Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Friday, November 23, 2012

උන් එහෙම වුනාට අපිට...


හැම එකාම කියනව බැනදට පස්සෙ සතියලු, මාසෙලු, අවුරුද්දලු නැත්තං ලමයෙක් ලැබෙනකල් විතරලු සැප. ඇයි එහෙම ? මම කල්පනා කළා. දුමක් දාගෙන. ඔයා පැත්තක හිටියට මම ඔයාට කිව්වෙ නැහැ මොනවද කල්පනාව කියලා. දුම් වලා දෙකක් පිට වුනා. එක උගුරකින්. ඔයා පැත්තක ඉදන් බලං හිටියේ කෝපි එක තොල ගාගෙන. ඇයි අනිත් උන්ට සතියෙන් එපා වෙන එක අපිට තාම එපා නොවුනේ?

මගෙ ඇසි කියෙව්වෙ ඔයා, මගෙන් ඇහුව මෙහෙම.

ඔයාට මතකද මේ ටේබල් එක?

ඔව් අපි මේ ගෙදරට ආපු දවසෙ අරන් ආපු එක නේද?

ඔව්, තව මොනාද මතක?

පුතා නිදිද?

ඔව් පුතා නිදි.

ඔයා හිතුවද මට අමතකයි කියලා.

නැහැ මම දන්නව ඔයාට මතකයි.

කාමරේ ඉන්න පොඩි එකා, ඉපදෙන්න මම ඔයාව වඩාගෙන ඇවිත් මේකෙ තමා දිගා කලේ. මතකද මාව බදාගෙන කෙදිරි ගෑව හැටි.

අපේ උන්ට වැරදුනු තැන, අපිට හරි ගිය තැන මට තේරනා. ඔයාත් ඒක දන්නව ඇති.

අපි ඇදට ගියේ නිදාගන්න විතරක් නෙවේ. හැම දේම කරන්න. ඒත් අපේ බිත්ති වලට ඇස් තියෙනව නම්, කන් තියෙනව නම් දැකල ඇති ඇහිල ඇති අපි කරන කියන දේවල්. තවම ආදරෙන්, ඒ වගේම රාගයෙන්. වෙන උන්ට නැති සතුටකින්.

අපි දවසක් බැල්කනිය හෙලවෙන්න දැගලුවා. මහ අදුරු දවසක. පාරෙ යන උන්ට බැල්කනිය නොපෙනෙන්න. හද වුනත් බාගෙට පායල තිබ්බ දවසක. මහ වැහි වලාකුලක් නිසාම අපිව නෙපෙනෙන්න ඇති.

දවසක් අපි වැතිරුනා පඩි පෙලේ, අත් වැලට තිනෙ බීරළු වැට බදාගෙන, ඔයා යට කරන් මම වැතිරිලා හිටියෙ තදටම. ඇත්තටම එදා වගේමයි අහස. අදුරුයි කාටත් නොපෙනෙන්න. ඒ වගේම සීතල, නැහැ රස්නෙයි නේද, අපි අතරෙ තෙරපුම?

එදා මට හිතුන හොද වෙලාවට අපි වත්ත වට කරල තාප්පෙ ගැහුවෙ කියල. නැත්තං අපි ෆිල්ම් එකක රගපෑව වෙනවා. එදත් මහ රාත්තිරිය. මිදුලෙ බංකුවෙ ඉදන් හිටපු ඔයාට මම පිටිපස්සෙන් හේත්තු වෙලා දුහුල් ඇදුම් මෑත් කරද්දි ඔයා පිස්සු නැටුව. මම උස්සං ගිහින් ඔයාව තිබ්බෙ වත්ත මද තණ බිස්සෙ. දගලලා තෙරපිලා අපි පාවෙනකොට මතක් වුනේ කෙහෙද ඉන්නෙ කියල.

බාත් රූම් එක, කුස්සිය, වගේ තැන් අපට නුහුරු නැහැ. අපි කරන්නෙ හැමදාම වෙනසක්. ඒ නිසා වෙන්න ඇති දවසක් අපි තක්කලි ගෙඩි වලින ගහ මරා ගත්තෙ.

මම ලියනවා, සතුටක් නැහැ කියන උන්ට. මේකයි අපේ රහස, අමු අමුවෙ මස් කඩේ වගේ දගලනවට වැඩිය සියුම් දේවල්, තැන වෙනස් කරල කරනකොට සතුටුයි. සුන්දරයි, පැවැත්මත් එහෙමමයි.

මම වල් නැහැ.

මම කලාත්මකව වල් කම් කරනවා. ඒක මගෙ කෙල්ල දන්නවා. එයත් සතුටුයි. මාත් සතුටුයි.

වෙනස් ආරකට හිතන වෙන කෙල්ලෙක් දීපු කොනක් අල්ලං ලිව්වා. ඒකිට ස්තුතිය.

35 comments:

  1. ඇත්ත කතාව විවිධත්වය කියන එක තියෙනවනම් ඔය කට්ටිය කියන එපාවීම වෙන්නේ නැහැ මචන්.
    හැමදාම තමන්ගේ හනීමුන් එක කරගන්න මිනිස්සුත් නැත්තේ නැහැ ඔය අතරින් ...:D

    ReplyDelete
    Replies
    1. හැම රැයක්ම පලමු මංගල රැය කර ගත්තෙ නැත්තං සොරි !

      Delete
  2. තනි අතින් අත්පුඩ් ගහන්න බෑ.. කොල්ලෝ ඔහොම වුනත් හැම කෙල්ලම ඔහොම නෑ.. අන්න එතනයි ඔය එපාවීමේ මුල. වෙන ඒවා හොයා යාමේ ඇරඹුම. ගෙදර රහට කන්න නැතුවම හෝටල් බත් කන්න පුරුදු වෙනවා. හෝටලේ රහට දුන්නම හෝටලේම ගන්න බලනවා.

    ReplyDelete
    Replies
    1. ගැලපෙන එක තෝරා ගැනීමේ සටන

      Delete
  3. අම්මෝ අපේ අනාගත සැලසුම් මෙයා හොරෙන් කියවලාද මන්දා @සිතමින්.....

    ReplyDelete
    Replies
    1. එහෙනම් අපි ගැලපේ :පී

      Delete
    2. හෙහ්... ඇත්ත නේන්නම්... මූ අපේ ප්ලෑන්ස් ඔක්කොම එහෙම් පිටින්ම ලියලනේ.. කෝම උනත් සිරා ඈ..

      Delete
    3. //වෙනස් ආරකට හිතන වෙන කෙල්ලෙක් දීපු කොනක් අල්ලං ලිව්වා. ඒකිට ස්තුතිය.//

      ඒ මමද දන්නෙ නෑ නේ :ඩී ? ;)

      Delete
    4. සිහින මදාරා & Dinesh
      රාජ්‍ය රහස් ඔහොමත් එලිකරනවද බොල!

      Delete
    5. සිරාවට.. රාජ්‍ය රහස් ඔහොම කියනවද බොලව්..???

      Delete
    6. හෙහ් හෙහ්.. අපි නෑ...

      Delete
  4. මෙන්න නියම මිනිස්සු!!!

    ReplyDelete
  5. හි හි..කතාව සහතික ඇත්ත..

    ඒ වගේම ඇලෙක්සෙන්ඩර් කියපු එකත් ඇත්ත... ගොඩක් කෙල්ලන්ගේ ඇතුලේ ඔය වගේ කෙල්ලෙක් ඉන්නවා.. ඒ විදියට එයා දිහා බලන්න විතරයි ඕනේ.... ඒක හැම කොල්ලටම කරන්න බෑ.. විවෘත හිතක් තියෙන කෙනෙක්ට ඒක පුළුවන්.. එච්චරයි...

    ReplyDelete
    Replies
    1. ඒ කෙල්ල එලියට එන්නෙ නැහැ ලැජ්ජාවට. විවෘත පිරිමියා ඇයව ඇදල එලියට ගන්නවා. ඒකයි ආදර නිදහස කියන්නේ

      Delete
  6. නියම කාලේ එනකොට ප්‍රයෝජනයට ගන්න මේවා මතක තියන් ඉන්න ඕනි..

    ReplyDelete
    Replies
    1. මටත් ඉතින් කියන්න තියෙන්නේ ඕක තමයි... හේ හේ

      Delete
    2. කවුරු හරි පලක් ගන්නව නම් එච්චරයි

      Delete
  7. රැඩියා මෙතැන්ට ආවේ අදමයි. උඹේ අඩවියේ ලියැවෙන්නේ බොහොම ලස්සන අදහස් නොවැ. මේ පෝස්ට් එක කියල වැඩක් නෑ සුපිරියටම හිතට වදින්නම ලියලා තියනවා.දැන් දිගටම එනවා.
    එන්න සමකය වටේ රවුමක් යන්න

    ReplyDelete
  8. ඒ මේ පෝස්ට් එක මරු බං...ඇයි එහෙම කියන්නේ කියලා කියන්න මට තේරෙන්නේ නැහැ...ඒත් ඒක එහෙමයි...සමහරවිට, උඹ ඔය කියපු ටික අත්විඳින්න මාත් හීන දැකපු නිසා වෙන්න ඇති...

    ReplyDelete
    Replies
    1. හීන සැබැවේවා කියල හිතනවා

      Delete
  9. මේවා උගන්නලවත් ගන්න ඕනේ කාලේ ආවම...හිකිස්...

    ReplyDelete
    Replies
    1. කොල්ලට උගන්වන කෙල්ලක්?

      Delete
  10. ඇත්තටම සුන්දරයි, මේ හැම දේම පවතින්නේ එකිනෙකාගේ අවශ්‍යතාවයන් තෙරුම් ගැනීම හා ඒ දේවල් ඉටු කිරීම මත කියලයි මට නම් හිතෙන්නෙ....

    ReplyDelete
  11. මටත් ලැබියන් මෙහෙම කෙල්ලෙක් @ පාර්තනා කරමින් :P

    ReplyDelete
  12. වෙනසක් තියෙන්න ඕනේ නේද? හා හා දැන් තෙර්නා එපා නොවීමේ රහස.

    ReplyDelete
  13. එහෙම මරු ඕයි.

    ඝන වලත් ඔය ටිකමනේ තියෙන්නේ

    ReplyDelete
  14. විවිදත් වය නැති නිසා තමයි අද පව්ල් ජීවිත ගොඩක් අවුල් වෙලා තියෙන්නේ

    ReplyDelete
  15. මෙන්න මේ වගේම කොල්ලෙක් ඉන්න්වා මටත්

    ReplyDelete