තවත් මිතුරෙකුද වීය.
"පොඩ්ඩක් ඇවිදින්න ආවා බං.""මම නුපුරැදු මිතුරා දෙස හැරැනෙමි, කවුද බං මේ dial එක??
""ආ මචං මේ අපේ හෝම්ස් නේ, ""කියම්න් එක ඇසක් පුංච් කර... ""උබ දන්න‍වනේ බං අර බ්ලොග් එක....""
මට දෙලෝ රත් විය. හංදියේ කොත්තු කඩේ ලගින් යනවිට දැනෙන උණුසුම ඊට ව‍ඩා සිසිල් යයි හැගිණ. එකෙක් මදිවට තව එකෙක් යැයි මට කියවින. මගේ මිතුරා (දැන් වොට්සන්) හෝම්ස් චරිතය අධ්‍යයනය කිරීමට ඹහුව නිවසටම ගෙන්නවාගෙන ඇතැයි මට හැගුනේ අසාධාරණ සිතිවිල්ලක් නිසා නොවේ, සෝඩියමි (Na) ජලය සමග සීඝූ පූතිකියා කරන බව ගුරැතුමිය කියූ කළ සෝඩියම් කැබැල්ල දිවේ තබා එහි ඇත්ත නැත්ත පරීක්ෂණාත්මකව විමසා බැලූ මගේ ම්තුරා පිලිබද දන්නා නිසාය. සැබවින්ම ඹහු හොම්ස්ව අධ්‍යයනය කරනවා ඇත. මෙවර මනෝ ලොවින් මා ම්දෙව්වේ හෝම්ස් මහතාය, වොටිසන් නිහඩය...

"මොකද? කැම්පස් නිවාඩුද??""

කැම්පස්...??? exhibition එකක් බැලීමට කැම්පස් එකට ගියා මතකය.. ඒත් නිවාඩුද අහන්නේ??? හෝම්ස් මහතාට වැරදී ඇත..

"පුදුම වුණා නේද?? ඇත්තටම මම හෝම්ස්, මට පුලුවන් හොදට මිනිස්සුන්ව අධ්‍යයනය කරන්න. ඹබේ පැරණි ම්තුරා ඒක හොදට දන්නවා. ""

- මොකද නැත්තේ දැන් මාත් දන්නවා, වෙනදා මෙන් මගේ කට ඉස්සර විය..

"ඇත්තටම සතුටුයි, ඹබ අතේ තියන සරසවිය පුවත්පත නිසා මට පහසුවෙන් තේරැනා ඹබ සරසවි ශිෂ්‍යයෙක් බ‍ව ""
හෝම්ස්ගේ සාමාන්‍ය දැනුම ම‍ට පසක් කලේ මා ම්තුරැ වොට්සන්ගේ උපහාසාත්මක මුහුණයි....

"""නැහැ හෝම්ස් මෙවර ඹබ අසමත්, ඹහු මගේ පාසල් ම්තුරෙක්, ඹහු දැන් රැකියාවක් කරනවා. සරසවි ශිෂ්‍යයෙක් නෙවේ ""
වොට්සන් හෝම්ස්ගේ ප්‍රකාශය නිවැරදි කලේ මා අත තිබු පුවත්පත් ඹහු අතට ගනිමිනි. හෝම්ස්ගේ හැගීමක් නැති මුහුණ තවමත් බැරෑ‍රැම් ගතියක් ගනී. නමුත් පරාජිත බවක් නැත.

"""අද මම කියන්නම් මෙතන මොකක්ද වෙන්නේ කියලා, උබ කියපං හෝම්ස් ද / මමද හරි කියලා"""
දැන් වොට්සන් ශිල්ප පෙන්වීමට ඉස්සර විය. මම එදා ගෙදරින් ‍එලියට බැස ඇත්තේ රාහු කාලයකද? නැතිනම් පලමුව මුණගැසුනේ කවුද යන්න සෙවීමට මා උත්සුක වුනෙමි, දැන් මා පූමාදය ගිරයට හසු වී හමාරය, එක පසෙක මා උගත් ම්තුරාය, අනෙක් පස දක්ෂ රහස් පරීක්ෂක හෝම්ස්ය.

"""අද පෝයනේ, උබ යනනේ පන්සලට. සුදු ඇදගෙන ඇවිත් තියෙන්නේ. අනික බුදුසරණ පත්තරයක් අරන් ඒක වැහෙන්න සරසවිය පත්තරයක් තියලා, අපි දැක්කොත් හිනාවෙයි කියලා හිතලා. ඒත් පන්සල් ගිහින් සරසවිය පත්ත‍රේ උඩ ඉදගෙන බුදුසරණ කියවන්න යන්නේ""" මම හරි නේද?????

පාසල් අවධියේ prefect room එකේ දොරේ ඉබ්බා ගෙනවිත් මා මිතුරගේ කලිසමේ belt loop එකට දැමූ සිදූවීම මට යලි සිහි නැගිනි. ඒ මොහොතේද ම්තුරා යතුර සොයා ගැනීමට හැසිරැනේ රහස් පරීක්ෂකයෙකු පරිදි මට මතක් විය. අවසානේ යතුර සොයාගත නොහැකිව loop එක කපා එහා වත්තට ඉබ්බා විසිකලේ ඹහුට රහස් පරීක්ෂක දැනුමක් නෙතිබූ නිසා බව නොරහසකි. එවරද ඹහු අසාර්ථකය, මෙවරද එසේමය. නමුත් මට දැන් හෝම්ස් නිවැරදි කිව නොහැක, වොට්සන් වැරදියයි කිවහොත් අප මිතුදමේ අවසානය විය හැක,එසේම ඹහුගේ සාර්ථක blog පිටුව මට තහනමි වනු ඇත. මා තීක්ශන වීමී..

"""මචං පස්සේ සෙටි වෙමු, ආච්චී බලං ඇති. මම යනවා..."""


බ්ලොග් ලොව මෙතෙක් කරන්නට නොවූ සැසදීමක් අද කරන්නට වූයේ සිද්ධ වන්නාවූ දෙකඩ වීම වැලැක්වීමට මිස තැටිය රත්වූ මොහොතක රොටිය පුලුස්සා ගැනීමට නොවේය. සියළු කබ්බෝ අදක්ෂයෝ නොවන අතර, සියළු ජේෂ්ඨයෝ දක්ෂයෝද නොවන්නේය. 

ඉතින් කළ යුත්තේ ඉරිසියා කිරීම නොව, නොහැකි නම් නොලියා පැත්තකට වීමය. නැතිනම් ලියන එකා දිරිමත් කිරීමය. 

තවත් රසවත් කඹු බ්ලොග් මෙන්ම, ජේෂ්ඨ බ්ලොග්ද,
තවත් නීරස කඹු බ්ලොග් මෙන්ම, ජේෂ්ඨ බ්ලොග්ද,

උදාහරණ මගින් දැක්විය හැකිය. කඹු හෝ ජේෂ්ඨවන්නේ නිර්මාණශීලී හැකියාව මත මිස, බ්ලොග පටන් අරන් කොච්චර කල්ද කියා මැන බැලීමෙන් නොවේය.

" නජච්චා වසලෝ හෝති - න ජච්චා හෝති බ්‍රාහ්මණෝ
               කම්මනා වසලෝ හෝති - කම්මනා හෝති බ්‍රහ්මණෝ"

කිසිවෙක් උත්පත්තියෙන් වසලයෙක් නොවේ,
උත්පත්තියෙන් බ්‍රාහ්මණයෙක්ද නොවේ
අයෙක් වසලයෙක් හෝ බ්‍රාහ්මණයෙක් වන්නේ
තමන් කරන්නාවූ ක්‍රියාවන් මතය.

-ගෞතම බුදුන් වහන්සේ



12 comments:

  1. අම්මට හුදු...... ඒ කබ්බ ජෙෂ්ටය දන්නේ නැහැ .. හැබැයි දාල තියන කතාවන් මරු... මගේ ඉතින් ඉරිස්යා කිරීම් තරහ මරහා මුකුත් නැහැ දන්නා දෙයක් කියල දීලා වෙලාවක් තිබ්බොත් බෝගක් කියවගෙන ඉන්නවා හෙහ් හේ,,, හැබැයි ඉතින් ඔය සමහර ජෙෂ්ටයෝ(බෝගක් ලියන්නට පටන් අරගෙන හෙන කාලයක් වන අය ) එහෙමනං අනික් එවුන් පොඩි එවුන් කියා කියා වත්ත වටේ යන බවනන් දන්නවා .. මොකක් උනත් ජයෙන් ජය ආ

    ReplyDelete
  2. මේ ගැන මම කියවපු හොඳම ලිපිය වගේම හොඳම අදහස තමා මේ

    ///..මේ බ්ලොගොස්ෆියරෙ කියන බඩකඩිත්තුව ඇතුලෙ ජ්‍යෙෂ්ඨයො කියල මොක්කුවත් නැහැ. කාලයක් තිස්සෙ බ්ලොග් ලියන එවුන් ඉන්නව. උන් කියල අමුතු පොරත්වයක් නැහැ. හොඳ ලියන්නො ඉන්නව. කුණු ලියන්නො ඉන්නව. හොඳට ලියන්න බැරි මලවන්නො ඉන්නව. මුන් ඔක්කොම බ්ලොග්කාරයො. ආධුනික ප්‍රවීණ කියල දෙකක් නැහැ....//

    http://www.chamiladealwis.com/reaction-to-bullshit/

    ReplyDelete
  3. කාගෙන් හෝ හරවත් නැතිනම් විවාදාත්මක එහෙමත් නැත්නම් රසාස්වාදය ලැබෙන දෙයක් ලැබේ නම් එය නේ අවශ්‍ය. නියම ලිපියක් මිත්‍රයා..

    ReplyDelete
  4. සිරාවටම මේකේ රියල් පොරවල් විදිහට මන් සලකන්නේ
    දිලුම් මල්ලි විතරයි..නිහතමානී , හොඳ දැනුමක් , හික්මීමක්
    තියෙන එකම කෙනා .

    අනික් ඔක්කොම නිකන් කැපිච්ච පණුවෝ ...ඔහේ බයිලා ගහනවා.
    අඩුම තරමේ පිළිගන්නවත් සූදානම් නැහැ වැඩේ නුහුරට ගියාම
    වත්..

    බ්ලොග් කියල මහා අමුතු බක්කක් නැහැ මචන්.එදිනෙදා ජීවිතයේ
    ඉන්න මිනිස්සුම බ්ලොග් කරනවා..බ්ලොගයක් කිරීමෙන් කිසි කෙනෙක්
    ශ්‍රේෂ්ඨ මිනිසෙක් වෙන්නේ නැහැ.එහෙම පෙනී ඉන්න අය කොහොමවත්
    එහෙම නැහැ..

    ReplyDelete
  5. අනේ මන්දා බං! මොකටද මේ විච්චුරණ නාඩගම්!!

    ReplyDelete
  6. සියලු ජේෂ්ඨයින්ට කබ්බන්ට තරම් හොඳට ලිවිය නොහැක
    සියලු කබ්බන්ට ජේෂ්ඨයින්ට තරම් හොඳට ලිවිය නොහැක

    ReplyDelete
  7. ලියන්න ගත්තේ කොච්චර කාලයක ඉඳන් ද කියන එක වැඩක් නෑ. ලියන දෙයින් ගත හැකි දෙයක් තියනවා නම් ඒක තමයි වටින්නේ. ඒකත් එකිනෙකා අනුව වෙනස්. මට ඉතා හොඳයි වගේ දැනෙන කාගේ හෝ ලිපියක් තව කෙනෙකුට වැඩක් නෑ වගේ දැනෙන්න පුළුවන්.

    ReplyDelete
  8. මේකේ කබ්බෝ උනත් එකයි පොරවල් උනත් බ්ලොගක් අටවා ගෙන ඉන්නේ ලියන්න මිසක් මේකෙන් හම්බ කරන් කන්න නෙවෙයි නේ. වලියක් නැත්තම් ඒකෙ ආතල් එකකුත් නැති නිසා ඉඩ හිටලා හරි මෙහෙම දෙක තුනක් ඇදෙන එකත් හොදයි නිකන් නිදිමත යන්න වගේ ;)

    ReplyDelete
  9. බ්ලොගර් සේවාව සමහරු තමංගේ පෞද්ගලික බූදලයක් කරගෙනනේ......

    ReplyDelete
  10. උන් හිතන් ඉන්නව් ඇති ඉන්ගෙන් පස්සේ බ්ලොග් ලියන එක නවත්වන්න ඕනේ කියල. එකනේ අළුත් හැමෝටම මේ හැටි තග දාන්නේ.

    ReplyDelete
  11. // සියළු කබ්බෝ අදක්ෂයෝ නොවන අතර, සියළු ජේෂ්ඨයෝ දක්ෂයෝද නොවන්නේය.///
    කතාව ඇත්ත

    ReplyDelete