Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Thursday, June 21, 2012

හීන කන්ද මැද්දෙන් සිදුරක් විදින්න පැන්සලකින්....


හීන කන්ද මැද්දෙන් සිදුරක් විදින්න පැන්සලකින්. 
කන්ද අඩියේ උල්පතක් සිදුරු වෙලා හරි ඔයාව ගහගෙන යන තරමේ වතුර පාරක් එලියට විදී. 
විසික් වෙන්න දෙන්නෙ නැහැ මම ඔයාට. 
අල්ල ගන්නව මිසක් බිම නොවැටෙන්න.

නිදි මරන හිතක්, නොදකින හීනයක මම දුටුවා හීනයක්. 
ඒ හීනය පොත් කන්දක් අස්සෙ පිටු දෙකක් අතර හිර කරල තිබ්බ.
ඔයා මට පෙරලන පොතක් අස්සෙ කවද හරි ඔයා දකී කියල. 
පිච්ච මලක් වේලෙන්න පොතක් අස්සෙ එබුව වගේ ඒ සිහිනයෙ තෙත් ගතිය නැතුව ගියා. 
වේලිලා ගියා. 
දුඹුරු පාට වෙලා පාට නැති වුනා. 
ඇයි සුවද? පොතේ පිටු දෙක අතරෙ විතරක් තනි වුනා.

හෑන්ඩ්ස් ‍ෆ්‍රී එකක් හිරවුනු කන් දෙකක්.
කවදාවත් නැතුව විවර වෙලා හෙව්වෙ කට හඩක්.
හිතා ගන්න බැරි දුරක ඉදන්, දෝංකාර දෙන සියුම් හඩක් ඩැහැගන්න.
ඒත් මට ඇහුනෙ පොඩි කෙදිරිල්ලක්.
අහසෙ පාවෙන වලාකුළක එල්ලිලා සැහැල්ලුවෙන් ඉන්න පුංචි කෙල්ලකගෙ.
මගෙ අදහස් බර වැඩී නුඹට.
පාවෙයන් හැමදාකම.
මම පොලොවෙ ඉදන් ඉහල විදින දුම් කන්ද, ඔයාව මත් කරයි.
ඒ මගෙ තොල් අස්සෙන් ඇතුල්වෙලා, පපුව උණු කරන්, පෙනහළු වලින් ගලන විරහවේ ගින්දර.

කකුල් දෙක දෙපැත්තට කරන්
කලිසම ඔලුවේ නමාගෙන
පාන්දර පුකේ ආඩම්බර බලද්දිත්
ඒ දුම, වතුර පනිට්ටුව පිරෙනකල්, මගෙ වටේ කැරකෙනව
දුම ඇතුලට අදිද්දි, පස්ස පැත්ත ලිහිල්,
මම පාවෙනව
නුඹට ලං වෙන්න බැරි මට්ටමින්.....
මොහොතින් පාවෙන ඔය පුංචි හිත තියෙන,
බොලද මට්ටමට සමවෙන්න මාත් පාවෙනවා
එතකොටම පනිට්ටුව ඉතිරෙනවා
පස්ස පැත්ත හෝදගෙන එලියට එන සිහියෙන්
මම ආයෙත් වැටෙනව පරන මට්ටමට
ඒ මට අයිති පොලෝ තලයට.

සිනිදු නුඹ අහසටත්
රළු මම පොලොවටත්
සමාන්තරව තියාගෙන
ජීවිතේ ගලනවා
මම උඩුගම් බලං පීනන්න අකැමැති හින්ද
බැරි කමක් නෙවේ
නුඹේ හීන ලෝකෙට දාසයෙක් වෙනවට වඩා
මගේ අපායේ යම රජ්ජුරුවො වෙන එක මට වටින නිසා.

මම වම් අත පාවිච්චි කරද්දි
නුඹ ටොයිලට් පේපර් යූස් කරන එකයි
අපේ වෙනස

ඒත් මගේ හිත 'රැඩිකල්'
නුඹෙ හිත පිරිලා 'වල් පල්'

16 comments:

  1. අනේ මන්ද. කොහෙන්ද බං මේ වචන එන්නෙ.

    ReplyDelete
    Replies
    1. මමවත් නොහදුන, මගෙ හිත ඇතුලෙන් !

      Delete
  2. අත තියෙනකං අවුලක් නෑ නේව..

    ReplyDelete
    Replies
    1. ඔව් අත‍් දෙක තියෙන නිසා මම ටයිප් කරනවා :)

      Delete
  3. //පිච්ච මලක් වේලෙන්න පොතක් අස්සෙ එබුව වගේ ඒ සිහිනයෙ තෙත් ගතිය නැතුව ගියා.
    වේලිලා ගියා. //

    //නුඹේ හීන ලෝකෙට දාසයෙක් වෙනවට වඩා
    මගේ අපායේ යම රජ්ජුරුවො වෙන එක මට වටින නිසා.//

    .....ඉතා ඉහළයි....

    //මම වම් අත පාවිච්චි කරද්දි
    නුඹ ටොයිලට් පේපර් යූස් කරන එකයි
    අපේ වෙනස//

    වම් අත "පාවිච්චි" කරද්දි
    ටොයිලට් පේපර් "යූස්" කිරීම... මෙන්න මෙතනින් දේශපාලනය මතුවෙනවා.

    විශිෂ්ට නිර්මාණයක්

    ReplyDelete
    Replies
    1. සුමිත් අයියා.. උබ මාව දන්නෙ නැති වුනාට මම උබව දන්නවා.

      හැම බ්ලොග් එකේම කුරුටු ගාන උබට බ්ලොග් එකක් නැහැ
      මොකද උබ බ්ලොග් ගොඩක් ලියන එකෙක්.

      ස්තුති සහෝ !

      Delete
  4. //නුඹේ හීන ලෝකෙට දාසයෙක් වෙනවට වඩා
    මගේ අපායේ යම රජ්ජුරුවො වෙන එක මට වටින නිසා.///

    "කැපකිරීම්" අත්‍යවශ්‍යයි ආදරේකට මචං..

    ඒත්,
    //ඒත් මගේ හිත 'රැඩිකල්'
    නුඹෙ හිත පිරිලා 'වල් පල්'//

    දැක්කම උඹ ගත්තු තීරණේ හරි කියල හිතෙනව!

    ReplyDelete
    Replies
    1. කැප කිරීම අවශ්‍යයි සහෝ.. ඒත් දෙපැත්තෙන්ම.
      මගෙන් විතරක් නෙවේ !

      ස්තුති මගෙ තීරනයට එකග වුනාට.

      Delete
  5. ඒ කෙල්‍ලගෙ මට්ටමට උඩින් පා‍වෙන්න බලපං මචං
    ඉරිසියා හිතෙන්න ඒකිට :)

    ජය පතමි !

    ReplyDelete
    Replies
    1. එයාගෙ මට්ටමට උඩින් පාවෙන්න
      මම මොහොතකට හරි ඒ මට්ටමට යන්න වෙනවා. මොකද පහු කරන්න මොහොතක් හරි ඒ මට්ටම ලගින් යන්න ඕන නිසා.

      ඒ නිසා මට මහපොලව හොදයි..

      උබටත් ජය

      Delete
  6. ඒත් මගේ හිත 'රැඩිකල්'
    නුඹෙ හිත පිරිලා 'වල් පල්'
    පට්ට මචං..
    ජයවේවා සහෝ!!!!

    ReplyDelete
  7. විද්දා නේන්නං.....හිල් උනා... :) :)

    සුභ වේවා!!! රාජ සම්පත් ලැබේවා!!!

    ReplyDelete
  8. අඩෝ උබේ නමේ හැටියට ලෙසටම අදහසුත් එනවා බං.. නියමයි..

    ReplyDelete
  9. නියමයි වෙනදා වගේමයි.

    ReplyDelete
  10. මේ ලියන්නේ ඇත්තම ඇත්ත සිදුවීම්ද අයියා?

    ReplyDelete