Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Thursday, July 5, 2012

ඇල්ලුවා මම තද වැඩිද මන්දා...



මොන්ටිසෝරියේ
"අ"යන්න කියන්න
හදිස්සි නොවුන
මම - ඔබ

තුරුල් වෙලා
දගලද්දි
"ආහ්" කියන්න
හදිස්සි නොවුන
ඉක්මන

ඉස්කොලෙ ගිහින්
ඇදුම් ගලවන්න
හදිස්සි නොවුන
මම - ඔබ

දැකපු පළමු දවසෙ
කවුළු වහපු
අනුන්ගෙ කාමරේක
නිරුවත් වුන
ඉක්මන

කෑම පෙට්ටියෙ
කෑම එක අරන්
කන්න මැලිවුණ
මම - ඔබ

අරින්න බැරි
zipper (ශිපර්)
කඩිමුඩියෙ ඇරන්
කටේ දාගත්ත
ඉක්මන

මම නොයිද
ඔබ එයිද
කළුවරට
බය නැතුව

දිව තදට
සීතලට
නොදැනේද
කළුවරට

ඇස් නැතුව
හිත් හැදින
අප අපිව
හදුනන්නෙ
අරුමයට
කළුවරට


‍හොද - නොහොද
වෙන වෙනම
දැක දැකම
නොහොදට
මම - ඔබ
ඉක්මන් වුණු
අපූරුව

11 comments:

  1. හදිස්සිය හොඳ නෑ. ඉක්මන් කොටයි..

    ReplyDelete
  2. කුණුහබ්බයක් ද මචං..

    ReplyDelete
  3. හැගීම් කුළුගන්වන හැටි මෙතරම්....!!!!
    ...........තරම් වේය මෙය කවකට මනරම්....

    ReplyDelete
  4. වැඩිහිටියන්ට පමණද මන්දා..

    ReplyDelete
  5. හදිස්සි වෙන්න එපා බං. හෙමින් අල්ලපං.

    ReplyDelete
  6. හදිසි වෙන්නත් ඕනි ඉවසන්නත් ඕනි වැඩක් ඕක මචං..අවස්ථාව අනුව වෙනස් වෙනව!
    -අසම්මතේ අපි- ;)

    ReplyDelete
  7. පුදුම හදිස්සියක්නෙ තිබිලා තීන්නෙ..

    ReplyDelete
  8. ඔය කොයි කොයි කාටත් ඔය හදිස්සිය තියන බව .,.,ඉතින් අපි දන්නවා ,.,

    ReplyDelete
  9. ඉක්මන් උනත් වැරදී ඉක්මන් නොවුනත් වැරදී
    ඒක වෙලාව අනුව තීරනය කරන්න ඕන නේ

    ReplyDelete