Aසම්මතෙන් පෙම් බැන්දෝ..

Friday, August 30, 2013

ඇයට දුවන්න දෙන්න... හති වැටුනම ඔබ දුවන්න...



මුනින් අතට වැතිරිලා කල්පනා කළා ලියන්න දෙයක්. මුකුත් ලියන්න ඇතුවට නෙවෙ. පාළුවට ගිහින් හින්ද. බ්ලොග් එක විතරක් නෙවෙ මුළු ලෝකයම. මගෙ මුළු හිතම. පැටලිලා ගිහිල්ල. හිත පුරාවටම වටලගෙන කෙල්ලො ගොඩක්. ඒත් ඉතුරු වෙන්නෙ පැටලිල්ලක් විතරයි. අපෙ උන් දගලනවා කෙල්ලො නැතුව. උන්ගෙ ලෝක වල නීති වැඩි නිසාද මන්ද කෙල්ලො නැත්තෙ. උන්ට ඕනෙ කොල්ලෙක් දැකල නැති, අතින් අල්ලල නැති, කුළුදුල් කෙල්ලො. මගෙ ලෝකෙ, මගෙ හිතේ ඒ නීති නැති හින්දද මන්ද එහෙමත් නැත්තං මම දුක්ගන්නා රාළ කෙනෙක් නිසාද මන්ද මට කෙල්ලො වටේටම. කෙල්ලො විතරක් නෙවෙ විවාහය අතරමග නැතිවුණ ඇන්ටිලත්. අච්චර නීති දාගෙන ඉන්න අපෙ උන්ට නම් හම්බෙන්නෙ කෙල්ලො නෙවෙ කුළුදුලේ උපන් ලදැරියො. මුන්ව යවන්න වෙන්නෙ කාසල් එක ලගට හරි සොයිසා එක ලගට හරි.

මගෙ කල්පනාව බිදුනෙ එයාගෙ ඒ කෝල් එකෙන්. ආයෙත් උඩුබැලි අතට ඇදේ දිගාවෙලා අතක් කකුල් අස්සෙ ගහගෙන කල්පනා කර කර හිටපු මට අත එතැනම තියාගන්න හේතුවක් වුණේ ඒ කටහඩ. එයා එහා පැත්තෙ ඉදන් මොනවද ඉල්ලනව. හරියට මගෙ ලගම ඉන්නව වගේ. මම කතා කළා. එයා මගෙ ලගම ඉන්නව. මටත් දැනුන. හුස්ම සද්දෙ, ඒ උණුසුම පවා මගෙ හිතට දැනෙන්න ගත්ත. මම එයා ලගට ගියා. මගෙ අතක් ෆෝන් එකත් එක්කම කනේ. අනිත් අත තවමත් එතැනම. දැන් ටිකක් වැඩ වැඩි වෙලා.

කටහඩින් ලං වෙලා. හිත් වලින් එකම ඇදක ගුලි වෙලා අපි අනන්තය හොයනවා. එයාගෙ හුස්ම හඩ මට ඇහෙන්නෙ මහ සාගරේ ලග අස් පියාගෙන ඉන්නකොට ඇහෙන විදිහට මහ සද්දෙන්. ඒ මදිවට ඒ හුස්ම සැරට මාව ගහගෙන යන්න තරම් වේගයක් තිබ්බ. මම තද කරල අල්ල ගත්ත. ඇද නෙවෙ කලින් අල්ලන් හිටපු තැනම. කකුල් අතරට තද කරල. මම දන්නව එයාට ඔක්කොම ඉවර කරගෙන අනන්තයට දුවන්න ඕනෙ. ඒත් මට ඕනෙ ඒක එතැනින් ඉවර කරල ෆෝන් එක තියන්න නෙවෙ නිසා මම එයාට දුවන්න ඉඩ දුන්න. එයාට ඒ හයිය එන්න මාත් සද්දෙට හුස්ම ගත්ත. අත ගුලි කරගෙන ඒ හැගීම හිතට ගත්ත. එයා දිව්වා. මම බලාගෙන හිටියා. අනන්තය පේන දුරින් මම නැවතිලා එයාට ඒ සහනය දුන්න. මම ඉතිරි කරගත්ත හයියක්. නැත්තං මට මේක ලියන්න වෙන්නෙ නැහැ. අනික මම දන්න දෙයක් තමා කෙල්ලෙක්ට අනන්තය දකින්න දෙන්න ඕන අපිට කලින්. මොකද උන්ට දරා ගන්න පුලුවන්. අපි උන්ට කලින් දිව්වොත් විනාසයි. ඒකි මග ඉදී. එක දවසක් දෙකක්. ඉතිරි දවස් ඉවසන එකක් නැහැ. වෙන එකෙක් හොයාගෙන දුවයි. අනන්තයටම.

එයා ෆෝන් එක තිබ්බා. එයා දැන් නිදි. මම ආයෙ ලැප් එකට මූන ඔබාගෙන ඇදේ ඇලවෙලාම. ලියන්න දෙයක් නැතුව. කල්පනා කරනව. මට ආයෙත් ඇහෙනව ඒ හුස්ම සද්දෙ. ඒ උණුසුම. ඒ ආදරය. එයා නිදි. මම ඇහැරිලා. මොනව හරි ලියන්න බලාගෙන. තනියම. දෝංකාරෙ වගේ ඇහෙනව ඒ සද්දෙ. ඇස් පියාගෙන මම අහගෙන හිටියා. මම හිටපු හැටි එතැන. එයත් එක්කම. එයාට දුවන්න දීල මම නැවතිල හිටිය හැටි. එයා අනන්තෙ ඉදන් මට ඇහෙන්න කැගහපු හැටි. මම ආයෙ ආයෙ අහන්න ගත්ත. අත හිර වෙන්න ගත්ත ආයෙත්. මම ඉතිරි ටික දුවන්න බැටන් එක අතට ගත්ත. හයියෙන්. එයා ඉන්න තැනට දුවගෙන යන්න මට මහ වෙලාවක් ගියෙ නැහැ. මම දැන් එයා ලගම. එයා මට කලින් දුවපු එක ගැන දුකක් නැහැ මට. මට ඕන කලෙත් ඒක. මොකද එයාට දරා ගන්න පුලුවන්. මම එයාට කලින් දිව්වොත් එයාට මගෙන් වැඩක් නැතිව වෙයි. මම දුවන්නෙ හැමදාම එයාට පස්සෙන්. එක්කො එයත් එක්කම. ඒ දරා ගැනිල්ල නැත්තං මෙලහකටත් ඒකි මගෙ ලග නැහැ.

මා නැති අතර මා ගැන සොයා බැලූ සැමට තුති..
-රැඩියා නැවතත්