සුන්දරය නුඹ වත
සිසිලසයි ගගුලක
අමතකයි මට ලොව
සැගවෙන්නෙ සිත යට
සොයා නුඹ සෙනෙහස
ලැබ ගන්න සිසිලස
ලැම කරන් සයනය
නිදන්නට සොයමි තැන
අද නුඹේ දිනයමද
වේදනා කුමකටද
හිස තියන් පපුතුර
පිරිමදිමි නුඹ කුස
මාසයේ වැරදි දින
සොයා ආ මා ඔබ
පොදි ගසා හැගුම් පෙල
මා හැරෙම් කුටිය වෙත